• Home »
  • Sinhala News »
  • එන් ජී ඕ පාලනය කෙරෙන නව පනත ලබන වසරේ රජයට.

එන් ජී ඕ පාලනය කෙරෙන නව පනත ලබන වසරේ රජයට.

මෙරට ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයක් එල්ල කරන රාජ්‍ය නොවන සංවිධාන පාලනය කිරීමේ නව පනත් කෙටුම්පත ලබන වසරේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රජය වෙත ඉදිරිපත් කෙරෙනු ඇත.

මෙම පනත් කෙටුම්පත සකස් කිරීම ආචාර්ය සුසන්ත ගුණතිලක මහතාට භාර වී තිබේ.

වසර තුනක් තුළ රුපියල් බිලියන පහක මුදලක් රාජ්‍ය නොවන සංවිධාන වලට ලැබී ඇති බව රජය සොයාගෙන ඇති අතර එම මුදල් වැය කළ අයුරු මෙතෙක් හෙළි වී නැත.

දැනට මෙරට දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධාන 1476 ක් කි‍්‍රයාත්මක වේ. නව පනත් කෙටුම්පත අනුව මින් මතු රාජ්‍ය නොවන සංවිධාන තමන්ට ලැබෙන අරමුදල් හෙළි කළ යුතු වේ.

 



61 Viewers