ඔබගේ අවධානය ට…!

(කොළඹ බෞද්ධාලෝක මාවත…ධර්මායතන අධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශහිමි සමඟින් පැවැත්වූ රූපවාහිනී සාකච්ඡාවකින්……)

“දැන් බටහිර අධිරාජ්‍යවාදීන් ලෝකයේ අපි වාගෙ රටවලට ඇතුල් වෙලා ඉවරයි. ඛනිජ සම්පත් ආක්‍රමණය කරමින් ඉන්නෙ මේ වනවිට මන්නාරම් ද්‍රෝනියේ තෙල් නිදි 9 ක් විතර තියෙනවා, අපේ පොළොවෙ ටයිටේනියම් හම්බවුණා, සේරුවිල රත්තරන් හම්බවුණා. දැන් මේව මංකොල්ල කන්නෙ කොහොමද කියල සැළසුම් කරනව. ත්‍රිකුණාමලය තෙල් ටැංකිවලට ගහන්න සැළසුමක් තියෙනවා. මේක ගොඩක් සම්පත් තියෙන රටක්. ත්‍රිකුණාමල වරාය, ඔරුවිල් වරාය ,කන්කසන්තුර වරාය, මේ හැම එකකටම ඇහැ ගහගෙන ඉන්නෙ.

පසුගිය ආණ්ඩුව ගිවිසුම් කිහිපයකින් අක්කර 12ලක්ෂයක් ඇමරිකාවට දෙන්න හැදුවා. MCC ගිවිසුම, SOFA ගිවිසුම තාම තියෙනව පිටිපස්සෙන්. පසුගිය ආණ්ඩුව හදපු ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප වෙලා නැහැ තවම.ඒකත් පැත්තක තියෙනවා. මේක විශාල කුමන්ත්‍රයක්, ලෙහෙසි කියල හිතන්නට එපා. මැතිවරණ කොමසාරිස් වරයෙකුත් ඉන්නවා. මැතිවරණ කොමිසමකුත් තියෙනවා. මැතිවරණයක් තියන්න බැහැ. පොලිස්පති වරයෙක් පත්කරගන්න බැහැ. ඔක්කොම අවුල් කරල තියෙන්නෙ. ජාත්‍යන්තරය විසින් , ජාත්‍යන්තර න්‍යායපත්‍රයන්පසුගිය යහපාලන ආණ්ඩුව යටතේ හොඳට ක්‍රියාත්මකයි . අධිරාජ්‍යවාදීන් පසුගිය ආණ්ඩුව සමඟ එකතුවෙලා. ගැට ගහල, අඹරලා ,නූල් බෝලයක් කරල තියෙන්නෙ. මේක ලිහා ගන්නට ඕනි. මේක ගෝඨාභය මහත්තයට විතරක් තනිවම කරන්නට බැහැ. අපි සියලු දෙනා ඇප – කැප වෙන්නට ඕනි මේක නිදහස් කරන්න. හාල්, පරිප්පු , ප්‍රශ්න නොවෙයි මේ ප්‍රශ්නය ඉවරකරගන්න අපි ආණ්ඩුට කතාකරන්න ඕනි. මේක ලිහාගන්න නම් මේ පාර්ලිමේන්තු මැතිවරණයෙන්  විශාල ජයග්‍රහණක් තියෙන්නට ඕනි. එහෙම උනොත් මේ විනාශකාරී ව්‍යවස්ථාව තරමක් වෙනස් කරගන්නට පුළුවනි .

මේක ගෝඨාභය මහත්තයා පිණිස නොවෙයි.මේ රටේ ජනතාව නිදහස්කර ගන්නටයි. ඒ ව්‍යවස්ථාව හදපු මිනිස්සු ලංකාවෙන් පැනල ගියා.ඒකට උදව් උපකාර කළ මිනිස්සු ස්විට්සර්ලන්තයේ හොර අත්සන් ගහපු මිනිස්සු තවම රට ඇතුළෙ ඉන්නවා.ලෙහෙසියි කියා හිතන්නට එපා මේක විශාල කුමන්ත්‍රයක්. බටහිර බලවේග මෙහෙ ඇවිත් මෙහෙයවනවා.

පසුගිය යහපාලන ආණ්ඩුව ගිහිල්ල ජිනීවාගිවිසුම පිළිඅරගෙන විශාල පාවාදීමක් කළේ .ආණ්ඩුව ව්‍යවස්ථාව අලුතෙන් හැදුවෙ 19 වන ව්‍යවස්ථාව ගේන්නට .

ඒ අනුව අපේ ජාතික ගීය දෙමළෙන් දැම්මා. අපේ කොඩිය වෙනස්කරන්න තීරණය කළා. සමලිංගිකය ව්‍යවස්ථා ගතකරන්න තීරණය කළා. උතුරුනැගෙනහිර වෙන් කරන්න තීරණය කළා. අපේසිංහල පොතින් “අනගාරික ධර්මපාල චරිතය” අයින් කළා. මහගම සේකරයන්ගෙ “රත්න දීප ජන්ම භූමි – ලංක දීප විජය භූමි” ගීතය අයින් කළා. ටිබෙට්ජාතික මහින්ද හිමියන් ගේ ” නිදහසේ දැහැන ” කවි පොතේ තිබුණු කවි ටික අයින් කළා. මේ විදියට මේක හෝදල දාපු රටක් වාසනාවකට පසුගිය නොවැම්බර් 17 ගෝඨාභය මහත්තය බලයට ආවෙ .

මුහුදු මහා විහාරයේ ලොකු ප්‍රශ්නයක් තිබුණා.උතුරු නැගෙනහිර – මුහුදු මහාවිහාරයට පුරා විද්‍යා ස්ථාන 472 ක් තියෙනවා. අක්කර 72 ක් තිබුණා. අපිට ඒවා ආපසු ගන්නට ඕනි. තිස්ස විහාරයෙ ඉඩම් ටික අරගෙන තියෙනවා. උතුරු – නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන 470 ගණනක් මහ මුහුදට ඇදල දාල තියෙන්නෙ. බෝධීන් වහන්සේලා 18 නමක් කැපුවා. සේරුවිල තිබුණු කාවන්තිස්ස රජතුමා රෝපණය කළ බෝධි වෘක්ෂය කැපුවා. ( බෝධිවංශයේ පවා ලියවිලා තියෙනව ඒ බෝධි වෘක්ෂය ගැන ).අපි මේවා විසඳන්න බාර දීල තියෙන්නෙ ගෝඨාභය මහත්තයට. එතුමාට තනිව කරන්නට බැහැ. අපි එතුමාගෙ දෑත ශක්තිමත් කළ යුතුයි…”



44 Viewers