කරුණා අත්අඩංගුවට ගනීද?

(Courtesy of Diwaina)

මහ මැතිවරණය සමීපව තිබියදී නැගෙනහිර හිටපු කොටි නායකයා වූ විනයගමූර්ති කරුණා රජය හමුවේ කාලබෝම්බයක් පතිත කළේය. ඒ අලිමංකඩදී සහ කිලිනොච්චියේදී හමුදා භටයන් ඝාතනය කළ බවට ප‍්‍රකාශ කිරීමයි.

මේ සමගම රහස් පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කළේය. කරුණා වසර 30 කට පෙර සිදුවූ පොලිස් භටයන් 600 ක් ඝාතනය කිරීමට සම්බන්ධ බවට 1990 දී වාර්තා වුණි. එහෙත් 1990 සිට 2020 තෙක් කිසිදු රජයක් පොලිස් භටයන් ඝාතනය ගැන පරීක්‍ෂණ කළේ නැත. පොලිස් භටයන් 600 ක් ඝාතනය කිරීම සහ අරන්තලාවේ භික්‍ෂු ඝාතනයට සහ මුලතිව්හිදී අත්අඩංගුවට ගත් භටයන් මරා දැමීම ගැනද කරුණාට චෝදනා එල්ලවුවත් එදා ආණ්ඩු කරුණාව නීතිය හමුවට ගෙන ආවේ නැත.

එහෙත් අපි අතීතය සිහිපත් කළ යුතුය. ජේ. ආර්. ජයවර්ධන සමයේ ප‍්‍රභාකරන්ගේ උපන් දිනයට ඊශ‍්‍රායලයේ නිෂ්පාදිත ඩෙසර්ට් ඊගල් නමැති පිස්තෝලයක් තෑගි කළේ හිටපු ආරක්‍ෂක ලේකම්වරයෙකි.

කොටි දුර්වලව සිටියදී ආර්. ප්‍රේමදාස රජය නෙදුන්කර්නි කැලෑව වෙත ටී -56 අවි සහ උණ්ඩ විශාල තොගයක් සපයනු ලැබීය.

එසේම කොළඹ ගලදාරි හෝටලයේ රැුඳී සිටි කොටි න්‍යායාචාර්ය ඇන්ටන් ස්ටැනිස්ලාවුස් හෙවත් ඇන්ටන් බාලසිංහම්ගෙන් සාම සාකච්ඡුා ගැන විමසීමට මා ඔහුගේ කාමරයට යනවිට දුටුවේ කාඞ්බෝඞ් පෙට්ටි රැසකි. ඒ කුමක්දැයි විමසූවිට බාලසිංහම් පැවසුවේ රජය දුන් මුදල් බවයි.

එහෙත් රටේ ජනතාවට මේ තොරතුරු වසං විය.

එකල නැගෙනහිර ප‍්‍රදේශයේ විශේෂ කාර්ය බළකා කඳවුරේ ප‍්‍රධානියාව සිටියේ හිටපු පොලිස්පති නලින් ඉලංගකෝන්ය. ඔහුගේ කඳවුර වෙත ද අවි ආයුධ රැුගත් පෙට්ටි ගෙනැවිත් තිබිණි. එම අවි ආයුධ පෙට්ටි ආර්. පේ‍්‍රමදාස රජය විසින් කරුණා ප‍්‍රමුඛ කොටි සංවිධානයට සැපයුවකි.

එසේම නෙදුන්කර්නි හමුදා කඳවුර වෙත ටී 56 අවි ගෙනැවිත් බාරදීම බාරව සිටියේ ලූතිනන් වැදිගේයි. තමා මේ ගෙන යන්නේ කොටින්ට අවි ලබාදීමට බව තේරුම් ගත් වැදිගේ එක් අවියක් සොරකම් කර එය කැලෑවේ සැඟවිය. නෙදුන්කර්නි හමුදා කඳවුරට අවි බාරදී එන ගමනේදී ඔහුව ඝාතනය කිරීමේ සැලසුමක්ද දියත් විය. එම ඝාතන සැලසුමට පෙර කැලෑවට පැනගත් ලූතිනන් වැදිගේ යළි මතු වූයේ හිටපු ආරක්‍ෂක රාජ්‍ය ඇමැති ලලිත් ඇතුලත්මුදලිගේ නිවසෙනි. ඇතුලත්මුදලි විගස මේ සිද්ධිය ඉන්දීය මහ කොමසාරිස්ට දන්වනු ලැබීය. එහි ප‍්‍රතිඵලයක් වූයේ වැදිගේ ඉන්දීය යානාවකින් නවදිල්ලියට ගෙන යෑමයි.

එදා ශී‍්‍ර ලංකා රජය කොටින්ට අවි සපයන බව ඉන්දිය රෝ සංවිධානය දැන ගත්තේ වැදිගේ හෙළි කළ තොරතුරු නිසාය.

එසේම රටේ ජනාධිපතිනියව සිටි චන්ද්‍රිකා කුමාරතුංග සහ ති‍්‍රවිධ හමුදාපතිවරයාට පෙන්නුම් කිරීමකින් තොරව 2002 දී සටන් විරාම ගිවිසුම අත්සන් කෙරුණි.

එහි මුල් පිටපත අතුරුදන් වී තිබේ. මෙම සියලූ තොරතුරු විනයගමූර්ති කරුණා දනී. 2004 දී කරුණා කොටි සංවිධානයෙන් ඉල්ලා අස් විය. කොටි

පළිගැනීමක් ලෙස ඔහුගේ සොහොයුරු රෙජීව මරා දැමීය.

මෙවන් පසුබිමක් මැද කරුණාට එරෙහිව මඩකලපුව හිටපු මන්තී‍්‍ර ජෝශප් පරරාජසිංහම් මරා දැමූ බවට චෝදනාවක් එල්ල විය.

එහෙත් කිසිදු ආණ්ඩුවක් කරුණාට අත තැබුවේ නැත. පොලිස් භටයන් 600 ක් මැරුවේ ඔබ බවට චෝදනා එල්ලවී තිබෙනවා යැයි මා කරුණාගෙන් ඍජුව විමසුවේය.

ඒ සමූලඝාතනය කළේ පොට්ටුඅම්මාන්ය. මා එකල සිටියේ යාපනයේ යැයි කරුණා ඊට ප‍්‍රතිචාර දක්වමින් කියා සිටියේය.

නැගෙනහිර පළාතේ ප‍්‍රකට සංචාරක හෝටලයක ඉහළ මාලයේදී කරුණාව දැක ගැනීමට හැකි විය. පදමට මත්වී සිිටි කරුණා යමං බන්ඩො වෙසක් බලන්න ගීතයට නැටුවේය. වසර ගණනාවක් කැලෑවේ සිටි කරුණාගේ දිවිය තරුපහේ හෝටලයක් තුළ වෙනස් වූයේ එලෙසය. කොටි සංවිධානයට රුසියානු කුලී සොල්දාදුවන්ගෙන් පුහුණුව ලැබූ බවද ඔහු මා හමුවේ හෙළි කළේය.

තායිලන්තයේදී රජය සහ කොටි අතර පැවැති සාම සාකච්ඡුාවලට යෑමට සූදානම් වන අවස්ථාවේ ප‍්‍රභාකරන් තමාට අවි ආයුධ වර්ග 400 ක ලැයිස්තුවක් දුන් බව ද කරුණා වැඩිදුරටත් පළ කළේය.

මෙවන් පසුබිමක් මැද අලිමංකඩදී සහ කිලිනොච්චියේදී සෙබලූන් 3000 ක් ඝාතනය කළ බව කරුණා කියන්නේ අතිශයෝක්තියෙන්ද නැතිනම් තමා යුද වීරයකු බව නැගෙනහිර ද්‍ර‍්‍රවිඩ ජනතාව රැුවටීමටද?

‘විනයාගමූර්ති’ කරුණා තානාපති ගමන් බලපත‍්‍රයකින් ලන්ඩන් නුවරට පැමිණීමෙන් පසු මෙට්රෝ පොලිටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මාස අටක් තිස්සේ රැුඳවුම් භාරයේ සිටි කරුණාව බි‍්‍රතාන්‍ය රජය මෙරටට පිටුවහල් කළේය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට එක්වීමෙන් පසු කරුණාගේ රියැදුරු වූයේ පිල්ලෙයාන් ය. එහෙත් පිල්ලෙයාන් කරුණාගෙන් ඉවත් විය. ඉන්පසු කරුණා නව පක්‍ෂයක් පිහිටුවනු ලැබීය.

මේ අතර තිරුක්කෝවිල්හිදී පොලිස් භටයන් 600 ක් ඝාතනය කිරීම ගැන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණිල්ලක් ගොනු විය. එම පැමිණිල්ල යොමු වූයේ හිටපු විශේෂ කාර්ය බළකායේ නිලධාරියකු වූ ජනිත් විමලය.

පොලිස් භටයන්ව මැරුවේ කරුණායි. මම සාක්‍ෂි දෙන්න සූදානම් යැයි ඉන්දීය මහාචාර්ය පෝල් නිව්මන් හෙළිකරනු ලැබීය.

එහෙත් කොටි ඩයස්පෝරාව කරුණාට එරෙහිව වචනයක්වත් ප‍්‍රකාශ කර නැත. ඒ කොටි යුද අපරාධ ගැන කරුණා හෙළිදරව් කරන නිසාය.

කෙසේ වෙතත් කරුණා එල්ල කළ කාල බෝම්බ ප‍්‍රහාරයට විපක්‍ෂයෙන් එල්ලවූයේ පුස් වෙඩි කීපයකි.

කරුණා ඊට ප‍්‍රතිචාර දුන්නේ මල්ටිබැරල් ප‍්‍රහාරයකිනි. ඒ අපිට අවි පතරොම් සහ මුදල් දුන්නේ විපක්‍ෂයේ පැත්තෙන් බව දක්වමිනි.

එසේ වුවද කරුණා සිදු කළ බව කියන අපරාධ වෙනුවෙන් නීතිය කි‍්‍රයාත්මක කළ හැකිද?

කරුණා කළ ප‍්‍රකාශය ගැන ද්‍රවිඩ සන්ධානය මෙතෙක් කිසිදු ප‍්‍රකාශයක් කර නැත.

එසේම බටහිර රටවල තානාපති කාර්යාල හා රාජ්‍ය නොවන සංවිධාන ද නිහඬ වී තිබේ. ඊට හේතුව නම් ඝාතනය වී ඇත්තේ ආරක්‍ෂක හමුදා සාමාජිකයන්ය නිසාය.

මේ පසුබිම මැද ඝාතන සම්බන්ධයෙන් යුක්තිය ඉටුවී නැත. යහපාලන රජය වරක් කරුණාව අත්අඩංගුවට ගනු ලැබුවේ, රජයේ වාහනයක් අයථා ලෙස භාවිතා කිරීමේ චෝදනාව මතය.

මෙවන් පසුබිමක් මැද කරුණා හමුදා භටයන් ඝාතනය කළ බව කියන ප‍්‍රකාශයක් අතිශයෝක්තියෙන් කරන ලද්දක්ද? අලිමංකඩ ප‍්‍රහාරය සිදුවූයේ 2000 අපේ‍්‍රල් 22, 23 අතර දිනවලය. මේ ප‍්‍රහාරය මෙහෙයවනු ලැබුවේ බාල්රාජ්ය. විනයාගමූර්ති කරුණා නොවේ. එසේම අලිමංකඩ ප‍්‍රහාරයේදී සෙබලූන් 204 ක් මියගොස් 100 කට අධික පිරිසක් අතුරුදන් වී ඇත.

1998 සැප්තැම්බර් 27 සහ29 අතර දිනවල කිලිනොච්චිය හමුදා කඳවුරට එල්ලවූ කොටි ප‍්‍රහාරයෙන් සෙබලූන් 443 ක් මරුමුවට පත් වූ බව වාර්තා විය.

එහෙත් කරුණා පවසන්නේ 2000 ත් – 3000 ත් අතර භට පිරිසක් මරා දැමූ බවයි.

මෙවන් පසුබිමක් මැද රහස් පොලිසිය විමර්ශන කණ්ඩායම් දෙකක් අම්පාර ප‍්‍රදේශයට යවා තිබේ. ඒ කුමක් සඳහා ද? තිරුක්කෝවිල්හිදී පොලිස් භටයන් 600ක් ඝාතනයවීම ගැන මෙතෙක් අධිකරණ නියෝගයක් මත ඝාතනය වූ ස්ථානයේ කැණීම් සිදු කිරීමට රහස් පොලිසිය කි‍්‍රයා කර නැත. මෙය බිහිසුණු යුද අපරාධයකි.

මෙම සාහසික අපරාධය සිදුවන සමයේ නැගෙනහිර සිටි කොටි හමුදා කි‍්‍රයාකාරීන් වූ රාම් සහ නගුලන් තවදුරටත් ජීවත් වේ. ඔවුන් කරුණාගේ සගයන් විය. රහස් පොලිසිය මේ ඝාතන ගැන එම හිටපු කොටි හමුදා නායකයන්ගෙන් ප‍්‍රශ්න කර තිබේද?

තිරුක්කෝවිල් සහ අරන්තලාව සිදුවීම් ගැන දිගු කලක් තිස්සේ විමර්ශන පැවැත්වීමට කිසිදු රජයක් කි‍්‍රයා නොකළේ දේශපාලන හේතු නිසාය.

මේ තත්ත්වය මත කරුණා අත්අඩංගුවට පත්වනු ඇතැයි ඇතැම් පිරිස් සඳහන් කරති. එහෙත් කරුණා හමුදා සෙබලූන් ඝාතනය කළ බවට කළ ප‍්‍රකාශය ගැන පියවර ගත හැකිද?

ඒ සඳහා දිගු කලක් ගතවනු නියතය. එහිදී කරුණා භටයන් මරා දමන අයුරු දුටු සාක්‍ෂිකරුවන් සෙවීමටද පොලිසියට සිදු වේ.

මෙවන් පසුබිමක් මැද යුද අපරාධ ගැන හඬනඟන හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනී යස්මින් සුකා හෝ දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධානයක් කරුණා කළ ප‍්‍රකාශය ගැන ඔහුට එරෙහිව කි‍්‍රයා කළ යුතු බව ප‍්‍රකාශ කර නැත.

මෙය විමතියට කරුණකි. හිටපු කොටි සිදු කළ යුද අපරාධ ගැන සුකා මෙතෙක් කිසිදු පැමිණිල්ලක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිණිලි කර නැත.

කරුණා තිරුක්කෝවිල්හිදී පොලිස් භටයන් ඝාතනය කළ බවට මානව හිමිකම් කවුන්සිලයේදී පැමිණිල්ලක් ඉදිරිපත් වූ අවස්ථාවේ ඇය නිහඬව සිටියාය.

එසේම තමා එම අපරාධය සිදු කළේ නැති බවත් පොට්ටු අම්මාන් ඊට සම්බන්ධ බවත් පැවසූ කරුණා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ සාක්‍ෂි දීමට සූදානම් යැයි පැවසුවේය. එහෙත් ස්විස් තානාපති කාර්යාලය මානව හිමිකම් කවුන්සිලය වෙත යෑම සඳහා කරුණාට වීසා බලපත් දුන්නේ නැත. මෙවන් පසුබිමක් මැද වසර 30 ක් නිහඬව සිටි පාර්ශ්ව භික්‍ෂූන් වහන්සේලා කරුණා සෙබළුන් ඝාතනය කළ බවට පැවසීමත් සමගම නින්දෙන් අවදිවී ඇත.

තිරුක්කෝවිල්හි පොලිස් භටයන් 600 ඝාතනය ගැන ගත වූ කාලය මුළුල්ලේ ම අපි හෙළි කළෙමු. මේ ඝාතන ගැන ජනාධිපති කොමිසමක් පත් කළ යුතු බව පෙන්නුම් කළත් ඒ ගැන තැකීමක් වූයේ නැත.

කරුණා නැගෙනහිර කි‍්‍රයාත්මක වන සමයේ කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් රැුඳී සිටි ගලධාරි හෝටලයේ අංක 428 කාමරය වෙත මුදල් පෙට්ටි සැපයූවේ පේ‍්‍රමදාස රජයයි.

මේ ඇත්ත සිද්ධිය සිදුවූයේ නැතැයි කිව හැකිද?

අතීත සිදුවීම් ඇතැම් දේශපාලකයන්ට අරහංය. මේ පසුබිම මැද කරුණා ඇතුළු කොටි සාම සාකච්ඡුාවලට ගොස් කටුනායක ගුවන්තොටුපළට පැමිණියේ විශාල බඩු පෙට්ටි කීපයක් එම් අයි 17 ප‍්‍රවාහන හෙළිකොප්ටරයකින් කිලිනොච්චියට සැපයූවේ පරීක්‍ෂාවකින් තොරවය මේ සමයේ රට පාලනය කළේ එජාප රජයයි. කරුණා මේ සියලූ දේ දනී.

මේ අතර පෙරේදා (25 දා* උදේ රහස් පොලිසිය වෙත පැමිණි කරුණා පැය කිහිපයක් තිස්සේ කටඋත්තරයක් දුන්නේය. ආරංචි මාර්ග දක්වන අන්දමට ආර්. ප්‍රේමදාස රජය යටතේ කොටින්ට මුදල් අවි ආයුධ සැපයුණු අන්දම ද ඔහු හෙළි කර ඇත. මෙය විපක්‍ෂයට පාරාවලල්ලක් විය. එසේම තිරුක්කෝවිල්හිදී පොලිස් භටයන් 600 කට යටත් වීමට නියෝග දුන්නේ ආර්. පේ‍්‍රමදාස බවත්, කරුණා හෙළි කර ඇත. මේ සමයේ විදේශ කටයුතු ඇමැතිවරයා වූයේ ඒ. සී. එස්. හමීඞ් ය. පොලිස් භටයන් නිදහස් කරන බවට ඇන්ටන් බාලසිංහම් කළ ප‍්‍රකාශය හමුවේ විශ්වාස කළේය. එහෙත් සිදුවූයේ පොලිස් භටයන් 600 ඝාතනය වීමයි.

සෙබලූන් ඝාතනය කර බවට කරුණා ප‍්‍රකාශයෙන් පසුව රහස් පොලිසිය ඔහුගෙන් පැය 7 ක් ප‍්‍රශ්න කර ඇත. ඉන්පසු පිටතට පැමිණි කරුණා තමා හමුදාව අවතක්සේරු කර නැතැයි කීවේය. එදා සිදුවූ දෙයක් මම මැතිවරණ ප‍්‍රචාරයේදී උපමාවට ගත්තා. මගේ ප‍්‍රකාශයට එරෙහිව විරුද්ධ පක්ෂ චෝදනා කරන්නේ අපේ රජයට සහ අපේ සිංහල ජනතාවගේ ඡුන්ද අඩු කිරීමේ කි‍්‍රයාවක් ලෙස හැඳින්විය හැකියි යැයි කරුණා චෝදනා කළේය. මෙවන් පසුබිමක් මැද හෙළඋරුමයට සම්බන්ධ කඩුවෙල නාගරික මන්තී‍්‍ර වූ බෝසත් පතිරණ නමැත්තකු එකවරම නින්දෙන් අවදි වී කරුණාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. එහෙත් ආර්. පේ‍්‍රමදාස රජය කොටි සංවිධානයට ආයුධ සපයද්දී සහ පසුගිය රජයක් යටතේ කරුණා ඇමැති ධුර ලබද්දී මෙවන්නක් සිටියේ කොහේද? 1990 ජූනි 11 සිදුවූ පොලිස් භටයන් සමූල ඝාතනය සම්බන්ධයෙන් නොකඩවා අපි හෙළි කරද්දී සහ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හමුව් කරුණාට එරෙහිව පැමිණිල්ලක් ගොනු වෙද්දී මෙරට කිසිදු පාර්ශ්වයක් කරුණාට එරෙහිව හඬ නැඟුවේ නැත. එසේ නම් මේ හදිසියේ දේශපේ‍්‍රමීන් යැයි කියා ගන්නා පාර්ශ්වය මතු වූයේ තමන්ගේ ඡුන්ද ප‍්‍රචාරය උදෙසාද?

 

කීර්ති වර්ණකුලසූරිය



11 Viewers