කවුද මේ රත්නජීවන් හූල්..?

1952 සැප්තැම්බර් 15 උපත ලබන රත්නජීවන් හූල් හෙවත් ජීවන් හූල් යනු කවුද..?  1975 දි විද්‍යූත් ඉංජිනේරුවෙකු ලෙස කටුබැද්ද විශ්වවිද්‍යාල යෙන් එළියට එනවා. ඉන්පසුව ඔහු සිංගප්පූරුවට යනවා.

ඔහු 1980 දශකයෙ නයිජීරීයාවෙ බහු තාක්ෂණික ආයතනයක ( Polytechnic ) ගුරුවරයෙක්  විදියට වැඩ කරනවා. ඔහු එහි සිටියදි LTTE සංවිධානයට අරමුදල් එකතු කරන ක්‍රියාකාරිකයෙක් ලෙස වැඩ කරනවා. ලංකාවෙ දෙමළ  ගුරුවරුන්ට නයිජීරියාවේ රැකියා ලබා දීලා විශාල ලෙස කප්පම් එකතු කරනවා.

එම එකතු කරන මුදල් ලංකාවෙ දෙමළ ජාතිකයෙකුට අයත් පෞද්ගලික ජෙට් යානයක දෙමළ ගුවන් නියමුවෙකු මාර්ගයෙන් ලංකාවට එවනවා. ඉන්පසුව හූල් නයිජීරීයාවෙන් කැනඩාවට එනවා. නයිජීරියාවෙන් කැනඩාවට ඇවිත් කැනඩාවේ ක්යුබෙක් ප්‍රාන්තය රටින් වෙන්වීමට කරන අරගලයට උදව් කරනවා.

ඉන් පස්සේ USA ගිහින් ලොකු කොටි ව්‍යාපාරිකයෙක් වෙන රාජරත්නම් සමග සම්බන්ධකම් පැවැත් වු බවට සැක කරනවා.

1999 දි ලංකාවට පැමිණ ඔහු රුහුණු විශ්වවිද්‍යාලය හා සම්බන්ධ වෙනවා. 1999  දෙසැම්බර් සිට 2003 දක්වා මොහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙනවා. 2003 සිට 2006 දක්වා මොහු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ වැඩ කරනවා. ඒ කාලය අතර තුර අයථා පත්කිරීම් සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වෙනවා

2006 දි මොහු යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස පත් කරනවා. ඔහු හින්දු ආගමිකයෙකු නොවන ඇන්ග්ලිකන් ආගමිකයෙකු  නිසා යාපනය විශ්වවිද්‍යාලය තුළ මොහුට විරුද්ධව විරෝධයක් ඇති වෙනවා. මොහු එය LTTE විරෝධතාවක් ලෙස ලෝකයට පෙන්නනවා.

ඉන්පසුව මොහු මිචිගන් විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස වැඩ කරනවා. 2010 නැවත  ලංකාවට පැමිණෙන  මොහුව 2011 දි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නැවත යාපනය උපකුලපති ලෙස පත් කරනවා. මේ පත්කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් සිය විධායක බලතල යොදා ප්‍රතික්ෂේප කරනවා. ඒ වෙනුවට වසන්ති අර්සරත්නම්ව පත් කරනවා.

මෙන්න මේ ප්‍රතික්ෂේප කිරීමත් සමග හූල්ගෙ රාජපක්ෂ විරෝධය දැඩි වෙනවා. 2015 යහපාලන රජය ඇවිත් මැතිවරණ කොමිසමක් ගේනවා. මේ අන පනත් සැකසීමෙ පිටුපස සිටි මහමොලකරුවන් තමයි සුමන්තිරන් සහ ජයම්පති වික්‍රමරත්නලා. ( ජයම්පති වික්‍රමරත්න දැන් ඇමරිකාවේ)

මැතිවරණ කොමිසමේ ප්‍රධාන නිලධාරීන් තූන් දෙනයි. රනිල් වික්‍රමසිංහ විසින් ලංකාවෙ සිටින ලොකුම රාජ්‍ය නොවන සංවිධායෙක් වන පාක්‍යසෝති සරවනමුත්තු සහ සුමන්තිරන්ගෙ බලපෑම් මත ඒ සඳහා කිසිඳු සුදුසුකමක් නැති විද්‍යූත් ඉංජිනේරුවෙකු වන රත්නජීවන් හූල්ව පත් කරනවා.

මොහුව හඳුන්වන්නෙ ” Hidden master brain of LTTE ” එනම් ” LTTE සැඟවුනු මහ මොලය ” ලෙසයි. මොහු ඇමරිකානු පුරවැසියෙක්.

මේ ඉතිහාසය දන්නෙ කිහිපදෙනා යි. එයින් කිහිප දෙනෙක් අදත් ජීවතුන් අතර ඉන්නවා. ඔවුන් මේ කරුණු ජනතාව ඉදිරියට ගෙන ඒමට සූදානම්. මේ එහි පලමු වෙඩි මුරය යි. මෙවැනි පුද්ගලයන් සිටින ස්වාධින මැතිවරණ කොමිසම ඔබ තවදුරටත් විශ්වාස කරනවාද?

නිලන්ත සත්සර ගමගේ



210 Viewers