• Home »
  • Sinhala Articles »
  • කාදිනල්තුමනි මිනී මරන්න අනුබල දෙන්න එපා.

කාදිනල්තුමනි මිනී මරන්න අනුබල දෙන්න එපා.

අප අතීතයේ කිසි දිනෙක දේශපාලන මතයක් හෝ පක්ෂයක් ගෙන නැත. කිසිදු දේශපාලනයක් කර නැත. අනාගතයේදී  කිසිදු දේශපාලන මතයක් හෝ පක්ෂයක් ගන්නේද නැත. කිසිදු දේශපාලනයක් ගන්නේද නැත. නමුත් කිව යුත්ත කිව යුතුම ය. ගෝඨාභය රාජපක්ෂටද ඔහුගේ පාලන කාළයේදී කළ වැරදි වලට අප දොස් නගා තිබේ. අන්තර්ජාලයේ එම වීඩියෝ සහ ලිපි ඇත.

අප ඉදිරියට එන ඕනෑම දහම් ගැටළුවකට ක්ෂණිකව පිළිතුර ලබා දෙන්නට පෑන හසුරුවන වන අප, වර්තමානයේදී ඇති වූ ජන අරගලයත් සමඟම මෙතෙක් කථා නොකළ රටේ ගැටළු පිළිබඳවද කථා කිරීමට පෙළඹුනෙමු. එයට ප්‍රධානතම හේතුව ජන අරගලය ආරම්භ වූ මුල් කාළයේදී එය පටන් ගත්තේම සංඝරත්නයට මේ ලෝකේ කළ හැකි සියළුම අපහාස උපහාස සහ චරිත ඝාතන කරමින් ය.

අප ඒ පිළිබඳව සමාජය විටින් විට දැනුවත් කළ අතර එය වළක්වන්නට ගිහි බෞද්ධ තරුණයන්ගෙන් ලැබුණේ ඉතා අවම දායකත්වයකි. ඔවුන්ගෙන් ශාසනයට වූයේද ඉතා විශාල හානියකි. භික්ෂූන් වහන්සේලා දෙතුන් නමක් දේශපාලනය කළාට රටේ සමස්ත සංඝරත්නය දැඩි සේ පීඩාවට පත් කරන්නේ ඇයි දැයි අපි සොයන්නට පටන් ගත්තෙමු. අරගල කරුවන් සමස්ත සංඝරත්නයට වධහිංසා, නින්දා අපහාස නොකළානම් අප මේ ගැන කිසිසේතම සොයන්නේවත් අවධානය යොමු කරන්නේවත් නැත.

නමුත් ඇයි මේ සංඝරත්නයට අපහාස කරන්නේ? යැයි දෙස් විදෙස් මට්ටමින් පුළුල්ව කරුණු සොයා බලන විට අප ඉතාමත්ම හොඳින්ම දැන ගත්තේ මෙය ජන අරගලයක් නොව, ඉතා සංවිධානාත්මකව සිදු කරන විශාල කුමණ්ත්‍රණයක් බවයි. මේ අරගලය මතුපිටින් පෙනෙන දෙයට වඩා ඉතා විශාල සංවිධානාත්මක ජාලයක් විසින් කල් වේලා බලා ආරම්භ කර මෙහෙය වන බව අපි අවබෝධ කර ගත්තෙමු.

ඒ සංවිධාන ජාලය සහ එහි අරමුණ අතිශයින්ම භයංකර උපක්‍රමශීලී කුමණ්ත්‍රණයකි. මුදල් යොදවන්නට පිරිසක්ද, මෙහෙයවන්නට පිරිසක්ද, ආගමික නායකත්වය දෙන්නට පිරිසක්ද, නිරාගමික කරන්නට පිරිසක්ද, දේශපාලනය නියෝජනය කරන්නට පිරිසක්ද සිටී. ඔවුන් ගෙවල් ගිනි තියන්නට සහ මිනී මරන්නට තෝරාගෙන ඇත්තේ උසි ගන්වා කුලප්පු කළ සමාජය තුළ සිටින දුර දිග නොබලා වැඩ කරන අහිංසකයින් ය. අවසානයේදී අමාරුවේ වැටෙන්නේ ඔවුන් ය. එවිට ඔවුන්ට සිටින්නේ ඔවුන්ගේ පවුලේ මවිපියන් ආදීන් පමණී. අපරාධ කරන්නට අනුබල දුන් කිසිවෙක් ඔවුන්ගේ සහයට එන්නේ නැත.

යම් ආගමකින් සියළුම සත්වයින්ට යහපත සළසනවානම් එවැනි ආගම් ලොවට වැඩදායක ය. ලංකාවේ තිබෙන සියළුම ආගම් වල ආගමික නායකයිනට ගිනි ඇවිලෙමින් තිබෙන රට, නිවන්නට කටයුතු කළ හැකිනම්, ඔවුන්ගේ සේවය විශිෂ්ඨ මෙහෙවරක් වේ.

බුදු දහම තුළ තමන්ට ගහන බනින හිරිහැර කරන සතුරු පක්ෂයටද මෛත්‍රී කරන්නට උගන්වනු ලැබේ. තම තමන් කර ගන්නා කර්ම තම තමන්ට ය. බෞද්ධයින්  කිසිවෙකුට සතුරුකම් කරන්නේ නැත. බෞද්ධයිනට සතුරන් නොමැත. යම් අයෙක් වරදක් කර නිවැරදි වූ පසුව ඔහු තවදුරටත් වැරදි කරුවෙකු නොවේ. ඔහු වරද නිවැරදි කරගෙන මෛත්‍රී කරුණා මුදිතාදී උතුම් ගුණධර්ම තමන් තුළ ඇති කරගෙන ලොවට යහපත සළසනවානම් ඔහු එතැන් පටන් වටිනා සත්පුරුෂයෙකි. දැනට අපරාධ කරන්නේ බෞද්ධයින් නොවේ. බෞද්ධ නමින් සිටින නිරාගමිකයන් සහ අන්‍යාගමිකයන් ය. සැබෑ බෞද්ධයින් පංචශීලය රකී.

කරුණු එසේ වූවත් වර්තමානයේදී ලංකාවේ කාදිනල් මැල්කම් රංජිත් පියතුමන්, තමන්ගේ දෑතේ ලේ තවරා ගෙන ඇත. එතුමා අතින් මිනී නොමැරුවාට තරුණයින් උසි ගන්වා මිනී මරමින් සිටී. කාදිනල් තුමන් සහ ෆාදර් චාල්ස් තෝමස්, මුල්ලිවයික්කාල් ජනසංහාරය සමරන ෆාදර් ජීවන්ත පීරිස් ආදී පිරිස්, අහිංසක නව යොවුන් තරුණයන්ගේ දෑත් වල ලේ තැවරීමට කටයුතු කරමින්, තරුණයින් ලවා මිණී මරවන, ගෙවල් ගිනි තබවන, කඩ සාප්පු කොල්ල කවවන, රටේ පොදු දේපල විනාශ කරවන, සොරකම් කරවන, රටම අවුල් කරවන අමානුෂික මිනී මරුවන්ගේ තත්වයට වැටෙමින් තිබේ.

අරගලයට සම්බන්ධව සිටින භික්ෂූන් දෙතුන් දෙනා ගැන කථා කිරීමවත් තේරුමක් ඇතිදෙයක් නොවේ. එම හිමිවරුන් කරන්නේ දේශපාලනයක්‍ ය. භික්ෂූන් දේශපාලනය කිරීම සම්පූර්ණයෙන්ම වැරදි  ය.

පාස්කු ප්‍රහාරයට යුක්තිය අවශ්‍යයි කියා කාදිනල්තුමා රටේ පවතින අයහපත් තත්වය පාවිච්චි කරමින් දේශපාලන අවුලක් නිර්මාණය කරන්නටත්, ද්‍රවිඩ ඩයස්පෝරාවේ අවශ්‍යතාවයට සිංහලයින්ගෙන්  පළි ගැනීමටත්, සංඝරත්නයට නින්දා අපහාස කරන්නට සලස්වා කිසිවක් නොදන්නා අයෙකු මෙන් ඒ ගැන වචනයක්වත් නොකීවත්, මුළු මහත් සමාජයම භේද භින්න කරවමින් සිටී.

පාස්කු ප්‍රහාරය සහරාන් ඇතුළු පිරිස කළ බව එකළ තිබූ රජයම තහවුරු කර ඇත. කාදිනල්තුමන් විසින් රට අවුල් කිරීම උදෙසා ගෝඨාභය විසින් එය කළ බවට කීවත් ඒ සඳහා කිසිදු සාක්ෂියක් හෝ සාධකයක් ඉදිරිපත් කරන්නේ නැත. එය ගෝඨාභය විසින් නොකළ බව මුළු රටම දනී. ඉන්දියාවේ ඔත්තු සේවා විසින් මෙවැනි ප්‍රහාරයක් සිදු කරන බවට කල් ඇතිව දන්වා ඇත. ඔවුන් එයට ගෝඨාභය සම්බන්ධ බව කියා නැත. ගෝඨාභය විසින් කළ බවට කිසිදු සාධකයක් ලෝකයේ කොහේවත් නැත. කාදිනල්තුමන්ට එවැනි සැකයක් තිබෙනවානම් කළ යුත්තේ, ශ්‍රී ලාංකීය රජයේ අවසරය ගෙන, ඒ පිළිබඳව විදේශීය බලවත් රටක් හරහා ස්වාධීන පරීක්ෂණයක් කරවාගෙන තමන්ගේ සැකය දුරු කරවා ගැනීමය. රට ගිනි තැබීම එයට පිළිතුර නොවේ.

නිර්පාක්ෂික අරගලය ලෙස මේ දිනවල තිබෙන අරගලය කාදිනල්තුමන්ගේ ආගමික නායකත්වය ඇතිව, ජේ වී පී සහ පෙරටුගාමීන්ගේ දේශපාලන නායකත්වය ඇතිව, ද්‍රවිඩ ඩයස්පෝරාවේ ආධාර දායකත්වය ඇතිව,  අන්තවාදී මුසල්මානුවන්ගේ දායකත්වයත්, ඇතැම් දේශපාලන පක්ෂ සහ බලලෝභීන්ගේ මෙහෙයවීමෙන් කෙරෙන දේශපාලන කුමණ්ත්‍රණයක් බව මුලු රටම දනී. මෙය ඌරාගේ මාලු ඌරගේ පිටේ තබා කපන න්‍යාය අනුව, බෞද්ධයින් ලවා සියල්ලම විනාශ කරවන බෞද්ධ විරෝධී කුමණ්ත්‍රණයක් පමණී.

ඔවුන් කුරුසය කර මතින් ගෙන ආවේ, ලාංකිකයන්ට පෙනෙන්නට නොවේ. කතෝලික බලවත් ජාත්‍යන්තරයේ අවධානය ගැනීමට ය. රටේ සියළුම ගැටළු ඩොලර් ආවානම් විසදේ. ඒ සඳහා හොඳම එක් විසදුමක් වන්නේ සංචාරක ව්‍යාපාරය යි. එයද ඔවුන් විනාශ කර දැමී ය. රටට ඩොලර් එවන ක්‍රම වැළැක්වූයේ නැතිනම් මෙවැනි පෝලිම් වල මහජනතාව අසීමාන්තිකව දුක් විදින්නේ නැත. ඔවුන් ඩොලර් එවන්නට එපා යැයි කීය.

නිර්පාක්ෂික යන වචනය අතිශයින්ම භයානක වචනයකි. එයට හේතුව, සිදු කරන මිනී මැරුම් සහ ගෙවල් ගිනි තැබීම්, දේපල කොල්ලකෑම්, සහ සියළුම අපරාධවලට වගකිවයුත්තෙක් නැති වීමයි. නමුත් උසිගන්වන්නට, දින නියම කරන්නට, කෑම බීම දෙන්නට, ස්ථාන වලට නම් ගම් තියන්නට, කල්වේලා ඇතිව ගිනි තියන ගෙවල් තීරණය කරන්නට, ඒ සඳහා පෙට්‍රල් සූදානම් කරන්නට, පාරවල් වසන්නට, ඒවා සඳහා තමන්ගේ කණඩායම් කල් වේලා ඇතිව යවන්නට, අපරාධකරුවන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි ලෙස නීතිඥ්ඥයින් ලවා නීතිය නොමඟ යැවීමට නායකත්වය දෙමින්, ඒ සියළුම අපරාධකරුවන් රකින්නට ශ්‍රී ලංකා නීතිඥ්ඥ සංගමය, කාදිනල්තුමා, සහ අන්තවාදී දේශපාලන පක්ෂ සෑම විටෙකම සූදානමින් සිටී. රටේ නීතිය ක්‍රියාත්මක කරන්නට ඉඩ නොදෙන ඔවුන්, ඔවුන්ට අවශ්‍ය ලෙස නීතිය හසුරවමින් සිටී.

මේ මොහොතේ රටේ කිසිවෙක් කථා නොකරන්නේ මේ රටේ නීතිය ක්‍රියාත්මක නොවන නිසා ය. තමන්ව මරාවි. තමන්ගේ ගෙවල් දොරවල් ගිනි තබාවි. තමන්ට කරදර කරාවි කියන භයට ය. මේ රටේ සියළුම පුරවැසියන්ට තම තමන්ගේ ආරක්ෂාව තම තමන්ට සළසා ගන්නට සිදුව තිබේ.

රටේ මෙවැනි තත්වයක් එන බව සාමාන්‍ය ජනතාවට පෙර දේශපාලඥ්ඥයින් විසින් ඉතා හොඳින් දැනගෙන සිටියේ ය. වසර 74 ක කාළයක සිට විදෙස් රට වලින් ණය ගත්තේ ඔවුන් ය. අපනයන වෙළඳපොළක් රට තුළ නිර්මාණය නොකර ආනයන වෙළඳපොළක් නිර්මාණය කර තමන්ගේ සහචරයින්ට හැකිතාක් මුදල් සොයන්නටත් එයින් තමන්ගේ කොටස ගන්නටත් කටයුතු කළේ ඔවුන්‍ ය. අවසානයේදී මහ බැංකුව කොල්ල කෑමෙන් රටේ අනාගතයට මාරකයක් නිර්මාණය කළේ ඔවුන් ය.  රට බංකොළොත් වන බවත්, කර මුලින්ම සිර වන බවත් කිසිවක් කර කියා ගන්නට නොහැකි වන බවත්, අපට වඩා හොඳින්ම දැනගෙන සිටියේ ඔවුන් ය.  රට වැසියන් නොදන්නවා වුණාට දේශපාලඥ්ඥයින් මේ බව ඉතාමත්ම හොඳින් දැන සිටියේ ය. කල් යල් බලා ඔවුන් බලය ඩැහැ ගන්නට සුදුසුම වේලාව එන තෙක් බලා සිට අවශ්ථාවෙන් ප්‍රයෝජන ගත්තේ ය.

කාදිනල්තුමා දැඩි පහත් අවශ්ථාවාදියෙකි. ඔහු බෞද්ධ විරෝධියෙකු වූ අතර එල් ටී ටී ඊ සංවිධානය පෝෂණය කරන්නට සහ වර්ධනය කරන්නට දැඩි සේ මහන්සි ගත් අයෙකි. මැල්කම් රංජිත් කාදිනල්තුමන් යුද්ධයේ අවසන් කාළයේ එය නතර කරන්නට දැඩි සේ මහන්සි ගත් ත්‍රස්තවාදීන්ගේ දැඩි මිතුරෙක් බව එකළ සිදු වූ දේ ගැන අවධානයෙන් සිටි සියල්ලෝම දනී.

මේ මොහොත වන විට ගෝඨාභය විසින් පාස්කු ප්‍රහාරය කිරීම හෝ නොකිරීම කෙසේ වෙතත්, රට වැසියන් කුපිත කරවමින් දේශපාලන කැරැල්ලට ආගමික නායකත්වය දෙමින්, කැරැල්ල නිසා සිදු වූ පසුගිය මරණ වල රුධිරය මැල්කම් රංජිත් කාදිනල්තුමන්ගේ දෑතේ ගෑවී ඇත. චාල්ස් තෝමස් පියතුමන්ගේත්, නළුනිළියන්ගේ දෑත් වලත් එම රුධිරය ගෑවී ඇත. එහි පසු පසින් සිටි මෙහෙය වූ සියල්ලන්ගේ දෑත් වල එම රුධිරය ගෑවී ඇත. ඔවුන් අතින් මිනී නොමැරුවාට, ඔවුන්ගේ උසි ගැන්වීමෙන් මනුෂ්‍ය ඝාතන සිදු විය.

ඉදිරියේදී සිදු කරන සියළුම මරණවලට සහ ගෙවල් ගිනී තැබීම් ආදී අපරාධ වලටත්, කාදිනල්තුමන් ඇතුළු පිරිස වග උත්තරකරුවන් වේ. මහ ජනතාව මිනී මැරුම් වලට උසි ගන්වන ඔවුන්ගේ දෑත් වල රුධිරය ගෑවෙනවාද ඇත. එසේ අපරාධ වන බව දැන දැනම එය කරවන්නේ ඔවුන් නිසා ය. මිනී ලේ හොයන පිස්සු බල්ලන් මෙන් ඔවුන් නීතිය අතට ගෙන ඇත. ඔවුන් රට තුළ අපරාධ කරුවන් නිර්මාණය කරමින් සිටී.

අවශ්‍ය නම් ප්‍රජාතන්ත්‍රවාදීව ඔවුනට ඔවුන්ගේ බලාපොරොත්තු වන දේශපාලන නායකයා පත් කර ගත හැකි ය. නමුත් 74 වසරක සිට කළ අදූරදර්ශී පාලනයත්, ණයත් නිසා රට අස්ථාවරත්වයට පත් වූ මොහොතේම රට ලේ විලක් කර හෝ බලය ගැනීම මොවුන්ගේ අභිලාෂය යි.

නමුත් නුදුරු දිනකදීම සත්‍ය අවබෝධ කර ගන්නා තරුණයින් කාදිනල්තුමන්ගේ බිෂොප් මාළිගය වටලා යුත්තිය ඉටු කරගනු ඇත. එවිට කාදිනල්තුමන් පලා යන්නේ කොහාටද? අනෙක් අයට වන්නේද එයම ය. තම තමන්ගේ කර්මය තම තමන්ට විපාක දිය යුතුම ය.

මේ මොහොතේ කාදිනල් තුමන්ද කළ යුත්තේ අප කරමින් සිටින දේම ය. තෙල් පෝලිම් වල, ගෑස් පෝලිම් වල අනේක දුක් විදිමින් සිටින ජනතාව, සියළුම අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය නැතිව අනන්ත දුක් විදී. ඔවුනට අවශ්‍ය බෙහෙත් හේත් ද, දරුවන්ට අධ්‍යාපනයද නැත. සමහරුන් සියදිවි නසා ගන්නට සිතයි. අපද අපගේ ශක්ති පමණින් ඔවුනට නැගී සිටින්නට උදවු කරමින් සිටින්නෙමු.

කාදිනල්තුමනි, ඔබතුමන්ද ඔබට තිබෙන විදේශ සම්බන්ධතා ප්‍රයෝජනයට ගෙන, පාප්තුමන් සහ කතෝලික රටවල් සමඟ සාකච්ඡා කර මෙම තරුණයින්ට විදෙස් රටවල් වලින් සුදුසු රැකියා සොයා දෙන්න. මේ මොහොතේ කළ යුත්තේ තරුණයින් උසි ගන්වා ඔවුන්ගේ අත්වල ලේ තවරා , ඔවුන් ලවා විවිධ අපරාධ කරවා තරුණයින් අපරාධකරුවන් කර, දේශපාලන බලය ගන්නට කටයුතු කරන එක නොවේ. තරුණයින් දුක් විදින මේ දුක් ගොඩින් ගලවා ඔවුන්ගේ අනාගතය යහපත් කරදීමයි.

“කාදිනල් තුමනි, රටේ තරුණ ප්‍රජාව අපරාධවලට පොළඹවන්න එපා. තරුණයන්ගේ අනාගතය ලස්සන දීප්තිමත් එකක් කර ගන්නට ඔවුනට අත හිත දෙන්න. ඔබතුමා බොරදියේ මාළු බා මෙ රට අමු සොහොනක් කරන්න එපා.”

කාදිනල්තුමනි, මේ රටේ අහිංසක මිනිසුන් මේ මොහොතේ විඳින්නට තිබෙන හැම දුකක්ම විදිමින් සිටී. ආගමික පක්‍ෂය නියෝජනය කරන පූජ්‍ය පක්ෂය වන අපත්, පූජක පක්ෂය වන ඔබතුමන්ලාත්, අපි මේ මහජනතාව නිවිය යුතුය. ඔවුනට තවත් දුක් ඇති නොවන ලෙස නිවැරදි මගපෙන්වීම කළ යුතුය. මහජනතාවට සියළුම කරදර වලින් නැගී සිටින්නට උදවු උපකාර කළ යුතු ය. කාදිනල් තුමනි, රට ගිනි තියන්න එපා. ඔබතුමා මිනී මරන්නට අනුබල දුන් කාදිනල් ලෙස ඉතිහාසයට එකතු වේවි.

තෙරුවන් සරණයි!

පූජ්‍ය. තපෝවනයේ රතන ස්වාමින් වහන්සේ
ත්‍රිපිටක වාගීශ්වර, සද්ධර්ම ශිරෝමණී, විපස්සනා කම්මට්ඨානාචරිය, රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක, පණ්ඩිත, මිණිපුර අමා ශාන්ති තපෝවනය ප්‍රධාන ශාඛා මධ්‍යස්ථානයන්හී විහාරාධිපති.



22 Viewers