• Home »
  • Sinhala News »
  • කැනඩාවේ පාසලක් අසල වළ දමා තිබූ ගෝත‍්‍රිත දරුවන්ගේ සිරුරු 215 ක් හමුවේ

කැනඩාවේ පාසලක් අසල වළ දමා තිබූ ගෝත‍්‍රිත දරුවන්ගේ සිරුරු 215 ක් හමුවේ

කැනඩා රජය වෙනත් රටවල මානව හිමිකම් සම්බන්ධයෙන් හඩනගන අවස්ථාවේ එරට කැම්ලූප් පාසල සමීපයේ වළ දමා තිබූ දරුවන් 215 කගේ සිරුරු කොටස් හමුවීමේ සිද්ධියක් අනාවරණය වේ’ මෙම දරුවන් ඝාතනයට ලක්වී ඇතැයි සැක කෙරේ’

මෙම දරුවන් ඉගෙන ගත් කැම්ලූප් පාසලේ පාලනය මෙහෙය වන්නේ කතෝලික සභාවයි’

රේඩාර් විශේෂඥයෙකුගේ සහාය මත පාසල අසල සිදුකළ විමර්ශනයෙන් මේ බව අනාවරණය වී තිබේ’

මේ සිද්ධිය අනාවරණය වීමත් සමගම කැනඩාවේ ගෝත‍්‍රික ජනතාව අතර දැඩි කම්පනයක් හට ගෙන තිබේ’ කැනඩා ඇගමැති ජස්ටින් ටෘඩෝ පැවසුවේ තමා මේ සිද්ධිය ගැන ශෝකයට පත්වෙන බවයි’

 



12 Viewers