කැනඩාව කොටින්ට උදව් කළ හැටි තොරතුරු එළියට
මෙරට ජාතික පුවත්පතක් වාර්තා කරන්නේ කැනඩාව කොටි සංවිධානයට අවි ආයුධ මිලයට ගැනීමට ඩොලර් මිලියන 4.55 ක මුදලක් සැපයූ බව එරට නැෂනල් පෝස්ට් පුවත්පතේ ස්ටුවට් බෙල් නමැති මාධ්‍යවේදියා අනාවරණය කර ඇති බවය.
ස්ටුවට් බෙල් නම් මාධ්‍යෙව්දියා හෙළි කරන්නේ සෑම වසරකට ලෝක ද්‍රවිඩ සංවිධානය කොටින්ට අවි ආයුධ මිලට ගැනීමට ඩොලර් මිලියන 3ක් විදේශගත බැංකුවලට යැවූ බව කැනඩා පොලිසිය සොයාගත් බව ය.
ස්ටුවට් බෙල් මේ තොරතුරු හෙළි කර ඇත්තේ කැනඩා පොලිසිය විසින් ප්‍රභාකරන් කැනඩාවේ ලෝක ද්‍රවිඩ සංවිධාන නායක මරියදාස් මානුවෙල්ට එවා තිබූ ලිපියක් සොයා ගැනීමත් සමගය.
කෙසේ වෙතත් මෙම තොරතුරු ඔහු හෙළිකරන තුරුම කැනඩාව විසින් සගවා තබාගෙන තිබේ.
22 Viewers