කුරුන්දි වංසය රජරටට

ඓතිහාසික කුරුන්දි විහාරය ගැන ලියැවුණු “කුරැන්දි විහාර වංසය” පිළිබඳ ශාස්ත්‍රීය සම්භාෂණයක් අද අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේදී පැවැත්විණි.

භික්ෂු විශ්වවිද්‍යාලයේ උපකුලපති/මහෝපාධ්‍ය ජ්‍යේෂ්ඨ මහාචාර්ය කනත්තේගොඩ සද්ධාරතන නායක ස්වාමීන්වහන්සේ මුලසුන දැරූ උත්සව සභාවේ දී  ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගල්වැවේ විමලඛන්ති හිමි සහ රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨාධිපති මහාචාර්ය තුසිත මෙන්ඩිස් දේශන පැවැත්වූහ.

කුරුන්දි විහාරාධිපති ගල්ගමුවේ සන්තබෝධි හිමියන් සහ පොතේ සංස්කාරකවරු අතින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිරිවෙන් සඳහා කෘතිය  පිරිනැමීම ද සිදු කෙරිණි. ඒ සඳහා අනුග්‍රාහකත්වය දැක්වූවේ ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් බෞද්ධ විහාරාධිපති වල්පොළ පියනන්ද නායක ස්වාමීන්වහන්සේ ය.



9 Viewers