• Home »
  • Sinhala News »
  • ‘කුරුන්දි විහාර වංශය’ කෘතිය එළිදැක්වීම අගෝස්තු 07 දා සවස 3.30 ට ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිරයේදී

‘කුරුන්දි විහාර වංශය’ කෘතිය එළිදැක්වීම අගෝස්තු 07 දා සවස 3.30 ට ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිරයේදී

රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිදු අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චන්දිම බණ්ඩාර අඹන්වල සහ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ දර්ශනය අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සුමේධ මංජුල වීරවර්ධන යන මහත්වරුන්ගේ සංස්කරණයෙන් පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි නාහිමිපාණන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයෙන් යළි නැංවුණ මුලතිව් නාගචෝල මහ වන මැද පිහිටි කුරුන්දි විහාර සංකීර්ණය අරබයා සම්පාදනය කරන ලද, පෙර පළ නොවුණු – නවතම පර්‍යේෂණ ලිපි සමුච්ඡය වංශ කථාවක් ලෙස එළිදැක් වීම 2023 අගෝස්තු මස 07 දා සවස 3.30 ට කොළොඹ, තුන්මුල්ල ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිරයේදී සිදුකිරීමට නියමිතය.

මෙහි අනුග්‍රාහක දායකත්වය මහාචාර්ය වෛද්‍ය චන්න සුදත් ජයසුමන මැතිතුමාගේ සහ එම පවුලේ සාමාජිකයන්ගේත් හිතමිතුරන්ගේත් මැදිහත්වීමෙන් සිදුකෙරෙන අතර, මූලික දේශනය සිදුකරනු ලබන්නේ සම්මානිත මහාචාර්ය විද්‍යාජෝති නිමල් ද සිල්වා මහතා විසිනි.

මේ ඓතිහාසික අවස්ථාවට සහභාගී වනමෙන් ශාසනකාමී – ශාස්ත්‍රකාමී සැමට සංවිධායක මණ්ඩලය විසින් විවෘත ආරාධනාවක් කරනු ලබයි.



17 Viewers