• Home »
  • Sinhala News »
  • කූරගල චෛත්‍ය හතරවෙනි සියවසට අයිතියි – පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද නාහිමියෝ

කූරගල චෛත්‍ය හතරවෙනි සියවසට අයිතියි – පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද නාහිමියෝ

කූරගල පිහිටි චෛත්‍යය හතර වෙනි සියවසට අයත් බව එහි පුරාවිද්‍යා ගවේෂණවලදි පෙනිගිය බව  පුරාවිද්‍යා චක්‍රවර්තී ආචාර්ය එල්ලාවල මේධානන්ද නාහිමියෝ පවසති.

එසේම කූරගල පුදබිම තුන්වන සියවසේ (දේවානම් පියතිස්ස රජසමයේ ) මහරහතන් වහන්සේලා වැඩසිටිය බව එහි කටාරම් කෙටු ගල්ලෙන්වල ඇති සෙල්ලිපි වලින් පෙනියන්නේ යැයිද මේධානන්ද නාහිමියෝ අවධාරණය කරති.

⁣කූරගල ඇතුළු අවට ඇති සියළු ස්ථාන පුරාණ චන්දන ග්‍රාම රාජ්‍යයට අයත් බව අවට කළ පුරාවිද්‍යා ගවේෂණවලදි සාධක සහිතව හෙළිවුබවද නාහිමියෝ කීහ.

බලංගොඩ  කල්තොටට නුදුරුව ගිනිකොණ දිග තැන්නේ මොහොරේ (බෑවුම) මුදුණ ආශ්‍රිතවයි කූරගල පිහිටා තිබෙන්නේ.මෙහි ගල්ලෙන් ගණනාවක් තිබෙනවා.ක්‍රිස්තු පූරව තුන්වන සියවසේ බ්‍රාහ්මීය අක්ෂර සහිත සෙල්ලිපි මෙහි දක්නට ලැබෙනවා.දත්ත, ලසම, සුමන යන තිදෙනෙකු මෙහි ගල්ලෙන් මහරහතන්.වහන්සේලාටපුජාකළ.බව එම සෙල්ලිපිවල සඳහන් වෙනවා.

මෙහි ඇති ඉපැරණි චෛත්‍යය හතරවැනි සියවසේ ඉදිවුවක් බව එහි ඇති ගඩොළු පරික්ෂාවේදි පෙනි යනවා.කූරගල විශාල කුහරයක් තිබෙනවා.ඒනිසයි කුහරගල පසුව කූරගල ලෙස හැදින්වෙන්නේ.මෙහි පහළට ඉපැරණි මාර්ගයක් දක්නට ලැබෙනවා.එයින් වැලිපතයාය, බුදුගල දෙසට ගමන්කළ හැකියි.එ මාර්ගයෙත් කටාරම් කෙටු ගල්ලෙන් දෙකක සෙල්ලිපි දෙකක් දක්නට ලැබෙනවා.

මහාවංශයේ සදහන් වෙනවා චන්දන ග්‍රාම ක්ෂත්‍රීයෝ හා කාචරග්‍රාම ක්ෂත්‍රීයෝ ශ්‍රී මහ බෝධි රෝපණ උත්සවයට ගිය බව.ඒ ගිය ක්ෂත්‍රීයන්ට අස්ඨඵල බෝධි ලැබුණු බව සඳහන්වෙනවා.මෙහි චන්දන ග්‍රාමයට තමයි කූරගල අයත් වෙන්නේ.ප්‍රාදේශිය රජ කෙනෙකු මේ රාජ්‍යයේ ඉඳලා තිබෙනවා.එදා ශ්‍රී  මහ බෝධ් රෝපණයට ගිය ප්‍රාදේශිය රජුට ලැබුණු බෝධි අංකුරය තමයි අද හඳගිරියේ තිබෙන්නේ.මෙි කූරගල අවට සියළුම තැන් අස්සක් මුල්ලක් නෑරම ගවේෂණය කරලා මම මෙහි රාජ්‍ය ගැන පුරාවිද්‍යා සාධක සහිතව සොයා ගත්තා.ඒ සියලු තොරුතුරු මම ලිව්ව “හඳගිරිය හෙවත් සඳගනානුවර “කෘතියේ සඳහන් වෙනවා.

මෑත කාලීනව   කූරගල පුදබ්මේ වෙනත් පාර්ශවයක් රැඳිසිටිම නිසා නොයෙක් ප්‍රශ්න මතුවුණා.වත්මන් ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්ව අපෙත් උපදෙස් පරිදි පුදබිම රැකගන්න විවධ පියවර ගත්තා.මේවනවිට මේ ඓතිහාසික පුදබිම නව ජීවයක් ලබමින් තිබෙන බව පෙනෙනවා.මෙය බැතිමතුන්ට වන්දනා මාන කරගතහැකි තැනක්බවට පත්කිරිමට වතුරකුඹු⁣රේ ධම්මරතන ස්ථවිරයන් වහන්සේ කරන කැපවීම අපගේ බලවත් සතුටට හේතු වෙනවා.එ උදාර කාර්ය බොහෝම ඉහළින්ම අප අගයනවායැයිද එල්ලාවල මේධානන්ද නාහිමියෝ වැඩිදුරටත් පැවසුහ.

ධර්ම ශ්‍රී තිලකවර්ධන



21 Viewers