කොටි ත්‍රස්තයන් විසින් ඝාතනය කළ ගෝනගල සිංහල වැසියන් සිහිකර පිංකමක්..

එල්ටීටීඊ කොටි ත්‍රස්තවාදින් අම්පාර ගෝනගල, 31 වන කොළණියේ වැසියන් 54 දෙනකු අමානුෂිකව ඝාතනය කර 26 වසරක් සපිරීම නිමිත්තෙන් ඝාතනයට ලක් වූ 54 දෙනා සිහි කිරීම සඳහා ඉදි කළ ස්මාරකය අසලදි පහන් දල්වා සිහිකිරීමේ පිංකම පැවැත්විණි.
1999 සැප්තැම්බර් 18 දින අම්පාරේ සිංහල ගම්මානයක් වන ගෝනගල, 31 වන කොළණිට පැණ ගම්වාසීන් 54 දෙනකු කපා කොටා සමුල ඝාතනය කළේය.
ගෝනගල ශ්‍රී සුමංගලාරාමාධිපති රන් සෑගොඩ සිරිවිමල හිමියන්ගේ සහභාගිත්වයෙන් මියගිය අයට පිං අනුමෝදන් කිරිම සදහා ධර්ම දේශනයක් මෙහිදී පැවැත්වීම කටයුතු කළහ.
25 Viewers





