• Home »
  • Sinhala Articles »
  • කොටි ත‍්‍රස්තවාදීන්ට හිස නැමූ බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව

කොටි ත‍්‍රස්තවාදීන්ට හිස නැමූ බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව

(Courtesy of Diwaina)

මෙරට විදේශ කටයුතු ඇමැතිවරයෙක් කොටි අරමුදල ගැන සෙවීමට ඉන්ටර්පෝල් පොලිසියේ සහය පතා නැත. මේ අතර බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ ඉදිරිපස කොටි ත‍්‍රස්තයන්ව සැමරීමේ විදුලිමය කි‍්‍රයාදාමය ඉතා සූක්‍ෂමව දියත් කර තිබුණි. ලන්ඩන් නුවර ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට පවා කල්තියා ඒ ගැන වාර්තා වී නැත. මෙලෙස කොටි ඝාතකයන්ව සැමරීම සඳහා බි‍්‍රතාන්‍ය රජය ඉඩදී ඇතත් බි‍්‍රතාන්‍ය සෙබළුන් විසින් ඉරාකයේදී ඝාතනය කළ ඉරාක සිවිල් වැසියන් සැමරීමට එම රජය බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව භාවිත කිරීමට ඉඩදේද? එවන් තත්ත්වයක් මැද විදේශ කටයුතු බලධාරීන් කොළඹ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කැඳවා ශ‍්‍රී ලංකා රජයේ විරෝධය දැනුම් නුදුන්නේ මන්ද?

පසුගිය නොවැම්බර් 27 දා රාත‍්‍රියේ බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල නියොන් ආලෝකධාරාවලින් වර්ණවත් වී තිබුණි. ඒ මියගිය කොරෝනා රෝගීන් සැමරීමට නොවේ. බි‍්‍රතාන්‍ය ඉතිහාසයේ මුල්වරට ත‍්‍රස්තවාදී කණ්ඩායමක් සැමරීම සඳහා පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල මෙලෙස ආලෝකමත්වෙද්දී බි‍්‍රතාන්‍ය පොලිසියට එය වැලැක්වීමට නොහැකි විය. මේ ත‍්‍රස්ත කණ්ඩායම කොටි ඝාතන කණ්ඩායමයි. කොටි සංවිධානයේ නිල පුෂ්පය නියඟලා මල මෙහිදී ප‍්‍රදර්ශනය වූ අතර ඊට යටින් මෙලෙස සඳහන් වී තිබුණි.

‘‘ශ‍්‍රී ලංකා රජය සමූල ඝාතනය කළ අපේ විරුවන් සමරන්නෙමු ඔවුන් සටන් වැදුනේ නිදහස උදෙසායි’’

බි‍්‍රතාන්‍ය කොටි ඩයස්පෝරාව කොතරම් බලවත් දැයි මේ සිද්ධියෙන් තහවුරු විය.

එහෙත් බි‍්‍රතාන්‍ය රජය ඒ ගැන කිසිදු ප‍්‍රකාශයක් කළේ නැත. බි‍්‍රතාන්‍ය 1980 සිට කොටි මිනීමරුවන්ට උදව් කළේය. 1980 දී ලන්ඩන් නුවරදී කොටි මහලේකම් කාර්යාලය ආරම්භ විය. මේ පසුබිම මැද බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල ලන්ඩන් නුවර කොටින්ට ආලෝකමත් කිරීමට ඉඩ ලැබුනේ බොරිස් ජොන්සන් රජයේ දෙබිඩි පිළිවෙත නිසාය.

මේ අන්දමට ශ‍්‍රී ලංකාවේ පිරිසක් අයි ආර් ඒ ‍්‍රස්තවාදීන්ව සැමරීමට කි‍්‍රයාකළහොත් බි‍්‍රතාන්‍ය අනිවාර්යයෙන්ම ඊට එරෙහිවනු නියතය. මේ අන්දමට බි‍්‍රතාන්‍ය තුළ කොටි ක‍්‍රියාකාරකම් ආරම්භ වූයේ අද ඊයේ නොවේ. කොටි ත‍්‍රස්තවාදීන් රැසකට දේශපාලන රැකවරණ දීමට කටයුතු කළ බි‍්‍රතාන්‍ය රජය ශ‍්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා රැගත් ජිනීවා යෝජනාව ගෙනඒමට කි‍්‍රයාකළේය.

එහෙත් බි‍්‍රතාන්‍ය හමුදාව විසින් ඝාතනය කළ අයි ආර් ඒ ත‍්‍රස්තයන්ව සැමරීම සඳහා බි‍්‍රතාන්‍ය රජය පාර්ලිමේන්තුව ආලෝකමත් කිරීමට ඉඩ දේද? ලන්ඩන් පාලමේ අයිසිස් ත‍්‍රස්තයන් සිදුකළ මිනීමැරීම් වලට වගකිවයුතු ත‍්‍රස්තයන් සැමරීමට බි‍්‍රතාන්‍ය රජය ඉඩදෙන්නේ නැත.

එසේ වූවත් කොටි සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් කළු කොටි ත‍්‍රස්තවාදීන් සහ හිටපු ඉන්දීය අගමැති රජීව් ගාන්ධි සහ හිටපු ජනපති ආර්. පේ‍්‍රමදාස ඇතුළු සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් දේශපාලකයන් විශාල පිරිසක් ඝාතන කළ කොටි ත‍්‍රස්තයන් සැමරීමට බි‍්‍රතාන්‍ය රජය ඉඩදීම යනු ත‍්‍රස්තවාදීන්ට උදව් කිරීමකි.

මේ ගැන මෙරට බි‍්‍රතාන්‍ය මහකොමසාරිස්වරිය වූ හල්ටන් කිසිදු ප‍්‍රකාශයක් කර නැත. බි‍්‍රතාන්‍ය රජය බිහිසුණු කොටි ත‍්‍රස්තයන් සැමරීමට කි‍්‍රයාකරද්දී ද්‍රවිඩ සන්ධාන මන්ත‍්‍රීවරුන්ද කොටි මිනීමරුවන් සමරනු ලැබීය. යහපාලන රජය සමයේ ප‍්‍රබල දේශපාලන බලවතකු ලෙස කි‍්‍රයාකළ එම් කේ සුමන්දිරන් මෙවර ප‍්‍රභාකරන්ගේ සමීපතම සගයකු වූ පණ්ඩිතරන්ගේ නිවසට ගොස් බුහුමන් දක්වනු ලැබීය.

මේ ගැන මහජන ආරක්‍ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර විරෝධය පෑ විට සුමන්තිරන් දොස් නැගුවේ ජාතිවාදියකු යයි පවසමිනි. එහෙත් පන්ඩිතරන් නමැති කොටි අපරාධකරු සැමරීමට කි‍්‍රයා කිරීමෙන් සුමන්තිරන් බෙදුම්වාදියකු බවට තහවුරු විය.

එසේම උතුරේ කොටි හිතවාදී පුවත්පතක් වූ වාලම්පූර්, කලයිකතිර්, තිනකුරල් ඇතුළු ද්‍රවිඩ පුවත්පත් කොටි සමරුවට මුල්තැන දෙමින් සිය බෙදුම්වාදී පිළිවෙත ප‍්‍රදර්ශනය කළේ රජයට අභියෝගයක් ලෙසිනි.

මේ හැර සී. විග්නේස්වරන් නැමැත්තා ප‍්‍රකාශයක් කරමින් උතුරේ තරුණයන් අවි අතට ගත්තේ ආත්මාරක්‍ෂාව සඳහා යයි පවසා තිබුණි. විග්නේෂ්වරන්, ගජේන්ද්‍රකුමාර්, කජෙන්ද්‍රන්, ශ‍්‍රීදරන් යන දේශපාලකයන් අද පාර්ලිමේන්තුව තුළ කි‍්‍රයාකරන්නේ උතුරේ ජනතා ප‍්‍රශ්න ගැන නොව කොටි සංවිධානය වෙනුවෙනි. එසේම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුමන්ත‍්‍රීවරු දැනගතයුතු කරුණක් නම් කිලිනොච්චි මන්ත‍්‍රී එස්. ශ‍්‍රීධරන් කවුද යන්නයි. ඔවුහු විවාහ වී සිටින්නේ බිහිසුණු අපරාධ රැසක් සිදුකළ යාපනයේ හිටපු කොටි හමුදා නායක තීපන්ගේ සොහොයුරිය සමගයි. මේ අතර සර්ව පාක්‍ෂික ද්‍රවිඩයන් සඳහා වූ පාර්ලිමේන්තු කමිටුව නමින් කොටි හිතවාදී මන්තී‍්‍රවරු 15 ක් සම්බන්ධ සංවිධානයක් ලන්ඩන් නුවර කි‍්‍රයාත්මක වේ. මේ මන්ත‍්‍රීවරුන්ගේ ඡුන්ද ව්‍යාපාරයට අරමුදල් සපයන්නේ කොටි ඩයස්පෝරාවයි. එසේම යුද අපරාධවලට සම්බන්ධ වූවන්ට බි‍්‍රතාන්‍ය රජය දේශපාලන රැකවරණ ලබාදී ඇත.

මේ එම පිරිසයි.

1. ද්‍රවිඩ තරුණියන්ගේ කරේ සයිනයිඞ් කරල් එල්ලූ ඇඩෙලා බාලසිංහම්

2. කොටින්ට අරමුදල් එකතු කළ අර්ජුන් එදිරිවීරසිංහ

3. ඊලාම් පොලිසිවල සේවය කළ 150 ක්

4. කොටි හමුදා නායකයන් ඇතුළු බිහිසුණු කොටි 200 ක්

5. හිටපු කොටි හිතවාදී මන්ත‍්‍රී චන්ද්‍රපේරු

මේ පසුබිම මැද බි‍්‍රතාන්‍ය රජය එරට පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල කොටි සමරුව උදෙසා ආලෝකමත් කිරීමට ඉඩදීම ද්‍රෝහිකමක් නොවේද? එසේම බි‍්‍රතාන්‍ය රජය සැමරීමට ඉඩදුන්නේ සිවිල් වැසියන් නොවේ. මෙයට කලකට පෙර කුර්දි ධජය ප‍්‍රදර්ශනය කිරීමේ චෝදනාව මත බි‍්‍රතාන්‍ය පොලිසිය කුර්දි විරෝධතාකරුවන් පිරිසක් අත්අඩංගුවට ගනු ලැබීය. මේ හැර ලන්ඩන් පාර්ලිමේන්තුවේ කොටි ජාතික ධජ ප‍්‍රදර්ශනය කිරීම ද්විපාක්ෂික සබඳතාවලට එරෙහිවීමක් නොවේද? මෑතකදී බි‍්‍රතාන්‍ය අභියාචනා කොමිසම කොටි තහනම ඉවත්කළ යුතු යැයි තීන්දු කරනු ලැබීම.

මේ තත්ත්වය මත බි‍්‍රතාන්‍ය රජය අයිසිස් ජිහාද් හමාස් සහ පාකිස්තාන් ත‍්‍රස්ත සංවිධානවලට මෙන්ම තාලිබාන් ත‍්‍රස්තයන්ටත් සිය ධජවලින් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව ආලෝක කිරීමට අවසර දෙනු ඇතැයි සිතිය හැකිද?

පසුගිය වසරේදී කොටි හිතවාදී සංවිධාන ලන්ඩන් පාර්ලිමේන්තුව තුළ ශ‍්‍රී ලංකාවට එරෙහිව සම්මන්ත‍්‍රණ කීපයක් පවත්වනු ලැබීය.

මේ පසුබිම මැද ලන්ඩන් නුවර ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට කොටි එරට පාර්ලිමේන්තුව ආලෝකමත් කිරීමට කි‍්‍රයාකරන බව වාර්තා නොවූයේද? ඒ අනුව එරට ස්වදේශ අමාත්‍යාංශය වෙත විරෝධතාවයක් ඉදිරිපත් කිරීමට ඉඩකඩ තිබුණි. එහෙත් ලන්ඩන් නුවර ශ‍්‍රී ලංකා මහ කොමාසාරිස් කාර්යාලයෙන් විරෝධතාවයක් එල්ල වූ බවට මෙතෙක් වාර්තා වී නැත. මේ අතර හිටපු ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි මැතිනිය ඝාතනය කළ සීක් ආරක්‍ෂක භටයන් දෙදෙනා සහ අම්රිත්සාර්හි රන්දෙවොල අරක්ගත් කාලිස්තාන් ත‍්‍රස්තයන් සැමරීමට ඉන්දීය රජය ඉඩ දී නැත. පසුගියදා කැනඩාවේ සිටින සීක් ජාතිකයන් සමරා ස්වීමක් පැවැත්වීමට සැලසුම් කරන අවස්ථාවේ ඉන්දීය රජය ඊට එරෙහි විය. එහෙත් ද්‍රවිඩ සන්ධාන මන්ත‍්‍රී සුමන්තිරන් නැමැත්තා හාවීර්නාල් හෙවත් මියගිය කොටි මිනීමරුවන් සැමරීමට ඉඩනොදීම ද්‍රවිඩ ජනතාවට සිදුකළ වෙනස්කමක් බව කියා සිටී.

එසේ නම් ඇමරිකානු රජය ඒබ‍්‍රහම් ලින්කන් ඝාතකයා සහ ජෝන් එස් කෙනඩි ඝාතකයා සැමරීමට ඉඩ නොදීමත් වෙනස්කමක් වේ. මේ අතර ජර්මනිය, ප‍්‍රංශය යන රටවලද පසුගිය කාලය තුළ අයිසිස් ත‍්‍රස්ත ප‍්‍රහාර එල්ල විය. එහෙත් ජර්මන් හා ප‍්‍රංශ රජය මියගිය කොටි මිනීමරුවන් සැමරීමට ඉඩ දී ඇත. මේ වසරේදී ස්විස්ටර්ලන්තයේ සුරිච් නුවරදී මහා පරිමාණයෙන් කොටි සැමරුව පවත්වනු ලැබීය.

මෙහිදී කළුකොටි බෝම්බකරුවන්ගේ ඡුායාරූපද ප‍්‍රදර්ශනය විය. එහෙත් ස්විස් රජය කොටි සංවිධානය තහනම් කර නැති නිසා ස්විස් කොටි ඩයස්පෝරාවට ඊට ඉඩ ලැබී තිබුණි. මේ අතර බි‍්‍රතාන්‍යයේ නේස්බි සාමිවරයා ලන්ඩන් පාර්ලිමේන්තුව කොටි ත‍්‍රස්තයන් විසින් ආලෝකමත් කිරීම හෙලාදුටුවේය.

ඔහු පැවසුවේ ද්‍රවිඩ ඡුන්ද උදෙසා බි‍්‍රතාන්‍ය දේශපාලකයන් කොටි ඩයස්පෝරාවේ සෑම කි‍්‍රයාදාමයකටම ඉඩදී ඇති බවයි. මේ අතර ලන්ඩන් පොලිසියට ලත් පැමිණිල්ලක් නිසා වෙම්බ්ලි ප‍්‍රදේශයේ තිබූ ඊළාම් ධජ සහ ප‍්‍රභාකරන්ගේ ඡුායාරූප ඉවත් කිරීමට පොලිසිය කි‍්‍රයාකර ඇත. එසේ වූවත් ලන්ඩන් පාර්ලිමේන්තුවේ ඉදිරිපස කොටි නිල පුෂ්පයෙන් ආලෝකමත් කිරීමට මුළු බි‍්‍රතාන්‍ය ජනතාවට සිදුකළ මහත් අවමානයකි. මෙවන් පසුබිමක් මැද ප‍්‍රභාකරන්ගේ සමීපතම සගයා වූ පන්ඩතිර්ගේ නිවසට ගොස් සුමන්තිරන් බුහුමන් දක්වන අවස්ථාවේ ආරක්‍ෂාව සපයනු ලැබුවේ ශ‍්‍රී ලංකා හමුදාවයි. සුමන්තිරන් වැන්නකු ආරක්‍ෂක හමුදාවේ රැුකවරණය මහ කොටි ත‍්‍රස්තයාගේ නිවසට යෑම ලැජ්ජාසහගත කි‍්‍රයාවක් නොවේද?

වරක් ජීනිවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණි සුමන්තිරන් අවන්හලේ වාඩිවී සිටියේ කොටි හිතවාදීන් සමඟය. එම අවස්ථාවට ගෝලීය ද්‍රවිඩ සංසදයේ නායක එමානුවෙල් පියනම සමඟය. මේ අන්දමේ තොරතුරු හෙලිවන අවස්ථාවේ බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරියේ ශ‍්‍රී ලංකාව සමූල ඝාතනයක් සිදුකළ බවට නියොන් අකුරු වලින් ප‍්‍රදර්ශනය කිරීම යනු ශ‍්‍රී ලංකාවේ ජනතාවට එල්ල වූ අවමානයකි. මේ ගැන මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස්වරිය ගෙන්වා ප‍්‍රශ්න කර නැත්තේ මන්ද?

මෙවන් පසුබිමක් මැද නව මහජන ආරක්‍ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර ඉන්ටර්පෝල් ආයතනයේ සහයෙන් ත‍්‍රස්ත කි‍්‍රයා සඳහා අරමුදල් එකතු කරන කොටි ඩයස්පෝරා කි‍්‍රයාකාරීන්ට එරෙහිව මෙහෙයුමක් ආරම්භ කර ඇත. මෙතෙක් කිසිදු මෙරට විදේශ කටයුතු ඇමැතිවරයෙක් කොටි අරමුදල ගැන සෙවීමට ඉන්ටර්පෝල් පොලිසියේ සහය පතා නැත. මේ අතර බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ ඉදිරිපස කොටි ත‍්‍රස්තයන්ව සැමරීමේ විදුලිමය කි‍්‍රයාදාමය ඉතා සූක්‍ෂමව දියත් කර තිබුණි. ලන්ඩන් නුවර ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට පවා කල්තියා ඒ ගැන වාර්තා වී නැත. මෙලෙස කොටි ඝාතකයන්ව සැමරීම සඳහා බි‍්‍රතාන්‍ය රජය ඉඩදී ඇතත් බි‍්‍රතාන්‍ය සෙබළුන් විසින් ඉරාකයේදී ඝාතනය කළ ඉරාක සිවිල් වැසියන් සැමරීමට එම රජය බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව භාවිත කිරීමට ඉඩදේද? එවන් තත්ත්වයක් මැද විදේශ කටයුතු බලධාරීන් කොළඹ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කැඳවා ශ‍්‍රී ලංකා රජයේ විරෝධය දැනුම් නුදුන්නේ මන්ද?

මෙලෙස කොටි ඩයස්පෝරාව බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව පවා ප‍්‍රාණඇපයට ගෙන ඇත්තේ මැතිවරණවලදී කොන්සර්වටිව් සහ ලේබර් පක්‍ෂ අපේක්‍ෂකයන්ට කොටි සහය ලැබෙන නිසාය. එවන් තත්ත්වයක් මත මෑතකදී බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව අමතමින් අහමද් සාමි වරයා පවසා ඇත්තේ 2021 මාර්තු මස ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ‍්‍රී ලංකාවට එරෙහි 30/1 ජිනීවා යෝජනාව ඉදිරියට ගෙනයන බවයි. මේ අතර ඇමරිකාව සහ ජර්මනිය තුළද කොටි ත‍්‍රස්තයන් සැමරීම සිදුවී ඇත.

මෙලෙස කොටි ඩයස්පෝරාව බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව සිය ග‍්‍රහණයට ගනිද්දී වත්මන් රජය යටතේද පුදුමාකාර සිද්ධියක් අනාවරණය විය. ඒ කොටි සංවිධානය සමඟ දැඩි සබඳකම් පැවැත්වූ රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානියෙක් මානව හිමිකම් කොමිසමට යෝජනා වීමයි. මේ රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානියාගේ සංවිධානයේ උප සභාපති ලෙස කටයුතු කළේ රේවතන් නැමැති කොටි ත‍්‍රස්තයායි. ප‍්‍රභාකරන් විසින් රේවතන්ව කොළඹට එවා තිබුණේ ආරක්‍ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්‍ෂ ඝාතනය සඳහායි. මේ අතීතය ජනපති හා අගමැතිගේ අවධානයට යොමුවී නැත.



28 Viewers