• Home »
  • Sinhala Articles »
  • කොටි බිහිකළ ද්‍රවිඩ සංධානය ශ‍්‍රී ලංකාව දෙකඩ කිරීමට ඡන්දය ඉල්ලයි

කොටි බිහිකළ ද්‍රවිඩ සංධානය ශ‍්‍රී ලංකාව දෙකඩ කිරීමට ඡන්දය ඉල්ලයි

කොටි රූකඩය ලෙස ක‍්‍රියා කළ ද්‍රවිඩ සංධානය සිය මැතිවරණ ප‍්‍රකාශනය පසුගිය සඳුදා එළිදක්වනු ලැබීය. මේ මැතිවරණ ප‍්‍රකාශනය රට දෙකඩ කිරීමේ ක‍්‍රියා මාර්ගයක් බව එහි සඳහන් කරුණු 12 න් සනාථ විය.

ශ‍්‍රී ලංකාවේ ඒකීය භාවය සහ ස්වෛරීභාවයටද අභියෝගයක් එල්ල කරමින් ප‍්‍රකාශයට පත් වූ ද්‍රවිඩ සංධාන මැතිවරණ ප‍්‍රකාශනයේ මෙලෙස දක්වා තිබුණි.

1. උතුර නැගෙනහිර ඒකාබද්ධ කරනු
2. උතුර නැගෙනහිරට ස්වයංපාලනය ලබාදෙනු
3. එල්ල වී ඇති යුද අපරාධ චෝදනා විමර්ශනයට ජාත්‍යන්තර හයිබි‍්‍රඞ් අධිකරණයක් ස්ථාපිත කරනු
4. ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් පෙඩරල් පාලනයක් ලබා දෙනු
5. අතුරුදන් වූවන් වෙනුවෙන් යුක්තිය ඉටු කරනු
6. ද්‍රවිඩ සංධානය විදේශගත ද්‍රවිඩ ඩයස්පෝරාව සම`ග එක්ව ක‍්‍රියා කරනු ඇත.
7. හමුදා කරණයට එරෙහිව ක‍්‍රියා කරනු ලැබේ.
8. බලය බෙදාහැරීමට පියවර ගත යුතුය.
9. උතුර නැගෙනහිර ද්‍රවිඩ නිජබිම ලෙස සැලකේ
10. ස්වෛරීභාවය රඳා පවතින්නේ රජය මත නොව ජනතාව සතුවය.
11. මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන විමර්ශනය කරනු
12. 34/1 30/1 සහ 40/1 යන ජිනීවා යෝජනාව මුළුමනින්ම ක‍්‍රියාත්මක කරනු.

යාපනයේ තමිල් අරසුකච්චි මූලස්ථානයේදී එහි නායක මාවයි සේනාධිරාජා, නමැත්තාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මැතිවරණ ප‍්‍රකාශනය එළිදැක්වීමේ අවස්ථාවට එස්. ශ‍්‍රීධරන් ඇතුළු පක්‍ෂයේ හිටපු මන්තී‍්‍රවරු සහභාගි වූහ.

ද්‍රවිඩ සංධානයේ මේ මැතිවරණ ප‍්‍රකාශනය මුළුමනින්ම බෙදුම්වාදී සහ රට කැබැලි දෙකකට කැඞීමේ භයානක මෙහෙයුමකි. මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය කොටි සංවිධානයේ අන්තර්වාර පාලන කෙටුම්පතට සමාන අතර උතුරේදී එය ප‍්‍රකාශයට පත්වීමට පෙර කොළඹ බටහිර තානාපති කාර්යාලවලට ලැබී තිබුණි.

මේ මැතිවරණ ප‍්‍රකාශනයේත් ශ‍්‍රී ලංකාවේ හමුදාවටද භයානක තර්ජනයක් එල්ල කර ඇත. ඒ වන්නි මෙහෙයුම දියත් කළ හමුදා ප‍්‍රධානීන්ට හයිබි‍්‍රඞ් හෙවත් ජාත්‍යන්තර විනිසුරුවරුන්, නඩු අධ්‍යක්‍ෂවරුන් ලවා දඬුවම් කිරීමට සැලසුම් කිරීමයි. එසේම ජිනීවා යෝජනාවට සහාය දැක්වීමෙන් රජය ඉවත්ව ඇති විටෙක එම යෝජනාව මුළුමනින්ම ක‍්‍රියාත්මක කළ යුතු බවද රජයට හා ජාත්‍යන්තර ප‍්‍රජාවට ඉන් කියා සිටී.

මේ හැර ජිනීවා යෝජනාවෙන් ඉල්ලා ඇති ත‍්‍රස්ත මර්දන පනත අහෝසි කිරීම සහ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ලබාගැනීම යන කරුණු ද ද්‍රවිඩ සංධාන මැතිවරණ ප‍්‍රකාශනයේ දැක්වේ.

මිරුසුවිල් ඝාතනය සම්බන්ධයෙන් ජනාධිපති සමාව ලත් හිටපු හමුදා නිලධාරියකු වූ සුනිල් රත්නායකට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ විසින් සමාව ලබාදීම ගැනද ද්‍රවිඩ සංධානය අභියෝගයකට ලක්කර තිබේ.

එහෙත් බිහිසුණු යුද අපරාධ සිදු කළ කොටි ත‍්‍රස්තයන් 15550 කට සමාව දීම ගැන ද්‍රවිඩ සංධානය කිසිදු සඳහනක් කර නැත.

මෙම මැතිවරණ ප‍්‍රකාශනයෙන් ද්‍රවිඩ සංධාන නායකයන් ශ‍්‍රී ලංකා රජයට හා ජාත්‍යන්තර ප‍්‍රජාව වෙත දක්වා ඇත්තේ ශ‍්‍රී ලංකාවේ මුහුදු කලාපයෙන් 2/3 ක බලය තමන්ට අවශ්‍ය බවයි.

මහ මැතිවරණයට දින 17 ක් තිබියදී බෙදුම්වාදී ද්‍රවිඩ සංධානය ප‍්‍රකාශයට පත් කළ මෙම රට දෙකඩ කිරීමේ මැතිවරණ ප‍්‍රකාශනය ඉන්දීය බලධාරීන්ටද කල් තියා ලැබී ඇත.

මේ අයුරින් ද්‍රවිඩ සංධානය උතුර නැගෙනහිරට ඉල්ලන බලය බෙදාහැරීම ලබාදීමට ක‍්‍රියා කළහොත් සිදුවන්නේ ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය පුල්මුඬේ, ඉල්මනයිට් – මන්නාරමේ ටයිටේනියම්, පලාලි හමුදා කඳවුර, ත‍්‍රිකුණාමල නාවික තටාගය, මුලතිව් හමුදා කඳවුර ඇතුළු වැදගත් කේන්ද්‍රස්ථාන ශ‍්‍රී ලංකාවට අහිමි වීමයි.

එසේම විදේශගත ඩයස් පොරාව සම`ග එක්ව ක‍්‍රියා කිරීම යනු කොටි ඩයස්පෝරාව සම`ග එක්ව ක‍්‍රියා කිරීමකි. ප‍්‍රංශ කොටි ඩයස්පෝරාව සතුව විශාල මුදල් සම්භාරයක් ඇති බව හෙළි වී තිබේ. එසේම නිදහස් වූ හිටපු කොටි 15550 ක් අවස්ථාව එනතුරු බලාසිටී. මේ ත‍්‍රස්තයන් අවි ආයුධ පුහුණුව ලැබූවන්ය.

මෙම ද්‍රවිඩ සංධාන මැතිවරණ ප‍්‍රකාශයේ තවදුරටත් දක්වා ඇත්තේ ද්‍රවිඩ ජනතාවගේ ආරක්‍ෂාව උදෙසා නීතිය හා සාමය රැකීමේ කටයුතු (පොලිස් බලතල) සහ ඉඩම් බලතල, සෞඛ්‍ය, අධ්‍යාපන, කෘෂිකර්ම, ධීවර, කර්මාන්ත, පශු සම්පත් සංස්කෘතික කටයුතු වෙනත් සම්පත් සහ මූල්‍ය බලතලද ලබාදිය යුතු බවයි.

ශ‍්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සිවිල් සහ දේශපාලන බලතලවලට අදාළ ප‍්‍රඥප්තිවලට එක`ග වී ඇති නිසා ද්‍රවිඩ ජනතාවට සවයංපාලන හිමිකමට අයිතියක් ඇති බවද කියා සිටින ද්‍රවිඩ සංධානය හිටපු කොටි කි‍්‍රයාකාරීන් පිළිබඳව රජය විමර්ශනයේ යෙදී සිටින බවද දක්වා ඇත.

තමිල් අරසු කච්චි, ටෙලෝ සහ ප්ලොට් යන සංවිධානවල එකතුවෙන් සැදුම් ලත් ද්‍රවිඩ සංධාන මැතිවරණ ප‍්‍රකාශනයේ ඒකීය යන වචනය අහෝසි කර තිබේ.

එසේම උතුර නැගෙනහිර සිංහල කරණය කිරීමට රජය ක‍්‍රියාකරන බවටද චෝදනා කරන ද්‍රවිඩ සංධානය ඒ සඳහා මහවැලි, වනසම්පත්, වනජීවී සහ පුරාවිද්‍යා නීතිරීති භාවිතා කරන බවද තවදුරටත් සඳහන් කර ඇත.

ආර්. සම්බන්දන්, මාවයි සේනාධිරාජා සෙල්වම් අඬේයිකලානන්දන් සහ ධර්මලිංගම් සිද්ධාර්ථන්ගෙන් සැදුම්ලත් ද්‍රවිඩ සංධානය සිය මැතිවරණ ප‍්‍රකාශනයේ කොටි සංවිධානය සිදු කළ යුද අපරාධ ගැන හයිබි‍්‍රඞ් අධිකරණයක් මගින් විමර්ශනයක් පවත්වා දඬුවම් කළ යුතු යැයි ප‍්‍රකාශ කර නැත.

මේ තත්ත්වය මත ද්‍රවිඩ සංධාන මැතිවරණ ප‍්‍රකාශනය වේලූපිල්ලේ ප‍්‍රභාකරන් මැලේසියානු මහාචාර්ය රාමසාමි නමැති කොටි හිතවාදියා ලවා කෙටුම්පත් කළ අන්තර්වාර පාලන කෙටුම්පතේ කාබන් කොපියක් බව තහවුරු වේ. මේ අතර උතුරු නැගෙනහිර ආයෝජන ක‍්‍රියා මාර්ග සඳහා ඩයස් පෝරාව සම`ග කටයුතු කරන බව ද්‍රවිඩ සංධානය ප‍්‍රකාශ කර ඇති අතර ඉන් සනාථ වන්නේ උතුර නැගෙනහිර කර්මාන්ත හෝටල් ඇතුළු සියලූ ක්‍ෂේත‍්‍ර ඩයස්පෝරාවට ලබාදීමකි.

මෙලෙස සංහිඳියාව සහ ද්‍රවිඩ ජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් ස්වයංපාලනය ඉල්ලන බව පවසන ද්‍රවිඩ සංධානයේ යටි අරමු කුමක්දැයි පැහැදිලි වේ.

ඒ ශ‍්‍රී ලංකාවේ පොලිසියේ සහ ආරක්‍ෂක හමුදාවේ බලය අහෝසි කරලීමයි. ඒ අනුව රජයේ රහස් පොලිසියට අපරාධකරුවන් අල්ලා ගැනීම සඳහා පලාලි ගුවන් තොටුපලින් එළියට යෑමටද නොහැකි වනු ඇත. මේ අතර ද්‍රවිඩ සංධානයට සම්බන්ධ ටෙලෝ නායක සෙල්වම් අඩෙයිකලා නන්දන් නමැත්තා මන්නාරමේ පැවැති ඡන්ද රැස්වීමක් අමතමින් ද්‍රවිඩ සංධානය විකුණා නැති බවත් එය අරගලය තේමාව යටතේ වන්නියේදී බිහිවූ බවත් ප‍්‍රකාශ කර ඇත.

අඩෙයිකලා නන්දන් නමැත්තා පැවසූවේ සැබෑවකි. මෙම ද්‍රවිඩ සංධානයේ නිර්මාතෘවරයා වෙනින් කවුරුත් නොව ප‍්‍රභාකරන්ය.

ටෙලෝ නායකයා තවදුරටත් මෙලෙස ප‍්‍රකාශ කර ඇත.

‘‘ශ‍්‍රී ලංකා රජය ද්‍රවිඩ සංධානය විනාශ කිරීමට උත්සාහ කරනවා. සන්නද්ධ අරගලය නිහඬ කිරීමටද උත්සාහ කරනවා. ද්‍රවිඩ සංධානය දෙකඩ කැඞීමටද ඔවුන් කටයුතු කරනවා. මහින්ද සහ ගෝඨාභය යටතේ ද්‍රවිඩ ජනතාව විනාශ වුණා. අපේ ද්‍රවිඩ ජනතාව විමුක්ති අරගලය වෙනුවෙන් දියත් කළ අරගලයට බොහෝ දෙනා දිවි පිදුවා. විමුක්තිය වෙනුවෙන් ඇති ලාංඡනය තමිල් අරසු කච්චි පක්‍ෂයේ ලාංඡනයයි. එයට හිමිකම් කීමට කිසිවකුටත් බැහැ.

මෙවන් පසුබිමක් මැද බි‍්‍රතාන්‍ය රජය මෑතකදී ප‍්‍රකාශයට පත්කළ මානව හිමිකම් උල්ලංඝනය කළවුන් සඳහා වූ මැග්නිට්ස්කි සම්බාධක පනත ශ‍්‍රී ලංකාවේ යුද අපරාධ චෝදනා එල්ල වූවන්ට බලපාන්නේද යන්න ගැන බි‍්‍රතාන්‍ය මන්ත‍්‍රීනි තෙරේසා විලර්ස් ප‍්‍රශ්නයක් න`ගමින් විමසා ඇත.

ඇගේ එම ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දැක් වු බි‍්‍රතාන්‍ය රජය පැවසුවේ ශ‍්‍රී ලංකාවට එරෙහි චෝදනා ගැන තවදුරටත් අධ්‍යයනය කරන බවයි.

බි‍්‍රතාන්‍යයේ මෙම සම්බාධක පනත රුසියානු සහ පොලිස් නිලධාරීන් 25 කටද මියන්මාරයේ හමුදා ජනරාල්වරු දෙදෙනකුටද එරෙහිව ක‍්‍රියාත්මක කර ඇත.

මෙම මැග්නිට්ස්කි සම්බාධක පනත යටතේ තහනමට ලක් වී ඇති යුද හමුදා නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් බි‍්‍රතාන්‍යය ඇතුළු යුරෝපා රටවලට පැමිණියහොත් අත්අඩංගුවට ගත හැක.

ලන්ඩන් නුවර ශ‍්‍රී ලාංකික නීතිවේදී ආරංචි මාර්ග පැවසුවේ කොටි ඩයස් පෝරාව විසින් වන්නි මෙහෙයුමට සම්බන්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ඇතුළු හමුදා ප‍්‍රධානීන් 59 කට එරෙහිව මැග්නිට්ස්කි සම්බාධක ක‍්‍රියාත්මක කිරීමට දැඩි බලපෑම් කරන බවයි.

එම බලපෑම් මත පසුගිය ජුලි 16 දා බි‍්‍රතාන්‍ය කන්සර්වටිව් පක්‍ෂයේ මන්ත‍්‍රීනී කෙරෙයා විලර්ස් එරට විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩල කාර්යාලය වෙත ශ‍්‍රී ලංකාවට සම්බන්ධ ප‍්‍රශ්නයක් යොමු කර තිබුණි. ඇය නැ`ගු ප‍්‍රශ්නය වූයේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැතිවරයා ශ‍්‍රී ලංකාවේ විදේශ ඇමැති සමග ශ‍්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේදී යුද අපරාධවලට සම්බන්ධ වූවන්ට

මැග්නිට්ස්කි සම්බාධක පැනවීම ගැන සාකච්ඡා කළේද යන්නයි.

ඇයට ප‍්‍රතිචාර දැක්වූ බි‍්‍රතාන්‍ය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති නිජල් ඇඩම්ස් මෙලෙස පවසා තිබේ.

‘‘මානව හිමිකම් උල්ලංඝනය වූවන් ගැන ක‍්‍රියා කිරීම සඳහා බි‍්‍රතාන්‍යය විසින් දියත් කළ බලගතු මෙවලම නම් මැග්නිට්ස්කි සම්බාධක පනතයි. අනාගතයේදී මේ සම්බාධක සඳහා නම් කෙරෙන අයවලූන් ගැන ප‍්‍රචාරය කිරීම සුදුසු නොවේ. අපි සියලූ සාක්‍ෂි නිරීක්‍ෂණයට ලක්කරන්නෙමු.

මේ අතර මෙවර මැතිවරණය නිරීක්‍ෂණ්‍ය කිරීම සඳහා ඉන්දීය පර්යේෂණ සහ විශ්ලේෂණ අංශය හෙවත් රෝ බුද්ධි සේවාවේ කණ්ඩායමක් ශ‍්‍රී ලංකාවට පැමිණ ඇතැයි ඉරිදා දිවයින විශේෂයෙන් අනාවරණය කරනු ලැබීය.

රෝ සංවිධානය හිටපු අගමැතිනි ඉන්දිරා ගාන්ධි යටතේ සිට මෙරට ආරක්‍ෂාවට සහ දේශපාලන කටයුතුවලට මැදිහත් විය.

වසර ගණනකට පෙර කොටි සංවිධානය ප‍්‍රහාර එල්ල කළ අනුරාධපුර ශ‍්‍රී මහා බෝධිය පිටකොටුවේ බෝගහ අසල බෝම්බ පිපිරීම සහ කොටුවේ විදුලි සංදේශ ගොඩනැ`ගිල්ලට බෝම්බ ප‍්‍රහාර එල්ල වීමේ සිදුවීම් වලටද රෝ සංවිධානය සම්බන්ධ බව පසුව හෙළි විය.

මේ හැර කොටි, ප්ලොට්, ටෙලෝ සහ ඊ. පී. ආර්. එල්. එෆ්. සංවිධානය පසුබිමේ රෝ සංවිධානය ක‍්‍රියාත්මක විය.

2018 වසරේ හිටපු ජනපති මෛත‍්‍රීපාල සිරිසේන තම ඇමැති මණ්ඩලයේ රෝ ක‍්‍රියාකාරින් සිව් දෙනෙක් සිටින බව පැවසුවත් ඒ කවුරුන්දැයි හෙළි කළේ නැත.

ඊට පෙර 2014 නොවැම්බර් මස දිනෙක එවකට ආරක්‍ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්‍ෂ ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක වූ රෝ නියෝජිතයකු ගැන ඉන්දීය ආරක්‍ෂක උපදේශක අජිත් ඩෙවොල්ට පැමිණිලි කළ බව ඉන්දීය මාධ්‍ය හෙළි කර තිබුණි.

2005 වසරේදී ජනාධිපති ලෙස මහින්ද රාජපක්‍ෂ පත්වීමෙන් පසු ඔහු සත්වතාවක්ම චීනයේ සංචාරයේ යෙදීම ගැන රෝ නියෝජිතයාගේ විමර්ශනයට ලක් වී තිබුණි.

රෝ නියෝජිතයා දේශපාලකයන් දෙදෙනකු සම`ග රහස් සාකච්ඡා පවත්වා ඇතැයි බුද්ධි අංශවලට වාර්තා වී තිබිණි.

හිටපු ආරක්‍ෂක ලේකම්ගේ පැමිණිල්ල මත ඉන්දීය බලධාරීන් එම රෝ නියෝජිතයා ආපසු කැඳවාගෙන තිබේ.

මෙලෙස ඉන්දීය රෝ සංවිධානයේ කටයුතු නිරීක්‍ෂණය කළහොත් යාපනයේ සහ හම්බන්තොට ඉන්දීය කොන්සල් කාර්යාල දෙකක් ස්ථාපිත වී ඇත.

හම්බන්තොට ඉන්දීය කොන්සල් කාර්යාලය ආරම්භ වූයේ කුමකටද යන්න තහවුරු වන්නේ හම්බන්තොට වරාය චීනය විසින් පාලනය කිරීම නිසාය.

එසේම දේශපාලනය, මාධ්‍ය, රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන් ඇතුළු ආරක්‍ෂක අංශ හිටපු නිලධාරීන්ද රෝ ඒජන්තවරුන් ලෙස ක‍්‍රියා කරන බව හෙළි වී ඇත.

2005 ජනපති මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ ඉන්ධන ලබා ගැනීම සඳහා කොළඹ වරායට චීන නැවක් සහ සබ්මැරීන් යාත‍්‍රාවක් පැමිණි බවට ප‍්‍රචාරය විය. ඊට මුල්වූයේ අත්තෙන් අත්තට පනින දේශපාලන විචාරකයෙකි.

මෙම පසුබිම මැද 2002 ඊනියා සටන් විරාම ගිවිසුමේ ප‍්‍රධානතම ක‍්‍රියාකාරිකයකු වූ මිලින්ද මොරගොඩ නමැත්තා ඩ්‍රෝන් තාක්‍ෂණය ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

කෘෂිකාර්මික කටයුතු, සෝදිසි කිරීම්, සහ නිරීක්‍ෂණයේ යෙදීම සඳහා ඇමෙරිකානු සමාගම්වල සහායෙන් ඩ්‍රෝන් තාක්‍ෂණය භාවිත කිරීම පාත්පයින්ඩර් ආයතනයේ අරමුණ වී තිබේ.

මෙහිදී නැෙ`ගන බරපතළ ප‍්‍රශ්නය ඇමෙරිකානු ඩ්‍රෝන් තාක්‍ෂණය මෙරටට කුමකටද යන්නයි. ඩ්‍රෝන් තාක්‍ෂණය භාවිත කළ යුත්තේ ශ‍්‍රී ලංකා රජය මිස පාත්පයින්ඩර් වැනි රාජ්‍ය නොවන සංවිධානයක් නොවේ.



42 Viewers