• Home »
  • Sinhala News »
  • චීනය, රුසියාව, කියුබාව, පාකිස්තානය සහ නේපාලය ජිනීවා මානව හිමිකම් කවුන්සිල ඡන්දයෙන් ජය ගනී.

චීනය, රුසියාව, කියුබාව, පාකිස්තානය සහ නේපාලය ජිනීවා මානව හිමිකම් කවුන්සිල ඡන්දයෙන් ජය ගනී.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සඳහා චීනය, රුසියාව, පාකිස්තානය, නේපාලය සහ කියුබාව යන රටවල් පත්වී ඇත. රාජ්‍ය නොවන සංවිධාන විසින් චීනය, රුසියාව, කියුබාව යන රටවල් මානව හිමිකම් කවුන්සිලයට පත් නොකරන ලෙස එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල්වලින් ඉල්ලා තිබිණි.

මානව හිමිකම් කවුන්සිලයේ අසුනකට තරග වැදුණු සවුදි අරාබියාව පරාජයට පත් විය. චීනයට ඡන්ද 139 ක් ද පාකිස්තානයට 169 ක්ද, නේපාලයට 156 ක් ද, උස්බෙකිස්තානයට 164 ක් ද ලැබී ඇතග

සාමාජිකයන් 47 කගෙන් යුත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉහත කී රටවල් පත් වූයේ රහස් ඡන්දයෙනි.

මෙම ඡන්ද විමසීමේදී මලාවි, ප‍්‍රංශය සහ බි‍්‍රතාන්‍ය, යුක්රේන් සහ මෙක්සිකෝ යන රටවල් ද ජය ලැබීය.



77 Viewers