ජනාධිපතිවරයා ප්‍රකාශ කරන 13ට එහා ගිය බලය බෙදීම යනු කුමක්ද? – ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා හෙළිදරව් කරයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කළ සිය කතාවේ දී ඔහු ප්‍රකාශ කළේ 13 එහා ගිය බලය බෙදීමේ යෝජනාවක් බව ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා පවසයි.
රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ 2017 සැප්තැම්බර් මස 21 වැනි දා බලය බෙදීම සම්බන්ධයෙන් මෙහෙයුම් කමිටුවක් පත් කළ බවද, එම කමිටුවේ ද්‍රවිධ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් හා නීතිඥ ජයම්පති වික්‍රමරත්න සිටි බව හා එම මෙහෙයුම් කමිටුව මගින් නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කර තිබූ බවත් මනෝහර ද සිල්වා මහතා පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2වැනි වගන්තිය වූ ඒකීය රාජ්‍යය යන්න වෙනස් කිරීමට එම කමිටුවන් යෝජනා වී තිබූ බවත්, ජනාධිපතිවරයා මෙවර ක්‍රියාත්මක කිරීමට සැරසෙන්නේ එම යෝජනාවලිය බවත් ඒ මහතා හෙළිකරයි.
ඒ මහතා මේ පිළිබඳව සඳහන් කර සිටියේ ඊයේ (10) ශ්‍රී ලාංකාව දෙකඩ කිරීමට එරෙහි සංධානය විසින් 13 වන සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීම පිළිබඳව මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කිරීම සඳහා සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී පැවැති මහජන විනිශ්චය සභාව අමතමිනි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…
11 Viewers