• Home »
  • Sinhala Articles »
  • ජර්මනියේ බුදුදහම ස්ථාපිත කල වීර අසෝකයන්ගේ 22 වැනි ගුණ සමරුව නිමිත්තෙනි.

ජර්මනියේ බුදුදහම ස්ථාපිත කල වීර අසෝකයන්ගේ 22 වැනි ගුණ සමරුව නිමිත්තෙනි.

ලංකාවේ සාර්ථක ව්‍යාපාරිකයෙකු වූ තරුණ අසෝක වීරරත්න මුල් වරට ජර්මනියට ගියේ 1951 දීය. ඒ එරට දෙවන ලෝක යුද්ධයෙන් අන්ත ලෙස පැරදී සය වසරකට පසුවය. ඒ වනවිට යුද්ධයෙන් තම රටට අත්වුනු විපත නිසා බොහෝ බුද්ධිමත් ජර්මනුන් තුල හිට්ලර් වැන්නන්ට බලයට ඒමට මග කැපූ ඇතැම් බටහිර දේශපාලන, ආගමික සහ සංස්කෘතික සම්ප්රදායන් කෙරේ තිබු විශ්වාසය කෙමෙන් හීන වෙමින් පැවතින.

 මේ තත්වය බුදුදහම ජර්මනියේ ස්ථාපිත කිරීමට කදිම තෝතැන්නක් වන බව අසෝක වීරරත්නට වැටහින. ඒ අත්දැකීම් වලින් පසු ඔහු සිය මූලිකත්වයෙන් 1952 සැප්තැම්බර් 21 වනදා ලංකා ධම්මදූත සංගමය පිහිටුවීය.

වසර 1953 දී දෙවන වරටත් ජර්මනියට ගිය වීරරත්නයෝ එරටට බෞද්ධ පිරිසක් යැවීමේ හැකියාව ගැන සොයා බැලීම සඳහා එහි පුළුල් සංචාරයක යෙදුනහ. හැම්බර්ග්, ස්ටුගාට්, කොලෝන්, බ්රේමන් සහ බර්ලින් ඇතුළු ජර්මන් නගර රැසකට ගිය ඔහු සියලු තරාතිරම් සහ වයස් වල ජර්මන් ජාතිකයන්  මුණගැසුනේය. බුදු දහම ගැන වීරරත්න මහතා ඔවුන්ට දුන් සුවිශේෂ පණිවුඩය ඔවුන්ගේ සිත් ඇද බැඳ ගැනීමට සමත්විය. 

එහි පළමු ලේකම් වරයා ලෙස වීරරත්න මහතා පත්වූ අතර සුප්රසිද්ධ ජර්මන් හිමි නමක් වූ ඥානාතිලෝක හිමියෝ එහි අනුශාසක බවට පත්වුහ.  ගාල්ලේ දොඩන්දූවේ පිහිටි පොල්ගස්දූව සේනාසනය  ඇරඹු ඒ හිමියෝ ජර්මන් බෞද්ධ ඉතිහාසයේ අද්වීතීය චරිතයයකි. බොදු  සංඝ  සමාජයට ඇතුලත් වූ පළමු ජර්මන් ජාතිකයාද (ගිහි නාමය ඇන්තන් ෆ්ලොර්ස්ගුයින්)( Anton Walther Florus Gueth), උන්වහන්සේය.  

දෙවැනි වරට 1953 දී දෙවන වරට (බටහිර) ජර්මනියට ගිය අසෝක වීරත්නයන්ට පැහැදිලි වුයේ එරට බෞද්ධයන් සඳහා විහාරයක් සහිත ස්ථිර බෞද්ධ මධ්යස්ථානයක අවශ්යතාවයයි. අසෝක වීරරත්න මහතාගේ ජීවිතය බැබලවූ ප්රධාන කරුණු තුනක් විය. ඒ (1) ජර්මන් ධර්මදුත සංගමය පිහිටුවීම (2) ජර්මනියේ බර්ලින් බෞද්ධ විහාරය පිහිටුවීම සහ (3) ශ්රී ලංකාවේ මීතිරිගල නිස්සරණ වන සේනාසනය පිහිටුවීමයි.

වසර 1953 World Buddhism සඟරාවේ අප්‍රේල් කලාපයේ පළවූ ලිපියක මෙවැන්නක් සඳහන් විය.

ජර්මනියේ හැම්බර්ග් නුවර ක්‍රියාකාරී ජර්මන් බෞද්ධයන් පිරිසක් විසින් ලංකාවෙන් පැමිණි අසෝක වීරරත්න මහතා වෙනුවෙන් පිළිගැනීමේ රැස්වීමක් සංවිධානය කරන ලදී.  රැස්වීමේ කටයුතු ඇරඹුණේ සෙවලෝ මෝර් මහතා විසින් පැමිණි සිටි පිරිසට පන්සිල් දීමෙනි.  ඉන්පසු මෝර් මහතා සතිපට්ටානය පිලිබඳ කෙටි දේශනයක් පැවැත්වීය. ජර්මන් බෞද්ධ පිරිසේ නායක වෛද්‍ය එච්.පාමී මහතා බුදු දහමේ මූලික සිද්ධාන්ත රැස්ව සිටි පිරිසට හඳුන්වාදුන්නේය. ඔවුන් විවිධ ප්‍රශ්න නැගූ අතර ඒවාට නියමිත පිළිතුරු ලබුනෙන් රැස්වීම සාර්ථක ලෙස අවසන් විය”.

දෙවන ලෝක යුද්ධයට පෙරාතුවද, එනම් 19 වන සියවසේ  අවසන් භාගයේ පමණ සිට, ජර්මන් පඬිවරුන්, උගතුන්. චින්තකයින් ඇතුළු ගිහි සුළු පිරිසක් අතර බුදුදහම ප්රචලිත වෙමින් පැවතින. මේ  පිලිබඳ ඔවුන් තුල මුලින්ම උනන්දුවක් ඇතිකලේ 19 වැනි සියවසේ විසු ජර්මන් දාර්ශනික ආත ෂොපෙන්හොවර්ය (Arthur Schopenhauer) (1788-1860). ඔහු බුදුන්වහන්සේගේ ඉගැන්වීම් ඉතා සරල බසින් යුරෝපයට ඉදිරිපත් කලේය.

ඉන්පසු කැපී පෙනුනු ජර්මන්  බෞද්ධයෙකු වුයේ  වෛද්ය පෝල් ඩාල්කේය (Dr. Paul Dahlke) (1865-1928). වසර 1900 දේ ලංකාවට පැමිණි ඔහු හික්කඩුවේ ශ්රී සුමංගල සහ සූරියගොඩ ශ්‍රී සුමංගල යන හිමිවරුන් ඇතුළු උගත් බෞද්ධ පඬිවරුන් යටතේ තව දුරටත් බුදු දහම හැදෑරීය

වසර 1957 ජුනි 15 වැනි දා පළමු ශ්රී ලාංකික ථෙරවාදී බෞද්ධ ධර්මදූත පිරිස මෙරටින් ජර්මනිය බලා පිටත් විය. වජිරාරාමවාසී සෝම, ඛේමින්ද සහ විනීත යන හිමිවරුන්ට අමතරව ඔවුන් ඉතා සමීපව ඇසුරු කල ඩබ්ලිව්. ජේ. ඔලිවර් සොයිසා නම් ගිහි පින්වතෙකුද එම දූත පිරිසට එක්  විය.    දූත පිරිස පිටත්වීමට කලින් ජර්මන්  ධර්මදූත සංගමයේ උප සභාපතිවරයෙකු වූ නෙල්සන් සොයිසා (පසුව ධර්මප්රිය මහින්ද) ජර්මනියට ගොස් සිටියහ..

1957 ජුනි 11 පොසොන් පොහෝ දින ධර්මදූත පිරිස මහ සඟරුවනේ ආශිර්වාදය මැද මිහින්තලයේ සිට ගමනේ පළමු අදියර ඇරඹුහ.  එහි දෙවැනි අදියර ජුනි 15 වැනිදා අංක 417 බුලස් පාරේ (වත්මන් බෞද්ධාලෝක මාවතේ) පිහිටි ජර්මන්  ධර්මදූත සංගමයේ මූලස්ථානයෙන් ඇරඹිණි. මෝටරිය  සියයකින් පමණ සමන්විත  පෙරහැරකින් දුත පිරිස කොළඹ වරායේ එලිසබෙත් රැජින පාලමට ලඟා වුහ.

එහිදී ඔවුනට සුබ පැතීම සඳහා වරාය බෞද්ධ සංගමය විසින් කලුකොඳයාවේ පඥාසේකර Nayake නාහිමියන්ගේ ප්රධානත්වයෙන් රැස්වීමක් සංවිධානය කරන ලදී.

එවකට අගමැතිව සිටි එස්. ඩබ්ලිව්.ආර් ඩී. බණ්ඩාරනායක මහතා විසින් සෝම හිමියන්ට ධාතු කරඬුවක් පිලිග්න්වනලද අතර හිටපු අගමැති ඩඩ්ලි සේනානායක මහතා බෞද්ධ ධජයක් දූත පිරිසට භාර දුනි. 

උත්සවය නැරඹීමට පැමිණ සිටි ජනාකායේ සාදු හඬ මැද නැව් නැගි ධර්ම දුත පිරිස එස්. එස්. ඔරන්ටෙස් (S.S. Orantes) නෞකාවෙන් ඉතාලියේ නේපල්ස් වරායට ළඟ වුහ.

නේපල්ස් සිට ස්විට්සර්ලන්තය හරහා දුම්රියෙන් ජර්මනියේ ෆ්රෑන්ක්ෆට් නගරයට පැමිණි දුත පිරිස පිළිගන්න ලද්දේ අසෝක වීරරත්න මහතා විසිනි.  ෆ්රෑන්ක්ෆට් සිට බර්ලින් නුවරට ගුවනින් ගිය ඔවුන් එහිදී එනුවර බෞද්ධ සාමාජිකයන් විසින් පිලිගන්නා ලදී.     

ජුලි දෙවැනිදා  වැනිදා ජර්මනියට පැමිණි  දුත පිරිස වෛද්ය පෝල් ඩාල්කේ විසින් 1924 දී පමණ තනවන ලද බර්ලින් බෞද්ධ මන්දිරයේ (Das Buddhistische Haus) නවාතැන් ගත්හ. ශ්රී ලංකික ධර්ම දුත පිරිස ජර්මනියට පැමිණ මාස කිහිපයකට පසු  මන්දිරය විකිණීමේ සුදානමක් ඇති බව ඔවුන්ට දැනගන්නට ලැබින. මෙය දැනගත් වීරරත්න මහතා සිය පෞද්ගලික වියදමින් සයමසක්  පමණ ජර්මනියේ නැවතී බෞද්ධ  මන්දිරය ඩාල්කේ මහතාගේ ඥාතීන්ගෙන් 1957 දී මිලදී ගැනීමට කටයුතු කලේය.  

බෞද්ධ මන්දිරය  මිලදී ගැනීමෙන් පසු ධර්මදුත සංගමය මුළු ගොඩනැගිල්ලම අලුත්වැඩියා කර ඊට අමතර කාමරද ඇතුළුව  බෞද්ධ පුස්තකලයක්ද පිහිටුවීය. ඉන්පසු දේශන පැවත්වීම සහ භාවනා කටයුතු භාරව කටයුතු කිරීම සඳහා ලාංකික Sinhala භික්ෂුන් එහි  නැවත්වීමටද පියවර ගත්තේය. ඒ අනුව පුහුණු භික්ෂු පිරිසකගේ මග පෙන්වීම ලැබීමට කලක් තිස්සේ බලා සිටි ජර්මන් බෞද්ධයන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමට වීරරත්නයෝ සමත් වුහ. ඒ නිසා ඔවුන්ගේ ඉමහත් කෘතඥතාවය ධර්මදුත සංගමයට හිමිවිය.

වසර 1957 දී ලංකා ධම්මදූත සංගමයේ නම වෙනස් කරන ලදුව එදා සිට අද දක්වා එය හැඳින් වෙන්නේ ජර්මන් ධර්මදූත සංගමය (German Dharmaduta Society) යනුවෙනි.  බෞද්ධ මන්දිරය අද හැඳින්වෙන්නේ  බර්ලින් බෞද්ධ විහාරය නමින්ය.  වසර 1957 සිට ලංකාවෙන් සහ වෙනත් රටවලින් පැමිණෙන භික්ෂුන් වරින්වර පැමිණ එහි නතර වී ආගමික කටයුතු වල යෙදෙමින් බටහිර රටවල ධර්ම ප්රචාරයේ යෙදෙති.

ඊට අමතරව නොයෙකුත් විදේශිකයන්, පර්යේෂකයන්, පාසල් සිසුසිසුවියන් නිරතුරුවම බර්ලින් විහාරයට පැමිණෙති. භාවනා කටයුතු වලට ඇති ඉඩ පහසුකම්  වලට අමතරව යුරෝපයේ ඇති හොඳම බෞද්ධ පුස්තකාලවලින් එකක් ඇත්තේ මෙම විහාරයේය. සති අන්තයේ පැවැත්වෙන දහම් සාකච්චා සහ දම් දෙසුම් මෙහි වැඩ සටහන් වලට අයත්ය.

මේ පිළිබඳව ජර්මන් බෞද්ධ විද්වතෙකු වූ ආචාර්ය වුල්ෆ් ගං ෂුමාන් (Dr. Hans Wolfgang Schumann) පවසන අන්දමට ලංකාවේ ජර්මන් ධර්මදුත සංගමය  ජර්මන් බෞද්ධයෙකුගෙන් ලැබුණු ධන පරිත්‍යාගයෙන් බෞද්ධ මන්දිරය මිළදී නොගත්තේ නම් එය වෙන්දේසියේ විකිණී කඩා බිඳ දැමීමට ඉඩ තිබිනි.” (The Maha Bodhi Journal February-March 1971)  

වසර 1972  දී මීතිරිගල ධම්මනිසන්ති නමින් පැවිදි දිවියට ඇතුලත් වූ අසෝක වීරරත්නයෝ ඔහු විසින්ම 1967 දී කොළඹට නුදුරින් අරඹන ලද මීතිරිගල නිස්සරණ (Mitirigala Nissarana Vanaya) යෙදී  අසු වසරක්  ආයු වළඳා 1999 ජුලි මස දෙවෙනිදා අපවත් වුහ .

ජානක පෙරේරා විසිනි.



36 Viewers