• Home »
  • Sinhala News »
  • ජාතික ආරක්‍ෂාව සහ දේශපාලනයට මැදිහත් වන රාජ්‍ය නොවන සංවිධාන

ජාතික ආරක්‍ෂාව සහ දේශපාලනයට මැදිහත් වන රාජ්‍ය නොවන සංවිධාන

(Courtesy of Diwaina)

රාජ්‍ය නොවන සංවිධාන රහස් පොලිසිය සම`ග එක් වී ක‍්‍රියා කළ බව පැවසූවේ හිටපු ජනපති මෛත‍්‍රිපාල සිරිසේනයි. එම තත්ත්වය මත විදේශ අරමුදල් ලබන එන්. ජී. ඕ. සංවිධානවලට නඩුවලට මැදිහත් වීම සඳහා ඉඩ දුන්නේ මන්දැයි යන්න බරපතළ ප‍්‍රශ්නයකි. මෙරට ක‍්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන සංඛ්‍යාව 1639 කි. ඊට අමතරව විදේශ රාජ්‍ය නොවන සංවිධාන සංඛ්‍යාව 167 ක් වේ. මෙයට වසර 2 කට පෙර මේ රාජ්‍ය නොවන සංවිධානවලට විදේශ රටවලින් ලත් අතිවිශාල මුදල රුපියල් බිලියන 5 කට අධිකය.

එහෙත් එම මුදල්වලින් කුමක් කළේද යන්න රජය දන්නේ නැත. ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක වන මේ රාජ්‍ය නොවන සංවිධානය දේශපාලන කටයුතු සහ ජාතික ආරක්‍ෂාව සඳහා බරපතළ ලෙස මැදිහත් වී තිබේ. එහෙත් ඉන්දීය රජය එරට රාජ්‍ය නොවන සංවිධානවලට ඊට ඉඩ නොදේ.

හිටපු ජනපති මෛත‍්‍රිපාල සිරිසේනගේ ජනාධිපති කාර්යාලය තුළත් රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරීන් දෙදෙනකු ක‍්‍රියාත්මක නම් ඊටත් අමතරව රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරියෙක් ඔහුගේ උපදේශකවරයකු ලෙසද ක‍්‍රියා කළේය.

එසේම මානව හිමිකම් මුවාවෙන් ස්ථාපිත වූ රාජ්‍ය නොවන සංවිධානවලට ජිනීවා ගොස් ශ‍්‍රී ලංකා හමුදාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය හමුවේ බොරු ප‍්‍රකාශ කිරීමටද ඉඩ ලැබුණි.

යහපාලන රජය පිහිටු වූ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුදාවට එරෙහිව වාර්තා 300 ක් යවා තිබූ බව මෑතකදී හෙළි විය.

එසේම සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයක් නමින් අටවා ගෙන ඇති සංවිධානය හිටපු ජනපතිට උපදෙස් දී හමුදා බුද්ධි සේවාවේ ප‍්‍රධානියාව සිටි බි‍්‍රගේඩියර් සුරේෂ් සාලේ එම ධුරයෙන් පහ කළේය.

දැන් එම සංවිධානය 20 වැනි සංශෝධනයටද මැදිහත් වී තිබේ. මේ තත්ත්වය මත ආරක්‍ෂක අමාත්‍යාංශ රාජ්‍ය නොවන සංවිධාන පාලනය සඳහා නව කෙටුම්පතක් සකස් කිරීමට පියවර ගෙන ඇත. දෙමසක් තුළ එම කෙටුම්පත සකස් කරන ලෙස එම කාර්ය භාර වු ආචාර්ය සුසන්ත ගුණතිලක මහතා වෙත යොමු වී ඇත.

මේ රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියා කළ ආකාරය ගැන විමර්ශනය කරන විට වන්නි මෙහෙයුම යටතේ එම මෙහෙයුම නතර කිරීම සඳහා බොරු සාම සංවිධානයක් දියත් කර තිබුණි.

ජාතික සාම මණ්ඩලය විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය ඉම්ෆෝම් ඉමාධාර් වැනි සංවිධාන ඊට මූලිකව මැදිහත් වීය. මෙරට ස්ථාපිතව තිබූ ජර්මානු බර්ග්හොප් සංවිධානයද වන්නි මෙහෙයුම නතර කිරීමේ උත්සාහයක යෙදී සිටියේය.

මේ හැර ද්‍රවිඩ නිජබිම පිළිගත යුතු යැයි ඉල්ලමින් සාම මාධ්‍යවේදියෝ නමින් සංවිධානද බිහි විය.

නෝර්වේහි විදේශ කටයුතු බලධාරින්ට සම්බන්ධ නොරාඞ් සංවිධානය මෙරට රාජ්‍ය නොවන සංවිධාන විශ්වවිද්‍යාලය ආචාර්ය මහාචාර්යවරයන් මාධ්‍ය පාර්ශ්ව සහ වෙනත් පිරිස් වෙත අරමුදල් සැපයීමටද ක‍්‍රියා කරනු ලැබීය.

එසේම රජයේ සාම මහ ලේකම් කාර්යාලයේ තිබූ සියලූ ලේඛන පාත් පයින්ඩර් නැමැති ආයතනයට ලබාදීමටද එවකට සිටි රජය ක‍්‍රියා කළේය.

මේ පසුබිම මැඳ දේශපාලන සහ ආරක්‍ෂාවට මැදිහත් වීමට එම රාජ්‍ය නොවන සංවිධානවලට ඉඩ දිය යුතුද? යන බරපතළ ප‍්‍රශ්නය රජය හමුවේ ඉදිරිපත් වී ඇත.

මෙවන් තත්ත්වයක් මැද උතුරේ නීතිවිරෝධී ලෙස රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාත්මක විය.

පර්ල් සහ අඩයාලම් නමැති සංවිධාන රජයේ රාජ්‍ය නොවන සංවිධාන කාර්යාලයේ ලියාපදිංචි නොතිබූ බවද හෙළි විය. එහෙත් සංහිඳියාව නිසා යහපාලන රජය ඒම රාජ්‍ය නොවන සංවිධානවලට එරෙහිව කි‍්‍රයා කළේ නැත.

මෙය පුදුමයක් නොවේ. වැල්ලවත්තේ සිට ක‍්‍රියාත්මක වන සී. එච්. ආර්. ඞී නමැති සංවිධානය සෑම වසරකම එන් ජී. ඕ. ක‍්‍රියාකාරිනියන් තිදෙනෙකු ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත යවා ශ‍්‍රී ලංකා හමුදාවට එරෙහිව සාවද්‍ය චෝදනා එල්ල කරයි. එසේ වූවත් ජිනීවා ශ‍්‍රි ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය එකී ක‍්‍රියා ගැන කිසිදු අවධානයක් යොමු කරගෙන නැත.

මෙය බරපතළ අවාසනාවන්ත තත්ත්වයකි. හිටපු විදේශ ඇමැති මංගල සමරවීර යටතේ ජාතික සාම මණ්ඩලය නමැති රාජ්‍ය නොවන සංවිධානයේ ප‍්‍රධානියාව රජයේ ¥ත පිරිසට ඇතුළත් කර තිබුණි.

එසේම කැනඩා පුරවැසියකු වූ සුරේශ් රාගවන්ද යහපාලන රජය යටතේ රජයේ ¥ත මණ්ඩලයට ඇතුළත් විය.

මේ හැර යහපාලන රජය සංහිඳියා කාර්ය යාධක බළකාය සඳහා පත්කරනු ලැබුවේ පාක්‍යසෝති සවරිමුත්තු සහ මිරාක් රහිමි වැනි එන්. ජී. ඕ. ක‍්‍රියාකාරීන්ය. එහි ප‍්‍රතිඵලය වූයේ සංහිඳියා කාර්ය සාධක බළකාය ශ‍්‍රී ලංකා හමුදාවට එරෙහිව හයිබි‍්‍රඞ් අධිකරණයක් නිර්දේශ කිරීමයි.

මෙයට අමතරව 2015 බලයට පත් වූ යහපාලන රජය රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරීන්ට විශාල බලයක්ද ලබාදුන්නේය. ගුවන්විදුලි සංස්ථාව රූපවාහිනි සංස්ථාව සහ අතුරුදන් වූවන්ගේ කොමිසමට පත්කරනු ලැබුවේ රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරීන්ය. මොවුන් මෙම සිදුකළ යහපතක් නැත.

ඔවුන් සිදු කළ එකම ක‍්‍රියාමාර්ගය යහපාලන රජයේ න්‍යාය පත‍්‍රය අනුව ක‍්‍රියාකිරීමයි.

මෙවන් පසුබිමක් මැද යහපාලන රජය යටතේ රාජ්‍ය නොවන සංවිධාන රහස් පොලිසියට බලපෑම් කළ ඔබට හිටපු ජනපතිවරයා හෙළි කිරීමට පෙර රහස් පොලිසියේ අභිරහස් ක‍්‍රියා අප විසින් අනාවරණය කරනු ලැබීය.

ඇතැම් රහසිගත රහස් පොලිස් වාර්තා රාජ්‍ය නොවන සංවිධාන අතට පත් වී තිබුණි. ඉන්පසු එම රහස් වාර්තා සෘජුව යොමු වූයේ ජිනීවා මානව හිමිකම් කොමසාරිස්ට බව අප කළ විමර්ශනවලදී හෙළි විය.

එසේ වූවත් රහස් පොලිසිය සහ රාජ්‍ය නොවන සංවිධාන එක්ව දියත් කළ රහස් ක‍්‍රියාදාමයන් යහපාලන රජය හෝ හිටපු ජනපතිගේ විමර්ශනයට ලක් වූයේ නැත.

මේ නිසා වන්නි මෙහෙයුමට සම්බන්ධ හමුදා ප‍්‍රධානින්ට සහ හමුදාවේ ප‍්‍රතිරූපයකට බරපතළ හානියක් සිදුවිය.

මේ අතර කැනඩාව, ස්විට්සර්ලන්තය, ජර්මනිය, බි‍්‍රතාන්‍ය නෝර්වේ සහ ස්විඩන් යන රටවල් මෙරට රාජ්‍ය නොවන සංවිධානවලට වසරක් පාසා අරමුදල් සපයද්දී මේ මුදල්වලින් සිදු කරන්නේ කුමක්දැයි සෙවීමක් සිදු වුණේ නැත. ජාතික සාම මණ්ඩලය විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය සහ ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් වැනි රාජ්‍ය නොවන සංවිධානවලට පසුගිය වසර ගණනාවක් මුළුල්ලේ ඩොලර් ස්ටර්ලින් පවුම් යුරෝ සහ ක්‍රෝන් අරමුදල් ලැබුණි.

මේ හැර වන්නි මෙහෙයුම යටතේ මෙරට ක‍්‍රියාත්මක වූ නෝර්විජියානු පීපල්ස් ඒඞ් සංවිධානය කොටින්ට උපකාර කර ඇති බවද අනාවරණය වී තිබුණි.

එම මෙහෙයුම සමයේ එක් රාජ්‍ය නොවන ගෙන්වා ගැනීමට ගත් උත්සාහයක් ආගමන විගමන නිලධාරිනියක් විසින් ව්‍යර්ථ කරනු ලැබීය. මේ නිසා කෝපයට පත් එම රාජ්‍ය නොවන සංවිධානයේ බලධාරීන් කොටි ලවා ඇයට තර්ජනය කිරීමට ක‍්‍රියා කළ හා මේ ගැන එවකට සිටි ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ වාර්තාවීම නිසා එම විදේශිකයන්ට මෙරටට ඒම තහනම් විය.

එසේම කොළඹ කිංසි පාරේ පිහිටි වාර්ගික අධ්‍යාපන ආයතනයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ රාමාමානි නැමැත්තිය වන්නි මෙහෙයුම නතර කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ හමුදාවක් මෙරටට කැඳවීමට ගත් උත්සාහය හෙළි වීම නිසා රජය ඇයව මෙරටින් පිටුවහල් කරනු ලැබීය.

ඒ නිසා රාජ්‍ය නොවන සංවිධානවලට ඇත්තේ ශ‍්‍රී ලංකා විරෝධී ආකල්පයකි.

ජර්මනියේ බර්ග්හොප් සංවිධානය කොටින්ට සෘජුව ආධාර කළේය. සාම සාකච්ඡුා සඳහා යැයි දක්වමින් කොටි කණ්්ඩායම් ජිනීවා සහ ඔස්ලෝ යැවීමට අරමුදල පවා සැපයූවේ බර්ග්හොප් සංවිධානයයි.

අවසානයේ බර්ග්හොප් සංවිධානයේ ප‍්‍රධානී නෝබට් රූපර් මෙරටින් පිටව ගියේය.

මේ අතර කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානියා සම`ග එක්ව ක‍්‍රියා කරයි. එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන් මෙරටට පැමිණෙන සෑම අවස්ථාවකම රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානියා සම`ග සාකච්ඡුා මෙහෙය වීම දියත් කරන්නේ එක්සත් ජාතීන්ගේ කාර්යාලයයි.

එය සනාථ වූයේ වෙනත් දේශපේ‍්‍රමී සංවිධානවලට එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් හමුවීමට ඉඩ නොදීමයි. මෙවන් පසුබිමක් මැද මෙරට අභ්‍යන්තර කටයුතුවලට සෘජුව මැදිහත්වීමෙන් රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානීහු සිදු කරන්නේ බරපතළ තර්ජනයකි.

රජය රාජ්‍ය නොවන සංවිධාන ගැන කෙටුම්පතක් සකස් කරන අවස්ථාවේ එම සංවිධාන ප‍්‍රධානියන් වත්කම් කොතෙක්ද යන්න අනිවාර්යයෙන්ම සෙවිය යුතුයි. එසේම රජය රාජ්‍ය නොවන සංවිධානවලට රටේ ජාතික ආරක්‍ෂාවට සහ දේශපාලන කටයුතුවලට මැදිහත්වීමද තහනම් කළ යුතුවේ.

කොළඹ රාජ්‍ය නොවන සංවිධාන ඇමෙරිකානු, කැනඩා, බි‍්‍රතාන්‍ය ජර්මානු සහ ප‍්‍රංශ සහ නෝර්වේ තානාපතිවරුන්ට තොරතුරු සපයන බව රහසක් නොවේ.

එය රාජ ද්‍රෝහී ක‍්‍රියාවකි. මෙම තත්ත්වය මත වත්මන රජය රාජ්‍ය නොවන සංවිධාන දැඩි පාලනයකට යටත් කළ යුතු කාලය එළැඹී ඇත.

මේ අතර රටේ ජනමතය වෙනස් කිරීමට තමන්ට හැකි බව පෙන්නුම් කිරීමට උත්සාහ කළ රාජ්‍ය නොවන සංවිධාන ජාලය 20 වැනි සංශෝධනයෙන් පරාජය විය. සාධාරණ සමාජය, ට‍්‍රාන්පේරන්ස් ඉන්ටර්නැෂනල් සහ විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය ප‍්‍රමුඛ එන්. ජී. ඕ. ක‍්‍රියාකාරීහු 20 වැනි සංශෝධනය මුළුමනින්ම පරාදකිරීමට විවිධ උපක‍්‍රම දියත් කර තිබුණි.

මෙයට පෙර කොළඹ එන්. ජී. ඕ. ජාලය ජනපති මැතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ පරාජය කිරීමට විශාල මෙහෙයුමක් දියත් කර තිබුණි.

කීර්ති වර්ණකුලසූරිය



76 Viewers