• Home »
  • Sinhala »
  • ජිනීවාහිදී සිදුවුණේ කුමක්‌ද?

ජිනීවාහිදී සිදුවුණේ කුමක්‌ද?

(Courtesy of Divaina)

genewa333

ජිනීවා නුවරදී සිදුවූයේ කුමක්‌ද? පසුගිය මාර්තු 17 වැනි ඉරිදා දිවයින සංග්‍රහයෙන් ශවේන්ද්‍ර සිල්වා, ජගත් ඩයස්‌, ප්‍රසන්න සිල්වා, චාගි ගාල්ලගේ, කමල් ගුණරත්න සහ ජගත් ජයසූරිය යන හමුදා නිලධාරීන් විදේශ රටවලට පැමිණියහොත් ඔවුන් අත්අඩංගුවට ගන්නැයි මානව හිමිකම් කොමසාරිස්‌ මිචෙලි බැචලට්‌ රටවල් 17 කට නියෝග කිරීමේ සිද්ධිය විශේෂයෙන් අපි හෙළිදරව් කළෙමු.

ඇය මෙම නියෝගය කළේ හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනී යස්‌මින් සුකා බොරු යුද අපරාධ චෝදනා රැගත් වාර්තා කිහිපයක්‌ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීම නිසාය.

විවිධ අධිකරණ පද්ධතීන් යටතේ මෙම හමුදා නිලධාරීන්ට එරෙහිව ක්‍රියාකරන ලෙස ඇය ඉල්ලා තිබුණි. ස්‌විට්‌සර්ලන්තය තුළ ද යුද අපරාධ ගැන සෙවීමේ කාර්යාලයක්‌ ක්‍රියාත්මකවීම නිසා ඇගේ එම නියෝගය ස්‌විස්‌ නඩු අධ්‍යක්‍ෂ කාර්යාලය වෙත යවා තිබූ බව හෙළිවිය.

එහෙත් කොටි සංවිධානය ත්‍රස්‌ත සංවිධානයක්‌ ලෙස ස්‌විස්‌ රජය පිළිගෙන නැත. මේ නිසා ස්‌විට්‌සර්ලන්තයේ සිටින කොටි යුද අපරාධකරුවන්ට යුද අපරාධ චෝදනාවලින් ගැලවීමට හැකිවී ඇත.

ජිනීවා නුවර මානව හිමිකම් සමුළුව ආරම්භ වීමට පෙර කොටි ඩයස්‌පෝරාව මෙරට හිටපු සහ වත්මන් හමුදා ප්‍රධානියාට එරෙහිව සාවද්‍ය චෝදනා සහිත යුද අපරාධ චෝදනා එල්ල කර තිබුණි. මේ බව මුල් වරට හෙළි කළේ ‘ඉරිදා දිවයින’ විසිනි.

ඊට සමගාමීව ගෙ-න්ද්‍ර කුමාර් පොන්නම්බලම්, එම්. ඒ. සුමන්තිරන්, එස්‌. ශ්‍රීධරන් සහ රාජ්‍ය නොවන සංවිධාන 17 ක්‌ ශ්‍රී ලංකා හමුදාව සමූල ඝාතනය සිදුකළ බව පවසමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණය වෙත යොමුකරන ලෙස ඉල්ලා තිබුණි.

මේ ඉල්ලීම් මානව හිමිකම් කොමසාරිස්‌වරිය පිළිගත්තාය. එසේම මන්නාරම් සමූහ මිනී වළේ අස්‌ථි කොටස්‌ ලන්දේසි යුගයට අයත් බව ඇමෙරිකානු වාර්තාවෙන් තහවුරු වී තිබියදී මානව හිමිකම් කොමසාරිස්‌වරිය ඒ බව නොතකා මන්නාරම් සමූහ මීනී වළට හමුදාව සම්බන්ධ බවට කොටි ඩයස්‌පෝරාව කළ ප්‍රචාරය පිළිගත්තේය. ඒවා සිය වාර්තාවේ සඳහන් කරනු ලැබීය. මෙය මුළුමනින්ම ඒකපාක්‍ෂික ක්‍රියාවකි.

මේ හැර මන්නාරම සමූහ මිනී වළ වසර 50 ක කාලසීමාවකට අයත් බව පෙන්නුම් කිරීමට කොටි ඩයස්‌පෝරාව තමිල්නාඩුවේ සිට සෙල්වාසුරේන් නමැති වෝහාරික වෛද්‍යවරයකු ද මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආවේය.

මෙය ඉතාමත් දීන ක්‍රියාවකි. කිසිදු විමර්ශනයකින් තොරව සෙල්වාසුරේන් මන්නාරම් මිනී වළ වසර 50 ක කාලයකට සම්බන්ධ යෑයි පවසන විට ඊට එරෙහිව ශ්‍රී ලංකාවෙන් අභියෝගයක්‌ ඉදිරිපත් නොවුණි. මේ පසුබිම මැද හිටපු ඇමැති සරත් අමුණුගම සහ උතුරු පළාත් ආණ්‌ඩුකාර සුරේන් රාඝවන්ට ද මානව හිමිකම් කවුන්සිලයේ සිදුවන කොටි ඩයස්‌පෝරාවට හිතැති ක්‍රියා පිළිවෙත සනාථ විය.

අති විශාල මුදල් සම්භාරයක්‌ ඇති කොටි ඩයස්‌පෝරාවට මානව හිමිකම් කවුන්සිලයේ නිලධාරීන් රැසක්‌ යටවී ඇති ආකාරය අපට පැහැදිලි විය. මේ සඳහා ප්‍රංශ කොටි ඩයස්‌පෝරාව මෙහෙයවන මරියදාස්‌ බොස්‌කෝ Rජුව මැදිහත් වී ඇත.

මෙය සරල ලෙස කිවහොත් මානව හිමිකම් කොමසාරිස්‌වරියගේ සිට මානව හිමිකම් සමුළුව මෙහෙයවන කාර්යාල පවා කොටි ඩයස්‌පෝරාවට නතු වී ඇතැයි තහවුරු විය.

එය සනාථ වූයේ මානව හිමිකම් සමුළුව ඇමතීමට එන ශ්‍රී ලාංකික විදේශගත ඩයස්‌පෝරා ක්‍රියාකාරීන්ට නිල හැඳුනුම්පත් ලබාදීම අක්‍රීය කිරීම ඔවුන්ගේ කතා සිම්පත් කල් තියා මානව හිමිකම් කාර්යාලයට භාරදීමට උපදෙස්‌ දීම වැනි නියෝග නිකුත් කිරීමෙනි.

මේ පසුබිම මැද ශ්‍රී ලංකාව ප්‍රමුඛ රටවල් 6 ක්‌ ජිනීවා යෝජනාවට එකඟ වුවත් ඊට රටවල් 30 ක්‌ අනුග්‍රහය දක්‌වා තිබුණි. මෙවර කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් හමු වූ එම්. ඒ. සුමන්තිරන් Rජුව ඔවුන් සමඟ සාකච්ඡා කරන අයුරු අපට දැකගත හැකි විය. සුමන්තිරන්, එම්මානුවෙල් පියනම, එම්. කේ. සිවාජිලිංගම්, අර්ජුන් සිවනාදන්, ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රකාශක සුරේන් සුරේන්ද්‍රන් ඇතුළු පාර්ශ්වයන් එම සාකච්ඡාවලට සහභාගි වූහ.

එස්‌ම කොටි ජාත්‍යන්තර ජාලයේ 11 වැනියා වූ එස්‌. ඒ. තිරුබාකරන් ද ද්‍රවිඩ සංධාන මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන් කැඳවා මානව හිමිකම් කවුන්සිලය තුළ සාකච්ඡාවක්‌ පවත්වනු ලැබීය.

මේ හැර ශ්‍රී ලංකාවේ හමුදා ප්‍රධානියාට එරෙහිව අභූත චෝදනා නඟමින් හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනී යස්‌මින් සුකා සමඟ එක්‌ව ක්‍රියාකරන පාර්ශ්වය අපි හඳුනාගත්තෙමු. ඒ කොටින්ගේ දේදුන්න පුවත්පත සංස්‌කරණය කළ රෝහිත භාෂණ අබේවර්ධන නමැත්තායි. මොහු ත්‍රස්‌ත මර්දන පොලිසියට අවශ්‍ය වූවෙකි. සුකා සහ මොහු එක්‌ව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන වාර්තා ශ්‍රී ලංකා රජය අභියෝගයට ලක්‌කර නැත.

මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ගවලට අනුව ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලයට යස්‌මින් සුකා ඉදිරිපත් කර ඇති වාර්තා සංඛ්‍යාව 75 කට අධිකය.

එහෙත් මේ වාර්තා සාවද්‍ය තොරතුරු මත සකස්‌ වූ ඒවායි. එම වාර්තාවලට සාක්‍ෂි දී ඇත්තේ ද්‍රවිඩ සාමාන්‍ය ජනතාව නොව කොටි ක්‍රියාකාරීන්ය. මේ කොටි ක්‍රියාකාරීන් කවුදැයි සුකා හෙළිකර නැත. මෙලෙස අනන්‍යතාව හෙළි නොකරන සාක්‍ෂිකරුවන්ගේ සාක්‍ෂි පිළිගත හැකිද?

එසේම ජිනීවා මානව හිමිකම් සමුළුව ඇමතීම සඳහා සූදානම්ව සිටි කර්නල් රත්නප්‍රිය බන්දුට වීසා බලපත්‍රය තහනම් විය. එහෙත් මුලතිව්හි සිට පැමිණි ලීලාදේවි නමැත්තියට වීසා බලපත්‍රය ලැබුණි. මේ හැර ශ්‍රී ලාංකික කාන්තාවක්‌ පැවසුවේ ජිනීවා යැම සඳහා තමා භාරදුන් ලියෑවිලිවල තිබූ ඇතැම් ලියෑවිලි අස්‌ථානගත වී ඇති බවයි. මේ නිසා ඇයට යළිත් වරක්‌ වීසා ගාස්‌තු ගෙවා අයෑදුම් කිරීමට සිදුවිය.

මේ නිසා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ මෙන්ම ශ්‍රී ලංකාවේ සිට ස්‌විට්‌සර්ලන්තයට යැමට සැලසුම් කරන ශ්‍රී ලාංකිකයන් මුහුණ පාන අසීරු තත්ත්වය අපට පැහැදිලි විය.

එහෙත් මෙවන් තත්ත්වයක්‌ ද්‍රවිඩයන්ට බලපාන්නේ නැත. ඒ බව තහවුරු වූයේ ද්‍රවිඩයන් 800 කට අධික පිරිසකට පසුගිය වසරේදී ස්‌විට්‌සර්ලන්තයේ දේශපාලන රැකවරණ ලබාගැනීමට හැකි වීමෙනි.

මේ අතර මීළඟ ජිනීවා යෝජනාව 2021 මාර්තු මසදී විභාගයට ගැනේ. එහිදී ශ්‍රී ලංකාව ජිනීවා යෝජනාව ඉටු කළේ ද යන්න මානව හිමිකම් කොමසාරිස්‌වරිය විසින් මානව හිමිකම් සමුළුවට වාර්තාවක්‌ ඉදිරිපත් කරනු ඇත.

මේ අතර ජිනීවා ගිය උතුරේ ආණ්‌ඩුකාර සුරේන් රාඝවන් පැවසුවේ ජනාධිපතිවරයා දැනුවත් නොකර ජිනීවා යෝජනාවට සම අනුග්‍රහය ලබාදී ඇති බවයි. එහෙත් ඊට සම්බන්ධ වූවන්ට එරෙහිව කිසිදු පියවරක්‌ ගෙන නැත.

මේ පසුබිම මැද මානව හිමිකම් කොමසාරිස්‌ මිචෙලි බැචලට්‌ට උපදෙස්‌ දෙන්නේ හිටපු මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේ සහ කොටි ඩයස්‌පෝරාවේ අරමුදල් මත රැකෙන යස්‌මින් සුකා නමැත්තිය බව හෙළි වී ඇත. ජිනීවා ආරංචි මාර්ග පැවසුවේ නවි පිල්ලේට සම්බන්ධ නිලධාරීන් තවදුරටත් ජිනීවා මානව හිමිකම් කාර්යාලයේ සේවය කරන බවයි.

මේ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජිනීවා යෝජනාවට ශ්‍රී ලංකාව සම අනුග්‍රහය දී ඇත්තේ තමාට හොරෙන් බව ප්‍රසිද්ධියේ හෙළි කළේය. ඉන් හමුදාව පාවාදී ඇතැයි ද ජනාධිපතිවරයා කියා සිටියේය.

එසේම විදේශ ඇමැති මාරපන ජිනීවා මානව හිමිකම් සමුළුව අමතා පැවැත්වීමට නියමිතව තිබූ කතාව වෙනුවට තමා ඉදිරිපත් කළ කරුණු සහිත කතාව කළ බව ද මෛත්‍රිපාල සිරිසේන මහතා කීවේය. මෙම ජිනීවා යෝජනාවට සම අනුග්‍රහය දීමෙන් පසු එම යෝජනාව අනුමත විය.

යෝජනාව අනුමත වීමෙන් පසු රජය ජනතාවගේ බදු මුදල් වැයකර ජිනීවා නුවර කෙම්පල්ස්‌හි හෝටලයේදී විදේශ තානාපතිවරුන්ට සුපිරි රාත්‍රි භෝජන සංග්‍රහයක්‌ පවත්වනු ලැබිණි. එහෙත් ශ්‍රී ලංකා තානාපතිවරයා ජිනීවාහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි දේශප්‍රේමීන්ට තේ කෝප්පයක්‌ දීමටවත් ඉදිරිපත් වූයේ නැත.

මෙම ජිනීවා යෝජනාවට අත්සන් තබා ඇත්තේ තානාපති අතින් බවත් ඔහු ඒ ගැන ජනාධිපතිට දන්වා නැති බවත් හෙළිවිය. මෙය රාජෙද්‍රdaහී ක්‍රියාවක්‌ නොවේද?

මෙම පසුබිම මැද මානව හිමිකම් කොමසාරිස්‌වරියගේ වාර්තාවේ වැරදි ඇති බව ඇය පිළිගත්තේ යෑයි උතුරේ ආණ්‌ඩුකාර සුරේන් රාඝවන් පැවසූ බව හෙළි විය. එහෙත් තමා එවැන්නක්‌ පැවසුවේ නැතැයි මිචෙලි බැචලට්‌ කියා සිටියාය. මේ අන්දමේ පසුබිමක්‌ මැද කොටි ත්‍රස්‌තවාදීන් පැරද වූ වන්නි හමුදා නායකත්වය රජය විසින් කොටින්ට පාවා දී ඇත.

එය තවත් බියකරු තත්ත්වයකට පත්වී ඇත්තේ කොටි රූකඩයක්‌ මෙන් කටයුතු කළ ද්‍රවිඩ සන්ධානය ප්‍රසිද්ධියේම හමුදාවට එරෙහිවීමත් ඊට රජයේ සහාය ද ලැබී ඇත. වසර ගණනකට පෙර ඇමෙරිකාවේ හිටපු ජනපති ඒබ්‍රහම් ලින්කන් පැවසුවේ ෙද්‍රdaහියා හඳුනාගත යුතු බවත් දැන් මෙරට ෙද්‍රdaහීන් කවුරුන්දැයි ජනතාවට හෙළිවී ඇති බවත්ය.

කීර්ති වර්ණකුලසූරිය



513 Viewers