• Home »
  • Sinhala »
  • ජිනීවා නුවර සිංහ – කොටි සටන ඇරඹෙයි; මරියදාස්‌ බොස්‌කෝ කොටි ඩයස්‌පෝරාවේ පාලනය සියතට ගනී

ජිනීවා නුවර සිංහ – කොටි සටන ඇරඹෙයි; මරියදාස්‌ බොස්‌කෝ කොටි ඩයස්‌පෝරාවේ පාලනය සියතට ගනී

(Courtesy of The Divaina)
ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා 7 ක්‌ එල්ල වී ඇති බවට ජනපතිට වාර්තාවක්‌

මානව හිමිකම් කොමසාරිස්‌ වාර්තාව අභියෝගයට ලක්‌කරන සමාන්තර රැස්‌වීම් 5 ක්‌

39 වැනි ජිනීවා මානව හිමිකම් සැසිවාරය හෙට (සැප්තැම්බර් 10) ආරම්භ වේ
ltte-sin
මේ ජිනීවා සැසිවාරයේදී ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට එරෙහි යුද අපරාධ චෝදනා සහ මානව හිමිකම් උල්ලංඝනය කළ බවට දක්‌වමින් සමාන්තර රැස්‌වීම් පැවැත්වීම සහ මානව හිමිකම් විවාදය තුළදී ප්‍රකාශ සිදුකිරීම් මෙහෙය වන්නේ මොහන්රාඡ් මරියදාස්‌ නමැත්තායි. ගුප්ත ඊළාම්වාදියකු වූ මොහන්රාඡ් කොටි ඩයස්‌පෝරාවේ බලය මුළුමණින්ම අත්පත් කරගෙන ඇත.

මෙයට වසර කීපයකට පෙර ඇමරිකාවේ සිට ක්‍රියාත්මක වන රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව නමැති ව්‍යාජ සංවිධානය සහ ප්‍රංශයේ සිට ක්‍රියාත්මක වන වී. කිරුබාහරන් නමැත්තාට සීමාවූ මානව හිමිකම් නමින් අටවාගත් සංවිධානය මානව හිමිකම් කවුන්සිලය තුළ සිය ආධිපත්‍යය පවත්වනු ලැබීය.

කිරුබාහරන්ගේ සමීපතම සගයා වූයේ 1971 කැරැල්ලේ කැරලිකරුවකු වූ සුනන්ද දේශප්‍රිය හෙවත් රංජි මල්ලියි. ඔවුන් දෙදෙනාම මානව හිමිකම් කවුන්සිලයේ ශාලාවල පැවැති ඊළාම් රැස්‌වීම්වලට සහභාගි වෙමින් තමන් මානව හිමිකම් කවුන්සිලයේ අයිතිකරුවන් යෑයි පිළිබිඹු කිරීමට ක්‍රියාකළහ. එහෙත් අද සිදුවී ඇත්තේ කුමක්‌ද? මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහි චෝදනා එල්ල කළ ඉමාඩර් සංවිධානයේ නායිකා නිමල්කා ප්‍රනාන්දුට යහපාලන රජය යටතේ අතුරුදන් වූවන්ගේ කාර්යාලයේ ධුරයක්‌ ලැබීම නිසා ඇයට ජිනීවා පැමිණිය නොහැකි වීමයි. යහපාලන රජය බලයට පත්කිරීමට බෙර ගැසූ සුනන්ද දේශප්‍රියට එම රජය වහකදුරු වී මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරවලට පැමිණෙන්නේ අහම්බෙනි.

එසේම මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරවලදී සෑම තැනම ඇවිදිමින් රංගනවල යෙදුණු වී. කිරුබාකරන් දැන් අසරණයකු බවට පත්වී ඇත. මේ හැර ගෝලීය ද්‍රවිඩ සංසදයේ නායක එමානුවෙල් පියනම සහ කැනඩා ද්‍රවිඩ කොංග්‍රසයේ ගැරී ආනන්දසංගරි මෙන්ම රටින් පිටත ඊළාම් ආණ්‌ඩුවේ මානව හිමිකම් කවුන්සිලයේ නියෝජිත මනිවන්නන්ද සැසිවාර තුළ දක්‌නට නොලැබේ. මෙයට කලකට පෙර ජිනීවා මානව හිමිකම් සැසිවාර තුළ සැරිසැරූ එක්‌නැලිගොඩ නමැත්තාගේ බිරිය වූ සන්ධ්‍යා ද අද මානව හිමිකම් සැසිවාර තුළ පෙනෙන්නට නැත.
people
මේ පසුබිම මැද මරියදාස්‌ මොහන්රා- හෙවත් බොස්‌කෝ සියලුම මානව හිමිකම් සැසිවාරවලදී කොටි ඩයස්‌පෝරාව මෙහෙයවීමේ බලය හිමිකරගෙන ඇත. ඉන් බරපතළ පහර වැදී ඇත්තේ ඊළාම් ඩයස්‌පෝරාව සමග එක්‌ව කටයුතු කළ සුනන්ද දේශප්‍රිය නමැති හිටපු කැරලිකරුවාටයි. මෙයට මාස ගණනකට පෙර මානව හිමිකම් කවුන්සිලය තුළට තවත් පිරිසක්‌ පැමිණියහ. ඒ පිරිමි හෙදි සමන් රත්නප්‍රිය ජර්මනියේ සිටින රංජිත් හෙන්නායක, ලෝන්බිලර් හෙවත් බඩල්ගම බර්ටි සහ නිර්මාල් රංජිත් දේවසිරි (ද්‍රවිඩ නිජබිම පිළිගත යුතු බවට පැවසූ (තැනැත්තන්ය).

එහෙත් ජිනීවා මානව හිමිකම් සැසිවාර තුළ ශ්‍රී ලංකාවට එරෙහිව සංවිධාන ගණනාවක්‌ ලවා චෝදනා එල්ල කිරීම් සහ සමාන්තර රැස්‌වීම් දියත් කරන්නේ මරියදාස්‌ හෙවත් බොස්‌කෝයි.

බොස්‌කෝ සතුව ජාත්‍යන්තර සංවිධාන 17 ක්‌ ඇත. ඔහු සෑම සැසිවාරයකටම පෙර මානව හිමිකම් සමුළු ඇමතීම සඳහා එම සංවිධාන ඔස්‌සේ ප්‍රකාශ කිරීමට ශ්‍රී ලාංකික සහ ඉන්දියානු කථිකයන් ගෙන්වයි. ඔවුන්ට දීමනාවක්‌ද හිමිවෙයි.

බැංගලෝර් මහාචාර්ය පෝල් නිව්මන් මෙන්ම තමිල්නාඩුවේ මැයි 17 සංවිධානයේ නායක තිරුමුරුගන් ගාන්ධි සහ තමිල්නාඩුවේ සිට කුලියට ගත් පිරිස්‌ ද මුලතිව්හි අතුරුදන්වූවන්ගේ ඥතීන් යෑයි හඳුන්වන කාන්තාවන්ද ඔහු ජිනීවා වෙත ගෙන්වයි.

එසේම පසුගිය කාලය තුළ උතුරු පළාත් ඇමැතිනි ආනන්දි සෂීතරන් ඇතුළු ද්‍රවිඩ දේශපාලනඥයන් ජිනීවා වෙත ගෙන්වීමටද ඔහු ක්‍රියා කළේය. මේ බොස්‌කෝගේ සංවිධානවලට ඉමහත් මුදල් සම්භාරයක්‌ ද ඇත.

ප්‍රංශයේ පැරිස්‌ නුවර සිට ප්‍රංශ ද්‍රවිඩයන්ගේ භාරති සංස්‌කෘතික සංවිධානය නමින් වූ සංවිධානය ඇතුළු තවත් සංවිධාන 17 ක්‌ මෙහෙය වන බොස්‌කෝ ශ්‍රී ලංකාවට එරෙහිව දේශන පැවැත්වීමට මානව හිමිකම් කවුන්සිලය තුළ සැරිසරන මුදලට දේශන පවත්වන මොරොක්‌කෝ සහ වෙනත් රටවල පුද්ගලයන්ගේ සහාය ලබාගනී.
ltte
එහෙත් 38 වැනි ජිනීවා මානව හිමිකම් සැසිsවාරයට තමිල්නාඩුවේ සිට ගෙන්වා තිබූ ඊළාම්වාදියකු වූ තිරුමුරුගන් ගාන්ධි ඉන්දියාවට එරෙහිව බරපතළ චෝදනා එල්ල කිරීමෙන් බොස්‌කෝට වැරදුණි.

ඉන්දීය බුද්ධි අංශ ඉන්දියාවට එරෙහිව ක්‍රියාකරන ඊළාම්වාදියා කව්දැයි හඳුනා ගනු ලැබුවේ තිරුමුරුගන් ගාන්ධි සහභාගි වූ සමාන්තර රැස්‌වීම් මෙහෙය වූයේ බොස්‌කෝ බව හෙළිවීමෙනි.

මේ නිසා තිරුමුරුගන් ගාන්ධි ඉන්දියාවට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබූ අතර 39 වැනි මානව හිමිකම් සැසිවාරයට පැමිණිමට කළ අපේක්‍ෂාවද බිඳ වැටුණි.

එසේම මරියදාස්‌ මෝහන්රා- ස්‌පාඤ්ඤයේ කැටලන්, ඉරාකයේ කුර්දි සහ මොරොක්‌කෝවේ බටහිර සහරා ප්‍රාන්තවල බෙදුම්වාදීන් සමගද එක්‌වී ඇත. ස්‌විස්‌ ද්‍රවිඩ ආරංචිමාර්ග දක්‌වන්නේ කොළඹ වැල්ලවත්තේ කින්රෝස්‌ පටුමගේ ඇති සී.එච්.ආර්.ඩී. නමැති රාජ්‍ය නොවන සංවිධානය සමගද එක්‌ව කටයුතු කරන ඔහු එම සංවිධානයේ සිටින ඊළාම් ක්‍රියාකාරිනියන් කණ්‌ඩායමක්‌ද ජිනීවා මානව හිමිකම් සැසිවාරවලට ගෙන්වයි. මේ පාර්ශ්වයන් ජිනීවා මානව හිමිකම් සැසිවාරය තුළ ශ්‍රී ලංකාවේ ස්‌වයං පාලනය ඇති කිරීම සහ ද්‍රවිඩ ජාති සංහාරය යන තේමාව මත පැවැත්වෙන සමාන්තර රැස්‌වීම්වලට සහභාගි වෙති.

එහෙත් ජිනීවා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කිසිම වගකිවයුත්තකු ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල කරන අවලාදවලට ප්‍රතිචාර දැක්‌වීමට ඉදිරිපත් නොවේ. එවන් පසුබිමක්‌ මැද මනිවන්නන් කිරුබාහරන්, මරියදාස්‌ ඇතුළු ඊළාම්වාදීන්ගේ ජිනීවා ශ්‍රී ලංකා විරෝධී මෙහෙයුම්වලට දැඩි ප්‍රතිචාර එල්ල වූයේ ගෝලීය ශ්‍රී ලංකා සංසදයෙනි. මුලින්ම රියර් අද්මිරාල් සරත් වීරසේකර මානව හිමිකම් සැසිවාරවලට පැමිණියේය. මේ නිසා රියර් අද්මිරාල්වරයා යුද අපරාධකරුවකු ලෙස නම්කර ස්‌විස්‌ නඩු අධ්‍යක්‍ෂක ලවා අත්අඩංගුවට ගැනීමට දියත් කළ මෙහෙයුමද අසාර්ථක විය.

වසර කීපයක්‌ තිස්‌සේ ජිනීවා මානව හිමිකම් සැසිවාරවලදී බොරු ප්‍රකාශ කරමින් ජාත්‍යන්තර ප්‍රජාව නොමග යෑවීමට ගෙන ගිය ක්‍රියාකලාපය ඇද වැටුණේ ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ ක්‍රියාත්මක වීමත් සමගය.
ltte1

මේ නිසා ඊළාම්වාදීන් මෙහෙයවන සමාන්තර රැස්‌වීම් මෙහෙය වූ ඩේවිඩ් වෙහෙලි නමැත්තාද දැඩි අසීරුතාවට පත්විය.

මෙවන් තත්ත්වයක්‌ මැද 39 වැනි මානව හිමිකම් සමුළුව හමුවේ මානව හිමිකම් කවුන්සිලයට අභියෝග කරමින් තේමා තුනක්‌ යටතේ සැප්තැම්බර් 13 සිට 26 දක්‌වා සමාන්තර රැස්‌වීම් තුනක්‌ පැවැත්වේ.

එම සමාන්තර රැස්‌වීම්වලදී මානව හිමිකම් කවුන්සිලය දැඩි විවේචනයට ලක්‌කිරීම සඳහා ජිනීවා යෝජනාව ඒකපාක්‍ෂිකද – එම යෝජනාවෙන් ශ්‍රී ලංකාවේ ස්‌වෛරීභාවය උල්ලංඝණය වේද? සහ මානව හිමිකම් කොමසාරිස්‌ වාර්තාව කොටි හිතවාදීන්ගේ අවශ්‍යතාව මත සකස්‌ වූවක්‌ද යන කරුණු ගැන විමර්ශනාත්මක තොරතුරු ඉදිරිපත් කෙරේ.

ශ්‍රී ලංකා රජය ජිනීවා යෝජනාවේ සම අනුග්‍රාහකයා නිසා එම යෝජනාවට එරෙහිව මෙතෙක්‌ කිසිදු ප්‍රකාශයක්‌ කර නැත.

මේ නිසා ජිනීවා යෝජනාවට මානව හිමිකම් සමුළුව තුළ අභියෝග කරන්නේ ගෝලීය ශ්‍රී ලංකා සංසදයයි.

මේ අභියෝග දැන් ලිතවද මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කර ඇත. ඒ ජිනීවා යෝජනාවට සම අනුග්‍රාහය දැක්‌වීමට හිටපු විදේශ ඇමැති මංගල සමරවීරට අයිතියක්‌ නැති බවට රියර් අද්මිරාල් සරත් වීරසේකර සහ ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ සභාපති සුනිල් චන්ද්‍රකුමාර් විසින් ඉදිරිපත් කළ වාර්තාවෙනි.

මේ වාර්තාව ගැන බ්‍රිතාන්‍ය රාජ්‍ය නීතිඥ ජෙෆ්රි නයිස්‌ පවසා ඇත්තේ ජිනීවා යෝජනාවට එකඟත්වය පළකළ යුත්තේ ජනාධිපති මිස විදේශ ඇමැති නොවන බවයි.

දැන් එම තර්කය රැගත් වාර්තාව නව මානව හිමිකම් කොමසාරිස්‌වරයා වූ මිචෙලි බැචලට්‌ වෙත ඉදිරිපත් වී ඇත.

මෙයට අමතරව මානව හිමිකම් කවුන්සිල ඉතිහාසයේ ප්‍රථම වරට කොටි සිදුකළ බිහිසුණු යුද අපරාධයක්‌ වූ තිරුක්‌කෝවිල් සමූල ඝාතනය ගැනද මිචෙලි බැචලට්‌ වෙත පැමිණිල්ලක්‌ ඉදිරිපත් කෙරේ.

මෙතෙක්‌ ශ්‍රී ලංකාවේ කිසිදු රජයක්‌ කොටි යුද අපරාධ ගැන මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කිරීමට ක්‍රියාකළේ නැත.

අප මේ ඇත්ත තත්ත්වය හෙළි කළ විට කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ටයිපටි මාරුකරන බලධාරීන් පැවසුවේ තානාපති ක්‍රමවේද මත කටයුතු කරන බවයි.

එහෙත් අද වනතෙක්‌ විදේශ කටයුතු බලධාරීන් කොටි යුද අපරාධ මානව හිමිකම් කවුන්සිලය හමුවේ යොමුකිරීමට ක්‍රියාකර නැත. එහෙත් ගෝලීය ශ්‍රී ලංකා සංසදය මෙවර ජිනීවා කොටි නැටුමට ප්‍රසිද්ධියේ අභියෝග කර ඇත. ඒ අනුව සිංහ කොටි සටන 39 වැනි මානව හිමිකම් සමුළුව තුළ මහා පරිමාණයෙන් දියත් වී ඇත.

මේ සඳහා රියර් අද්මිරාල් සරත් වීරසේකර – හිටපු විශේෂ කාර්ය බළකා නිලධාරියකු වූ ජගත් විමල, අජන්ත ප්‍රේමරත්න, සේනක රාජපක්‍ෂ, එරික්‌ මාකෙවිට, සුනිල් චන්ද්‍රකුමාර, යසස්‌ ධර්මදාස, ජයරාඡ් පළිහවඩන, මාරී විලියම්ස්‌, ලලිත් ප්‍රේමතිලක, ජගත් චන්ද්‍රවංශ ඇතුළු රටවල් 6 ක දේශප්‍රේමීහු ඉදිරිපත් වී තිබේ.

මෝහන්රා- මරියදාස්‌ ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී මෙවන් තත්ත්වයක්‌ බලාපොරොත්තු වූයේ නැත.

ඔහුගේ තමිල්නාඩු මෙහෙයුම එක වරම බිඳ වැටුණේ ඉන්දීය රජය කිරුබාකරන් ගාන්ධි අත්අඩංගුවට පත්වීමෙනි.

මේ නිසා 39 වැනි මානව හිමිකම් සැසිවාරයට සහභාගි වන බැංගලෝර් මහාචාර්ය පෝල් නිව්මන්ද බරපතළ අසීරුතාවකට පත්ව ඇත. එවන් තත්ත්වයක්‌ මත නිව්මන් මෙවර මරියදාස්‌ගේ ඉන්දීය විරෝධී සමාන්තර රැස්‌වීම්වලට සහභාගි වන්නේදැයි මෙතෙක්‌ වාර්තා වී නැත.

කෙසේ වෙතත් මොහන්රාඡ් මරියදාස්‌ගේ ජිනීවාහි ඊළාම් මෙහෙයුමට ගෝලීය ශ්‍රී ලංකා සංසදය අභියෝග කිරීම සුවිශේෂී සිද්ධියකි. මන්ද මානව හිමිකම් සමුළුව තුළ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කිරීම නිසා කොන්දක්‌ ඇති සිංහලයන් නැති බව කොටි ඩයස්‌පෝරාව ප්‍රචාරය කිරීමයි.

මෙලෙස ගෝලීය ශ්‍රී ලංකා සංසදය මෙවර මානව හිමිකම් සැසිවාරය තුළදී ජිනීවා යෝජනාවට එරෙහිවත් මානව හිමිකම් කොමසාරිස්‌ වාර්තාව අභියෝග කිරීමට ක්‍රියාකරන්නේ එම වාර්තාවේ ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා නැති බවට රජයේ උපදේශකයන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත වාර්තා කිරීමයි.

geneeva
මේ බව හෙළි වූයේ ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ නියෝජිත පිරිසක්‌ ජනාධිපතිවරයා හමුවූ අවස්‌ථාවේ මානව හිමිකම් කොමසාරිස්‌ වාර්තාවේ යුද අපරාධ යන වචනය සඳහන් නොවන බවට කර ඇති ප්‍රකාශයෙනි.

මේ පිළිබඳව රියර් අද්මිරාල් සරත් වීරසේකර – යසස්‌ ධර්මදාස කරුණු දක්‌වමින් මානව හිමිකම් වාර්තාවේ ඒ බව දැක්‌වෙන බව හෙළිකරනු ලැබීය. මානව හිමිකම් වාර්තාවේ ස්‌ථාන 37 ක යුද අපරාධ වචනය සඳහන් වෙතත් වගන්ති 1281 කින් සමන්විත එම වාර්තාවේ වගන්ති 27 ක යුද අපරාධ වචනය පැහැදිළිවම දක්‌වා තිබෙනවා. එසේම නිර්දේශ 39 කින් නිර්දේශ තුනකත් යුද අපරාධ ලෙස සඳහන් කර තිබෙන බව ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ සම ලේකම් යසස්‌ ධර්මදාස අනාවරණය කළේය.

මෙම වාර්තාවේ 193 සහ 194 වගන්තිය යුද අපරාධ මාතෘකාව යටතේත් 1243 වගන්තිය ශ්‍රී ලංකාවේ යුද අපරාධ යන මානව වර්ගයාට එරෙහිව අපරාධවලට නීතිමය පියවර ගැනීම යන මාතෘකාව යටතේද දක්‌වා ඇත. මේ හැර එම වාර්තාව පුරාම සඳහන් කර ඇති චෝදනා යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ ගණයට වැටෙන අතර ඉන් තහවුරු වන්නේ එම වාර්තාවේ 2 වැනි වගන්තියේ දැක්‌වෙන ආකාරයටම යුද අපරාධ චෝදනා එල්ල කර ඇත.

තවදුරටත් එම වාර්තාවෙන් ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර නීති දෙකක්‌ යටතේ චෝදනා ගොනුකර තිබේ. එනම් චෝදනා තුනක්‌ ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේද චෝදනා හතරක්‌ ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය යටතේ ගොනුකර තිබේ.

ජාත්‍යන්තර මානුෂිය නීතිය යටතේ ඉදිරිපත් කර ඇති චෝදනා මෙසේය.

01. සිවිල් සමාජය හෙවත් සිවිල් ආයතන මත ඇතිවන යුද්ධයේ බලපෑම් (I) අවිචාරවත් ලෙස බෝම්බ දැමීම (II) රෝහල්වලට බෝම්බ දැමීම.

02. යුද්ධය සමයේ සිවිල් ජනතාවට මානුෂීය ආධාර දීම වැළැක්‌වීම.

03. නීති විරෝධී මිනිස්‌ ඝාතන.

ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය යටතේ චෝදනා

04. මානව හිමිකම් උල්ලංඝනය කිරීම (නීති විරෝධීව අත්අඩංගුවට ගැනීම)

05. බලහත්කාරයෙන් අතුරුදන් කිරීම.

06. වධහිංසා පැමිණවීම.

07. ලිංගික අපරාධ.

මේ පිළිබඳව රියර් අද්මිරාල් සරත් වීරසේකර මෙලෙස කියා සිටියේය. “උපදේශකයන් ජනාධිපතිතුමාගෙන් මේ යුද අපරාධ චෝදනා වසන්කර තිබෙනවා. මෙය ඉතා බරපතළ කරුණක්‌. යම් දිනෙක එම උපදේශකයන්ට තොරතුරු වසන් කිරීම ගැන වගවීමට සිදුවෙයි.

රියර් අද්මිරාල්වරයා කර ඇති මෙම ප්‍රකාශය ගැන පුදුමවිය යුතු නැත. මෑතකදී විද්යුත් නාලිකාවක සාකච්ඡාවකට පැමිණි රජයේ දේශපාලනඥයෙක්‌ පැවසුවේ රජය ජිනීවා යෝජනාවට එකඟ වී නැති බවයි. මේ අතර ගෝලීය ශ්‍රී ලංකා සංසදය ජනාධිපති සිරිසේන මහතා වෙත පිටු තුනක සංදේශයක්‌ ඉදිරිපත් කර ඇත.

එහි මෙලෙස සඳහන් කර ඇත.

600 කට වැඩි දෙමළ ජනතාවක්‌ දඩාවතේ යන බල්ලන් ලෙස සළකා මරාදැමීමට කොටි ක්‍රියා කළ බව හිටපු මන්ත්‍රී සතාසිවම් කනගරත්නම් හෙළිකරනු ලැබුවා. කොටි ත්‍රස්‌තවාදියකු පැවසුවේ අත්වැරදීමකින් පුදුමාතලන් රෝහලට ෂෙල් වෙඩි ප්‍රහාරයක්‌ එල්ල කළ බවත් ඒ ගැන පසුව සමාව ඉල්ලා සිටි බවත්ය.

genewa5උගත් පාඩම් කොමිසම සහ පරණගම කොමිසම හමුවේ ඉදිරිපත් වූ සාක්‍ෂිවලින් යුද හමුදාව කිසි විටෙක යුද අපරාධ සිදුකර නැති බව තහවුරු වුණා. මේ නිසා ජිනීවා යෝජනාව යළි සලකා බැලීම සඳහා මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ සැසිවාරයක්‌ ඉල්ලා සිටින ලෙස අප ඉල්ලා සිටිනවා. එසේම ශ්‍රී ලංකාවට එල්ල කර ඇති යුද අපරාධ චෝදනා නිසි අධ්‍යයනයකින් තොරව එල්ල කර ඇති නිසා මුළු මානව හිමිකම් වාර්තාවම අහෝසි කරලීමට යෝජනා කර සම්මත කර ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින්නෙමු.

මේ අතර සිවිල් වැසියන් 40,000 ක්‌ මියගිය බවට දරුස්‌මාන් වාර්තාවෙන් එල්ල කර ඇති චෝදනා බොරු බවට සනාථ කරමින් බ්‍රිතාන්‍යයේ නේස්‌බි සාමිවරයා සොයාගෙන ඇති කරුණු පවා මානව හිමිකම් කවුන්සිලය වෙත යොමුකර අභියෝග කිරීමට යහපාලන රජය ක්‍රියාකර නැත.

එහෙත් මානව හිමිකම් කොමසාරිස්‌ගේ වාර්තාව ප්‍රයෝජනයට ගෙන ඇත්තේ කොටි ඩයස්‌පෝරාවයි.

අද ජිනීවා මානව හිමිකම් සැසිවාර තුළ මරියදාස්‌ බොස්‌කෝ ඇතුළු කොටි රැඟුම් දක්‌වන්නේ එම වාර්තාව උපයෝගී කර ගනිමිනි.

එසේ වුවත් මේ සත්‍යය ගැන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට වාර්තා වන්නේද?

මෙවර 39 වැනි ජිනීවා මානව හිමිකම් සැසිවාරය වෙත පැමිණෙන රජයේ දූත කණ්‌ඩායම මෙතෙක්‌ හෙළිකර නැත. එවන් දූත කණ්‌ඩායමක්‌ පැමිණියත් කොටි ඩයස්‌පෝරාව එල්ල කරන බොරු චෝදනාවලට ප්‍රතිචාර දක්‌වන්නේ නැත. එහෙත් 15 කට අධික ශ්‍රී ලාංකික සහ විදෙස්‌ගත දේශප්‍රේමීන් කණ්‌ඩායමක්‌ ශ්‍රී ලංකාව පිළිබඳ එක්‌සත් ජාතීන්ගේ වාර්තාව බොරු තොරතුරු මත සකස්‌ වූවක්‌ බව පෙන්නුම් කිරීමට ඉදිරිපත් වී සිටී.

ඊට තුර්කි මහාචාර්ය මෙහෙමට්‌ද සහභාගි වී ඇත. මෙයට පෙර සමාන්තර රැස්‌වීම්වලදී මහාචාර්ය මෙග්මට්‌ ජිනීවා වාර්තාව සාවද්‍ය බවට කරුණු දැක්‌වීම නිසා කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් ඔහු කෙරේ නොසතුට පළකර ශ්‍රී ලංකාවේ කටයුතුවලට මැදිහත් නොවන ලෙසට අනතුරු අඟවනු ලැබීය.

මේ අතර එක්‌සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාව සම්බන්ධ වාර්තාවට අභියෝග කිරීමට ශ්‍රී ලංකා රජය අද වනතෙක්‌ ක්‍රියා නොකිරීමද මවිතයකි. එහෙත් කොටි ඩයස්‌පෝරාව හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනී යස්‌මින් සූකා සමග එක්‌වී වන්නි මෙහෙයුමට දායක වූ හමුදා නිලධාරීන් 28 කගේ නම් යුද අපරාධකරුවන් ලෙස දක්‌වමින් බටහිර රටවලට ඉදිරිපත් කර ඇත.

එහි ප්‍රතිඵලය වූයේ මේජර් ජෙනරාල් චැගී ගාල්ලගේට ඔස්‌ටේ්‍රලියාවට යැමට වීසා බලපත් නොදීමයි.

එහෙත් කොටි සංවිධානයට අරමුදල් ලබාදීමට කටයුතු කළ විදෙස්‌ගත කොටින්ට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා යහපාලන රජය වීසා බලපත්දී ඇත.

ශ්‍රී ලංකා විරෝධී කැනඩා මන්ත්‍රී ගැරී ආනන්ද සංගරි – රාධිකා සීතා සබේෂන් නේතන් ෂාන් වැන්නවුන්ට වීසා දීමට රජය ක්‍රියාකර තිබුණි.

එසේම ශ්‍රී ලංකාව ද්‍රවිඩ ජාති සංහාරයක යෙදුණු බවට ජිනීවා සැසි වාරවලදී චෝදනා එල්ල කළ පෝල් නිව්මන් නමැති ඉන්දීය මහාචාර්යවරයාට මන්නාරම සමූහ මිනීවළක්‌ නිරීක්‍ෂණය කිරිමටද රජය ඉඩ දුන්නේය.

එහි ප්‍රතිඵලය වූයේ ඇමරිකානු සී.එන්.එන්. රූපවාහිනිය මන්නාරම සමූහ මිනීවළ පිළිබඳ සාවද්‍ය ප්‍රචාරයක්‌ දියත් කිරීමයි. මේ සමූහ මිනී වළේ තිබූ දම්වැලක්‌ දමා තිබූ පාදයක කොටසක්‌ මහාචාර්ය රා- සෝමදේවට හමුවිය. එහෙත් රජය ඒ ගැන නිහඬ විය.

මේ සමූහ මිනී වළ ජාත්‍යන්තරකරණය කිරීමට උතුරු ඇමැතිනි ආනන්දි ෂශීකරන්ද ඉදිරිපත් වී ඇත. එසේ වුවත් ඇගේ මිනීමරු සැමියා වූ එලීලන් මිනිස්‌ ඝාතන කොතරම් සංඛ්‍යාවක්‌ සිදුකර තිබේද? ඔහු කළ මිනිස්‌ ඝාතන ගැන මෙතෙක්‌ විමර්ශනයක්‌ ආරම්භ වී නැත.

මේ අතර ගෝලීය ශ්‍රී ලංකා සංසදය මේ වන විට ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත වාර්තා දෙකක්‌ ඉදිරිපත් කර ඇත. ඉන් ප්‍රධාන වාර්තාව හිටපු විදේශ ඇමැති මංගල සමරවීරට ජිනීවා යෝජනාවට අනුමැතිය දීමට බලයක්‌ නැති බවට දැක්‌වීමයි. මේ නීති තර්කය බ්‍රිතාන්‍ය රාජ්‍ය නීතිඥ ජෙප්රි කයිස්‌ගේ සහය මත ඉදිරිපත් වූවකි.

keerthi



657 Viewers