• Home »
  • Sinhala »
  • ජිනීවා සමුළුවට කඩා වැදී කොටි හිතවතා කොල බෙදයි; සැකකරු අත්අඩංගුවට

ජිනීවා සමුළුවට කඩා වැදී කොටි හිතවතා කොල බෙදයි; සැකකරු අත්අඩංගුවට

(Courtesy of The Divaina)

ජිනීවා මානව හිමිකම් සමුළුවට කඩාවැදී ශ්‍රී ලංකා ද්‍රවිඩ ජනතාව සංහාරය කළ බවට තානාපතිවරුන් අතර ලියවිල්ලක්‌ බෙදාහරිමින් සිටි කොටි ඩයස්‌පෝරා ප්‍රධානියකු වූ පත්මනාදන් මනිවන්නන් ආරක්‌ෂක නිලධාරීන් විසින් ඊයේ (14 දා) අත්අඩංගුවට ගෙන ඇත.

ආරක්‌ෂක නිලධාරීන් විසින් මොහු මානව හිමිකම් ශාලාවෙන් රැගෙන යන අවස්‌ථාවේ සමුළුවේ කටයුතු මඳ වේලාවකට නතර විය.

ශාලාවෙන් ඉවතට ගෙන යැමෙන් පසු ඔහුගේ ගමන් බෑගය පරීක්‌ෂාවට ලක්‌ කිරීමේදී රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව නමැති ලිපි ශිර්ෂය යටතේ මුද්‍රණය කර තිබූ ලියවිලි විශාල තොගයක්‌ හමුවී ඇත.

මනිවන්නන් ආරක්‌ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ අවස්‌ථාවේ කොටි ඩයස්‌පෝරා ප්‍රධානී බොස්‌කෝ ඇතුළු ඊළාම්වාදීන් විගස ශාලාවෙන් පිට වී ගොස්‌ ඇත.

මානව හිමිකම් සමුළුව තුළ ලියවිලි බෙදීම සම්පූර්ණයෙන් තහනම් වේ.

ශ්‍රී ලංකාව ද්‍රවිඩ ජාතිය සංහාරය සිදු කළ බවත් හිටපු රාජ්‍ය නායකයන්ට සහ හමුදා ප්‍රධානින්ට ඒ වෙනුවෙන් දඬුවම් දිය යුතු බවත් අදාළ ලියවිල්ලේ සඳහන්ව තිබිණි.

කීර්ති වර්ණකුලසූරිය



619 Viewers