• Home »
  • Sinhala »
  • ජීවිතාරක්ෂාවට LTTE දෙමළ ඩයස්පෝරාවේ අයත් ලංකාවට ඇවිත්

ජීවිතාරක්ෂාවට LTTE දෙමළ ඩයස්පෝරාවේ අයත් ලංකාවට ඇවිත්

ලොව පුරා කොරෝනා (කොවිඩ් -19) වසංගතය ව්‍යාප්ත වීමත් සමඟ ඇමෙරිකාව, එංගලන්තය, කැනඩාව, ඉන්දියාව ආදී රටවල සිටි ශ්‍රී ලාංකිකයන් ලක්ෂයකට අධික පිරිසක් ජීවිතාරක්ෂාව පතා මෙරටට පැමිණ ඇති බව වාර්තා වනවා.

මෙලෙස පැමිණි පිරිස අතර දේශපාලන රැකවරණ පතා යැයි කියමින් විදෙස් ගත වූ පිරිස් මෙන්ම දෙමළ ඩයස්පෝරාවේ අයද සිටින බව අනාවරණය වී තිබෙනවා.

ඉකුත් මාර්තු මස 01 වැනිදා සිට මැයි 07 දා වූ කාලය තුළ පමණක් මැදපෙරදිග හා යුරෝපා රටවල සිටි ශ්‍රී ලාංකිකයන් 61,679ක් මෙරටට පැමිණ සිටිනවා.

කොරෝනා වයිරසය හමුවේ ශ්‍රී ලංකාවේ තත්ත්වය යහපත් වීමත් මෙම වයිරසයෙන් ශ්‍රී ලංකාව තුළ මියගිය පිරිස නවදෙනකුට සීමා වී තිබීමත් නිසා යුරෝපීය රටවල හා අනෙකුත් රටවල සිටි දෙමළ ඩයස්පෝරාවේ පිරිස මෙරටට ඒමට පෙලඹී ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තු  නිලධාරියෙක් සඳහන් කළා.



13 Viewers