ජෙනරල් සලේට හොද පාඩම
මම ජෙනරල් සලේව දන්නෙ 2006 ඉදල. ඒ කාලෙ එල්ටීටීඊ එකත් එක්ක සාම ගිවිසුම්….. ප්‍රභාකරන් මාවිල් ආරු වහල යුද්දෙකට පාර කපා ගන්න ඔන්න මෙන්න….
සාම කාලෙ හින්ද එල්ටීටීඊ එකෙන් හමුදාව හොදටම අපහාස විදගෙන ඉවසගෙන හිටපු කාලයක්….
කර්නල් මුතාලිෆ් සහ මීඩින් තමයි ඒ කාලෙ බුද්ධි අංශ නිලදාරින් විදියට ප්‍රසිද්ධ….
මිලේනියම් සිටි සේෆ් හවුස් එක ගැන දැනගෙන එල්ටීටීඊ පිස්තෝල ටීම් එක ලන්කාව පුරාම සක්‍රීය වෙලා හිටපු කාලෙ…
මෙන්න මේ කාලෙදි තමයි සලේ භූමිකාව රටට වැදගත් වෙන්න පටන් ගන්නෙ…
සලේ කියන්නෙ…….
දිගු දුර මෙහෙයුම් වලට එල්ටීටීඊ එක ඉන්න කදවුරු හොයාගන්න අවශ්‍ය තොරතුරු විශේශ බලකායට සහ කමාන්ඩෝ බලකායට ලබාදෙන්න අවශ්ය චන්ද්‍රිකා චායාරූප තාක්ශනය ලංකාව තුල ස්තාපිත කරන්න මූලික වෙච්ච සාමාජිකයෙක්..
කෆීර් මිග් වගේ ගුවන් යානා භාවිතා කරල එල්ටීටීඊ කදවුරු සුනු විසුනු කරල දාන්න Air Force එකට අවශ්‍ය තොරතුරු (Target) ලබාදුන්න චායාරූප බුද්දි අන්ශය ආරම්භ කරන්න මූලිකත්වය අරගෙන වැඩ කරපු නිලදාරියෙක් (එල්ටීටීඊ දේශපාලන නායක තමිල් සෙල්වම් මැරුනෙ එහෙම ප්‍රහාරයකින්)
එල්ටීටීඊ එකේ පාවෙන අවි ගබඩා වුන යුදෝපකරණ එන නැව් වල ගමන් මාර්ග පිලිබදව නිවැරදිව හදුනාගන්න අවශ්‍ය තාක්ශනය ලන්කාවට ලබාගන්න පුරෝගාමී නිලදාරියෙක් …..( විනාශ කරපු නැව් වල ගමන් මාර්ගය සහ එන යුදෝපකරන පිලිබදව කල් තියා හදුනාගෙන ඒව විනාශ කරන්න තොරතුරු දුන්නෙ යුද්ධ හමුදා බුද්දි අංශය)…
එල්ටීටීඊය චන්ද්‍රිකා තාක්ශනය හරහා සිදුකරන සන්නිවේදන කටයුතු අනාවරනය කරගන්න අවශ්‍ය තාක්ශනය ලන්කාවට ලබාගන්න මූලික වෙච්ච නිලදාරියෙක්….
මානුශීය මෙහෙයුමෙන් බේරගන්න ලද සියලුම එල්ටීටීඊ සාමාජිකයන් පුනරුත්තාපනය කරල සමාජගත කිරීමේ ක්‍රමවේදය සකස් කරන්න මූලික වෙච්ච නිලදාරියෙක්…
විදේශ වල නැංගුරම් දාල තිබුන එල්ටීටීඊ අවි ගබඩා අඩංගු නැව් අත් අඩංගුවට ගන්න මූලික වෙච්ච නිලදාරියෙක්…
ප්‍රබාකරන්ගෙන් පස්සෙ එල්ටීටීඊ නායකය විදියට කටයුතු කරපු කේපී ඉතා සූක්ශම බුද්දි මෙහෙයුමකින් අත් අඩංගුව්ට අරගෙන ලංකාවට අරගෙන ඇවිත් දමිල ලමුන්ගේම යහපත උදෙසා කටයුතු කරන සමාජ සුබසාදකවරයකු බවට පරිවර්තනය කිරීමට කටයුතු කරපු නිලදාරියෙක්…
2009 මානුශීය මෙහෙයුමෙන් පස්සෙ එල්ටීටීඊය අවස්තා 15 කදි විතර කුඩා කන්ඩායම් විදියට සන්විදානය වීගෙන ආවත් ඒව සියල්ලම ආරම්භක අවස්තාවෙදිම ව්‍යර්ථ කරන්න මූලික වුන නිලදාරියෙක්…
එල්ටිටීඊ නායකයන් ඇතුලු ඉහල පෙලේ සාමාජිකයන් ලොකු ප්‍රමාණයක් ලේ නොහලා නිවැරදි මගට යොමු කරගත්ත බුද්දි නිලදාරියෙක්…
මේ ජෙනරල් සලේ කරපු වැඩ වලින් අතලොස්සක් විතරයි…
රටක පැවැත්මට අදාල බුද්ධි කරුනු ප්‍රදාන කොටස් තුනකට බෙදෙනවා..
1. Tactical Intelligence
2. Operational Intelligence
3. Strategic Intelligence කියල
කර් නල් මුතාලිෆ් සහ කර් නල් මීඩින් සම්බන්ද වුනේ ඔය කිව්ව කරුනු වලින් උඩ දෙකට විතරයි (Tactical Intelligence and Operational Intelligence). ඒ වුනාට ජෙනරල් සලේ ඔය තුනටම හොද දක්ශයෙක්.
වැඩිය සද්ද බද්ද නැති තමන්ගෙ පව්ල් ජීවිතයට වඩා රාජකාරි ජීවිතය ගැන ලොකු උනන්දුවකින් වැඩ කරන නිලදාරියෙක්…
ඒ කාලෙ හුගක් බුද්ධි නිලදාරින් තමන්ගෙ ආරක්ශාවට පිස්තෝල පාවිච්චි කලා…ඒ වුනාට ජෙනරල් සලේ පිස්තෝල පාවිච්චි කලේ නැහැ…
උදේ 7.30 වෙනකොට ඔෆිස් එකට ඇවිල්ල රෑ 8 ට විතර ගෙදර යන චරිතයක්…
නිලතල ගැන වැඩි උනන්දුවක් නැති කම්කරුවගෙ ඉදල ඉහලම නිලදාරියා දක්වා වෙනසක් නැතිව එක විදියට සලකන උසස් මනුස්ස ගති තියෙන මිනිහෙක්…
ඔෆිස් එකේ සුලු සේවකයකුගෙ ප්‍රශ්නයකදි වුනත් ඒ ප්‍රශ්නෙ තමන්ගෙ ප්‍රශ්නයක් කරගෙන පුලුවන් උපරිමයෙන් උදව් කරන නිලදාරියෙක්….
වෙනස් විදියට හිතන,තමන්ගෙ ජීවිතයටත් වඩා රටට ආදරය කරන මනුස්සයෙක්…
තමන්ගෙ දරුවන්ට සහ රටේ දරුවන්ට එකම විදියට සලකන මිනිහෙක් මම දැක්කනම් ඒ ජෙනරල් සලේ විතරමයි….
චැනල් 4 වීඩියෝව හරහා පිටරටවල්වල මිනිස්සු ජෙනරල්ට චෝදනා කරන එක ගැන මම පුදුම වෙන්නෙ නැහැ…
ලන්කාව අස්තාවර කරන්න නම් ජෙනරල් සලේ වගේ මිනිස්සු අයින් කරන්නම ඕන…
මට දුක තමන්ගෙ ජීවිතකාලෙම රට වෙනුවෙන් කැප කරපු මිනිහෙකුට ලන්කාවෙ ඉන්න ඇතැම් මිනිස්සු නිවැරදිව කරුනු කාරණා සොයා නොබලා ජෙනරල් ට චෝදනා කරන එක ගැන…පුදුම වෙන්න දේකුත් නැහැ. මේක ජෙනරල්ට චෝදනා එල්ල වෙන පලවෙනි අවස්තාව නෙවෙයි…
එක අතකින් මේක ජෙනරල්ටත් හොද පාඩමක්.. මිනිස්සු කොයි වගේද කියල ඉගෙන ගන්න….
… ජෙනරල් මේ චෝදනාවත් පුරුදු සිනාමුසු මූනෙන්ම විද දරා ගනීවි…..
වසන්ත රණසිංහ
19 Viewers