තරුණ බෞද්ධ සංගමය-යාපනය

අද 20 දින කොළඹ තරුණ සංගමයේ මඟ පෙන්වීමෙන් යාපනය වීරසිංහම් ශාලාවේදී යාපනය තරුණ බෞද්ධ සංගමය පිහිටුවීම සහ ඊට සමගාමීව යාපනය පුරා තෝරාගත් ගර්භණී මාතාවන් 250 කට අත්‍යවශ්‍ය භාණ්ඩ මල්ලක් බෙදාදීම සිදු කරන ලදී.
මේ සදහා ප්‍රධානත්වය ගන්නා ලද්දේ බොරැල්ල තරුණ බෞද්ධ සංගමයේ සභාපති ගරු මහේන්ද්‍ර ජයසේකර මැතිතුමා, එහි ලේකම්තුමා ඇතුළු නිලධාරී මණ්ඩලය, සහා නෙල්ලිගල හා කූරගල විහාරාධිකාරී වතුරකුඹුරේ ධම්මරතන (නෙල්ලිගල හාමුදුරුවෝ) නායක ස්වාමීන්වහන්සේය.
තව ද යාපනය නාගවිහාරයේ විහාරාධිපති මීගහජන්දුරේ සිරිවිමල නායක ස්වාමීන්වහන්සේ, විදේශගත ශ්‍රී ලාංකිකයන් ලෙස මව්බිම වෙනුවෙන් ඉතා විශාල මෙහෙයක් කරන ඕස්ට්‍රේලියාවේ SPUR සංවිධනය වෙනුවෙන් නිමල් ලියනගේ මහතාත්, යාපනය කාන්තා පෙරමුණේ සභාපතිනී තන්ගතුරෙයි දයානි මහත්මිය ඇතුළු කණ්ඩායමටත් මෙම වැඩසටහන සාර්ථක කරගැනීම වෙනුවෙන් විශාල කැප විමක් කරන ලදි.
ඉදිරියේදී උතුරු පලාත කේන්ද්‍ර කරගනිමින් බෞද්ධ ශාසනයේ හා සමාජීය යහ පැවැත්ම වෙනුවෙන් යාපනය තරුණ බෞද්ධ සංගමයේ ඉතා විශාල වගකීමක් ගනු ඇත.
17 Viewers