ත්‍රීකුණාමලේ

ලංකාවේ සුවිශේෂී ස්ථාන බහුලම දිස්ත්‍රික්කයකි. මේ බුද්ධ කල්පයේ අපේ රටේ ඉතිහාසය කියවෙන්නේ තපස්සු බල්ලික වෙලෙඳුන් පැමින තිරියාය සෑය සැදීමෙනි.
ඒ විජය රජු පැමිණීමට වසර 45කට පෙරය.
අප බුදුහිමි වැඩි, උන්වහන්සේ මල් පිදූ එකම බිම ත්‍රීකුණාමලේ සේරුවිල සෑ බිමයි.
බුදුහිමියන්ගේ විශාලම අස්ථි ධාතූන් වහන්සේ වන ලළාඨ ධාතු වැඩසිටින්නේ ත්‍රීකුණාමලේ සේරුවිල ය.
ලොව හොඳම ස්වභාවික වරාය ත්‍රීකුණාමලේ වරාය ය.

ත්‍රීකුණාමලේ පුල්මුඩේ ඛණිජ වැළි සංචිතය නිසි ලෙස මුදල් කළහොත්, මුළු රටටම නොමිලයේ ආහාර, විදුලිය , ජලය, ප්‍රවාහනය දීමට තරම් හැකිය.
එහි ජමේනියම්, ගානට්, සිලිකන් , හයි ටයිටේනියම්, ඉල්මනයිට්, රූටයිල් ආදී බොහෝ ඛණිජ වේ.

ත්‍රීකුණාමලේ, කන්තලේ සීනි සමාගම ආසියාවේ වූ විශාලම සීනි සමාගමයි.
එහි වගාකළ බිම අක්කර 26000කි, වගා කිරීමට තිබූ බිමද එපමණම වේ.
ත්‍රීකුණාමලේ, කන්තලේ වැව 2අග්බෝ රජු ඉදිකරනලද විශ්මයකි.

ත්‍රීකුණාමලේ, වෙල්ගම් වෙහෙර දෙවනිපෑතිස් රජ සමයේ දෙතිස් ඵලරුහ බෝධින් වහන්සේ නමක රෝපණය කර තිබූ පිංබිමකි.

ත්‍රීකුණාමලේ, කන්නියා උණුදිය උල්පත් 7 සුප්‍රසිද්ධ වේ.
ඒ අතීත භික්ෂු ආරෝග්‍ය ශාලාවකි.

ත්‍රීකුණාමලේ ,ලංකාපටුණ
හේමමාලා දන්ත කුමරු “වාම ශ්‍රී දළදා” වඩමවා පැමිණි බිමයි.

ත්‍රීකුණාමලේ “සද්ධාතිස්ස වෙහෙර”
සක්දෙවිඳු කන්තලේට වැඩිබවට ඉතිහාසයේ තොරතුරු ඉතිරිව ඇති එකම ස්තානයයි.

ත්‍රීකුණාමලය යනු අති සුවිශේෂී බිමකි.
වන්දනීය පූජනීය ස්තාන බොහෝය.
උතුම් පිං කෙතකි.
සංචාර සඳහා තෝතැන්නකි.

නිලාවේලි වෙරළ
මාබල් බීච්
ත්‍රීකුණාමලේ (රාජසිංහ) බලකොටුව
ගෝකර්ණ වෙහෙර
තෝපූර් විල්ගම් වෙහෙර
කන්තලේ වෙළුන්නාව
කන්තලේ මහමෙව්නාව
රන්ගිරි උල්පත”
ගජබා ලෙන් විහාරය
අරිසිමලේ වෙහෙර
කුච්චවේලි පිච්චමල් වෙහෙර
උල්පත්වැව උත්තරාරාමය
දිවුල්වැව දාගැබ
විල්ලන්කුලම දාගැබ

ආදී සියදහසක් තැන් ඇත. මෙහි ලියූවේ වටිනා තැන් හා ඉතිහාසගත ස්තාන ස්වල්පයක් පමණි.



34 Viewers