තිලීපන්ට මුවා වූ උතුරේ බෙදුම්වාදය

(Courtesy of Diwaina)

උතුරේ ද්‍රවිඩ මාධ්‍ය ද තිලීපන් වීරයකු බවට හුවා දක්වා තිබේ.

ත‍්‍රස්තවාදී අපරාධකරුවන්ට ප‍්‍රචාරයක් දීම ගැන එම මාධ්‍යය ද වරදකරුවන් වේ. 2009 දී කොටි ත‍්‍රස්තවාදී සංවිධානය පරාජය වුවත් තවදුරටත් සැමරුම් උත්සව පැවැත්වේ. මෙහිදී රජය විමර්ශනයට ලක් කළ යුත්තේ උතුරේ සංවිධානවලට කොටි සැමරුම් සඳහා කොපමණ මුදල් ලැබෙන්නේද යන්නයි.

රජය උතුරේ බෙදුම්වාදී ද්‍රවිඩයන්ගේ තිලීපන් සමරුවට ඉඩ දුන්නොත් මීළඟට ප‍්‍රභාකරන් පමණක් නොව, මරුමුවට පත්වූ මරාගෙන මැරෙන කොටි බෝම්බකරුවන් ද හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි ඝාතනය කළ ධනු නමැති බෝම්බකාරිය සැමරීමද සිදු වේ.

වසර 33 කට පෙර බොරු උපවාසයකින් මියගිය තිලීපන් කොටි ත‍්‍රස්තවාදියා සැමරීමට ද්‍රවිඩ බංකොළොත් දේශපාලකයන් විසින් උතුරේ හර්තාල් මෙහෙයුමක් දියත් කර තිබුණි. මේ තිලීපන් කවුද? 1986 වසරේදී හමුදාව සමඟ ඇතිවූ ගැටුමකින් තිලීපන් බරපතළ තුවාල ලැබීය. ප‍්‍රභාකරන් ඔහුව බෝට්ටුවක දමා තමිල්නාඩුවට ගෙන ගිය අතර එහිදී වෛiවරු පැවසුවේ තිලීපන් සුව නොවන බවත් මාස කීපයකදී මිය යන බවත් ය. මේ නිසා ආපසු යාපනයට ගෙන ආ තිලීපන්ට යෝජනාවක් ඉදිරිපත් කළ ප‍්‍රභාකරන් ව්‍යාජ උපවාසය ආරම්භ කළේය. මෙම උපවාසය අත්හැරීමට නම් ඉල්ලීම් පහක් ඉටු කළ යුතු බව ඔහු එවකට උතුරේ සිටි ඉන්දීය සාමහමුදාවට කියා සිටියේය. එහි ප‍්‍රධාන ඉල්ලීම වූයේ උතුරේ සිටින ශී‍්‍ර ලංකා හමුදාව ඉවත් කිරීමයි.

එහෙත් ඉන්දීය රෝ සංවිධානයට ප‍්‍රභාකරන් තිලීපන් ලවා සිදු කරන බොරුව වාර්තා විය. ඒ නිසා තිලීපන්ගේ ඉල්ලීම් කිසිවක් ඉටු වූයේ නැත. ප‍්‍රභාකරන් විසින් ඉදිරිපත් කළ ඉල්ලීම් සියල්ල යොමු වූයේ ඉන්දියාවටය.

එවන් පසුබිමක් මැද 1987 වසරේ සිදුවූ තිලීපන් මිය යෑම තම වාසිය උදෙසා උතුරේ ජනතාව හමුවට ගෙන ඒමට බෙදුම්වාදී පාර්ශ්ව කි‍්‍රයාකර ඇත.

එසේම තිලීපන් සැමරීම සඳහා ඉඩ දෙන ලෙස ශී‍්‍ර ලංකා රජයට නියෝග කරන ලෙස රටින් පිටත ඊළාම් ආණ්ඩුව නමැති තක්කඩි සංවිධානය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ද ඉල්ලා තිබේ. එසේ වුවත් ත‍්‍රස්තවාදීන් සැමරීම සඳහා අවසර දෙන ලෙස ශී‍්‍ර ලංකාවට උපදෙස් දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට හිමිකමක් නොමැත. තිලීපන් සමරුවට ඉඩ නොදීම ගැන විරෝධතා පැවැත්වීම සඳහා පේදුරුතුඩුව අධිකරණය ද ඉඩ දී නැත. එහෙත් හර්තාල් මෙහෙයුම නිසා උතුරේ ද්‍රවිඩ නිජබිම මුළුමනින්ම අඩපණ වී ඇතැයිද බෙදුම්වාදීහු පැවසූහ.

මෙම හර්තාල් මෙහෙයුම මත කඩ සාප්පු වසා දැමීම ද සිදු විය. ප‍්‍රභාකරන් උතුර පාලනය කරන සමයේද මෙවන් හර්තාල් මෙහෙයුම් දියත් වී වෙළෙඳසල් වසා දැමුණි. මේ කි‍්‍රයාදාමය ද දැන් සිදුවේ.

තිලීපන් සැමරුව පැවැත්වීමට පෙර උතුරේ ද්‍රවිඩ දේශපාලකයන් පිරිසක් ජනපති ගෝඨාභය රාජපක්‍ෂ වෙත සංදේශයක් යවමින් මියගිය පිරිස් සැමරීම තම අයිතියක් බව පවසනු ලැබීය.

එහෙත් මියගිය අය සැමරීම සඳහා යැයි කියන්නේ කොටි මිනීමරුවන් සැමරීමද? මේ අන්දමට ඉන්දියාව සීක් සහ කාශ්මීර් ත‍්‍රස්තයන් සැමරීමට ඉඩ දෙන්නේද?

තිලීපන් සැමරීම යුරෝපා රටවලදී ද සිදුවූ අතර ඊට සමගාමීව උතුර නැෙඟනහිර සමරු උත්සව පැවැත්වීමට ද සැලසුම් කර තිබිණි.

යහපාලන රජය යටතේ සංහිඳියාවේ මුවාවෙන් කොටි ත‍්‍රස්තයන් සැමරීම සඳහා ඉඩ දී තිබූ අතර මෙවරද නව රජය තමන්ට හිස නමනු ඇතැයි ගජේන්ද්‍ර කුමාර්, ශී‍්‍රධරන් සිවාජිලිංගම්, මාවයි සේනාධිරාජා, සුරේෂ්් පේ‍්‍රමචන්ද්‍රන් ඇතුළු ද්‍රවිඩ දේශපාලකයෝ අදහස් කළහ. එහෙත් තිලීපන් සමරුවට එරෙහිව පොලිසිය සහ හමුදාව කි‍්‍රයාත්මක විය.

තිලීපන් වෙනුවෙන් සැප්තැම්බර් 27 වැනිදා සිට ඔක්තෝබර් 10 වැනිදා දක්වා කඩ සාප්පු වසා දැමිය යුතු බවට උපදෙස් ද උතුරේ කඩ සාප්පු හිමියන්ට නිකුත් වී තිබිණි.

එහෙත් ඔක්තෝබර් 11 වැනිදා සිට තිලීපන් මරණින් නැඟිටිනු ඇතැයි කිව හැකිද? උතුරේ තිලීපන් සමරු මෙහෙයුමේ තවත් කි‍්‍රයාකාරියකු වූ නැෙඟනහිර වලිකාමම් ප‍්‍රාදේශීය සභාවේ නිරෝෂ් නමැති මන්තී‍්‍රවරයා තමන්ට හමුදාව තර්ජනය කළ බවට ද ප‍්‍රචාරයක් ගෙන යනු ලැබීය. මේ තර්ජන පුවත මොහොතකින් බි‍්‍රතාන්‍ය කොටි ඩයස්පෝරාව විසින් ද ප‍්‍රචාරය කෙරුණි.

උතුරුකරයේදී මෙලෙස මියගිය කොටි මිනීමරුවන් සැමරීමට ද්‍රවිඩ දේශපාලකයන් සහ කොටි හිතවාදීන් එක්ව කි‍්‍රයා කරන්නේ කොටි බෙදුම්වාදය තවදුරටත් ඉදිරියට ගෙන යෑමේ අරමුණෙනි. මෙයට වසර කිහිපයකට පෙර කොටි සොහොන් බිමක් ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා ද්‍රවිඩ සංධාන මන්තී‍්‍ර ශී‍්‍රධරන් රජයේ මුදල් ලබාදී තිබූ බව හෙළි විය.

තිලීපන් සමරුව පැවැත්වීමට ඉඩ නොදීමේ සිද්ධිය කොළඹ ද්‍රවිඩ මාධ්‍ය පාර්ශ්වයක් විසින් අගමැති මහින්ද රාජපක්‍ෂ වෙතින් විමසූ අවස්ථාවේ ඊපීඞීපී නායක ඩග්ලස් දේවානන්ද ඊට නිසි ප‍්‍රතිචාරය දැක්වූයේ තිලීපන් මිනීමරුවකු බව සනාථ කරමිනි.

මෙවර තිලීපන් සමරුවට මුල් වූයේ යාපනය විශ්වවිiාලයේ කොටි හිතවාදී ශිෂ්‍ය සංගමයයි. යාපනයේ හිටපු දේශපාලකයකු වූ එන්. ශී‍්‍ර කාන්තා නමැත්තා ද පොලිසියට නීතිය ඉගැන්වීමට ඉදිරිපත් වීමේ සිද්ධියක්ද අනාවරණය විය. එසේම උතුරේ පළ වන ද්‍රවිඩ පුවත්පත් හතරක්ද මිනීමරු තිලීපන්ට ප‍්‍රචාරයක් ලබාදීමට කි‍්‍රයා කර තිබිණි.

මෙලෙස කොටි මිනීමරුවන් සැමරීමට අරමුදල් සැපයෙන්නේ කොටි ඩයස්පෝරාවෙනි. ඇමරිකාවේ සිට කි‍්‍රයාත්මක වන පර්ල් නමැති සංවිධානය එවන් ඩයස්පෝරා සංවිධානයකි.

යහපාලන රජය දියත් කළ සංහිඳියාව නමැති අඥාන කි‍්‍රයාමාර්ගය නිසා විදේශගත කොටි හිතවාදීහු බුරුතු පිටින් උතුරට පැමිණියහ. මේ කොටි හිතවාදීන් ගැන නිරීක්‍ෂණය කිරීම හමුදාවට තහනම් විය. කැනඩාවේ කොටි හිතවාදී මන්තී‍්‍ර ගැරී ආනන්ද සංගරි, නේතන්ශාන්, රාධිකා සීතා සබෙයිසන් මෙන්ම ටොරොන්ටො නගරාධිපති ද හිටපු පොලිස් ප‍්‍රධානියාට ද උතුරට පැමිණීමට යහපාලන රජය වීසා බලපත‍්‍ර නිකුත් කරනු ලැබීය.

මේ හැර කැනඩාවට ගිය හිටපු උතුරු මහ ඇමැති විග්නේශ්වරන්ට අරමුදල් පවා ලැබිණි. මේ අතර නෝර්වේ සිට කි‍්‍රයාත්මක වන ටැමිල් නෙට් කොටි වෙබ් අඩවියද ශී‍්‍ර ලංකාවට එරෙහිව ජාත්‍යන්තර ප‍්‍රචාරයක් ගෙනයමින් මියගිය පිරිස සැමරීම මර්දනය කිරීමට රජය කි‍්‍රයා කරන බව කියා සිටියේය. මෙහිදී නැෙඟන බරපතළ ප‍්‍රශ්නය නම් කොටි මිනීමරුවන් සැමරීමට උතුරේ මාධ්‍යවලට ඉඩ දිය යුතු ද යන්නයි. මේ ද්‍රවිඩ මාධ්‍යය විසින් මිනීමරුවන් සැමරීමට කි‍්‍රයාකිරීම ත‍්‍රස්තවාදී පනත උල්ලංඝනය කිරීමකි. එම සැමරීම අදහස් ප‍්‍රකාශ කිරීමක් නොවේ.

මෑතකදී සීක් ත‍්‍රස්තවාදීන් සැමරීම සඳහා කැනඩාවේ සීක් සංවිධානය ට්විටර් අඩවිය භාවිතා කළ අවස්ථාවේ ඉන්දීය රජය ඊට එරෙහි විය. එසේම කොටි ත‍්‍රස්තයන්ගේ නිජබිම් සංකල්පය තවදුරටත් අහෝසි වී නැත. උතුරේ මාධ්‍ය නිජබිම් සංකල්පය :ඔ්පසක යදපැක්බා* තවදුරටත් කි‍්‍රයාත්මක කර ඇත.

මේ අතර ප‍්‍රංශය ද කොටි ත‍්‍රස්තයන් සැමරීමට ඉඩ දී තිබේ. පසුගිය සැප්තැම්බර් 15 වැනිදා ප‍්‍රංශ ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව නමින් හඳුන්වාගත් කොටි ඩයස්පෝරාව අලූත් කාර්යාලයක් ආරම්භකර තිලීපන් මිනීමරුවා සැමරූහ.

මේ අවස්ථාවට කොටි ජාත්‍යන්තර ජාලයේ 11 වැනියා වූ කිරුභාකරන් ද 2000 දී අලිමංකඩ කඳවුරට ප‍්‍රහාර එල්ල කිරීමේදී මියගිය දුර්යෝදන් නමැති ත‍්‍රස්තයාගේ සොහොයුරු ද තවත් කොටි හිතවාදීන් ද සහභාගි වී ඇත. මෙම පසුබිම මැද මියගිය කොටි ත‍්‍රස්තවාදීන් සැමරීම සඳහා යහපාලන රජය ඉඩදීම තුළින් සිදුවූයේ ත‍්‍රස්තවාදය පිළිගැනීමයි. 2018 වසරේදී තිලීපන් සැමරූ පාර්ශ්ව මෙසේයි.

1. නැෙඟනහිර විශ්වවිiාලයේ සිසුන්

2. ද්‍රවිඩ සංධානයේ එස්. කජෙන්ද්‍රන්

3. මාවයි සේනාධිරාජා

4. සුරේෂ්් පේ‍්‍රමචන්ද්‍රන්

5. පළාත් සභා හිටපු මන්තී‍්‍ර රවිකරන්

6. කෘසේඩර්ස් ඔෆ් ඩිමෝක‍්‍රසි නමැති හිටපු කොටි කි‍්‍රයාකාරීහු

1987 සැප්තැම්බර් 27 වැනිදා මියගිය තිලීපන් ගැන රුද්‍රරකුමාරන්ගේ රටින් පිටත ඊළාම් ආණ්ඩුුව එක්සත් ජාතීන්ගේ විශේෂ ¥තයන් වෙත දන්වා ඇත්තේ විරුවකු ලෙසයි. එහෙත් තිලීපන් ඝාතන රැුසකට සම්බන්ධ අපරාධකරුවෙකි. ඇමරිකානු රජය කොටි සංවිධානය තහනම් කර ඇතත් රටින් පිටත ඊළාම් ආණ්ඩුවේ ප‍්‍රධානි රුද්‍රරකුමාරන් එරටදී කොටි සැමරීමට කි‍්‍රයා කළේය. මේ අතර උතුරේ ද්‍රවිඩ දේශපාලකයන් රටේ ඒකීයභාවයට ප‍්‍රතිඥා දී පාර්ලිමේන්තුවේ අසුන් ගනිද්දී කොටි මිනීමරුවන් සමරන්නේ කෙසේද යන්න බරපතළ ප‍්‍රශ්නයකි.

මෙම සතියේදී විග්නේශ්වරන් ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් වෙත සංදේශයක් යවමින් ද්‍රවිඩ ජනතාවට ස්වයංපාලනය හිමිවිය යුතු බවත් ඉන්දීය කලාපයේ ආරක්‍ෂාවට තර්ජනයක් වී ඇත්තේ රජයේ කි‍්‍රයාමාර්ගය බවත් දන්්වා තිබුණි. මේ නිසා මානව හිමිකම් කොමසාරිස්වරියට සංදේශ යවා ස්වයංපාලනය ඉල්ලීමට විග්නේශ්වරන් කි‍්‍රයා කිරීම යනු බෙදුම්වාදී පිළිවෙතයි. ඉන් විග්නේශ්වරන් පාර්ලිමේන්තු සහ රටේ නීතියත් උල්ලංඝනය කර ඇත. අවි පුහුණුව ලත් ත‍්‍රස්තවාදීන් 15000 ක් උතුරේ සිටින බව ආරක්‍ෂක බලධාරීන් අමතක නොකළ යුතුය. 2015 යහපාලන රජය ආරම්භ වීමෙන් පසු 2019 නොවැම්බර් දක්වා රටේ ජාතික ආරක්‍ෂාව අරාජික යැයි මේ හිටපු ත‍්‍රස්තයන් දැන සිටියේ නැත. ඉස්ලාමීය අන්තවාදීන්ගේ ප‍්‍රහාරය වැළැක්වීමට යහපාලන රජයට නොහැකි වූ බව එම ත‍්‍රස්තයන්ටද අවබෝධ වූයේ ප‍්‍රහාරයෙන් පසුවය.

මේ තත්ත්වය මැද බෙදුම්වාදය සහ අන්තවාදය ද තවදුරටත් මෙරට රහසිගතව කි‍්‍රයාත්මක වන බව තහවුුරු වේ. එවන් පසුබිමක් මැද විදෙස්ගතවන මුස්ලිම් සහ ද්‍රවිඩ දේශපාලකයන්ගේ ගමන් බිමන් ගැන වත්මන් බුද්ධි අංශ නිරීක්‍ෂණය කළ යුතුය. කිසිදු මුස්ලිම් දේශපාලන පක්‍ෂයකට සම්බන්ධ නැති අතරමැදියෙක් පසුගිය කාලයේ මැද පෙරදිග රටවල් රැුසක සංචාරයක යෙදී තිබේ. මේ අතරමැදියා සූරිච් නුවර පැවැති ශී‍්‍ර ලාංකික මුස්ලිම් සමුළුවකට ද සහභාගි විය.

අයිසිස් කි‍්‍රයාකාරීන් මෙරට නැතැයි පැවසුවේද මොහුයි. ඉන් ඔහු මෙරට ජාතික ආරක්‍ෂාවටද මැදිහත්වී තිබේ. මේ අතර උතුරේ බෙදුම්වාදය සහ ඉස්ලාමීය අන්තවාදය සහ භයානක ක‍්‍රියාදාමයන් ශී‍්‍ර ලංකාව තුළ තවදුරටත් පවතී. මෙරට බහුතරය මේ අතරතුර තේරුම් ගෙන මුස්ලිම් සහ ද්‍රවිඩ දේශපාලකයන්ගේ බලය අඩපණ කිරීමට කි‍්‍රයා කළ යුතු කාලය එළැඹ ඇත.

මේ අතර තිලීපන් වැනි මිනීමරු කොටි සැමරීම සඳහා උතුරේ බෙදුම්වාදීන්ට හැකිවී ඇත්තේ යහපාලන රජය 424 ක්ම පැවැති කොටි ඩයස්පෝරා ලැයිස්තුවේ තහනම 154 කට අඩු කිරීමයි. එහෙත් මෙරට ජනතාවට එම සිද්ධිය වසන් වී තිබිණි. තහනම ඉවත් වූ කොටි ඩයස්පෝරා සංවිධාන දැන් පුරුදු පරිදි අරමුදල් එකතු කරන බව අනාවරණය වී ඇත. එසේම එම තහනම ඉවත් වූ සංවිධාන ජිනීව මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ජනපති, අගමැති, හමුදාපති , හිටපු ජනපතිනි චන්ද්‍රිකා,හිටපු හමුදාපති සරත් ෆොන්සේකා , හිටපු ජනපති ආර්. පේ‍්‍රමදාස යුද අපරාධකරුවන් ලෙස හඳුන්වමින් ඡුායාරූප ප‍්‍රදර්ශනය කරති. එසේ වුවත් යහපාලන රජය ඊට විරෝධය පෑවේ නැත.

මෙවන් පසුබිමක් මැද උතුරේ ජනතාව හමුවේ වීරයකු ලෙස තිලීපන්ව හුවා දැක්වීමට කි‍්‍රයා කරන්නන්් අත්අඩංගුවට ගෙන ඔවුන්ට උපරිම දඬුවම් දීමට රජය කි‍්‍රයා කළ යුතුයි.

උතුරේ ද්‍රවිඩ මාධ්‍ය ද තිලීපන් වීරයකු බවට හුවා දක්වා තිබේ. එවන් තත්ත්වයක් මත ත‍්‍රස්තවාදී අපරාධකරුවන්ට ප‍්‍රචාරයක් දීම ගැන එම මාධ්‍යය ද වරදකරුවන් වේ. 2009 දී කොටි ත‍්‍රස්තවාදී සංවිධානය පරාජය වුවත් තවදුරටත් සැමරුම් උත්සව පැවැත්වේ. මෙහිදී රජය විමර්ශනයට ලක් කළ යුත්තේ උතුරේ සංවිධානවලට කොටි සැමරුම් සඳහා කොපමණ මුදල් ලැබෙන්නේද යන්නයි.

මේ අතර තිලීපන් මිනීමරුවා සැමරීම සඳහා රජය ඉඩනොදීම ගැන ද්‍රවිඩ බෙදුම්වාදී දේශපාලකයන් නල්ලූර්හි ශාලාවක රැුස්වී ගත යුතු මීළඟ පියවර ගැන සාකච්ඡුා පවත්වා ඇත. එම සාකච්ඡුාවට ආවරණය කිරීමට උතුරේ මාධ්‍යවලට ඉඩදී නැත. මෙවර උතුරේ සියලූම දේශපාලන පක්‍ෂ (ඊපීඞීපී හැර* එම සාකච්ඡුාවට සහභාගි වී තිබේ. ආරංචි මාර්ග දක්වන අන්දමට ශී‍්‍ර ලංකා රජය තිලීපන් සැමරීමට ඉඩ නොදෙන බවට උතුරේ විවිධ පාර්ශ්ව එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටාරෙස් වෙතද පැමිණිලි කර ඇත. මෙයට වසර කීපයකට පෙර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නව්පිල්ලෙයි ද මියගිය අය සැමරීමට ඉඩදිය යුතු බව පවසා තිබුණි. කොටි මිනීමරුවන් වළ දමා ඇති සොහොන් කොත් හමුදාව විසින් ඉවත් කිරීම ගැනද ඇය විරෝධය පා තිබිණි.

රජය උතුරේ බෙදුම්වාදී ද්‍රවිඩයන්ගේ තිලීපන් සමරුවට ඉඩ දුන්නොත් මීළඟට ප‍්‍රභාකරන් පමණක් නොව, මරුමුවට පත්වූ මරාගෙන මැරෙන කොටි බෝම්බකරුවන් ද හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි ඝාතනය කළ ධනු නමැති බෝම්බකාරිය සැමරීමද සිදු වේ.


කීර්ති වර්ණකුලසූරිය



71 Viewers