• Home »
  • Sinhala Articles »
  • දළදා පෙරහැර සහ බෞද්ධයන්ගේ ශ්‍රේෂ්ඨ සම්ප්‍රදාය

දළදා පෙරහැර සහ බෞද්ධයන්ගේ ශ්‍රේෂ්ඨ සම්ප්‍රදාය

හෙළ ඓතිහාසික ගවේෂකයන් සහ සාම්ප්‍රදායික ජාතික චින්තකයන්ගේ මතයට අනුව ලංකාද්වීපයේ පැවැත්ම පවා දළදා සමිඳුන්ට භාරවී ඇති බව ඔවුන්ගේ මතයයි. එදා බුදුන් වහන්සේ විසින් චිරාත් කාලයක් බුදුදහම පවතින එකම දේශය ලෙස නම් කළාක් ලෙසම බෞද්ධ මුහුණුවර සහිත ලොව එකම ථේරවාදී බෞද්ධ රාජ්‍යය තුළ බුදුන් වහන්සේගේ යැයි ශේෂව පවතින ගෞරවාන්විතම ජීවමාන සාක්ෂිය වන නිසාම එම අදහස යථාර්ථවත් වූවකි. ඒ නිසාම බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ යන්නෙන් පවා මහනුවර දළදා මාළිගාව (ඔදදඑය ඍැකසජ ණ්බාහ) ලොව කා අතරත් ප්‍රසිද්ධ වී ඇත. එලෙස මෙහි ඉතිහාසය පිරික්සන විට බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් අටකට වඩා කාලයක් කාලිංග දේශයේ පූජෝපහාරයට ලක් වෙමින් පැවති දළදා වහන්සේ ක්‍රි.ව. 4 වන සියවසේදී මෙරටට වැඩමවීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඒ වෙනුවෙන් හටගත් යුද වාතාවරණයන්ය. ඒ අනුව එකී හේතූන් නිසාම (ක්‍රි.ව. 301-328) අවධියේ කිත්සිරිමෙවන් රජ දවස උතුම් දළදා වහන්සේ ලංකාවට වැඩම කරවා ඇති බව සැළකේ.

මහාවංශයේ ප්‍රධාන ඓතිහාසික සාධක පෙන්වා දෙන පරිදි අනුරාධපුරය, පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ සහ කෝට්ටේ වශයෙන් රාජධානි විතැන් වීමේදී ඇතිවූ පරසතුරු ආක්‍රමණවලදී පවා ඒ ඒ රාජධානිවල දළදා මැඳුරු ඉදිකරවා හැකි පමණින් දෛනික පූජා පැවැත්වීමටත් වාර්ෂික පෙරහැර මංගල්‍යය පැවැත්වීමටත් කටයුතු කර තිබේ. එකී ආකාරයෙන් පැවතුනු දළදා වහන්සේ වත්මන් මහනුවරට වැඩමවාලීමට පදනම සකස් වනුයේ ක්‍රි.ව. 1592 දී

1 වන විමලධර්මසූරිය රජු සෙංකඩල රාජ්‍යත්වයට පත්වී සිංහල රාජධානියක් පිහිටුවීමත් සමගය. වත්මන් මහනුවර දක්නට ලැබෙන පත්තිරිප්පුව සහිත දළදා මාළිගාවද එකල ඉදිවූ එකක් වන අතර එහිදී ඊට පෙර පෘතුගීසීන්ගෙන් ආරක්ෂා කොට සබරගමුවේ දෙල්ගමු විහාරස්ථානයේ ඉතා ආරක්ෂිතව සඟවා තිබූ දළදා වහන්සේ මහනුවරට වැඩම කරන ලදී. පරම්පරානුගතව පැවත එන නර්තන, වාදන සහ රංගන අංග රාශියකින් සමන්විත මහනුවර ඇසළ පෙරහැරේ වර්තමාන මුහුණුවර (ත්‍දරප) ගෙන ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ සිටයි.

එහිදී වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ අනුශාසනා පරිදි කීර්ති ශ්‍රී රාජසිංහ රජු (ක්‍රි.ව. 1747-1782) විසින් නාථ, කතරගම, විෂ්ණු, පත්තිනි යන සතර දේවාලයන්ගේද පෙරහැර එක් කිරීම තුළින් එයට වඩා බෞද්ධ මුහුණුවරක් ලැබුණු බව විද්වතුන්ගේ අදහසයි. කෙසේ වෙතත් එදා පටන් අද දක්වා ලාංකිකයන්ගේ උත්තරීතර ගෞරවාදරයට මෙය පත්ව ඇත්තේ වාර්ෂිකව කුමන අභියෝගයක් යටතේ වුවද දළදා පෙරහැර සිංහලයාගේ උතුම්ම ජාතික සංස්කෘතික (ක්‍මකඑමර්ක) අංගය ලෙස සැළකීමෙනි. එය වඩා මිත්‍යාවකට එහා ගිය ප්‍රබල ජීවමාන සම්ප්‍රදායක් බවට පත්වන්නේ සිත, කය, වචනය යන සියල්ලෙන් පේවෙන බෞද්ධයන්ගේ ජීවිතයන්හි වඩා උතුම්ම දාන කොටස පවා ඉතා පාරමිතා ගුණයකින් යුක්තව දළදා සමිඳුන්ට පූජා කරන නිසාය. ඒ තුළ රට සහ ජනතාව සශ්‍රීකත්වයට පත්වන බව එදා ලාංකිකයා තුළ මුල්බැසගෙන ඇත්තා සේම එය සැමදා යථාර්ථයක් බවට ද ජීවමාන සාක්ෂි ඇත. කෙසේ වෙතත් මෙවර ද ඉතා විශේෂ ලෙසින් මුළුමහත් රටවැසියන් දළදා සමිඳුන් පිහිටෙන් ප්‍රාර්ථනා කරනුයේ මෙම ජාතික අර්බුද ඇතුළු සියලු උපද්‍රව තුළින් රටත් ලෝකයත් මුදා පැහැබර අනාගතයක් ලංකාද්වීපයට ලැබේවා යනුවෙනි.

පසුගියදා වර්ෂ 2022 අති උතුම් මහනුවර දළදා මාළිගාවේ අවසාන රන්දෝලි පෙරහැර ගමන් කරන මොහොත තුළදී ද අප හමුවේ ඇති වූ නිර්මලම චේතනාව වනාහි අන් කවරකුත් නොව “මගේ රටට දළදා හිමි සරණයි” යන්නමයි.

සහන් ඇලෙක්සැන්ඩර්
ජනමාධ්‍ය අධ්‍යයනාංශය,
කොළඹ විශ්වවිද්‍යාලය,
ශ්‍රීපාලි මණ්ඩපය.



64 Viewers