“දිනෙන් දින වර්ධනය වන ගෝලීය LTTE යේ නව ප්රවණතාවයන්ට එරෙහිව අප සතු කාර්යභාරය” – LONDON INITIATIVE Centre for Global Policy Research
“දිනෙන් දින වර්ධනය වන ගෝලීය LTTE යේ නව ප්රවණතාවයන්ට එරෙහිව අප සතු කාර්යභාරය” යන මැයෙන් 2020. නොවැ. 29 දින, හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක, එංගලන්තයේ “ලන්ඩන් ඉනිෂියටිව්” සංවිධානයේ කැඳවුම්කරු නීතීඥ ජයරාජ් පලිහවඩන සහ කැනඩාවේ ඔන්ටේරියෝ ප්‍රතිපත්ති පර්යේෂණ කේන්ද්‍රයේ අධ්‍යක්ෂක මහාචාර්ය නෙවිල් හේවගේ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ වෙබිනාව (අන්තර්ජාල සම්මන්ත්‍රණය) ඔබට පහලින් නැරඹීමට හැක.
එංගලන්තයේ කොට් තහනම ඉවත් කිරීමට දුන් තීන්ඩුව සහ එයට එරෙහිවීමේ ක්‍රියාභාරය පිලිබඳ කතාව කැනඩාවේ ඔන්ටේරියෝ පාර්ලිමේන්තුවට “සිංහලයන් විසින් දෙමල ජාතියකයන් සමූලඝාතනය කලා” යයි යන බොරුව එහි පාසල් විෂය නිර්දේශයට ඇතුලත් කිරීමට ගෙන ආ පනත – bill 104 ගැන මෙහිදී සාකච්ඡා කෙරිණ.
යුද්ධය ඉවර වී දශකයක් ගෙවී ඇති මුත් තවමත් අවසන් නොකළ දේශයට එරෙහිව ඇති අනතුර පිලිබදව කතිකාවක් ඇති කිරීම මෙම සම්මන්ත්‍රණයේ අරමුණ විය.
2015-19 කාලයේ පසුබෑමට ලක් වී තිබුණත්, යුද්ධයෙන් පසු රට තුල නැවත සතුරාට ඉඩක් නොදීමේ මූලික ක්‍රියාභාරය ලෙස, බුද්ධි අංශ බලගන්වා කැලෑවල් තුලවත් සතුරාට එක් රැස්වී පන්තියක් වත් පවත්විය නොහැකි වන ලෙසට හමුදාව කටයුතු කළ බව කී හිටපු යුධ හමුදාපතිවරයා රටින් පිට සිටින සතුරාට උත්තර දීමට හැකි වන සේ යුද්ධයේදී සිදුවූ සත්‍ය තත්වය ලෝකයට කියාපාන බුද්ධිමය පර්යේෂණාත්මක ග්රන්ථ පල විය යුතු බවත්, එය ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වල සහ බුද්ධිමතුන්ගේ වගකීමක් බවත්, කල් ගත් වී තිබුනත් ඔවුන් ඉදිරියේදී ඒ පිලිබද ක්‍රියා කරනු ඇතැයි තමුන් විශ්වාස කරන බවද කියා සිටියේය.
විදේශගත ශ්‍රි ලාංකිකයන් විසින් LTTE බෙදුම්වාදයට එරෙහිව ක්‍රියාත්මක වීම තමුන් මහත් සේ අගයන බවත් හිටපු යුධ හමුදාපතිවරයා කියා සිටියේය.
මේ තර්ජනයට දේශීයව කලාපීයව ජාත්‍යන්තරව මුහුණ දෙන්නේ කෙසේද යන්න ගැන ක්‍රමවේදයක් නව රජය විසින් හදාගෙන යන බවත් දැනට තියෙන අභියෝග නිසා ඒවායේ ප්‍රමාණවත් ලෙස ඉදිරියට නොගිහින් තිබුනත්, ඉදිරියේදී එම තත්වයන් මග හැරෙනු ඇතැයි එතුමා කියා සිටියා.
රටට එරෙහි මෙම තර්ජනය දීර්ඝකාලීන තර්ජනයක් ලෙස සලකා ශ්‍රී ලංකා රජයත් විදේශගත දේශප්‍රේමීනුත් එක්ව, උපාය මාර්ග ගොඩනගා බුද්ධිමය ලෙස මෙම තර්ජනය ජයගත යුතු බව සම්මන්ත්‍රණයේ අවසන් නිගමනය විය.
මෙම සම්මන්ත්‍රණය එය සංවිධානය කළ සංවිධාන වෙනුවෙන් ස්විට්සර්ලන්තයේ රනිල් ජයනෙත්ති මහතා විසින් මෙහෙයවන ලදි.
Panelists:
General Daya Ratnayake (Ret.)
WWV RWP RSP VSV USP
Former Commander of the Sri Lanka Army
Dr. Neville Hewage, Ph.D.
Adjunct Professor, International Centre for Interdisciplinary Research in Law (if it is too long use ICIRL)
Laurentian University, Canada.
Jayaraj Palihawadana, L.L.B
Attorney- at- Law, Solicitor UK
Coordinator, London Initiative – UK
Moderator
Ranil Jayanetti, BSc, MSc, MBE
Political Activist, Switzerland
Organized by:
Ontario Centre for Policy Research, Canada,
London Initiative, UK
Federation of Expatriate – Sri Lankans
Global Srilankan Forum United Kingdom
Sril Lanka Canadian Action Coalition
Click link below to watch the whole Webinar
https://youtu.be/thVrH8Z87Sg
55 Viewers