• Home »
  • Sinhala Articles »
  • දෙමළ ජනතාව ශී‍්‍ර ලංකාවේ මුල් පදිංචිකරුවන් යැයි විග්නේෂ්වරන් කියන ප‍්‍රකාශය අසත්‍යක් – විවාදයකට එන්නැයි ගම්මන්පිලගෙන් අභියෝගයක්

දෙමළ ජනතාව ශී‍්‍ර ලංකාවේ මුල් පදිංචිකරුවන් යැයි විග්නේෂ්වරන් කියන ප‍්‍රකාශය අසත්‍යක් – විවාදයකට එන්නැයි ගම්මන්පිලගෙන් අභියෝගයක්

(Courtesy of Diwaina)

දෙමළ ජනතාව ලංකාවේ මුල් පදිංචිකරුවන් බවට විග්නේෂ්වරන් මන්තී‍්‍රවරයා කර ඇති ප‍්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බවත් කර ඇති එම ප‍්‍රකාශය සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධ විවාදයකට එන ලෙස තමා අභියෝග කර සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක බලශක්ති ඇමැති නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.

පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ කාර්යාලයේ ඊයේ (25 දා* පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් කතා කළ ඇමැතිවරයා මෙසේද කීය.

නම වන පාර්ලිමේන්තුව රැුස්වුණු පළමු දිනයේ කථානායකට සුබ පැතීමට නැගී සිටි සී.වී. විග්නේෂ්වරන් මන්ත‍්‍රීතුමා බොරු වැලක් පැවසුවා. දෙමළ භාෂාව ලොව පැරණිතම සජීවී භාෂාව බවත් ලංකාවේ මුල් පදිංචිකරුවන් දෙමළ ජනතාව බවත් ඔහු පැවසුවා. එතුමාගේ ප‍්‍රකාශය වැරදි බව ඔප්පු කළ හැක්කේ එයට විරෝධය පළ කිරීමෙන් නොවේ. එය බොරුවක් බව අප කරුණු සහිතව සනාථ කිරීමෙන්. දෙමළ ජනතාව කියන්නේ දෙමළ භාෂාව බිහි වුණේ ක‍්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ බවයි. නමුත් චීන අරාබි ග‍්‍රීක සහ බාස්ක් වැනි භාෂා ඊටත් වඩා පැරණි බව වාග් විද්‍යාඥයින්ගේ මතයයි.

මෙහි වඩාත් භයානක ප‍්‍රකාශය වන්නේ ශ‍්‍රී ලංකාවේ මුල් පදිංචිකරුවන් දෙමළ ජනතාව බවට එතුමන් කළ ප‍්‍රකාශයයි. එය කිසිම පුරාවිද්‍යාත්මකව ඉතිහාසගත සාක්ෂි මත ඔප්පු කළ නොහැකි පට්ටපල් බොරුවක්. ලන්දේසි යුගයේදී යාල්පානම් වෛපමාලෙයි ග‍්‍රන්තය ලන්දේසීන් විසින් රචනාකරවා ගන්නා තුරු දෙමළ ජනතාවට ඉතිහාස පොතක් වත් තිබුණේ නැහැ. එම නිසා සී. වී. විග්නේෂ්වරන් මහතාගේ මේ ප‍්‍රකාශයට විරෝධය පළ කිරීමෙන් එය බොරුවක් බවට පත් වන්නේ නැහැ. බොරුවක් වන්නේ එය බොරුවක් බව ඔප්පු කිරීමෙන් ම පමණයි. එතුමා ප‍්‍රකාශ කරන්නේ පට්ටපල් බොරුවක් බව ඔප්පු කිරීමට මා සූදානම්. එබැවින් ශ‍්‍රී ලංකාවේ මුල් පදිංචිකරුවන් දෙමළ ජනතාව ද කියන කාරණය පිළිබඳව මා සමග ප‍්‍රසිද්ධ විවාදයකට එන ලෙස සී. වී. විග්නේෂ්වරන් මන්ත‍්‍රීතුමාට මා අභියෝග කරනවා. එතුමා සතු සියලූම සාක්ෂි රැුගෙන එන්න. ඒ සියල්ල පදනම් විරහිත බව ඔප්පු කිරීමට මා සූදානම්.

ජාතියේ වාසනාවට විග්නේෂ්වරන් මන්ත‍්‍රීතුමාගේ අන්තවාදය උතුරේ ජනතාව ප‍්‍රතික්ෂේප කර තිබෙනවා. ඔහුට යාපනයේ ජනතාව මනාප දුන්නේ 21,554 ක් පමණයි. ආණ්ඩුව සමග සමගියෙන් කටයුතු කිරීම වෙනුවෙන් පෙනී සිටි අංගජන් රාමනාදන්ට මනාප 36,365 ක් සහ ඩග්ලස් දේවානන්දාට මනාප 32,146 ක් ලබාදීමට යාපනයේ ජනතාව කටයුතු කර බෙදුම්වාදය වෙනුවට සංවර්ධනය තෝරාගෙන තිබෙනවා. ඉතාම පැහැදිලිව උතුරේ ජනතාව තවදුරටත් දෙමළ බෙදුම්වාදීන් සමග ගමන් කිරීමට සූදානම් නැහැ. ඔවුන් දකුණේ ජනතාව සමග අත්වැල් බැඳ ගෙන ශ‍්‍රී ලංකාව සංවර්ධනය කරලා උතුරට එහි ප‍්‍රතිලාභ ගෙන යෑම වෙනුවෙන් පෙනී සිටිනවා කියන එකයි මේ මැතිවරණ ප‍්‍රතිඵලය හරහා විග්නේෂ්වරන් මන්ත‍්‍රීතුමන්ලා අත්කරගත් අන්ත පරාජය හරහා රටටත් ලෝකයටත් ලැබෙන පණිවිඩය.

ආරක්ෂක අමාත්‍යාංශය පිළිබඳ තිස්ස අත්තනායක කියන්නේ බොරු

ඊයේ මාධ්‍ය හමුවක් පවත්වා තිස්ස අත්තනායක මන්ත‍්‍රීතුමා ආරක්ෂක අමාත්‍යාංශය පිළිබඳ ලොකු බොරුවක් කිව්වා. ඒ තමයි 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව ආරක්ෂක අමාත්‍යාංශය ජනාධිපති යටතේ තබා ගන්න බැහැ කියන එක. ජනාධිපතිට ආරක්ෂක ඇමැති වෙන්න බෑ කියල ව්‍යස්ථාවේ කොතනද තිබෙන්නේ කියා මම තිස්ස මන්ත‍්‍රීතුමාගෙන් ප‍්‍රශ්න කරනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 4 (ආ* වගන්තිය අනුව ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනාධිපති විසින් ක‍්‍රියාත්මක කළ යුතුයි. ඒ වගන්තිය අනුව ආරක්ෂක ඇමති ධුරය වෙනත් ඇමැතිවරයකුට පවරන්නේ නැතිව ජනාධිපතිම රඳවා ගත යුතු බවට 2003 ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් තිබෙනවා.

19 වන සංශෝධනය ව්‍යවස්ථාවේ 4 වන වගන්තිය වෙනස් කළේ නෑ. ඒ වගන්තිය සංශෝධනය නොකර ආරක්ෂක අමාත්‍යාංශය වෙනත් ඇමැතිවරයකුට පවරන්න බෑ. ඒ වගන්තිය සංශෝධනය කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයකගේ අනුමැතියට අමතරව ජනමත විචාරණයක දී ජනතාව විසින් අනුමත කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර තිබෙනවා. තිස්ස අත්තනායක මන්ත‍්‍රීතුමා කියන විදිහට රටේ ජනාධිපතිවරයාට ආරක්ෂාව පිළිබඳ ලෝකයේ ඉන්න සුපිරිම විශේෂඥවරයාට ආරක්ෂක අමාත්‍යාංශය

දරාගැනීමට 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය බාධාවක් කියලා අත්තනායක මන්ත‍්‍රීවරයා කියනවනම් 19 අහෝසි කරන්න ඊටත් වඩා හොඳ හේතුවක් හොයාගන්න බෑ.

 ප‍්‍රශ්නය

 ඔබතුමන්ලා දහනම වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමේ බලාපොරොත්තුවකින් ද ඉන්නේ?

පිළිතුර

අප තුනෙන් දෙකක ජනවරමක් ඉල්ලූවේ ම කෙටිකාලීනව දහනම වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්නටත් දිගු කාලීනව නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්නටත් තමයි. ඒ ජනවරම ලැබිලා තියෙනවා. ඒ ජනවරමට අනුව අප විසින් කටයුතු කරනවා. 19 වන ව්‍යවස්ථාවේ තියෙන ඇතැම් සාධනීය ලක්ෂණ රැුකගෙන එහි තිබෙන රටට අහිතකර කරුණු ඉවත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙම අවස්ථාවට පක්‍ෂයේ ප‍්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක, නියෝජ්‍ය ජාතික සංවිධායක යසපාල කෝරළගේ යන මහත්වරු ද සහභාගි වූහ.

 ප‍්‍රශ්නය

දහනමය අහෝසි කරනවා වෙනුවට අලූත්ම ව්‍යවස්ථාවක් ගේන්න පුළුවන් නේද?

 පිළිතුර

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම යනු දීර්ඝකාලීන ක‍්‍රියාවලියක්. දහනමය ඉවත් කිරීම සඳහා තුනෙන් දෙකේ බලයක් ලබා දෙන්න කියලා අප ඉල්ලූවාම, දහනමය රැුකගන්න එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජන බලවේගය පෙනී සිටියා. ජනතාව ඔවුන්ට දුන්න පිළිතුර හැමෝම දන්න දෙයක්. අපට ලැබුණු ජනවරම අනුව අප ක‍්‍රියා කරනවා.

 ප‍්‍රශ්නය

 මෙතෙක් කලක් විවිධ සංශෝධන ගෙනාවා. ඉදිරියටත් එහෙම වෙයිද?

 පිළිතුර

අනිවාර්යෙන් අප නව ව්‍යවස්ථාවක් ගෙනවා. අලූත් කමිසය මහන්න ටිකක් කල් යනවා. ඒ නිසා තමයි 19 වතාවක් අන්ඩ දමපු මේ කමිසයට විසිවන අන්ඩයත් දාලා ඇඳලා ඒ කමිසේ ගලවලා දාලා අලූත් කමිසය ඇඳ ගන්න ඕනෑ.

අරුණ බෝගහවත්ත



12 Viewers