දේශද්‍රෝහීන්
පිල්ලයාන් හෙවත්, සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හරහා පාස්කු ප්‍රහාරයට ගෝඨාභය පටලවන්න දරපු උත්සාහයට බලවත් බාධකයක් විදිහට ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්ත අධිකරණයට FBI ආයතනය ලබා දුන්න වාර්ථාව හරස්,වීම සමග
මාළිමාවේ මීඩියා බලකාය වියරුවෙන් වගේ පුවත් අළුතින් මවනවා. (මෙහිදී මෙම වාර්ථාව FBI ආයතනය ඇමරිකන් අධිකරණයකට ඉදිරිපත් කරන්නේ රාජපක්ෂලාට සහයෝගයකට නොව එරට අධිකරණයට බොරුකරන්න එම FBI ආයතනය නොහැකි නිසාය )
ඒ අනුව දැනට රැදවුම්භාරයේ සිටින පිල්ලයාන් කට උත්තර දුන්නා කියලා කැබිලිතිගෝල්ලෑව බස් රථයට ප්‍රහාර එල්ල කිරීම ගෝඨාභයගේ උවමනාවට වුනා කියලා පෝස්ට් ෂෙයා කරනවා.
මම හිතන්නේ මේක රජය දැනුවත්ව කරන තක්කඩි ප්‍රචාරයක්.
පිල්ලයාන් එවැනි අණාවරණයක් කරා නමි ඒවා දැන් අද සමාජ මාධ්‍යයට එන්න විදිහක් නැ.
එහෙමනම් මේ සියල්ල සැළසුම් සහගතව කරන අපහාස වෙනවා.
මේ රජය මහින්ද රාජපක්ෂට සහ ගෝඨාභයට ජනතාවට නොපෙන්නුවාට පලි ගැනීමේ කු රිරුඋවමනාවකින් පෙලෙනවා ඒ ඩයස්පෝරා මුදල්,වෙනුවෙන්ද දන්නේ නෑ.
නමුත් කුමන හෝ ආකාරයට මානව අපරාධ චෝදනා මහින්දට සහ ගෝඨාභයටත් හමුදාවේ,තෝරාගත්ත චරිත ඉලක්ක කීපයකටත් එල්ල කරන්න මේ අනුර දිසානායකගේ මාළිමා රජය දිවා රෑ නැතුව සැලසුම් හදනවා.
ඇත්තටම මේ රජය නිර්මාණය කරලා තියෙන්නේ කාරණා තුනකට
ඒ,කාරණා වලට අවශ්‍ය රටේ පරිසරය හදනවා හැර මේ රජයට අවම තරමේ වෙනත් රජයක් මිළට ගත්ත වී ටිකවත් ගන්න අද බැරිවෙලා තිබෙනවා.
එනම්
01. ලංකා රජයට එල්ල වන දෙමළ ජනයා මරා දැම්මා කියන චෝදනාව හරහා නව ව්‍යවස්ථාවකින් අනාගතයේ බෙදී වෙන්වීමට හැකි පරිසරය නිර්මාණයකිරීම සහ නව ව්‍යවස්ථාව ස්ථාපිත කිරීම.
02 ජාතිකවාදී කදවුර නැවත වරක් රාජපක්ෂලා යටතේ එකතු වීම වැලැක්වීම ඒ හරහා බෙදුම්වාදී සැලැස්මට බාධා වීම වැලැක්වීමට අපරාධ චෝදනා මුල්‍ය චෝදනා වලට අදාල සාවද්‍ය හෝ සාක්ෂි නිර්මාණය කර ඒවා නඩු වලට අදාලව ක්‍රියාත්මක කිරීම
03 ඉන්දීය අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී සිටිමින් එය බලගන්වමින් චීන මිත්‍රත්වය සහ අවශ්‍ය අවස්ථාවක චීනය සහ රුසියාව එ ජා මහා මංඩලය තුළ ලංකාවට පක්ෂව නිෂේධ බලය පාවිච්චි කිරීම නතර කරවීමට අදාලව කටයුතු කිරීම
මෙයට හැර යමක්, මේ රජය මේ,තාක් කරන කිසිම ක්‍රියාවක් සෘජුව හෝ,වක්‍රව ක්‍රියාත්මක කර නැත.
IMF වැඩ සටහන යටතේ මහ බැංකු අධිපතිවරයා සම මුදල් අමාත්‍යංශයේ ලේකම් වරයා IMF ප්‍රධාන කාර්යළෙයේ නියමන් ක්‍රියාත්මක කරන වපසරියට අදාලව කරහැකි වියදම් වලට සෙල්ලම් පෙන්නනවා හැර වෙන යමක් කරන්නට නොහැක.
මේ ආන්ඩුව නටවන්නේ බටහිර අවශ්‍යතා වෙනුවෙනි. එයට අදාලව බලල්ලු ලවා කොස් ඇට බෑවීමේදී ජවිපය සහ මාළිමා රජය බලලා ගේ චරිතයට පණ පොවමින් ඇත.
ජවිපය සහිත මාළිමා රජයට රැදෙන්න නම් බටහිර සහ දෙමළ ඩයස්පෝරා සහ ඉන්දීය අවශ්‍යතා වලට කර තැබිය යුතුය.
ඔවුන් ඔවුන්ට බලය ලබා දුන්න ජනතාවට වඩා මෙම බාහිර පාර්ශව තුනේ අවශ්‍යතානය ඉටු කිරීමට වෙහෙසෙන බව මෙම මාස 06 තුළ පෙන්වා ඇත.
එහිදී ඔබ හොදින් බැලුවොත් අනුර සහ මාළිමාව
බළයට එන්න පෙර කී සියළු බොරු ලංකා ජනතාවට අදාල වන අතර
බලයට පැමිණ මේ මාස 06 තුළ කරන ලද බහුතරයක් කාරණා ඉහත පාර්ශව තුනට අදාල කාරණා වේ.
……………නුවන් මොණරවිළ……………….
4 Viewers





