• Home »
  • Sinhala News »
  • දේශප්‍රේමි ජාතික පෙරමුණෙන් මන්නාරමට නාම යෝජනා – උතුරු, නැගෙනහිර යළි සිංහල ජනතාව පදිංචි කළ යුතු බවත් සඳහන් කරයි

දේශප්‍රේමි ජාතික පෙරමුණෙන් මන්නාරමට නාම යෝජනා – උතුරු, නැගෙනහිර යළි සිංහල ජනතාව පදිංචි කළ යුතු බවත් සඳහන් කරයි

ඉදිරියේ පැවත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා දේශප්‍රේමී ජාතික පෙරමුණ විසින් මන්නාරම් දිස්ත්‍රික්කයේ නනාටන් සහ මුසලි ප්‍රාදේශිය සභා සඳහා නාමයෝජනා අත්සන් කිරීම සිදුකරන ලදී.

දේශප්‍රේමි ජාතික පෙරමුණ පවසන්නේ ජාතික සමගිය සහ සංහිදියාව සඳහා සියලු වාර්ගිකත්වයන් පසෙක තබා ජාතිය ගොඩනැංවීම සඳහා කටයුතු කළ යුතු බවයි.

වාර්ගික බෙදිම් අනුව පළාත් බෙදීම ගෝත්‍රික උපායමාර්ගයක් ලෙස හෙළා දකින දේශප්‍රේමි ජාතික පෙරමුණ විවිධ වාර්ගිකත්වයන් එකට ජීවත් වීමෙන් සංස්කෘතිකව සම්මිශ්‍රණය විමෙන් ජාතිය ගොඩනැගිය යුතුබව සදහන් කරයි.

පසුගිය එල්ටීටීඊ ත්‍රස්තවාදි කාලයට පෙර උතුරු සහ නැගෙනහිර පදිංචිව සිටි සිංහල ජනතාව යළි පදිංචි කිරිම ජාතික සංහිඳියාවේ අත්‍යාවශ්‍ය කාරණයක් බවත් එම පෙරමුණ පෙන්වා දෙයි.

එමෙන්ම පසුගිය වසර ගණනාවක් 5 වසර ශිෂ්‍යත්වය සඳහා මන්නාරම, මුලතිව් ,කිලිනොච්චි සහ යාපනය දිස්ත්‍රික්ක වල කිසිදු සිංහල දරුවකු පෙනී සිට නැති බවත්, යුද්ධයට පෙර සිංහල පවුල් 20000 ක් පමණ මන්නාරම දිස්ත්‍රික්කයේ ජිවත් වු බව සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවේ වාර්තා තහවුරු කරන බවත් දේශප්‍රේමි ජාතික පෙරමුණ පවසයි.



22 Viewers