• Home »
  • Sinhala Articles »
  • දේශපාලනය වෙනුවෙන් දේශාභිමානය අවභාවිතා කිරීම.

දේශපාලනය වෙනුවෙන් දේශාභිමානය අවභාවිතා කිරීම.

ගෝඨාගමනයට පෙරාතුව මරණ දණ්ඩනය නියම වූ රණවිරුවන් නිදහස් කරන්නැයි ඉල්ලීම් ගණනාවක් විය. මේ ඉල්ලීම් හැම එකක්ම විවාදයකින් තොරවම සර්ව සාධාරණය.

කොටි සංවිධානයේ නායකයෙකුව සිටි කරුණා අම්මාන්, පිල්ලෙයාන් පාර්ලිමේන්තුව, පළාත් සභාව නියෝජනය කළේනම්, රාජ්‍ය දේශපාලන රැකවරණය ලැබුවේනම් අදටත් ලබන්නේනම්……?
දළදා මාළිගාවට, (JVP යද ඇතුළුව) ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට, මහ බැංකුවට, ගලධාරියට, කැබිතිගොල්ලෑවෙ බස් එකට, රඹෑවෙ බස් එකට බෝම්බ, සහ ප්‍රහාර එල්ල කරමින් සාමාන්‍ය සීහළ ජනතාව ඉලක්ක කරගනිමින් එල්ල කළ කෲර, ම්ලේච්ඡ ත්‍රස්තවාදීන්ගේ පුළුටකට පවා ප්‍රහාර එල්ල කිරීමට සීහළ හමුදාව පෙළඹීම සර්ව සාධාරණය. (මෙය බෞද්ධයෙකු ලෙස මා කියන කතාවක් නොව පුථුජ්ජන මනුස්සයෙකු ලෙස කියන කතාවක් බව කරුණාවෙන් සළකන්න)

එහෙත් එකී සීහළ හමුදා සොල්දාදුවන් සහ රණවිරුවන්ට මරණ දණ්ඩනය දීමත් පිල්ලෙයාන් සහ කරුණා අම්මාන්ලා ද අනුර ලාල් විජිත ඇතුළු ත්‍රස්තවාදීන් නිදහසේ සිටීමද මට දැඩි කුතුහලයකි.

මේ කාගේ උවමනාවක්ද…? මේ ක්‍රියාන්විතය කාගේද…?

දැන් අවසන් වරට පැවැති පාර්ලිමේන්තු මැතිවරණයයි. මේ මැතිවරණය නිවේදනය කරන විට සුනිල් රත්නායක ඇතුළු රණවිරුවන් 7 දෙනෙකුට මරණීය දණ්ඩනය හිමිව තිබින. මේ අයව නිදහස් කරන ලෙස ඉල්ලා නීතීඥ මේජර් අජිත් ප්‍රසන්න, Ajith Prasanna කපිතාන් අසේල ධර්මසිරි, Jayalal Nissanka මෙන්ම මමත් දැවැන්ත වැඩකොටසක් කළෙමු.

අනුරාධපුර සිට කතරගම දක්වා පා ගමන් යමින්, තැන තැන උද්ඝෝෂණ, සාමකාමී දැනුවත් කිරීම් සංවිධානය කරමින් උක්ත හමුදා නිලධාරීන් දැවැන්ත කාර්‍යභාරයක් කළේය.

අවසාන වශයෙන් මැතිවරණයේ නාමයෝජනා භාර දෙන අවස්ථාවේදී රණවිරු සුනිල් රත්නායකගේ බිරිඳ වෙනත් දේශපාලන පක්ෂයකින් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන බවත් රණවිරු ඡන්ද එයින් ප්‍රධාන දේශපාලන පක්ෂවලට නොලැබෙන බවටත දැඩි බලපෑමක් එල්ල කරමින් රණවිරු සුනිල් රත්නායකට ජනාධිපති සමාව ලබාගැනීමට හැකි විය.

මේ වෙනුවෙන් අරගල කළවුන් පැත්තක තිබියදී, නිදහස් කළවුන් මැතිවරණයෙන් ජය ලැබීය. එය මේ රටේ දේශපාලනයයි.

දැන් තවත් මාතෘකාවක් කරලියට පැමිණ ඇත. සුනිල් රත්නායක නිදහස් කළ ගෝඨාභය රාජපක්ෂ මහත්මාට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පිරිසක් සූදානම් වෙයි. මේ පිරිස කවුද…? ඔවුන්ගෙ උවමනාව කුමක්ද…?
ඔවුන් පෙනී හිටින්නේ කවුරුන් වෙනුවෙන්ද…?
සැකයක් නැත. ඔවුන් පෙනී හිටින්නේ අලු යට ත්‍රස්තවාදී දමිළයින්ගේ ඡන්දවලින් බලයට පත්වීමට කැස කවන කොට්ඨාෂයකි.

උප්පැන්න නැතිවත් පහුගිය දවස්වල ජාතික හැඳුනුම්පත් දුන්නේද ඒකටය. අනවසරයෙන් තමිල්නාඩුවෙන්ද, අරාබියෙන්ද, වව්නියාවෙන් උඩහටද, විල්පත්තුව මන්නාරම දිහාටද සංක්‍රමණය වී සිටින පරදේසක්කාර තම්බින්ට සහ දෙමළාට මේ සුජාත සීහළ භූමියේ අයිතිය ලබා දෙන්නටත් ඒ හරහා ඡන්ද ලබාගෙන බලයට එන්නටත් ය.

මේ වින්නැහිය පේන්නෙ කාටද..? දකින්නේ කවුද…? මේ ක්‍රියාවලියට එරෙහි වන්නේ කවුද…? ඔහු සැබෑම සීහළයාය. ටැලිපෝනියාටද, පොහොට්ටුවාටද, අලියාටද, මාලිමාවාටද සීහළයා කියන්නේ මොකාදැයි වැටහීමක් නැත්තේය. කොටින්ම උන්ගේ උප්පැන්නයේ ජාතිය ලෙස සඳහන්ව ඇති තැන උන්ට පේන්නේ නැත. ඒ තරමටම උන් අවජාතක ය.

මම සීහළ සුසන්ත රණුක කුමාරසිංහ



28 Viewers