නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ජාතික අධ්‍යාපන ආයතනයේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ද සැක
දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුවිය යුතුයි කියන කණ්ඩායමක සාමාජිකයෙක් වශයෙන් සහ තමන්ගේ දරුවාට සිදුවූ අසාධාරණය රටේ අනිකුත් සමස්ත දරුවන්ට සිදු නොවිය යුතුයි සිතන දෙමාපියෙක් වශයෙන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන නිහඬව සිටීම සුදුසු නැති බව සහ ඒ සම්බන්ධයෙන් මා දන්නා තොරතුරු හෙළිදරව් කළ යුතුව ඇති නිසා මේසේ ලියමි
අපේ රට තිස් අවුරුදු බෙදුම්වාදී යුද්ධය නිමාවී ඇතත් අපේ රටේ අධ්‍යාපන ක්‍රමය බෙදුම් වාදයට උඩගෙඩි දෙන අධ්‍යාපන ක්‍රමයක් බව නොකිව මනාය
අපේ රටේ දරුවන් එකිනෙකට වෙනස් අධ්‍යාපන ක්‍රම හදාරන අතර එමගින් අනාගත දරුවන් වෙනස් විදියට සිතන දරුවන් ලෙස සමාජගත වීම වැළැක්විය නොහැක .
රටේ පාලකයන් කළ යුත්තේ රටේ සියලුම දරුවන් එකට සිතන එක අධ්‍යාපන ක්‍රමයක් යටතට ගෙන ඒම මිස දරුවන් කොටසකට අනවශ්‍ය බර පැටවීම නොවේ .
අපේ රටේ සිසුන් කොටසක් මද්‍රසා පාසැල් තුළත් තවත් කොටසක් අරාබි පාසල් තුලත් තවත් කොටසක් ජාත්‍යන්තර පාසල් තුළත් තවත් කොටසක් ජාතික පාසල් පද්ධතිය තුලත් එකිනෙකට වෙනස් ආකාරයේ අධ්‍යාපනයක් ලබමින් සිටී එමගින් කොටසක් අරාබියේ ඉතිහාසය තවත් කොටසක් එංගලන්තයේ ඉතිහාසය සහ තවත් කොටසක් ශ්‍රී ලංකාවේ ඉතිහාසය හැදෑරීම තුළින් බිහිවන අනාගත සිසුන් වැඩිහිටියන් වූ විට එකට සිතීමට හැකියාවක් ලබා ගැනීමට මේ අනුව කිසිසේත්ම හැකියාවක් නොමැති බව පෙනේ
අපේ රට අපේ මව්බිම යන අදහසින් යුතුව රට ගැන සිතිමට නම් ජාති කුල මල භේදයකින් තොරව මේ රටේ සියලුම දරුවන්ට අපේ රටේ ඉතිහාසය ඉගැන්වීම අනිවාර්යය කළ යුතු අතර එම සිසුන්ට ඉතිහාසය අනිවාර්ය නොකිරීම තුළින් ඇතිවන ගැටලුව දැන් බරපතළ ලෙස සිතාගත හැක
අපට බොහෝ වෙලාවට දක්නට ලැබෙන ප්‍රවෘත්තින් වනුයේ ජාතික ජාතික පාසල් පද්ධතියේ පාසල් වැසී යමින් අන්තර්ජාතික පාසල් පද්ධතිය ප්‍රසාරණය වන බව පැහැදිලිව පෙනේ
මීට පෙර අන්තර්ජාතික පාසල් පද්ධතිය හා සම්බන්ධ වූයේ යම්කිසි වත්කමක් ඇති දෙමාපියන් වන නමුත් වර්තමානය වන විට එය වෙනස් වී සාමාන්‍ය හැකියාවක් නොමැති පවුල්වල දරුවන් පවා අන්තර්ජාතික පාසල් පද්ධතිය කරා යොමුවන බව පැහැදිලිව පෙනී යයි
එයට ප්‍රධානම හේතුව වන්නේ ජාතික පාසල් පද්ධතියේ තිබෙන කාලරාමුව ඉතා විශාල වීම බව මෙතෙක් කිසිදු ආකාරයක සමාජ කතිකාවතක් ගොඩනැගි නොමැති අතර එවැනි මතයක් ගොඩනැගුවද ජාතික අධ්‍යාපන ආයතනයේ සිටින ඇතැම් අයවලුන් එය නිශේධනය කරමින් පාලකයන් රවටමින් සිටින බව නම් පැහැදිලිව පෙනි යයි
එම කාල රාමුව පිළිබඳ හොඳම උදාහරණය වර්තමානයේ කොතලාවල වෛද්‍ය පීඨයට බඳවා ගන්නා සිසුන්ගේ වයස් පරතරය අනුව පැහැදිලිව වටහාගත හැක එය වසර 16 සිට 24 දක්වා විස්තර කර ඇත.
එහිදී මුදල් තිබුනද අන්තර් ජාතික පාසල් පද්ධතිය හරහා වයස 16 දී එම වෛද්‍ය පීඨයට ඇතුළත් වන සිසුන් එම වෛද්‍ය පීඨයේ 05 වසරක අධ්‍යාපනය අවසන් කරන විට දේශිය විෂය නිර්දේශය හදාරන සිසුන් එම වෛද්‍ය පීඨයේ පලමු වසර හෝ සමහර විට ඇතුළත් වී නොතිබිය හැක.
ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව සහ අසල්වැසි ඉන්දියාව වැනි රටවල් වල සිසුන්ට තම මූලික උපාධිය ඔවුන්ගේ වයස අවුරුදු 21,22 පමණ වන විට ලබා ගත හැකි අතර ,එය අපේ රටේ ජාතික පාසල් පද්ධතියේ සිසුවෙක් විශ්ව විද්‍යාලයේ පළමු වසර හෝ නැතහොත් විශ්ව විද්‍යාලට ඇතුළත් වන වයස විය හැක .
කොතලාවල සහ අසල්වැසි ඉන්දියාව ආදර්ශයට ගතහොත් අපේ රටේ සිසුවෙකුගේ විනාශ වන අනවශ්‍ය කාලය වසර 05 ක් පමණ වන බව මේ අනුව පෙනී යයි
එම වසර පහ සිසුවාගේ විනාශ වන කාලය පමණක් නොවේ එයට දෙමාපියන්ගේ වියදම් වන මුදල් සහ රජය විසින් එම සිසුන් නඩත්තු කිරීම සඳහා වසර පහක් දරන මුදල් ද ඇතුළත් විය යුතුව ඇත.
එම කරුණු හේතුවෙන් අපේ රටේ ජාතික පාසල් පද්ධතියේ සිසුවකුගෙන් නව නිර්මාණ හෝ නව සොයාගැනීම් කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැක
එබැවින්අන්තර් ජාතික පාසල් වලට තම දරුවන් යොමු කරන දෙමාපියන්ගේ කාලය පමණක් නොව වසර 05 මුදල් පවා ඉතිරි කිරීමට හැකියාවක් එමඟින් ලැබෙන හෙයින් ඔවුන් තම දරුවන් අන්තර්ජාතික පාසල් වෙත යොමු කිරීම හැර වෙන විකල්පයක් නොමැති වුවත් ඔවුන්ගේ සාමාන්‍ය පෙල සහ උසස් පෙල විබාග සදහා මෙරටින් ඇදී යන විදේශ විනිමය ප්‍රමාණය ගණනය කළහොත් එය ඉතාමත් රටට හානිදායකය
එමගින් අප කළ යුතුව ඇත්තේ අන්තර්ජාතික පාසල් මද්‍රසා සහ අරාබි පාසල් වෙත යොමු වන දරුවන්ගේ ප්‍රමාණය වළක්වා ගැනීම සඳහා අපේ රටේ ජාතික පාසල් පද්ධතිය අන්තර්ජාතික කාල රාමුව හා සසඳා එයට පහසුකම් ලබා දීමයි
එයට ප්‍රධාන බාධාවක් වන්නේ අපේ රට ගැන නොසිතන විදේශ බලවේගවල රූකඩ වලට නැටවෙන ජාතික අධ්‍යාපන ආයතනයේ සිටින කිසිවෙකු ඒ සදහා කිසිසේත්ම ඉඩක් ලබාදෙන්නේ නැත
අන්තවාදී ඉගැන්වීම් පෙළපොත් වලට ආ ආකාරය නොදන්නා එම පාලකයන් ඉතිහාසය විෂය අනිවාර්ය නොකිරීම පුදුමයක් නොවන අතර ජාතික අධ්‍යන ආයතනයේ හිටපු ලොක්කන් වන සුනිල් ජයන්තලා සේදරලා එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුමත කිරීම තුලම හරිනිලා සහ මහින්ද ජයසිංහලා ඔවුන්ගේ උගුලට හසුවී ඇති බව සහ ඔවුන්ට අපේ රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් කිසිදු හැඟීමක් සහ අවබෝධයක් නොමැති බව කුමන්ත්‍රණකරුවන්ගේ අධ්‍යාපන ප්‍රතිපත්තින් තමන්ගේ වගේ ඉදිරිපත් කිරීම තුලින්ම වරිගය නහගන්නා සැටියෙන්ම ඉතාමත්ම පැහැදිලිව පෙනේ.
හිටපු අධ්‍යාපන අමාත්‍යය සුසිල් ප්‍රේම ජයන්ත මහතා කුමන්ත්‍රණකරුවන්ගේ උගුලට බොහෝ දුරට හසු නොවී 13 වසර අඩු කිරීමට කටයුතු කල බව හා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ එය නොවීම මඟින් ද කුමන්ත්‍රණය පැහැදිලිව පෙන්වා දිය හැක
එබැවින් රජය කළ යුත්තේ කුමන්ත්‍රණකරුවන්ගේ ගැට වලට හසු නොවී විදේශ රටවලට විබාග වෙනුවෙන් ඇදි යන විදේශ විනිමය ඉතුරු කරගනිමින් අපේ රටේ සියලු දරුවන්ට අන්තර් ජාතික කාලරාමුවක් හා සෑසදෙන පරිදි පාසැල් කාලය වෙනස් කිරීමත් ඉතිහාසය විෂය සියල්ලන්ටම අනිවාර්යය කරමින් අනාගත පරම්පරාවට අර්බුද වලින් තොරව පරවැසියන් මෙන් නොව පුරවැසියන් වශයෙන් ජිවත්විමටත් රට වෙනුවෙන් එකා මෙන් නැගී සිටීමටත් ඇවසි පරිසරය සකසාදීමයි
එසේ නොමැතිව පාසැල් කාලය දීර්ඝ කර විෂය නිර්දේශය විෂයන් 07 ක් කරනවා යැයි කියමින් විෂයන් 14 ක අනවශ්‍ය බරක් දරුවන්ට ලබාදෙමින් පාසැල් පද්ධතිය විනාශ කිරීමේ ජාත්‍යන්තර උගුල්වලට හසුවීම නොවේ .
වසන්ත අල්විස්
කැදවුම්කරු
මහජන යුතුකම් කේන්ද්‍රය
24 Viewers





