• Home »
  • Sinhala News »
  • නැවත වරක් ත‍්‍රස්තවාදය මතු වුවහොත් TNA ඊට වගකිව යුතුයි

නැවත වරක් ත‍්‍රස්තවාදය මතු වුවහොත් TNA ඊට වගකිව යුතුයි

වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (03දා* පෙරවරු 9.30 ට  රැුස්විණි.

මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති සහ පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමැති සරත් වීරසේකර

බුද්ධි අංශ රටක කොඳුනාරටිය ජාතික ආරක්ෂාව නම් ජාතික ආරක්ෂාවේ කොඳුනාරටිය වන්නේ බුද්ධි අංශ. එවැනි බුද්ධි අංශයක් තමයි පහුගිය ආණ්ඩුව දුර්වල කළේ. අපේ රජය පැමිණි පසුව බුද්ධි අංශ තවත් ශක්තිමත් කළා. එහි ප‍්‍රතිපලයක් ලෙස තමයි ඊයේ ක්ලේමො බෝම්බ සොයා ගන්න හැකි වුණේ. යුද්ධය කියන්නේ දේශපාලනයේ දිගුවක්. යුද්ධයක් නැතිව දේශපාලනයක් තියෙන්න පුළුවන්. නමුත් දේශපාලනයක් නැතිව යුද්ධයක් තියෙන්න බැහැ. දෙවන ලෝක සංග‍්‍රාමයේදී චර්චිල් දින්නා. හිට්ලර් පැරදුනා. එ්ත් ජෙනරාල්වරුන්ගේ අද්මිරාල්වරුන්ගේ නම් එන්නේ ඉන් පස්සේ. දේශපාතකයා තමයි යුද්ධයක් දිනන්නේ හෝ පරදින්නේ

ද්‍රවිඩ සන්ධාන මන්ත‍්‍රීවරුන් අද ත‍්‍රස්තවාදීන් සමරනවා. කොටි සංවිධානයේ දේශපාලන හස්තය වන්නේ ද්‍රවිඩ ජාතික සන්ධානය. ලොව දරුණුම ත‍්‍රස්තවාදී සංවිධානය අප විනාශ කළ පසුව ඔවුන්ගේ දේශපාලන හස්තය වන ද්‍රවිඩ සන්ධානය තහනම් නොකළ නිසා ඔවුන් කොටි සන්ධානයට පක්ෂ ප‍්‍රකාශ නිකුත් කරනවා. එය අප කළ වරදක්. එය නැවත වරක් ත‍්‍රස්තවාදය මතු වුණොත් මේ ද්‍රවිඩ සන්ධාන මන්ත‍්‍රීවරුන් ඊට වගකිව යුතුයි. හමුදාවේ අයත් හැඟීම්බර වෙනවා.

ගම්පහ දිස්ත‍්‍රික් මන්තී‍්‍ර ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා

එල්ටීටීඊය සිවිල් පුද්ගලයන් ඉදිරි පෙළට දැමුවත් අපි සිවිල් පුද්ගලයන් ඝාතන කළේ නැහැ. විදේශීය සංවිධාන කියන විදිහට හතළිස් දහස් ගානක් ඝාතනය වුණේ නැහැ. ඕනෙ නම් පන්දාහක් හයදාහක් විතර විතර මිය යන්න ඇති. එල්ටීටීඊය යුද කටයුතුවලට ඉදිරිපෙළ බංකර්වලට යොදාගත් සිවිල් වැසියන් හිටියා. අපි සිවිල් වැසියන් බේරා ගත්තා. අද ඉන්න යුද හමුදාපති මේවා දන්නවා. ත‍්‍රස්තවාදී ගිනි පුපුරු නැවතත් අළු යට තියෙනවා. ක්ලේමෝ බෝම්බයක් සමග හිටපු කොටි සාමාජිකයෙක් ඔහුගේ බිරිඳ සමග අත්අඩංගුවට ගත් බව අදත් ප‍්‍රවෘත්තියක් ගියා. රට සුරක්ෂිතයි කියා හීන බැලූවට මදි අපි එ් ගැන සොයා බැලිය යුතුයි. මේ බෝම්බය හදන්න ආම්පන්න ආවේ කොහෙන්ද, හැදුවේ කොහේද කියා බුද්ධි අංශ ගැඹුරින් සලකා බැලිය යුතුයි.

ඊයේ ආ කුණාටුව මීට දවස් තුන හතරකට කලින් ආවා නම් ඉවරයි මහවිරු දිනය දවසේ. ඉස්සෙල්ලම වැදුනේ මහ විරු දිනය අතුගා දැමූ ප‍්‍රදේශයට. දෙමළ ජනතාවට අපි ආදරෙයි. ජනතාවට හානි වෙනවට අපි කැමැති නැහැ. නමුත් මහවිරු දිනය කියමින් මෙතැන කතාකරන අය හැම තිස්සෙම ජාතිවාදය අවුස්සන්න හදනවා. මහවිරු දිනය සමරන්න දෙන්න බැහැ. එල්.ටී.ටී.ඊ.ය තවමත් මේ රටේ තහනම් සංවිධානයක්. යුරෝපයේ පවා තහනම්. එංගලන්තයේ ප‍්‍රභාකරන්ගේ කටවුට් එකක් විශේෂ හමුදා කණ්ඩායමක් විසින් ගළවා දැමුවා. ලංකාවේ එහෙම කළොත් පාර්ලිමේන්තුවට ඇවිත් කෑ ගහනවා. එනිසා මහවිරුදින සැමරුම් ගැන මින්පසුව මේ සභාවේ කතාකරලා වැඩක් නැහැ. අපේ පැත්තේ ඉන්න මනෝ  ගනේෂනුත් මහවිරු දිනය ගැන කතා කළා. මට කනගාටුයි. එ්ත් එ්ක අපේ පක්ෂයේ මතය නොවෙයි.

සමහරු මහවිරු සැමරුම ජේවීපී එක සමග සංසන්දනය කරන්න හදනවා. ජවිපෙ කළේ පහළ මට්ටමේ කුඩා දේශපාලන කැරැල්ලක්. ජවිපෙ රට බෙදන්න ගියේ නැහැ. රටේ බලය අල්ලන්නත්, හමුදාවට පහර දෙන්නත් නොවේ එ් අය ලෑස්ති වුණේ. එල්ටීටීඊය උත්සාහ කළේ වෙනම රටක් නිර්මාණය කරන්න. මේ දෙකේ විශාල වෙනසක් තියෙනවා. යුද්ධයක් තිබුණත් නැතත් රටක ආඩම්බරය ත‍්‍රිවිධ හමුදාව. එනිසා ත‍්‍රිවිධ හමුදාව ශක්තිමත් කළ යුතුයි. නවීන යුද ටැංකි ලබා දිය යුතුයි. ප‍්‍රහාරක ගුවන් යානා අවශ්‍යයි. යුද නැව් අවශ්‍යයි. 



8 Viewers