නිජබිම ම තුළ (අන්ත) අසරණ වන දෙමළ භාෂාව

මෙරට ජනපති සහ ඉන්දීය අග්‍රාමාත්‍ය හමුවේ දී ඉන්දීය අගමැති මෙරට දෙමළ වාර්ගික ජනයා පිළිබදව දක්වන උනන්දුව ප්‍රදර්ශනය කිරීමට උත්සහ කෙරිණි. එසේම 13 පුර්ණ ලෙස බලාත්මකවිම ඉන්දියාවේ අභිප්‍රාය බව පෙන්වීමට ද කටයුතු කෙරිණි. ඇත්තටම දෙමළ වාර්ගික ජනයාට වැඩිම අසාධාරණ කම් කරන්නේ අප නොව ඉන්දියාව බව අප මතක් කළ යුතුව ඇත.

අප රටේ අද වන විට දෙමළ භාෂාව රටේ රාජ්‍ය සහ ජාතික භාෂා යන දෙවර්ගයෙන් ම පිළිගැනීමට ලක් කර ඇත. ජනාදිපති ප්‍රේමදාස තම බලය රැක ගැනීමට සිතා හෝ උතුරු සහ නැගෙනහිර පළාත් තුළ අධිකරණ භාෂාව දෙමළ පමණක් කර ඇත. නමුත් ඉන්දියාව දෙමළ වාර්ගිකයන් සම්බන්ධයෙන් කර ඇත්තේ කුමක් ද?.

ද්‍රවිඩ භාෂා කුලකයේ එක් භාෂාවක් වන දෙමළ භාෂාව ඉන්දියාව තුලදී එක් ප්‍රාන්ත භාෂාවක් පමණි. ඒ දෙමළ වාර්ගිකයන් සහ සියලු ද්‍රවිඩ කුලයේ භාෂාවල උප්පත්තිය ලැබූ රට ලෙස සමස්ත දකුණු ඉන්දියාවම හදුනාගෙන සිටියදීය. උත්තර භාරතීය පිරිස් කිසිසේත් කිසිදු ද්‍රවිඩ භාෂාවකට ඉඩ ලබා නොදෙයි. ඔවුන්ගේ එකම උත්සාහය වන්නේ 2040 පමණ වන විට මෙතෙක් අන්තර් සන්නිවේදන භාෂාව ලෙස ඇති ඉංග්‍රීසි ඉවත් කර හින්දි භාෂාව ආදේශ කර ගැනීමටයි. ආචාර්ය සුග්‍රමනියම් ස්වාමි කියන ලෙසට නම් සංස්කෘත භාෂාව 2040 දී භාවිතයට ගැනීමට නියමිතලු.

ඒ ඔහුගේ දකුණු ඉන්දීය සම්භවය නිසාය. ඉන්දියාවේ භාෂා යුද්ධය ඉතා බරපතලය. සමහර රුපවාහිනී සාකච්චා තුලදී ද්‍රවිඩ වාර්ගික වියතුන්ව ඉතා නිර්ධය අපහාසවලට ලක්වේ. සැම අවස්ථාවකදීම මෙවන් වාද මෙහෙය වන්නේ උතුරු ඉන්දීය උදවිය විසිනි. එනිසා ම ද්‍රවිඩ (විශේෂයෙන් දෙමළ) උදවිය මෙවන් සාකච්චාවලට ගිය විට අඩු කුලයක එකෙක් තම නිවසට පැමිණි ලෙසට සළකන අවස්ථා එමටය. දැන් අපි අගමැති මෝඩි හට පිළිතරු ලබා දිය යුතුය. ඌරා ගේ මාළු උගේ පිටේ තබාම කාපිය යුතුය. අප ඍජුව මොදිගෙන් ඇසිය යුත්තේ දෙමළ භාෂාවට ඔබ ලබා දෙන තැන කුමක් ද යන්නයි.



5 Viewers