• Home »
  • Sinhala News »
  • නිදහස් සමරු උළෙලට එරෙහිව අද සිට උ/නැ කොටි විරෝධතා

නිදහස් සමරු උළෙලට එරෙහිව අද සිට උ/නැ කොටි විරෝධතා

මෙවර පැවැත්වීමට නියමිත 73 වන නිදහස් උත්සවයට විරෝධය පළකරමින් කොටි හිතවදි දෙමළ දේශපාලන පක්‍ෂ සහ කොටි දෙමළ ඩයස්පෝරාව විසින් උතුරේ සහ  නැගෙනහිර  විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

මෙම  විරෝධතාව 03 වැනිදා නැගෙනහිර පළාතෙන් ආරම්භ කරන අතර එය ලබන 06 වැනිදා යාපනය නගරයෙන් අවසන් කිරීමට නියමිතය.

මෙවර පැවැත්වෙන 73 වැනි නිදහස් උතස්වයට විරෝධය පළකරමින් උතුරේ දෙමළ දේශපාලන පක්‍ෂ කීපයක් සාමාන්‍ය ජනතාව සමග ඒකාබද්ධව පැවැත්වීමට නියමිත විරෝධතා රථ පෙළපාළිය අද පොතුවිල් නගරයෙන් ආරම්භ කිරීමට නියමිතය.

එම රථ පෙළපාළිය පැවැත්වීම සඳහා දෙමළ ඩයස්පෝරාව සියලූ මූල්‍ය පහසුකම් ලබාදෙන බවද වාර්තා වෙයි.

පොතුවිල්වලින් ආරම්භ වන විරෝධතා රථ පෙළපාළිය යාපනය නගරය දක්වා ගමන් කරන අතර එය ලබන 06 වැනිදා පැවැත්වෙන දැවැන්ත විරෝධතා පෙළපාළියක් සහ රෑස්විමකින් අවසන් කිරීමට සැලසුම් කර ඇති බවද වාර්තා වෙයි.

යාපනය ප‍්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු කියා සිටියේ අධිකරණ නියෝගයක් ලබාගෙන මෙම දැවැන්ත විරෝධතා පෙළපාළිය නතර කිරීමට කටයුතු කරන බවයි.

කොරෝනා වෛරසය රටපුරා ශීඝ‍්‍ර ලෙස පැතිරයමින් තිබියදී මෙවැනි විරෝධතා පෙළපාළි ැවැත්වීමට නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සිදුවන බැවින් එය නතර කිරීමට අවශ්‍ය කටයුතු කරගෙන යන බවද පොලිසිය පවසයි.

උතුරේ දෙමළ දේශපාලනඥයන් කීප දෙනෙකු විසින් මෙම දැවැන්ත විරෝධතා පෙළපාළියේ සංවිධාන කටයුතු සිදු කරමින් සිටින බවද වාර්තා වෙයි.

මේ අතර මෙම රථ පෙළපාළියට එක්වී රජයට සහ 73 වන නිදහස් සැමරීමේ උත්සවයට විරෝධය පළ කිරීමට එක් වන ලෙස දෙමළ දේශපාලනඥයන් යාපනයේ සිවිල් වැසියන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවද හෙළිවී ඇත.



9 Viewers