• Home »
  • Sinhala News »
  • ප්‍රභාකරන්ගේ පළමු සන්නද්ධ ප්‍රහාරයේ ඇත්ත කතාව

ප්‍රභාකරන්ගේ පළමු සන්නද්ධ ප්‍රහාරයේ ඇත්ත කතාව

1983 වසරේ දී යාපනය තින්නවේලි ප්‍රදේශයේ දී LTTE සංවිධානය විසින් සිදුකළ පළමු ප්‍රහාරයේ සත්‍ය තොරතුරු එවකට යුද හමුදාවේ ක්‍රියාන්විත රාජකාරියේ නිරත වී සිටි එම ප්‍රහාරයේ දී දිවි ගලවාගත් විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වන උපාලි පෙරේරා මහතා හෙළිදරව් කරයි.

LTTE සංවිධානයේ ආරම්භක යුගය වූ එම අවදියේ දී ඔවුන් සිදුකළ විවිධ ප්‍රහාරවල අරමුණ වූයේ ආයුද රැස්කිරීම හා මුදල් රැස්කිරීම බවයි ඒ මහතා පවසන්නේ. 1983 වසරේ ජුලි 23 දා මාදගල ප්‍රදේශයේ සිට ගුරුනගර් දක්වා සිදුකළ යුද හමුදා මුර සංචාරයක දී යාපනය, පලාලි මාර්ගයේ තින්නවේලි ප්‍රදේශයේ දී ත්‍රස්තවාදීන් රැකසිට එල්ල කළ මෙම ප්‍රහාරයේ මිලේච්ඡත්වය හෙළිකරමින් ඔහු පවසන්නේ වෙඩි තැබීම් හා බෝම්බ ප්‍රහාරයන්ගෙන් තුවාල ලද හා මරණාසන්නව සිටි හමුදා සොල්දාදුවන්ගේ ආයුද රැගෙන යාම සඳහා කොටි ත්‍රස්තයන් විසින් හමුදා සොල්දාදුවන්ගේ අත පය කපාදැමූ බවය.

වේලුපිල්ලේ ප්‍රභාකරන් මෙම ප්‍රහාරයට එක් වූ බවද, ඉන්පසුව LTTE ත්‍රස්තවාදීන් සිදුකළ කිසිඳු ප්‍රහාරයකට ඔහු යුද බිමිට නොයා නායකයා ලෙස උපදෙස් ලබාදීම පමණක් සිදු කළ බව ද ඒ මහතා සඳහන් කරයි.

එම ප්‍රහාරයෙන් පසුව දකුණ ගිණිගත් ආකාරය ගැන ද ඒ මහතා මෙහිදී හෙළිදරව් කරයි.

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…



20 Viewers