පාර්ලිමේන්තු මන්ත්‍රී “ටික් ටොක් අර්චුනා” පොලිසිවලට කඩා වැදී උමතු වියරුව මුදා හරියි!
මේ වනවිට ඉතාම අනවශ්‍ය ගැටුම් ඇතිකරගැනිමින් අවිචාරවත් හැසිරීමක් සම්බන්ධව චෝදනා ලැබ සිටින උතුරු පළාත් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා පොලිස් ස්ථානවලට වැදී රාජකාරියට බාධා ඇති කරවන ලෙස ගැටුම් කාරී හැසිරීමක් සිදු කරමින් සිටින බව උතුරු පළාත් පොලිස් ආරංචි මාර්ග හෙළි කරයි.
මීට දින තුනකට පෙර යාපනයේ එක්තරා පොලිස් ස්ථානයකට කඩා වැදුන මෙම පාර්ලිමේන්තු මන්ත්‍රි පුද්ගලයා තමන් පොලිස් ස්ථානයට පැමිණෙන විට සියලුම පොලිස් නිලධාරින් හුනස්නෙන් නැගී සිටිය යුතු බවටත්, තමන්ට සර් ලෙස ගෞරවවාචීව ඇමතිය යුතු බවටත් තර්ජනය කරමින් කළහකාරී ලෙස හැසිරී ඇතැයි ද එම ආරංචි මාර්ග පවසයි.
උතුරු පළාත් පොලිස් බලධාරීන් මේ පුද්ගලයාගේ හැසිරීම් සම්බන්ධ පූර්ණ වීඩියෝ දර්ශනත් සමග පොලිස් මූලස්ථානය දැනුම්වත් කර ඇති බවත්, ඔහුගේ අතාර්කික වියරු හැසිරීම සම්බන්ධව ඉවසීමෙන් යුතුව සිටින්නේ ඔහු ක්‍රියාත්මකවන න්‍යාය පත්‍රය ගැන මූලික අවබෝධයකින් බවත් පොලිසිය පවසා ඇත.

27 Viewers