• Home »
  • Sinhala Articles »
  • පාස්කු ප‍්‍රහාරයට වගවිය යුත්තේ ජනාධිපතිවරයා පමණක්ද?… පාස්කු ප‍්‍රහාරයෙන් පසුවත් නිලන්ත ජයවර්ධනට උසස් තනතුරක්… ද්‍රවිඩ ඩයස්පෝරාවෙන් උදව් ඉල්ලූ ආරක්ෂක ලේකම්වරයෙක්….!

පාස්කු ප‍්‍රහාරයට වගවිය යුත්තේ ජනාධිපතිවරයා පමණක්ද?… පාස්කු ප‍්‍රහාරයෙන් පසුවත් නිලන්ත ජයවර්ධනට උසස් තනතුරක්… ද්‍රවිඩ ඩයස්පෝරාවෙන් උදව් ඉල්ලූ ආරක්ෂක ලේකම්වරයෙක්….!

උඩු යටිකුරු කළ  බුද්ධි සේවය
– වසර පහට  ආරක්ෂක ලේකම්වරු පහයි

sd22 1

 

 

හේමසිරි ප‍්‍රනාන්දු ආරක්ෂක ලේකම් ලෙස ජනාධිපති සිරිසේන අතින් තම පත්වීම් ලිපිය 2018 ඔක්තෝබර් 30 දින ලබාගත් අවස්ථාව

මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරු පස් දෙනකු පත් කළේය. ඉන් හතර දෙනකු 2019 අපේ‍්‍රල් 21 දින පාස්කු ප‍්‍රහාරයට පෙර පත් කළේය. පස්වැනියා පත්වීම ලැබුවේ පාස්කු ප‍්‍රහාරයෙන් දින කිහිපයකට පසුවය. පාස්කු ප‍්‍රහාරය පිළිබඳව විමසා බලන ජනාධිපති කොමිසම ඉදිරියේ හෙළිවන කරුණු අනුව එජාපය නායකත්වය දුන් යහපාලන රජය ජාතික ආරක්ෂාව අනතුරේ දැමූ ආකාරය අදහා ගත නොහැක. ජනාධිපති සිරිසේන සේනාධිනායක සහ ආරක්ෂක ඇමැති ලෙස තම වගකීම ඉටු නොකළ බව පැහැදිලිය. ජනාධිපතිවරයාගේ ක‍්‍රියා කලාපය පිළිබඳව ගැඹුරෙන් විමර්ශනය කළ යුතුමය. 2015 ජනවාරි 8 දින පැවැත්වූ ජනාධිපතිවරණයෙන් පසුව එජාප නායක රනිල් වික‍්‍රමසිංහට බලය හිමිවිය. ශ‍්‍රීලනිපයේ මහ ලේකම් සිරිසේන ජනාධිපති කරවීමට නායකත්වය දුන් එජාප නායකයා බලය තම අතට ගන්නා බව අමුතුවෙන් කියා යුතු නැත. පාස්කු ප‍්‍රහාරය එල්ල කිරීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය වූ ආකාරය සාකච්ජා කළ යුතු වන්නේ එජාපය 2002-2003 කාලයේ නෝර්වීජියානු මැදිහත් වීම හරහා ජාතික ආරක්ෂාව බරපතළ ලෙස අනතුරේ දැමූ ආකාරයද අවධානයට යොමු කරමිනි.

ජනාධිපති සිරිසේන පරිසර අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වූ බී. එම්. යූ. ඞී. බස්නායක ජනාධිපතිවරණයෙන් දින තුනකට පසුව ආරක්ෂක ලේකම් ලෙස පත් කළේය. බස්නායක එම ධුරයේ 2015 සැප්තැම්බර් 8 දින දක්වා කටයුතු කළේය. ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි (09.09.2015-5.7.2017), විශ‍්‍රාමික නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයකු වූ කපිල වෛද්‍යරත්න (06.07.2017-30.10.2018) සහ ජනාධිපතිවරයාගේ ප‍්‍රධාන මාණ්ඩලික නිලධාරියා වූ හේමසිරි ප‍්‍රනාන්දු 30.10.2018 පත් කළේය. ප‍්‍රනාන්දු පාස්කු ප‍්‍රහාරය එල්ල කිරීමෙන් දින තුනකට පසුව ඔහු ආරක්ෂක ලේකම් ධුරයෙන් ඉල්ලා අස්විය.

පසුගියදා, ප‍්‍රනාන්දු පාස්කු කොමිසම ඉදිරියේ පාස්කු ප‍්‍රහාරය මෙහෙයවූ සහාරන් හෂිම්ට පිං දුන්නේය. ඒ තමන්හට ඉල්ලා අස්වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කර දීම වෙනුවෙනි. මෙවැනි වගකීම් විරහිත ප‍්‍රකාශයක් ආරක්ෂක ලේකම් ධුරය දැරූ පුද්ගලයකුට කළ හැකිද?

පාස්කු ප‍්‍රහාරයෙන් දින තුනකට පසුව, ජනාධිපතිවරයා විශ‍්‍රාමික යුද හමුදාපතිවරයකු වූ ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ ආරක්ෂක ලේකම් ලෙස පත් කළේය. ගෝඨාභය රාජපක්ෂ 2019 නොවැම්බර් 16 දින පැවැත්වූ ජනාධිපතිවරණය වැඩි ඡන්ද ලක්ෂ 13 කින් දිනා, විශ‍්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න ආරක්ෂක ලේකම් ලෙස පත් කළේය.

ජනරාල් කෝට්ටෙගොඩගේ පත්වීම හුදු ඇස් බැන්දුමක් විය. පාස්කු ප‍්‍රහාරය වළක්වා ගැනීමට තිබූ අවස්ථාව පැහැර හැරීම හේතුවෙන් බරපතළ ජනතා විරෝධයක් එල්ල විය. හිටපු හමුදාපතිවරයකු ආරක්ෂක ලේකම් ධුරයට පත් කිරීමෙන් ජනතා විරෝධය යම්තාක් දුරකට පාලනය කිරීමට උත්සහා කළේය. ජාතික බුද්ධි ප‍්‍රධානි තනතුරටද සක‍්‍රීය සේවයේ යෙදී සිටි මේජර් ජනරාල් රුවන් කුලතුංග පත් කළේය. කුලතුංග පත්වීම ලැබුවේ විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයකු සිසිර මෙන්ඩිස් ඉවත් වීමෙන් ඇති වූ පුරප්පාඩුවටය. ජාතික බුද්ධි ප‍්‍රධානි තනතුරු කැබිනට් පත‍්‍රයක් හරහා 2006 දී ස්ථාපිත කළේ හමුදා නිලධාරියකු එම තනතුරේ කටයුතු කිරීමටය. එවකට ආරක්ෂක ලේකම් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අවශ්‍යතාවය වූයේ සියලූම බුද්ධි අංශ ජාතික බුද්ධි ප‍්‍රධානී හරහා සම්බන්ධ කිරීමටය. පළමුවැනි ජාතික බුද්ධි ප‍්‍රධානි විශ‍්‍රාමික මේජර් ජනරාල් කපිල හෙන්දාවිතාරණ විය. හෙන්දාවිතාරණ අද්විතීය කාර්යක් කළ නිලධාරියෙකි. යහපාලන රජය බලයට පත්වීමත් සමගම හෙන්දාවිතාරණ ඉවත් විය. සිසිර මෙන්ඩිස් ජාතික බුද්ධි ප‍්‍රධානි ලෙස පත්වීම ලැබුවේය. පාස්කු ප‍්‍රහාරය සිදුවනතුරු ඔහු එම තනතුර දැරීය.

යහපාලන රජයට ජාතික ආරක්ෂාව කිසිසේත් අදාළ නොවීය. එම රජය බිහිවන්නේම ජාතික ආරක්ෂාව අනතුරේ දැමීමටද කියා විමසීමේ වරදක් නැත. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ආරක්ෂක ඇමැතිධුරය දැරීමේ අවස්ථාව ජනාධිපතිවරයාට අහිමි කළේ කාගේ වුවමනාවටද? එජාප නායකත්වය සමග ජනාධිපති සිරිසේන එකඟ වූයේ 19 වැනි සංශෝධනය ක‍්‍රියාත්මක වූ තම ධුර කාලයෙන් පසුව ආරක්ෂක ඇමැති ධුරය ජනාධිපතිවරයාට අහිමි කිරීමටය. 2015 ජනාධිපතිවරණයේ පරාජයෙන් අන්දමන්දවී සිටි ශ‍්‍රීලනිපය නායකත්වය දුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයද 19 වැනි සංශෝධනයට පක්ෂව ඡුන්දය දුන්නේය. විශ‍්‍රාමික රියර් අද්මිරාල් දිගාමඩුල්ල මන්ත‍්‍රී සරත් වීරසේකර හැර එම පාර්ලිමේන්තු කණ්ඩායම 19 වැනි සංශෝධනයට අත එසවීය. එම නිසා 19 වැනි සංශෝධනය ක‍්‍රියාත්මක කිරීමෙන් ජාතික ආරක්ෂාව අනතුරේ දමා රට අස්ථාවර කිරීමේ චෝදනාවෙන් ගැලවීමට අද බලයේ සිටින ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට කිසිසේත් නොහැකිය.

ජනාධිපති සිරිසේන පත්කළ ආරක්ෂක ලේකම්වරුන්ගේ කාර්යභාරය විමසා බැලිය යුතුය. යහපාලන රජයට වැරදුනේ එසේත් නැතහොත් වරද්දා ගත්තේ පාස්කු ප‍්‍රහාරය ව්‍යර්ථ කිරීමේ අවස්ථාව පමණක් නොවේ. යහපාලන රජය 2015 ඔක්තෝබර් 1 දින ජිනීවා නුවර අත්සන් කරන ලද යුද අපරාධ සම්බන්ධ ගිවිසුම යහපාලන රජය ජාතික ආරක්ෂාව නොතකා කටයුතු කළ අවස්ථාවකි. ඇත්ත වශයෙන්ම ජිනීවා ගිවිසුම සම්බන්ධයෙන් යහපාලන රජය ක‍්‍රියාකළ ආකාරය සහ පාස්කු ප‍්‍රහාරය එල්ල කිරීමට අවස්ථාව ලබා දුන් ‘ක‍්‍රමවේදය’ එක්තරා ආකාරයකට සමානය.

ජිනීවා ගිවිසුම හරහා ද්‍රවිඩ භාෂාව කතා කරන සාමාන්‍ය වැසියන් 40,000 අධික ප‍්‍රමාණයක් හමුදා ප‍්‍රහාර හේතුවෙන් මරණයට පත්වූ බව යහපාලන රජය පිළිගත්තේය. එවකට දේශපාලන නායකත්වය එම ගිවිසුම අත්සන් කිරීමට පෙර හිටපු ආරක්ෂක ලේකම් බස්නායක සහ ගිවිසුම අත්සන් කරන විට එම තනතුර දැරූ හෙට්ටිආරච්චිගෙන් යම් විමසීමක් කළාද? ජනාධිපති සිරිසේනගේ නායකත්වයෙන් සහ කිසිදු ආරක්ෂක ලේකම්වරයකුගේ සහභාගිත්වයෙන් යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් කිසිදා පූර්ණ අධ්‍යනයක් සිදුකළේ නැත. ජනාධිපතිවරයා පත්කළ කිසිදු ආරක්ෂක ලේකම්වරයකු ජිනීවා උගුලෙන් ගැලවීමට අවශ්‍ය කිසිදු සාධනීය ක‍්‍රියාමාර්ගයක් ගැනීමට උත්සුක වූයේ නැත.

ජිනීවා ගිවිසුමට පෙර පත්වීම් ලැබූ ආරක්ෂක ලේකම්වරු මෙන්ම ඉන් පසුව එම වගකිවයුතු තනතුරට පත්වූ පුද්ගලයන්ද අසත්‍ය යුද අපරාධ චෝදනා නිෂ්ප‍්‍රභ කිරීමට කිසිදු සාධනීය උත්සහයක් ගන්නේ නැත. යහපාලන රජය පත්වීමෙන් පසුව වේගයෙන් වර්ධනය වෙමින් පැවතුන මුස්ලිම් අන්තවාදය සම්බන්ධයෙන්ද ආරක්ෂක අමාත්‍යාංශය නිද්‍රාශීලී ප‍්‍රතිපත්තියක් අනුගමනය කළේය. ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කළේ එවකට දේශපාලන නායකත්වයේ හැසිරීම මතය. අදාළ පුද්ගලයන් ආරක්ෂක ලේකම් ධුරයට පත් කර තිබුණේ ජාතික ආරක්ෂාවට ඇතිවන තර්ජන සම්බන්ධයෙන් ඇහැ කන පියාගෙන සිටීමට බව පැහැදිලිය.

මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපති කළ මෙහෙයුමට ද්‍රවිඩ ජාතික සන්ධානය දුන් සහයෝගය වෙනුවෙන් දොලපිදේනි දීමට සිදුවිය. ඒ අනුව ජිනීවා උගුලට හසුකිරීම ස`දහා ශ‍්‍රී ලංකා රජය, ද්‍රවිඩ ජාතික සන්ධානය සහ ඇමරිකාව අතර ගිවිසුමක් ඇතිවිය. යහපාලනය ක‍්‍රියාත්මක කළ විනාශකාරී මෙහෙයුම ද්‍රවිඩ ජාතික සංධානය සමග කළ දේශපාලන ගනුදෙනුවේම කොටසක් විය.

නමුත් ආරක්ෂක හමුදා අගතියට පත්වන ප‍්‍රකාශ කිරීමේ කිසිදු අවහිරයක් ජනතා නියෝජිතයන්ට හෝ ආරක්ෂක ප‍්‍රධානීන්ට නොවීය. ආරක්ෂක ලේකම් ලෙස හේමසිරි ප‍්‍රනාන්දු 2019 ජනවාරි මස 21 දින උදය වරුවේ කොළඹ නාලන්දා විද්‍යාලයේ පැවති උත්සවකට සහභාගි වූයේ එම පාසලේ රණවිරු සංගමයේ ආරාධනයෙනි. එහිදී ආරක්ෂක ලේකම්වරයා ද්‍රවිඩ ත‍්‍රස්තවාදය පරාජය කළ හමුදාවට බලවත් ලෙස අපහාස කළේය. ද්‍රවිඩ ඩයස්පෝරාවෙන් යුද අපරාධ සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා සිටීමට ආරක්ෂක ලේකම්වරයා ඉදිරිපත් වූයේ ඇයි ? ඔහුගේ මෙම ප‍්‍රකාශය බලවත් විවේචනයට ලක්විය. හේමසිරි ප‍්‍රනාන්දු ආරක්ෂක ලේකම් ධුරයෙන් ඉවත් කළ යුතු බවට ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. ජනාධිපතිවරයා තමා පත්කළ හේමසිරි ප‍්‍රනාන්දු ආරක්ෂා කළේය. එම රජයේ ප‍්‍රතිපත්තිය ප‍්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයාට පමණක් දොස් පැවරිය නොහැක.

යහපාලන රජය පත්වීමෙන් පසුව වේගයෙන් වර්ධනය වෙමින් පැවතුන මුස්ලිම් අන්තවාදය මැ`ඩලීමට නිසියාකාරව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට පමණක් දොස්නැ`ගීම සාධාරණ නැත. ජනාධිපතිවරයා සේනාධිනායක සහ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළත්, එජාපය රජය මෙහෙයවීය. නීතිය සහ සාමය ඇමැති ධුරය ජනාධිපති නීතිඥ හිටපු නීතිපති තිලක් මාරපන විය. ඔහු ඇවන්ට් ගාර්ඞ් හිමිකරු විශ‍්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත පෙනී සිටීම හේතුවෙන් යහපාලන ඇමැතිවරුන්ගේ ප‍්‍රහාරයට ලක්විය. මාරපන 2015 නොවැම්බර් මස ඉල්ලා අස්වීමෙන් පසුව එම තනතුරට සාගල රත්නායක පත්විය. සාගල රත්නායක ඉවත් කර නීතිය සහ සාමය ඇමැති ලෙස 2018 මාර්තු 8 වන දින රංජිත් මද්දුම බණ්ඩාර පත් කළේය. සාගල රත්නායක එම අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට සූදානම් බව පැවසුවේ එජාපය සහ ශ‍්‍රීලනිපය 2018 පෙබරවාරි පැවැති පළාත් පාලන මැතිවරණයේදී අන්ත පරාජයක් ලැබීමෙන් පසුවය. මද්දුම බණ්ඩාර 2018 ඔක්තෝබර් අග වනතුරු නීතිය සහ සාමය ඇමැති ලෙස කටයුතු කළේය. මෛත‍්‍රිපාල සිරිසේන ක‍්‍රියාත්මක කළ 2018 ඔක්තෝබර් ව්‍යවස්ථා කුමන්ත‍්‍රණය අසාර්ථක විය. දින 52 කට පසුව නැවතත් රනිල් වික‍්‍රමසිංහ අගමැති ලෙස දිව්රුම් දුන්නේය. නීතිය සහ සාමය අමාත්‍යාංශ හැර අනෙකුත් සියලූම අමාත්‍යාංශ ජනාධිපතිවරයා නැවතත් එජාපය ප‍්‍රමුඛ කණ්ඩායමට භාර දුන්නේය. නීතිය සහ සාමය ඇමැතිකම ජනාධිපතිවරයා තමන් සතුකර ගත්තේය.

පාස්කු ප‍්‍රහාරය සිදුවන අවස්ථාවේ ආරක්ෂක සහ නීතිය සහ සාමය අමාත්‍යාංශ දෙකම ජනාධිපතිවරයාගේ වගකීම වුවත් එජාපයට තව්හිත් ජමාත් කළ ලේ වැගිරීම වළක්වා නොගැනීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා නොසලකා හැරිය නොහැක.

යහපාලන රජය පත් වූ දින සිට නැගෙනහිර පළාත කේන්ද්‍ර කර මුස්ලිම් අවි බලයක් ගොඩනැ`ගීමට ප‍්‍රබල උත්සාහයක් කළ බව පැහැදිලිය. ජනාධිපතිවරයා මෙන්ම එජාප නායකයාද මෙම තත්ත්වයට වගකිව යුතුය. යහපාලන රජයේ පළමුවන නීතිය සහ සාමය ඇමැති ලෙස ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පත් කිරීමට අවස්ථාවක් තිබුණේ නැත. ඒ ෆොන්සේකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයෙන් 2015 අගෝස්තු මැතිවරණයට තරග කර පරාජය වී තිබුණ නිසාය. නමුත් 2016 පෙබරවාරි මාසයේ එජාප ජාතික ලැයිස්තුවේ ඇතිවූ පුරප්පාඩුව පිරවීමට ෆොන්සේකා තෝරාගත් අවස්ථාවේ ඔහුව නීතිය සහ සාමය ඇමැති හෝ රාජ්‍ය ආරක්ෂක ඇමැති ලෙස පත් කිරීමට අවස්ථාවක් තිබුණේය. ෆොන්සේකාව පොදු අපේක්ෂකයා ලෙස 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට සුදුසු නම් නීතිය සහ සාමය හෝ රාජ්‍ය ආරක්ෂක ඇමැති ලෙස පත්කිරීමට කිසිදු ප‍්‍රශ්නයක් තිබිය නොහැක.

නමුත් එජාපයට ෆොන්සේකා නීතිය සහ සාමය ඇමැති ලෙස පත් කිරීමට මතක් වූයේ 2018 පළාත් පාලන ඡුන්දයෙන් පරාජය වූ පසුය. ෆොන්සේකා නායකත්වය දුන් හමුදාව යුද අපරාධ කළ බවට චෝදනා කළ සිවිල් සංවිධාන හිටපු යුද හමුදාපතිවරයා නීතිය සහ සාමය ඇමැති ලෙස ඉල්ලා සිටියේය. ජනාධිපතිවරයා ඒ වන විට ෆොන්සේකා සමග ගැටුණේය. එජාපය සහ සිචිල් සංවිධාන කළ ඉල්ලීම් ජනාධිපතිවරයා කුණු කූඩයට දැම්මේය. ජනාධිපතිවරයා පත්කළ ආරක්ෂක ලේකම්වරු සහ එජාපයේ අවශ්‍යතාවය මත පොලිස්පතිවරයා ලෙස තෝරාගත් පූජිත් ජයසුන්දර, ජාතික බුද්ධි ප‍්‍රධානී සිසිර මෙන්ඩිස්ගේ ක‍්‍රියාකලාපය පූර්ණ විමර්ශනයකට ලක්විය යුතුය. පූජිත් ජයසුන්දර පත්වීම ලැබුවේ 2015 අපේ‍්‍රල් මාසයේදීය.

එවකට ඇමැති හරින් ප‍්‍රනාන්දුගේ මරණාසන්නව සිටි පියා වන නිහාල් ප‍්‍රනාන්දු මෑත කාලයේදී දැන හඳුනාගන්නා පොලිස් සැරයන්වරයකුගේ මාර්ගයෙන් 2019 අපේ‍්‍රල් 20 දින පාස්කු ප‍්‍රහාරය දැනගත් බවට පාස්කු කොමිසමේදී හෙළිවිය. එවැනි තත්ත්වයක් යටතේ, කිසිදු ආරක්ෂක ප‍්‍රධානියකු ජනාධිපති, අගමැති හෝ රාජ්‍ය ආරක්ෂක ඇමැතිට දුරකථන ඇමතුමක් නොගැනීම පිළිගත් හැකිද?

රාජ්‍ය බුද්ධි සේවයේ ප‍්‍රධානියා ලෙස නිලන්ත ජයවර්ධන ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් පත්වීම ලබන්නේ 2015 මාර්තු මාසයේදීය. එවකට ඔහු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකි. පාස්කු ප‍්‍රහාරය එල්ල වීමෙන් පසුව ජයවර්ධන නැගෙනහිර ප‍්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්වීම ලබන්නේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ 2019 ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කර සති කීපයකට පසුවය. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ හැසිරීමද පුදුමාකාරය. හිටපු නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි 2019 ඔක්තෝබර් 23 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පාස්කු ප‍්‍රහාරය පිළිබඳ වාර්තාව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නොසලකා හැර ඇති බව පැහැදිලිය. පාස්කු වාර්තාව සැලකිල්ලට ගත් ආණ්ඩුවක් මුස්ලිම් අන්තවාදයේ මූලස්ථානය වන නැගෙනහිර නිලන්ත ජයවර්ධනටම භාර දීම පුදුම සහගත නොවන්නේද? හේමසිරි ප‍්‍රනාන්දු මෙන්ම නිලන්ත ජයවර්ධනද කොළඹ නාලන්ද විදුහලේ ආදී සිසුන්ය.

ජනාධිපතිවරයා රාජ්‍ය බුද්ධි සේවයේ ප‍්‍රධානියා ලෙස පත් කළ පුද්ගලයා තම ප‍්‍රධානීන් සමග කළ දුරකථන සංවාද පටිගත කළ බව ප‍්‍රකාශ කිරීම ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයකි. තමාම ආරක්ෂක ලේකම් ලෙස පත්කළ පුද්ගලයකු (හේමසිරි ප‍්‍රනාන්දු) පාස්කු කොමිසම ඉදිරියේ තමන් පිළිබඳව පට්ටපල් බොරු පවසනවා යැයි ප‍්‍රකාශයක් සිදුකිරීමට ජනාධිපතිවරයාට සිදුවීමද අවාසනාවන්ත තත්ත්වයකි.

වගකිවයුතු තනතුරු දැරූ එවකට ජනාධිපති ඇතුළු මහජන නියෝජිතයන් සහ ආරක්ෂක ප‍්‍රධානීන්ද ජනතාවගේ විශ්වාශය කඩකර ඇති බව පැහැදිලිය. පසුගිය සතියේ හේමසිරි ප‍්‍රනාන්දු කළ මහා හෙළිදරව්වක් ලෙස පෙන්වා දුන් ජනාධිපති සිරිසේන පොලිස්පති ජයසුන්දරට තානාපති තනතුරක් පිරිනැමීම වෙනුවෙන් පාස්කු ප‍්‍රහාරයේ වගකීම භාර ගැනීමට යෝජනා කිරීම ඇත්ත වශයෙන්ම වසරකටත් පෙර පූජිත් ජයසුන්දරම පාස්කු ප‍්‍රහාරය විමර්ශනය කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ කළ හෙළිදරව්වකි. ජයසුන්දර ජනාධිපතිවරයා කළ යෝජනාව සම්බන්ධයෙන් එම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පැවසුවේ 2019 ජුනි මාසයේදීය.

මැති ඇමැති ධුර ‘විකිණෙන’ ශ‍්‍රී ලංකාවේ පාස්කු ප‍්‍රහාරයේ වගකීම භාරගැනීම වෙනුවෙන් ජයසුන්දර කැමති ඕනැම රටක තානාපති ධුරයක් ලබා ගැනීමට අවස්ථාව ජනාධිපතිවරයා දීම පිළිබඳව පුදුම විය යුතුද? ජනාධිපති සිරිසේන තමන්ට පෙර සිටි නායකයන් අනුගමනය කරමින් තනතුරු පිරිනැමීම වරදක්ද? කොටි ත‍්‍රස්තවාදීන් පුනරීන් යුද හමුදා සංකීරණයට 1993 නොවැම්බර් මස සාර්ථක ප‍්‍රහාරයක් එල්ල කළේය. හමුදා සෙබළුන් ගණනාවක් මරණයට පත්විය. එවකට හමුදාපති ධුරයේ සිටි ලූතිනල් ජෙනරාල් සිසිල් වෛද්‍යරත්න වගකීම භාරගනිමින්, හමුදාපති ධුරයෙන් ඉල්ලා අස්විය. එලෙස ඉල්ලා අස්වූ හමුදාපතිවරයා, තායිලන්තයේ ශ‍්‍රී ලංකා තානාපති ලෙස එජාපය පත් කළේය.

නිදහස් වෙළෙ`ද කලාපයේ සේවක විරෝධතාවයකට පොලිසිය පහර දීම හේතුවෙන් සේවකයකු මියගියේය. කිහිප දෙනකු තුවාල ලැබීය. 2011 මැයි 30 සිදුවූ මෙම සිද්ධිය පිළිබඳව එවකට පොලිස්පති මහින්ද බාලසූරිය වගකීම භාරගත්තේය. එක්සත් ජනතා නිදහස් සන්ධානය බාලසූරියටද තානාපති වරම් ලබා දුන්නේය. ජයසුන්දර පාස්කු ප‍්‍රහාරයේ වගකීම ගන්නවානම්, ඉහළ උසාවියේ විනිසුරුවකු යටතේ ක‍්‍රියාත්මක ත‍්‍රිපුද්ගල කොමිටියේ වාර්තාවද වෙනස් කර ජයසුන්දර ගලවා ගැනීමට ජනාධිපතිවරයා ඉදිරිපත් වීම අප දේශපාලන ක‍්‍රියාවලියේම කොටසකි. තව බොහෝ උදාහරණ දිය හැක.

පාර්ලිමේන්තුවේ ක‍්‍රියාත්මක ඉහළ තනතුරු ස`දහා සුදුස්සන් පත් කිරීමේ කොමිටියට ඇත්තේ ඉහළ දේශපාලන අධිකාරියෙන් කරන පත්වීම අනුමත කිරීම පමණකි. එම තත්ත්වය අසික්කිත අප දේශපාලන ව්‍යුහය තුළ කිසිදා වෙනස් වන්නේ නැත. දේශපාලනය නොගෑවී වගකිවයුතු තනතුරු තීරණය වන්නේ නැත. 19 වැනි සංශෝධනය යටතේත්, 19 ඉවත් කර 20 නීතිගත කළත්, නව ව්‍යවස්ථාවක් හඳුන්වා දුන්නත් දේශපාලන නායකත්වයේ අවංක වෙනසක් වනතුරු මෙම ¥ෂිත ක‍්‍රමය පවතිනු ඇත. කිසිදු දේශපාලන බලවේගයක් තීන්දු තීරණ ගන්නේ මූලික ලෙස ජනතාවගේ යහපත වෙනුවෙන් නොවන බව පැහැදිලිය.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු



60 Viewers