පොතුවිල් මුහුදු මහා විහාරය

අම්පාර දිස්ත්‍රික්කයේ පානම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොතුවිල් නගරයට නැගෙනහිරින් මුහුදු වෙරළේ පිහිටා තිබෙනවා. ලක්දිව පැරැණි රාජ්‍ය ඉතිහාසයේ 28 වැනි රජු වූ මහාදාඨික මහානාග රජතුමා මෙම විහාරය ඉදිකරන ලදැයි සැලකෙන අතර, එය රුහුණු රජ පෙළපතේ සිටම වන්දනාමානයට පාත්‍රව තිබූ ප්‍රධාන සිද්ධස්ථානයක් ලෙස පැවතුණු බවද සඳහන් වේ.

වර්තමානයේ දැඩි කතාබහකට ලක්ව ඇති මෙම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ලෙස කටයුතු කරන්නේ පූජ්‍ය වරකාපොල ඉන්දසිරි ස්වාමින්වහන්සේයි.

මුහුදු මහා විහාරස්ථානයට කලක පටන් බලවත් අඩුපාඩුවක්ව පැවැති දාන ශාලාවක් ඉදිකිරීම උන්වහන්සේගේ උපදෙස් මත මේ වන විට ආරම්භ කර තිබෙනවා.

මීට පෙර දාන ශාලාව ලෙස භාවිත කළ කුඩා කාමරය අබලන්ව කඩාවැටීමේ අවදානමට ලක්ව ඇති අයුරු දැකගත හැකියි.

ස්වාමින්වහන්සේලා 15 නමක් පමණ වැඩසිටින මුහුදු මහා විහාරයට අත්‍යවශ්‍ය මෙම දාන ශාලාව ඉදිකිරීමට ශ්‍රමයෙන් දායකත්වය ලබාදෙන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සොයුරන් විසින්.

කෙසේ වෙතත් එම කටයුතු සඳහා අවශ්‍ය ගොඩනැගිලි ද්‍රව්‍ය සපයාගැනීමේ දුෂ්කරතාවකට මේ දිනවල මුහුණපා ඇති බවයි විහාරාධිපති හිමියන් සඳහන් කළේ.

ඔබට හැකි නම් මෙම උතුම් කටයුත්ත කෙරෙහි අවධානය යොමුකොට, ඒ සඳහා අවශ්‍යව තිබෙන ගොඩනැගිලි ද්‍රව්‍ය සපයා දෙන්නට එය ඉතා වටිනා පුණ්‍යකර්මයක් සේම සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා සිදුකරනු ලබන මහගු සේවාවක් බව කිව යුතුයි.

නොවැම්බර් මස 15 වැනිදා සිදුකිරීමට නියමිත ඓතිහාසික පොතුවිල් මුහුදු මහා විහාරස්ථානයේ  කඨින පිංකමට සමගාමීව, පින්වත් ස්වාමින් වහන්සේලා 50 නමකට අධික පිරිසකට උදෑසන සහ දහවල් දානය පිරිනැමීමට බලාපොරොත්තු වන බැවින්, කඨින පිංකමට පෙර දාන ශාලාවේ ඉදිකිරීම් අවසන් කර ගැනීමටයි විහාරාධිපති ස්වාමින්වහන්සේ අපේක්ෂා කරන්නේ.

එම ඉදිකිරීම සාර්ථකව අවසන් කර ගැනීමට පහත සඳහන් දෑ පූජා කිරීමෙන් පිංවත් ඔබට මේ සඳහා දායකත්වය ලබාදිය හැකියි.

🔴 සිමෙන්ති සඳහා – සිමෙන්ති කොට්ටයක් රුපියල් 975/=

🔴 බ්ලොක් ගල් සඳහා – බ්ලොක් ගලක් රුපියල් 33/=

🔴 වැලි සඳහා – වැලි කියුබ් එකක් රුපියල් 6000/=

🔴 මෙටල් ගල් සඳහා – මෙටල් කියුබ් එකක් රුපියල් 12,000/=

🔴 කම්බි සඳහා – කම්බියක් රුපියල් 850/=

🔴 ස්ලැබ් එක සඳහා – සම්පූර්ණ වියදම රුපියල් ලක්ෂ 5

🔴 ටයිල් සඳහා – 2 x 2 ටයිල් කැටයක් රුපියල් 500/=

🔴 දොර ජනෙල් සඳහා – රුපියල් 30,000/=

ඔබට අවශ්‍ය සියලු තොරතුරු විහාරාධිපති පූජ්‍ය ඉන්දසිරි හිමියන් අමතා ලබාගත හැකියි.

පුණ්‍යාධාර සඳහා ගිණුම් විස්තර –

කොමර්ෂල් බැංකුව – පොතුවිල් ශාඛාව
ගිණුම් අංකය – 8007716788
නම – වරකාපොල ඉන්දසිරි හිමි

BOC – පොතුවිල් ශාඛාව
ගිණුම් අංකය – 80812576
නම – වරකාපොල ඉන්දසිරි හිමි



8 Viewers