• Home »
  • Sinhala News »
  • බලධාරීන්ගෙන් කෙනහිලිකම් වින්ද කල්කුඩාවේ පිරිවෙනක් අරඹයි

බලධාරීන්ගෙන් කෙනහිලිකම් වින්ද කල්කුඩාවේ පිරිවෙනක් අරඹයි

මඩකලපු සිංහල ජනතාව යුද්ධය නිසා දැඩි අසරණභාවයට පත් වුණා. බොහෝ දෙනෙක් ගම්බිම් අතහැර මඩකලපුවෙන් යන්නට ගියා. ඉතිරි වෙච්ච ජනතාවට ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ තාඩන පීඩනයන්ට ලක්වෙලා කල් ගෙවන්නේ සිදුවුණේ.

මඩකලපුව කෝරළේ පත්තු වාලච්චේන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැල්ල වාඩිය සිරි විවේකාරාම විහාරස්ථානය අනුබද්ධ සිරි සීලංකාර මූලික පිරිවෙන පසුගියදා නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කළා.

යුද්ධය පැවති සමයට පෙර සිංහල පවුල් විශාල ප‍්‍රමාණයක් මෙම ප‍්‍රදේශයෙන් ඉවත්ව ගියා. ඉන්පසු මේ ප‍්‍රදේශයේ සිංහල පාසලක් ආරම්භ කිරීමට

ගොඩනැගිලි ඉදිකර කීප වතාවක් උත්සාහ කළත් එම අදහසද සාර්ථක වුණේ නෑ. අවසානයේදී භික්ෂූන් වහන්සේගේ ඉල්ලීම පරිදි කල්කුඩා සිරි සීලාලංකාර මූලික පිරිවෙන ආරම්භ වුණා. ඒ නැගෙනහිර ආණ්ඩුකාරතුමියගේ මූලිකත්වයෙන්.

එහිදී අදහස් දැක්වූ නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය මෙසේ පැවසුවා.

සංහිඳියා වැඩපිළිවෙළ පසුගිය කාලයේ අවභාවිතයට ලක් වුණා. අද අපි බොහෝ අභියෝග මධ්‍යයේ නැගෙනහිර පළාතේ මෙම පිරිවෙන ආරම්භ කළේ සැබෑ සංහිඳියාවක් ඇති කරන්නයි.

මෙම ක‍්‍රියාව තුළින් පමණයි අපි ප‍්‍රාර්ථනා කළ සැබෑ සංහිඳියාව ඇති වෙන්නේ. අද මෙම පිරිවෙනට සියලූ දරුවන්ට ජාති භේදයෙන් තොරව එන්න පුළුවන්. මෙයින් සියලූ දරුවන්ට බෞද්ධ දර්ශනය ඉගෙන ගන්න ලැබෙනවා. බෞද්ධකම සිංහලයන්ට පමණක් අයිති කර ගැනීම අසාධාරණයි. මෙය සියලූ ජාතීන්ට ලබාගන්න පුළුවන් වෙන්න ඕන. ඒ සෑම දෙනාගේ අයිතියක්.

අපි අධ්‍යාපනය අතින්, වෙළෙඳාම් අතින්, ක‍්‍රීඩාව අතින් ලෝකය ජය ගන්න හදනවා. නමුත් අපි හිතන්න ඕනේ ලෝකය ජයගන්න බෞද්ධ දර්ශනය තුළින්. ඒ වෙනුවෙන් අධිෂ්ඨානයක් ඇති කර ගන්න ඕනි.

මෙම අවස්ථාවට මහා සඟරුවන සමගින් සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල, ආණ්ඩුකාර ලේකම් එල්. පී. මදනායක යන මහත්වරුන්් ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීහු විශාල පිරිසක් ද සහභාගි වුණා.



6 Viewers