බලය බෙදීම සහ ජවිපෙ
බලය බෙදීම පිළිබඳ ජවිපේ “අප්‍රකාශිත මතය” හරිනි අමරසූරිය විසින් මෑතකදී හෙලිකලා. ජනතා විමුක්ති පෙරමුණ, 13වන ව්‍යවස්ථා ප්‍රකාරව බලය බෙදීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය වෙනස්කලේ 2008/2009 කාලයේදී බව බොහෝ දෙනා නොදන්නා කාරණයක්. ජවිපේ වටා දැනට රොක්වී ඇති පිරිස් එවැනි දේශපාලන ප්‍රවනතා සියුම්ව ග්‍රහනයකිරීමට අසමත් කණ්ඩායමක්.
ජවිපේ 88/89 කැරැල්ලේ එක් ප්‍රධාන සටන් පාඨයක් වූයේ පළාත් සභා අහෝසිකිරීම. ඔවුන්ගේ එම අරගලයෙන් 60,000කට අධික තරුණ පිරිසක් මියගියා. ඔවුන් අදටත්, වාර්ෂිකව, “බලය බෙදීමට එරෙහිව” සටන්කර මියගිය තම සාමාජිකයින් අණුස්මරණයකරනවා. එවැනි තත්වයක් තුල, ජවිපේ තම මුල් ස්ථාවරය වෙනස්කර, බලය බෙදීමට දැන් එකඟ බව ප්‍රසිද්ධිය ප්‍රකශකිරීම, ඔවුන් සමග එක්වී සිටින ජාතිකත්වයට නැඹුරු සාමාජිකයින්ට දැඩි කම්පනයක් ඇතිකරවනවාට සැකයක් නෑ.
දෙමල නිජ භූමි සංකල්පය තහවුරුකිරීමටත් එය ප්‍රතික්ෂේපකිරීමටත් සිංහල දෙමල දෙපාර්ශවයෙන්ම විවිධ තර්ක විතර්ක ඉදිරිපත්කරනවා. එම ඉතිහාස කරුණු මදකට පසුවට තබා, සරල ගණිතයෙන් සහ භූගෝලීය සිතියම් භාවිතයෙන්,දෙමල සහ නව ලිබරල් කඳවුරේ දේශපාලඥයින් ඉල්ලාසිටින පළාත් සභා මට්ටමින් බලය බෙදීම කෙතරම් සාධාරණ දැයි විමසා බලමු.1. බලය බෙදීම සඳහා, 80 දශකයේ සිට මේ දක්වා පැවති සියළුම සාකච්ඡාවලදී, ප්‍රාදේශීය සභා දිස්ත්‍රික් සභා මට්ටමින් බලය බෙදීමට දෙමල දේශපාලඥයින් විරුද්ධවූ අතර, “බලය බෙදීමේ කුඩාම ඒකකය” පළාත් සභා වියයුතු බව දෙමල දේශපාලඥයින්ගේ මතයයි.
2. රටේ මුළු දෙමල ජනගහනයෙන් විශාල පිරිසක් කොළඹ දිස්ත්රික්කය ඇතුළු අනෙකුත් ප්රදේශ වල ජීවත්වනවා. උතුරු සහ නැගෙනහිර පළාත්වල ජීවත්වන දෙමල ජනගහනය රටේ මුළු ජනගහනයෙන් 8%. එම දෙපළාත් රටේ මුළු භූමියෙන් 29%. උතුරු සහ නැගෙණහිර පළාත් රටේ මුළු වෙරල තීරයෙන් 66%. ඒ අනුව දෙමල බෙදුම්වාදීන් ඉල්ලන්නේ ජන අනුපාතයට වඩා හතර ගුණයකට ආසන්න භූමියක පාළනයක්. එපමණක් නොවේ, ජන අනුපාතයට වඩා අට ගුණයකටත් වැඩි වෙරළ තීරයක පාලනයක්. ඒ අනුව, සරල අංක ගණිතයෙන්, ඔවුන්ගේ ඉල්ලීමේ අසාධාරන ස්වභාවය පැහැදිලිවෙනවා.
3. යාපනය දිස්ත්රිකයේ උතුරු කොටස හැර, උතුරු පළාතේ සෙසු සියළුම ප්රදේශ ඉතා අඩු ජනඝනත්වයක් සහිත භූමියක්. අංක 1 සහ 2 සිතියම්වලින් ඒබව මනාව පැහැදිලිවෙනවා. (එම සිතියම්වල එක් තිතකින් දක්වන්නේ 500ක ජන සංඛ්‍යාවක්.) අධික ජනඝනත්වයක් සහිත යාපනයේ නාගරික ප්රදේශවල, දෙමල ජනතාවගේ සංස්කෘතික අනන්යතාවය බිඳීයන ලෙස සිංහලයින් පදිංචිකිරීමක් මෑත කාලයේ කිසිදු රජයක් මගින් සිදුකර නෑ. සිංහල ජාතිකත්ව කොටස් පවා දෙමල ජනතාවගේ එම අයිතීන් පිළිගන්නවා. නමුත් රටක සංවර්ධනය සිදුවන විට, නව කර්මාන්ත, කෘෂිකාර්මික ව්යාපෘති සඳහා, ජන ශුන්ය ප්රදේශ අවශ්යවෙනවා. ඒ සඳහා හිස් ඉඩම් බහුලව ඉතිරිව ඇත්තේ, ජනගහන ඝනත්වය ඉතාම අඩු, කිලිනොච්චි, මුලතිව වව්නියා සහ මන්නාරම දිස්ත්රික්කවල. එම ප්රදේශ දෙමල ජනයා සඳහාම පමණක් වෙන්වූ නින්දගම් ලෙස පවත්වාගැනීම රටේ ඉදිරි සංවර්ධනයට බධාවක්. 13 වන ව්යවස්ථා සංශෝධනයට අනුව දෙමල ජනතාවට පමණක් එම හිස් ඉඩම්වල අයිතිය පැවරීමෙන් සිදුවන්නේ රටේ සෙසු ජනකොටස්වලට අසාධාරණයක්.
4. දෙමල බෙදුම්වාදීන් සහ ජවිපේ වර්ථමාන නායකයින් පවසන්නේ ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර දෙපළාත් දෙමල ජනතාවගේ ඓතිහාසික නිජ බිම්බවයි. පළාත් සභා සඳහා ඉඩම් බලතල ලබාගැනීමට ඔවුන් ඉදිරිපත්කරන ප්‍රධාන තර්කය එයයි. ඉතිහාසඥයින්, බෙදුම්වාදීන්ගේ එම තර්කය සාවද්‍යබව ඔප්පුකර ඇතත්, මාගේ උත්සාහය භූගෝලීය වශයෙන්,එම තර්කයේ විසංවාදී ස්වභාවය පැහැදිලිකිරිමයි.
5. තුන්වන රූපයේ දැක්වෙන්නේ 1956 සහ 1999 වසර වල ශ්‍රී ලංකාවේ වනාන්තර ව්‍යාප්තියයි. ඒ අනුව, යාපනය දිස්ත්‍රික්කයේ උතුරු කොටසේ නගරාශ්‍රිත භූමි ප්‍රදේශ හැර, උතුරු පළාතේ සෙසු දිස්ත්‍රික්ක සම්පූර්නයෙන්ම පාහේ වනගහනයෙන් වැසී ඇති බව එම සිතියම්වලින් පැහැදිලිවෙනවා. එයිනුත් ඔබ්බටවූ කාලයේදී, එනම් තවත් සියවස් කිහිපයකට පෙර, වනාන්තර මගින් වැසී ඇති භූමියේ විශාලත්වය කෙතරම් දැයි අනුමානකල හැකියි. එම ඝන වනාන්තර දෙමල ජනතාවගේ ඓතිහාසික නිජ බිම් යන කාරනය සත්‍ය නම්, ඔවුන් වනගතව විසූ වැදි ජනතාව වැනි පිරිසක් විය යුතුයි.
6. දෙමල බෙදුම්වාදීන්, සම්පූර්න උතුරු සහ නැගෙනහිර දෙපළාත්වල ඉඩම් අයිතිය (ඉඩම් බලතල) ඉල්ලා සිටියත්, සත්‍ය වශයෙන් දෙමල ජනතාව බහුල වශයෙන් සංකේන්ද්‍රණයවී සිටින්නේ යාපනය දිස්ත්‍රික්කයේ උතුරු කොටසේ සහ නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ පමණයි. හතරවන (4) රූපයේ දක්වා ඇත්තේ නැගෙනහිර පළාතේ, බහුතර ජනවර්ගය අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වර්නගන්වා ඇති ආකාරයයි. නගෙනහිර පළාතේ දෙමල ජනගහනය, එහි මුළු ජනගහනයෙන් 39%ක් පමණයි. මුස්ලිම් සහ සිංහල ජනතාව, එහි මුළු ජනගහනයෙන් 60%ක් (මුස්ලිම් 36% සිංහල 23%). ජන ව්‍යප්තිය අනුව, නැගෙනහිර පළාතේ මුළු භූමි ප්‍රමාණයෙන්, සිංහල ප්‍රාදේශීය සභා 50%කට ආසන්න වපසරියක ව්‍යාප්තියක් දක්වනවා. මේ කාරුණු සලකා බැලීමේදී, ජන අනුපාතය අනුව හෝ පදිංචි භූමි ප්‍රමාණය අනුව, නැගෙනහිර පළාත වර්ගවාදී දෙමල දේශපාලන පක්ෂයක තනි බුක්තියකට නතුකිරීම සාධාරණීකරණයකල නොහැකියි.
7. උතුරු පළාත මෙන්ම, නැගෙනහිර පළාතෙ බොහෝ ප්‍රදේශද, මෙයට දශක කිහිපයකට පෙර පවා ඝන වනාන්තර (4වන රූපයට අවධානය යුමුකරන්න). එම වනගත ප්‍රදේශ දෙමල ජනතාවගේ නිජ බිම් ලෙස ලෙස සැලකිය නොහැකියි.
8. දෙමල බෙදුම්වාදීන්, නැගෙනහිර පළාත කෙසේ හෝ අත්පත්කරගැනීමට උත්සහාකරන්නේ ඔවුන්ගේ සිහින ඊලම් රාජ්‍යයේ අග නගරය ත්‍රිකුනාමලය ලෙස තෝරාගෙන ඇති නිසා. ජන අනුපාතය සහ භූමියේ ව්‍යාප්තිය අනුව, නැගෙනහිර පළාත තම පාලනයට නතුකිරීම දුෂ්කර කටයුත්තක් බව හොඳින්ම දන්නා, දෙමල බෙදුම්වාදී කණ්ඩායම්, එම දෙපළාත් ඒකාබද්ධකිරීමෙන් පසු, දෙමල ජන අනුපාතය ඉහලයාමේ වාසිය උපයෝගීකොටගෙන, සමස්ථ උතුරු-නැගෙනහිර කලාපයේම බලය තහවුරුකර ගැනීමට උත්සහාකරනවා.
9. හරිනි අමරසූරියලා ලබා ඇති අධ්යාපනය අනුව, ඔවුන්ගේ තර්කන හැකියාව භාෂාවේ වචන වලින් ඔබ්බට යන්නේ නෑ. බලය බෙදීමේ සංකල්පය පිළිබඳ ගුණාත්මකව මිස ප්රමාණාත්මක විශ්ලේෂණ්යක් සිදුකර නිගමනවලට එළඹීමේ හැකියාවක් ඇයට නැහැ. දේශපාලනය හෝ ඉතිහාසය පිළිබඳ දැනුමක් නොමැතිවුවද, ඔබ අංක ගණිතය දන්නේ නම් සහ සරල සිතියමක් කියවා අවබෝධකරගැනීමට හැකියාවක් ඇත්නම්, උතුරු සහ නැගෙනහිර පළාත්, දෙමල බෙදුම්වාදීන්ගේ බලයට නතුකිරීම සාධාරණ නොවන බව පැහැදිලිවිය යුතුය.
28 Viewers