• Home »
  • Sinhala News »
  • බිහිසුණු අපරාධ සිදුකළ හිටපු කොටි ත‍්‍රස්තයන්ට සමාව දිය යුතුද?

බිහිසුණු අපරාධ සිදුකළ හිටපු කොටි ත‍්‍රස්තයන්ට සමාව දිය යුතුද?

(Courtesy of Diwaina)

 බිහිසුණු අපරාධ සිදුකළ හිටපු කොටි ත‍්‍රස්තයන් 82 ක් මුදාහැරිය යුතු යැයි ද්‍රවිඩ දේශපාලකයන් නැවත වරක් රජයෙන් ඉල්ලා ඇත. මෙම ත‍්‍රස්තයන්ව හඳුන්වා ඇත්තේ දේශපාලන සිරකරුවන් ලෙසිනි. එහෙත් මොවුන් දේශපාලන සිකරුවන් නොවේ, මෙලෙස හිටපු කොටි මිනීමරුවන් මුදා හරින ලෙස ඉල්ලන දේශපාලකයන් ශ‍්‍රී ලංකා හමුදාවට එල්ල කරන යුද අපරාධ චෝදනා ගැන ජාත්‍යන්තර අධිකරණය හෝ වෙනත් විනිශ්චය සභාවක් පත්කර විමර්ශනයක් කළ යුතු බව කියා සිටියි.

එසේ වුවත් නිදහස් කරන ලෙස ඉල්ලන මේ හිටපු කොටි ත‍්‍රස්තයන් සිදු කළ අපරාධ කෙරේ රජය අවධානය කළ යුතුයි.

මෙහි දැක්වෙන්නේ ඊට නිදසුන්ය.

1. යුද සහ නාවික භටයන් 25 ක් වෙඩි තබා මරා පුළුස්සා දැමීම (මෙය යුද අපරාධයකි*

2. මගීන් 55 ක් ක් සම`ග ලයන් එයාර් ගුවන් යානාව මිසයිල ප‍්‍රහාරයකින් විනාශ කිරීම

3. හමුදා භටයන් සහ තුවාලකරුවන් රැුගත්් ගුවන් හමුදා යානාවක් විනාශ කිරීම

4. සිවිල් වැසියන් සිටි ගම්මානවලට ප‍්‍රහාර එල්ල කිරීම

5. ළදරුවන් කාන්තාවන් ඇතුළු නිරායුධ පිරිස් ම්ලේච්ඡු ලෙස කපා කොටා මරා දැමීම

මෙලෙස රැුඳවුම් භාරයේ සිටින කොටින්ගේ බිහිසුණු ක‍්‍රියා අනාවරණයවන අවස්ථාවේ ඔවුන්ව නිදහස් කර ගැනීමට ද්‍රවිඩ දේශපාලන නායකයන් රජයට බලකරන්නේ ඔවුන්ට එල්ලවන යුද අපරාධ චෝදනාවලින්

මුදාගැනීමටය. මේ උපක‍්‍රමය රජයේ නායකයන් දැඩි ලෙස අවධාරණය කළ යුතුයි. මන්ද මේ අපරාධකරුවන්ට නිදහස හිමි වුවොත් ඔවුන් සිදු කළ අපරාධ ගැන නඩු පැවරිය නොහැකිය.

එසේ වූවත් වාන්පුලිගල් නැමැති කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායක ගුශාන්තන් කොටි හමුදා නායකයන් වූ පදුමන් හා සේරා අම්මාන්, සහ කපිතන් ඉන්දික සංජීව ඇතුළු කොටි හමුදා නායකයන්

රැුසක් යහපාලන රජය යටතේ නිදහස් විය. මොවුන්ට අධිකරණය හමුවට පවා ඉදිරිපත් වූයේ නැත. එසේ නම් මේ හිටපු කොටි හමුදා නායකයන් නිදහස් වූයේ විදේශ ගත ඩයස් පෝරාවේ අරමුදල් මතද?

මෙම හිටපු කොටි හමුදා නායකයන් නිදහස් වූයේ කෙසේද යන්න ගැන යහපාලන රජය සහ වත්මන් රජයද අදවනතුරු විමර්ශන පවත්වා නැත. ත‍්‍රිකුණාමල කොටි හමුදා නායකයාව සිටි පදුමන්ගේ නම වෙනස් නමක් කියා ඔහුව අධිකරණය විසින් මුදා හැරිණි. මේ හැර හිටපු කොටි 200කට අධික පිරිසකට මෙරටින් පලායෑමට හැකි වූයේ ඩයස්පෝරාව අතදිග හැර මුදල් වැය කිරීම නිසාය. මේ හිටපු කොටි බි‍්‍රතාන්‍යය, ජර්මනිය, ප‍්‍රංශය, ස්විට්සර්ලන්තය, කැනඩාව, නෝර්වේ ඔස්ටි‍්‍රයාව, ඔස්ටේ‍්‍රලියාව සහ ස්විඩනය යන රටවල දේශපාලන
රැුකවරණ ලබා ඇත.

මින් විවිධ අපරාධ සිදු කළ කොටි 70 ක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට බොරු සාක්කි ලබා දී තිබේ. එහෙත් ඔවුන්ගේ අනන්‍යතාවය හෙළි කර නැත. මේ පසුබිම මැද ශ‍්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවේ නිලධාරීන් 59කටද විශේෂ කාර්ය බළකායේ 56කට ද රහස් පොලිසියේ හා ත‍්‍රස්ත මර්දන ඒකකයේ 17කට ද යුද අපරාධ චෝදනා එල්ල වී ඇත. මෙවන් තත්ත්වයක් මැද අපරාධ සිදුකළ හිටපු කොටි ත‍්‍රස්තයන්ට රජය සමාව දිය යුතුද? ඉන්දිරා ගාන්ධි මැරූ සීක් ආරක්‍ෂකයන් දෙදෙනාව එල්ලා මරා දමනු ලැබීය.

එසේම ජනරාල් අරුන් විiා මරා දැමූූ ත‍්‍රස්තයන් දෙදෙනා එල්ලනු ලැබීය. මොවුන්ට සමාව දීමට ඉන්දීය රජය ක‍්‍රියා කළේ නැත. එහෙත් ශ‍්‍රී ලංකා හමුදා භටයන්ව වරදකරුවන් කර ඔවුන්ට දඬුවම් පමුණුවා යුක්තිය ඉටු කළ යුතු යැයි හඬ නඟා විග්නේශ්වරන්, සම්බන්ධන්, ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ශ‍්‍රීධරන්, ආනන්දි ශෂිතරන්, සුමන්තිරන් සහ සිවාජිලිංගම් වැන්නවුන් මහ බැංකු බෝම්බ පිපිරීමෙන් මියගිය 91 ක පිරිසට යුක්තිය ඉටු වූ බව කියන්නේද? මහ බැංකු බෝම්බ පිපිරීම සිදු වූයේ ජනවාරි 31 වැනි දිනකය. එහිදී බැංකු නිලධාරීන් 40 ක් අමු අමුවේ ඝාතනය විය. එක් බැංකු නිලධාරිනියකගේ දෑස් අන්ධ විය. ඇය ද මේ වනවිට දැඩි අසරණ තත්ත්වයකින් පසුවේ.

ආර්. ඞී. එක්ස් කිලෝ 400ක බලයක් ඇති බෝම්බයක් පුපුරුවා හැරීමෙන් සිදු වූ විපත සුළු පටු නොවේ. මෙම මහ බැංකු පිපිරීමට වග කිවයුතු ප‍්‍රභාකරන්ගේ ඇග’ිලි සලකුණ සොයා ගත්තේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නිලබ්දීන්ය. මරදාන බෝම්බය, ජේ. ඞී. සී. බෝම්බය කොටා පාර බෝම්බ පිපිරීම විදුලි සංදේශ බෝම්බය වැනි බෝම්බ පිපිරීම සිදු කළේ දේශපාලන සිරකරුවන් නොවේ. මෙවන් පසුබිමක් මැද රජය රැුඳවුම්භාරයේ සිටින මිනීමරුවන් 82ක පිරිස මුදු හැරීමට කටයුතු කළ හොත් එය බරපතළ ද්‍රෝහිකමක් වේ.

එසේම ශ‍්‍රී ලංකාවේ හමුදාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා තවමත් අවසන් නැත. මේ වසරේ මාර්තු මස එම චෝදනා යළි ජිනීවා කරළියට පැමිණේ. යහපාලන රජයේ මානව හිමිකම් කොමිසම ද හමුදාවට එරෙහිව සාවi වාර්තා 300කට අධික සංඛ්‍යාවක් ජීනීවා වෙත යවනු ලැබීය. මෑතකදී එම කොමිසමේ හිටපු සාමාජිකා අම්බිකා සකුනාදන් නැමැත්තිය ශ‍්‍රී ලංකා හමුදාව ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යා යුතු බව කියා සිටියා ය. එහෙත් කිසිදු කොටි අපරාධකරුවෙක් ජාත්‍යන්තර අධිකරණයට ගෙනයා යුතු බව ඇය පැවසූවේ නැත.

මෙලෙස හිටපු කොටි ත‍්‍රස්තයන් මුදාගැනීමට ද්‍රවිඩ දේශපාලකයන් උත්සාහ කරන අවස්ථාවේ බි‍්‍රතාන්‍යය, කැනඩාව, මොන්ටිනිග්‍රෝ්, ජර්මනිය සහ මැසිඩෝනියාව යන රටවල් ශ‍්‍රී ලංකාවට එරෙහිව තවත් යෝජනාවක් 46 වැනි මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. එහෙත් කැනඩාව, ජර්මනිය මොන්ටිනිග්‍රෝ, බි‍්‍රතාන්‍යය සහ මැසිඩෝනියාව යන රටවලට ද යුද අපරාධ චෝදනා එල්ල වී ඇත. කැනඩාවේ ගෝත‍්‍රික කාන්තාවන් විශාල පිරිසක් අතුරුදන් වී ඇත. අතුරුදන් වූවන්ට වන්දි ගෙවීමටද කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ එරෙහි විය. එසේ නම් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් හඬ නැඟීමට කැනඩාවට සදාචාර හිමිකමක් තිබේද? ශ‍්‍රී ලංකාවේ සිටින කැනඩා මහ කොමසාරිස්වරයා මෙතෙක් ඒ ගැන ප‍්‍රතිචාර දක්වා නැත. වරක් ශ‍්‍රී ලංකාව මානව හිමිකම් උල්ලංඝනය කරන බව පවසමින් කැනඩා මහ කොමසාරිස්වරිය හමුදා ආචාර පෙළ පාලිය සඳහා සහභාගී වූයේ නැත.

එසේම කැනඩා අගමැති ටෲඩෝගේ සමීපතම මිතුරු කොටි හිතවාදීයකු වූ ගැරී ආනන්ද සංගරිශ‍්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව විවිධ මෙහෙයුම් දියත් කරයි.කැනඩාවේ ඔන්ටාරියෝ ප‍්‍රාන්ත රජය ශ‍්‍රී ලංකාව ද්‍රවිඩ සමූල ඝාතනය සිදු කළ බව කියමින් පුද්ගික පාර්ලිමේන්තු පනතක්ද සම්මත කළේය. මේ හැර කොටි ආයුධ ප‍්‍රවාහනයේ යෙදුණු ජාත්‍යන්තර ප‍්‍රවාහකයාට දේශපාලන රැුකවරණ ලබාදීමට ද කැනඩාව ක‍්‍රියා කර ඇත. මේ පසුබිම මැද රැුඳවුම්භාරයේ සිටින හිටපු කොටි අපරාධකරුවන් මුදා හැරීමෙන් සිදු වන්නේ විපාක විඳීමටය. මොවුන් නිදහස් කළහොත් ඔවුන්ට විදේශ රටවල් විසින් දේශපාලන
රැුකවරණ දෙනු ඇත.

ඉන්පසුව එම හිටපු කොටි ත‍්‍රස්තයන් ශ‍්‍රී ලංකා හමුදාවට එරෙහිව බොරු සාක්කි දීමට ඉදිරිපත් වේ. එය නතර කිරීමට රජයට නොහැකි වේ. මෙයට හොඳම නිදසුන කොටි සම`ග කටයුතු කළ බි‍්‍රතාන්‍යයේ වානිකුමාර් නැමැත්තිය සහ පුදුකුඩිරිප්පු රෝහලේ වෛi වර්දරාජා බි‍්‍රතාන්‍යයේ සහ ඇමෙරිකාවේ දේශපාලන රැුකවරණ ලබා ගැනීමෙන් පසු ශ‍්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව බොරු සාක්කි පැවසීමයි.

එසේම කොටි නිදහස් වූවන් ඔවුන්ට එරෙහිව විදේශ රටවලදී අත්අඩංගුවට ගත හැකි විශ්ව අධිකරණ පද්ධතිය ක‍්‍රියාත්මක නොවේ. එය ක‍්‍රියාත්මක වන්නේ ජනරාල් කමල් ගුණරත්න, ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, මේජර් ජනරාල් වරුන් වූ චාගිි ගාල්ලගේ, ජගත් ඩයස්, ප‍්‍රසන්න සිල්වා ඇතුළු හමුදා නිලධාරීන් 59කටය. මේ නිසා මිනීමරු කොටි කල්ලිය මුදා හැරීම යනු අපේ හමුදාවට එල්ලවූ පාරාවළල්ලක් වේ. මෙම තත්ත්වය මත රැුඳවුම්භාරයේ සිටින හිටපු කොටි මුදා ගැනීමට ද්‍රවිඩ දේශපාලකයන් උත්සාහ කරන්නේ යටි අරමුණු ඉටු කර ගැනීමටයි.

මේ දේශපාලකයන් බෙදුම්වාදීන් බව රජය අමතක නොකළ යුතුයි. ජිනීවා ආරංචි මාර්ගවලට අනුව කොටි ඩයස්පෝරා සංවිධාන 40ක ඉලක්කය වී ඇත්තේ ශ‍්‍රී ලංකා හමුදාව බොරු සමූලඝාතනයකට වරදකරුවන් කිරීමයි. ඒ සඳහා පසුගිය වසර 11 තුළ කොටි ඩයස්පෝරාව විශාල මුදල් ප‍්‍රමාණයක් වැය කරනු ලැබීය. කැනඩාව සහ බි‍්‍රතාන්‍යය යන රටවල කොටි ඩයස්පෝරාව එම බොරු චෝදනාව එල්ල කර ඇති ඇති අතර ඉදිරියේදීත් එය දිගට ම ප‍්‍රචාරය වේ. මේ නිසා රජය කිසිසේත් හිටපු අපරාධකරුවන් 83 ක පිරිස මුදා හැරීමට ක‍්‍රියා නොකළ යුතුයි.

එසේ කළහොත් එය ඡුන්දය දුන් 69 ලක්‍ෂයක ජනතාවට ද්‍රෝහි වීමකි. මේ අතර ද්‍රවිඩ සන්ධානය ටෙලෝ සහ කොටි හිතවාදී බි‍්‍රතාන්‍ය සංවිධාන 250 ක් එකතු වී බි‍්‍රතාන්‍ය රජයෙන් ඉල්ලීමක් කරමින් ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ඇතුළු හමුදා නිලධාරීහු 59 ක් ජාත්‍යන්තර විනිශ්චය සභාවක් වෙත ඉදිරිපත් කිරීමේ කුමන්ත‍්‍රණයක් දියත් කර ඇත. මෙම කොටි හිතවාදී සංවිධාන ශ‍්‍රී ලංකා ද්‍රවිඩ සමූල ඝාතනයක් සිදු කළ බව දක්වමින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ලවා එම විනිශ්චය සභාව ස්ථාපිත කරන ලෙස ඉල්ලා තිබේ. එහෙත් කොටි සංවිධානය සිදු කළ යුතු අපරාධ ගැන එකී සංවිධාන වසන් කර ඇත.

කිර්ති වර්ණකුලසුරිය



25 Viewers