බුද්ධගයා විහාරයේ ඉතිහාසය

ලංකාවේ සමහරක් දෙනා බුද්ධගයාව කොවිලක් යනුවෙන් මැතක සිටි පවසනවා ඒනිසාම සෑම දෙනාම බුද්ධගයා විහාරයේ ඉතිහාසය ඉතා  කෙටියෙන් හෝ දැනගත යුතුය.

බුද්ධගයා විහාරයේ ඉතිහාසය ඉතා  කෙටියෙන්

ධර්මාශෝක රජු පලමුව මෙහි විහාරය  ඉදි කරන්නේ වජිරාසනය වට කොට ඒ බිමේ ආරක්ෂාව සදහාය.ඒහි මුදුනේ චෛත්‍යයක් ද ඉදිකලේය. ඉට පසු බොහෝ රජවරැ මෙය ප්‍රතිසංස්කරණ හා නැවත ඉදිකිරීම් කර ඇත. ලංකාවේ රජ කල මහා මේඝවර්ණ රජතුමාද ( ක්‍රි.ව 304 – 332) මේ විහාරය ප්‍රතිසංස්කරණ කර ආරමයක්ද ඉදි කලේය. ඒ ආරාමයේ විස්තර හත්වැනි සියවසේ බුද්ධගයාවට වැඩි  චීන ජාතික හියුං සෑං ස්වාමීන්වහන්සේගේ දේශාටන වාර්තාවේ මෙලෙස සදහන් වේ.

මහල් තුනකින් හා මණ්ඩප හයකින් සමන්විත මේ ආරාමය සිංහලේ රජ කරවු මහා මේඝවර්ණ ඉදිකල ආරමයකි. ආරාමය තුල වු බුද්ධ පුතිමාව රනින් හා රීදියෙන් නිම කර ඇත. ආගානා මාණික්‍යයෙන් නෙත් තබා තිබිණි.

ක්‍රි,ව 1192 මගධ රාජයේ බලය පැහැරගත් මොහමඩ්  බක්තියාර් නම් මුස්ලිම් ජාතික ආක්‍රමණිකයා බෙෘද්ධ ⁣වෙ⁣⁣⁣හෙර  විහාර පොලොවට සමතලා කරමින් නාලාන්දා විශ්ව විද්‍යාලය ස්වාමීන්වහන්සෙලා සමගම ගිනි තබමින් බුද්ධගයා දෙසට පැමිණෙද්දි වැස්සකින්  නෙරන්ජනා නදිය එගොඩතලා යමින් මහා වැලි තලාවකින් බුද්ධගයා භුමිය වැසි ගියේය. බක්තියාර්ට බුද්ධගයා බිම සොයා ගැනීමට නොහැකි වි හැරි ගොස් ඇත.

යලිත් බුද්ධගයා විහාරය මතුකර ගත්තේ  එක්දාස් අටසිය ගණන්වල ඇලෙක්සැන්ඩර් කනීන්හැම් කියන ඉංග්‍රීසි ජාතික පුරාවිද්‍යා මහාචාර්ය විසිනි.ඒ හියුංසෑං හා පාහියන් භික්ෂූන්ගෙ දේශාටන වාර්තා අධ්‍යනය කිරිමෙන්ය. ඒ ලෙස මතුකරගත් බුද්ධගයා විහාරය   යලිත් පෙර පරිදි වර්තමානයේ දකින ආකාරයට ප්‍රතිනිර්මාණය කලේ ඇලෙක්සැන්ඩර් මහතාය.

ර්ට පසු එය ගයා ගමේ මහන්තා පරම්පරාවට විසින් අත්පත් කරගෙන හින්දු දේවාලයක් විදියට පවත්වාගෙන ගිය අතර ක්‍රිව 1891 දී ලංකාවේන් බුද්ධගයාව වන්දනාවට ගිය අනාගාරික ධර්මපාල තුමා සියල්ල වෙනස් කරමින් මුලු ගමක් සමග තනියෙන් සටන් කරමින් මහන්තාට විරැද්ධව නඩු පවරා යලිත් එය බෙෘද්ධජනතාවට අයත් පින්බිමක් ලෙස  නඩු තින්දුවක් රැගෙන ලෝක බෙෘද්ධයන්ට නිදහසේ වන්දනා කරන්න  වීවර කර දුන්නේය.  බුද්ධගයා නඩුවෙදි එය බෙෘද්ධ විහාරයක් බව ඹප්පු කරන්න හැකිවු ප්‍රධාන සාධකයක් වුයේ විහාරය මුදුනේ ඇති චෛත්‍යයයි.

සර් ඇලෙක්සැන්ඩර් කනිංහැමි බුද්ධගයා විහාරය මතු කර ගන්නාවිට බුද්ධගයා මහාවිහාරයේ බුදු පිලිමත් විහාරය ඒ අසලින්ම   බුදුරජාණන්වහන්සේ ධාතු නිදන් චෛත්‍යයක්ද බුද්ධඝොෂ මහරහතන්වහන්සේගේ ධාතු නිදන් චෛත්‍යයක් ඇතුලුව රහතන්වහන්සෙලාගේ ධාතු නිදන් කුඩා චෛත්‍යය දහස් ගාණක්ද අශොක කුලුණක් ඇතුලු බෙෘද්ධ විහාර නටබුන් රාශියක් හා සෙල් ලිපිද සොයා ගෙන ඇත.

බුදු දහමට අනුව ලොකයේ පලමුව හටගන්නේද අවසානේට විනාශ වෙන්නේද මේ භුමියයි. ලොව පහලවන සියලුම බුදුරජාණන්වහන්සේලා බුදු බව ලබන්නේද සර්වඥ ධාතු පරිණිර්වාණය සිදු වන්නේද මේ පින් බි⁣මේය. බුදු වන්නට පින් ඇති උතුමෙක් ලොව පහල වද්දි ඒ මොහොතේම මෙහි ඒ බුදුරජාණන්වහන්සේට ආදාල බොධින්වහන්සේගේ ඉබේම හටගනි.මෙබිමේ වජිරාසනය ඇති අතර (වජිරාසනය සෑදි ඇත්තේ තනි දියමන්තියකිනි) එය පොලොව මතුපිටට එන්නේ බොසත්වරයෙකු කෙලෙසුන් නසමින් සර්වඥ  ඥනය ලබන්න පැමිණි  මොහොතේදීම පමණකි.වජිරාසනය හරියට පිහිටි බිමි ඉහලින්ය වර්තමානයේ මෛත්‍රී බොධිසත්වයන්ගේ දැතින් නිමවුවා යැයි සැලකෙන අසිරිමත් බුදුපිළිමවහන්සේ වැඩ සිටින්නේ.

මෙම බුද්ධගයා භුමිය තරම් බලගතු භුමියක් ලොව නැති බව ආනන්ද බොධිය රොපණය කරද්දි ආනන්ද ස්වාමීන්වහන්සෙට බුදුරජාණන්වහන්සේ දේශනා කර ඇත.බෙෘද්ධයෙකු ජිවිතයේ එක්වරක් හෝ වන්දනා කලයුතු ස්ථාන හතරකින් එකකි මේ පින්බිම.

මේ පින්බිම ජය ශ්‍රී මහා බොධිය පෙලහැර පාන ලද පින් බිමයි. අදටත් මේ පින්බිමේ හාස්කම් නම් එමටය. එයින්  ලගදීම වු ප්‍රබල හාස්කම වුයේ 2013 ජුනි 07 වෙනිදාය. ඊට පෙරදින රාත්‍රියේ බුද්ධගයා මහා විහාරයේ මුස්ලිම්‍ ත්‍රස්තවාදී විසින් අධි බැලති කාල බොම්බ 07 විහාරය අටවන ලද්දේ ජුනි 07 උදෑසන හතයි තිහට පිපිරිගොස් බුද්ධගයා විහාරය බිමටම සමතලා වෙන්නය. නමුත් බොබ්බ  විශේෂඥයන්ටවත්  හිතාගත නොහැකි ලෙස විශ්වාසකීරිමට නොහැකි පරිදි මල් ආසනයක අටවා තිබු බොම්බයක සුලු කොටසක් පමණක්  කිසිම කෙනෙකුට හෝ විහාරයට සුලු හෝ හානියක් නොවි පිපිරි ගියේය.

විහාරයේ අටවා තිබු කාල බොම්බ කිසිවක් සකස්කල වේලාවට පිපිරැනේ නැත. මල් ආසනය යට තිබු බොම්බයත් සම්පුර්ණයෙන් පිපිරි ගියානම් එහි කම්පනයට අනිකුත් බොම්බත් පිපිරි යනවා නිසැකය. එ් ආකාරයටය ත්‍රස්තවාදීන් විසින් මෙය සකසා තිබුනේ. බොම්බයෙන් සුලු කොටසක් පමණක් පිපිරි ගියේ බොම්බ ඇටවු බව ආරක්ෂක අංශවලට දැන ගන්නට මෙනි. අනිකුත්අධි බලැති කාල බොම්බ සොයා ගත්තේ ඒනිසාය.

ඉන්දීය අධිකරණ විසින් බොබ්බ ඇටවු ත්‍රස්තවාදීන් පස් දෙනකුට 2018ජුනි පලවෙනිදා මරණ දඩුවම නියම කරන ලදී.

බුද්ධගයා විහාරයේ ඉතිහාස විස්තර මෙපමණ පැහැදිලි තිබියදි යුනෙස්කෝව ⁣විසින් ලෝක බෙෘද්ධ උරැමයක් බවට හා ලෝක උරැමයක් බවට ප්‍රකාශකර තිබියදි කෙසේ කියන්නද මේය කොවිලක්  කියා.



73 Viewers