• Home »
  • Sinhala Articles »
  • බෞද්ධ දර්ශනයට අනුව අපි උපයන ධනය බුද්ධිමත් ලෙස විසර්ජනය කරන්නේ කෙසේ ද?

බෞද්ධ දර්ශනයට අනුව අපි උපයන ධනය බුද්ධිමත් ලෙස විසර්ජනය කරන්නේ කෙසේ ද?

(Courtesy of Diwaina)

‘පැය විසි හතරම මහන්සි වෙලා හම්බ කළත් වැඩක් නෑ හදිස්සියක් වුණොත් ණයට ගන්නම වෙනවනෙ’’

මෙවැනි වදන් ඕනෑ තරම් එදිනෙදා සමාජයේ දී අපට සුලභව අසන්නට ලැබේ. වර්තමාන සමාජයේ ඕනෑම අයෙක් මුදල් උපයයි. නමුත් එම උපයන මුදල නිසි පරිදි විසර්ජනය කිරීමට නොහැකි නම් එම පුද්ගලයාගේ ජීවිතය සැලසුම් බවින් තොර වූවක් වෙයි.

ධනය යනු දෙපැත්ත කැපෙන ආයුධයක් වැනිය. බුද්ධිමත්ව පරිහරණය කිරීමෙන් යහපත සැලසෙන අතර අවිචාරශීලීව කරනු ලබන ධන පරිහරණයෙන් දෙලොවම පිරිහීමට පත් වෙයි. බුදු දහමට අනුව පුද්ගලයාගේ ජීවන පැවැත්ම සුවදායී විය යුතුය. මේ ස`දහා බලපානු ලබන මූලික සාධකයක් වන්නේ ධනයයි. ධනය නැති තැන ඇත්තේ දිළි`දුකමයි. දිලි`දුකම දුකකි. සාපයකි. දුරලිය යුත්තකි. දිළි`දුකම අනුව පුද්ගලයාගේ ආගමික අංශයෙන් පමණක් නොව අධ්‍යාපනික,සාමාජික,දේශපාලනික ආදි සෑම අංශයකින්ම පරිහානිය සැලසේ. එබැවින් සෑම අයෙකුටම තම අවශ්‍යතා සපුරා ගැනීමට ධනය අවශ්‍ය වේ.

බුදු දහමින් ධනය ඇගයුම් කරන නමුත් බෞද්ධයාගේ මූලික අපේක්ෂාව ධනෝපායනය නොවන බව ඉගැන්වේ. ආත්ම විමුක්තියට බාධාවක් නොවන අයුරින් තමා උපයන ධනය පරිහරණය කළ යුතුය. ධනෝත්පාදනය ජීවිතයේ එකම අරමුණ නොවිය යුතුය. ධනය නිසා වස්තුකාම හා ක්ලේෂකාම ඇති විය හැකිය. බුද්ධිමත් පුද්ගලයාගේ පිළිවෙත විය යුත්තේ එබ`දු තත්ත්වයකට පත්ව දෙලොව පිරිහීම ඇතිවන අයුරින් ක‍්‍රියා කරීම නොව ධනය ඇසුරින් සහනශීලීව සුවදායී තෘප්තිමත් උසස් ජීවන රටාවක් උදෙසා ක‍්‍රියා කිරීමයි.

යම් පුද්ගලයෙක් ආර්ථීක වශයෙන් පිරිහීමට ලක් වුවහොත් එම පුද්ගලයාගේ කායික මානසික සුවය නැති වෙයි. අසහනය ඇති වෙයි. එම පුද්ගලයාට සිය ආගමික චාරිත‍්‍ර වාරිත‍්‍ර ආදී කිසිවක් සපුරාලීමට නොහැකි වෙයි. කුසල් කෙරේ ඇල්මක් නැතිව යයි. ජීවත් වීම පිණිස හා තම දෛනික කටයුතු කෙසේ හෝ සපුරා ගැනීමේ අභිලාශයෙන් දුසිරිතට පවා නැඹුරු වෙයි. හොර මැරකම්, වංචා, දූෂණ ආදී ක‍්‍රියාවන් ස`දහා පෙළඹේ. එබැවින් සෑම අයකුටම ප‍්‍රමාණවත් අයුරින් ධනය තිබිය යුතුය. ඒ නිසා බුද්ධිමත් ධන විසර්ජනය ඉතා වැදගත් වේ. උට්ඨාන වීර්යෙන් දෑත දෙපය මහන්සියෙන් දහඩිය වගුරුවා මුදල් උපයා ගත්තේ වී නමුත් ආර්ථීක සුරක්ෂිතාව පිණිස ක‍්‍රියා නොකරයිනම් දිවි පෙවෙත කටුකවනු ඇත. තමන් සතු දැහැමි ධනය වැය කිරීමේ දී

අනුගමනය කළයුතු පිළිවෙත් රැුසක් ව්‍යග්ගපජ්ජ සූත‍්‍රයේ දැක්වේ.

ලෞකික දියුණුව පිණිස ඉවහල් වන කරුණු හතරෙන් එකක් වනුවේ සමජීවි කතාවයි. එනම් අය වැය සමව පවත්වා ගැනීමයි. ආදායමට සරිලන අයුරින් වියදම් කිරීමයි. බුද්ධිමත්ව ධනය වැය කරන්නකු කෙරෙන් ප‍්‍රකට විය යුතු පිළිවෙත සම ජීවිකතාවයි. තරාදියකින් භාණ්ඩ කිරන පුද්ගලයා යොදන බර ප‍්‍රමාණය අනුව තරාදිය මෙපමණින් ඉහළට යන බව හෝ් පහළට යන බව මැනවින් දන්නා පරිද්දෙන් සම්පත්වලද අය වැය සමව පවත්වා ගෙන යෑමට කටයුතු කළ යුතුය. තවත් ලෙසකින් පවසන්නේ නම් ජලාශයකට ජලය ගෙන එන ධාරතාව ගැන දැනගෙන ජලාශයෙන් බැහැර යාම පිණිස දොරටු විවර කළ යුතුය. වැඩි ජල ප‍්‍රමාණයක් ගලා එද්දී අඩුවෙන් ජලය බැහැර යාම පිණිස දොරටු විවර කළේ වී නම් ජලාශය පිරි ඉතිරි ගොස් විනාශ විය හැකිය. අඩුවෙන් ජලය ගලා එන කල්හි ඊට වැඩි වේගයකින් ජලය බැහැර යාම පිණිස දොරටු විවර කළහොත් ඉතා කෙටි කාලයකින් ජලාශය සිඳී යනු ඇත. එබැවින් එම පිළිවෙත් දෙකම සදොස් ය. ජලය ගලා එන ප‍්‍රමාණය අනුව බැහැර යාමට සැලැස්වීම බුද්ධිමත් පිළිවෙතයි. ධනය පිළිබ`ද අනුගමනය කළ යුත්තේ ද එම පිළිවෙතයි.

අඩු ආදායම් ලබන්නෙක් මහාපරිමාණයෙන් වියදම් මාර්ග සකසා ගනී නම් ඔහු අතු සොලවා දිවුල් කඩන්නෙකු හා සමාන කර දක්වයි. පිරිහීමට පත්වන අනුවණයකු ලෙස සැලකේ. එසේම තවත් අයෙක් විශාල වශයෙන් ආදායම් ලබමින් මසුරුකමින් යුතුව ඉතා සුළු ලෙසින් වියදම් කරන්නෙක් නම් ඔහු ද පරිහානියට පත් වෙයි. මෙම ක‍්‍රම දෙකම ආර්ථික වශයෙන් පුද්ගලයාගේ පරිහානිය ඇති කරයි. මෙම පිළිවෙත්වලින් වැළකී සමජීවිකතාවෙන් යුතුව ක‍්‍රියා කළ යුතුවෙයි.

වර්තමාන සමාජය තුළ පුද්ගලයා පෙළඹී ඇත්තේ තමා අවට සිටින පුද්ගලයන් අන්ධානුකරණය කිරීමටය. තමා හට නොමැති අනෙකා සතුව ඇති දෑ ණය වී හෝ ලබා ගැනීමටයි. අවසානයේ එ් තුළින් පුද්ගලයා උරුම කරගනු ලබන්නේ සරල බවින් සහනශීලීත්වයෙන් තොර ජීවන පැවැත්මකි. නමුත් බුදු දහම පුද්ගලයාට සරල මෙන්ම සැනසිලිදායී දිවියක් ගත කිරීමට අවශ්‍ය උපදෙස් අවශ්‍ය පමණටත් වඩා ලබා දී ඇත. ගැටලූව වන්නේ පුද්ගලයා මෙකී උපදේශ කොයිතාක් තම ජීවිතයට ප‍්‍රායෝගිකව සම්බන්ධ කරගන්නේ ද යන්න පිළිබ`දවය.

‘‘ඒකේන භෝගේ භුන්ජ්‍යෙය
ද්විහි කම්මං පයෝජයේ‍ය
චතුත්ථංච නිධාපෙය්‍ය
ආපදාසු භවිස්සති’’

පුද්ගලයා උපයන ධනය කෙසේ වියදම් කළ යුත්තේ ද යන්න සි`ගාලෝවාද සූත‍්‍රය තුළින් මැනවින් විග‍්‍රහ කර ඇත. අන් කිසිදු ආගම් දර්ශනයක මෙබ`දු සර්ව සාධාරණ ඉගැන්වීම ක‍්‍රමයක් දැකිය නොහැ වීම ද විශේෂ ලක්ෂණයකි. මෙම සි`ගාලෝවාද සූත‍්‍රයේ ස`දහන් ගාථාවට අනුව පුද්ගලයෙක් තමා උපයන ධනය කෙසේ වියදම් කළ යුතු ද යන්න මැනවින් දක්වා ඇත. එහි දී තමා උපයන ධනයෙන් හතරෙන් එකක් ආහාර අ`දුම් පැළඳුම් ආදී පරිභෝජනය ස`දහා ද හතරෙන් දෙකක් ව්‍යාපාර කටයුතුවල ප‍්‍රාග්ධනය වශයෙන් ද වැය කළ යුතුය. ඉතිරි කොටස තැන්පත් කර තැබිය යුත්තේ මතු දිනක අනපේක්ෂිත ලෙසින් සිදු විය හැකි විපත්තියක දී ප‍්‍රයෝජනයට ගැනීම පිණිසය. මෙලෙස තමන් උපයන ධනය බුද්ධිමත්ව පරිහරණය කිරීම තුළින් සැනසිලිදායී ලෙස ජීවත් වීමට හැකියාව ලැබේ.

තමා ඉතාම වෙහෙස මහන්සියෙන් උපයන ලද ධනය පොදු යහපත උදෙසා වැය කිරීමේ දී පළමුව තමන් කා බී සුව පහසු දිවිපෙවෙතක් ගත කළ යුතු බව පෙන්වා දෙයි. තම ධනය දෙමව්පියන්ගේ ද ධනය උපයා ගැනීමේ දී දහඩිය වැගිරූ සේවකයන්ගේ ද ඥාති හිතමිතුරන්ගේ ද සුව පහසුව වෙනනුවෙන් වියදම් කළ යුතුවේ. ධනෝත්පාදනය පෞද්ගලික වුවද වියදම් කිරීමේ දී පොදු විය යුතුය. මෙලෙස සිදුකිරීමෙන් පුද්ගලයා සතු ධනය පුද්ගලයාට පමණක් නොව සමාජයටම ආශිර්වාදයක් වනු ඇත. යමෙක් එසේ නොකර මසුරු කමින් ක‍්‍රියා කරයි නම් එම ධනය ඵලදායි ධනයක් නොවනු ඇත. තමන්ට හෝ අන් අයට යහපතක් නොවන ධනය රකුසන් අරක්ගත් විලක් බඳුය.

දෙලොවම ප‍්‍රියජනකව සතුටින් සොම්නසින් යුතුව වාසය කිරීමටත් විමුක්තියට අනුබලයක් වන අයුරින් ධනය පරිහරණය කළ යුතුය. ධනය මුල් කොට ගෙන නින්දා අපහාස ලැබීම හෝ කරදර දුක් පීඩාදියට ලක්වීම නුසුදුසුය. සමජීවිකතා පිළිවෙත වැදගත් කොට සලකන අයුරු මින් ප‍්‍රකට වෙයි.

තමන් උපයන ධනය බුද්ධිමත් ලෙස පරිහරණය කිරීමෙන් පුද්ගලයාගේ අභිවෘද්ධිය මෙන්ම සමාජ අභිවෘද්ධිය ද උදා වෙයි. බුදුදහම බුද්ධිමත් ධන විසර්ජනයෙහිලා ලබා දෙන උපදෙස් සර්වකාලීන අගයෙන් යුක්තව ප‍්‍රායෝගිකව පුද්ගලයාට අනුගමනය කළ හැකිය.

 යූ. කේ. සුජානි මානෙල්බෞද්ධ දර්ශනය (විශේෂවේදී)
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයකැලණිය විශ්වවිද්‍යාලය.



13 Viewers