බෞද්ධ විරෝධයේ ඇතුළාන්තය ?

FB එකේ සැරිසරන විට බෞද්ධ විරෝධී අදහස් පළකරන කණ්ඩායම් ,පුදගලයන් හමුවෙනවා.
හැබැයි බුදු දහමටත් ,බෞද්ධ සංස්කෘතික ලක්ෂණ වලටත් ගරහන – උපහාස කරණ පිරිස් සිටියත් වෙනත් ආගම්වලට – සංස්කෘතීන්ට ගරහන පිරිස් දක්නට නැහැ.

කිසියම් ආගමික ඉගැන්වීමක් ගැන සාකච්ඡා කිරීම වැරැද්දක් නොවේ, එහෙත් මොනම හෝ ආගමක ඉගැන්වීමකට, සංස්කෘතික අංගයකයට අපහාස – උපහාස – වෛරී ප්‍රකාශ කිරීම හෙළා දැකිය යුතුයි.

බෞද්ධ ආගමික ආයතනවලට පහර දීම, සිල්වත් භික්ෂූන්ට ගැරහීම , ධර්ම ප්‍රචාරක කටයුතුවල යෙදෙන භික්ෂූන්ට අවමන් කිරීම – මනෝ මුලික අභූත චෝදනා කිරීම සුලබ වෙමින් පවතී.

එහෙත් මෙම පිරිස් හා කණ්ඩායම් කිසි දිනක චීවරයට මුවාවී විනය විරෝධී – ශාසන විරෝධී ක්‍රියාකරණ භික්ෂූන්ට එරෙහිව කතාකරන්නේ ද නැත, ගරහන්නේ ද අපහාස උපහාස කරන්නේ ද නැත. බොහෝවිට එම භික්ෂූන්ට පක්ෂව – එම ක්‍රියාවන් අගයමින් FB එකේ අදහස් දක්වනවා.

දේශපාලන පක්ෂ පිහිටුවාගෙන සිටින, පාර්ලිමේන්තුවට ,පළාත් සභාවට , ප්‍රාදේශීය සභාවට තරඟ කරන, මංත්‍රීකම් දරණ, දේශපාලන පක්ෂවල තනතුරු දරණ, වෘත්තිය සංගම්කරණ, කාන්තාවන් සමග සංවිධාන හදාගෙන සිටින, කාන්තාවන් ( ප්‍රියංකා, ප්‍රියමාලී ) සමග ජාවාරම්කරන , විවිධ ජාවාරම් කරණ, NGO පිහිටුවාගෙන භික්ෂූත්වයට නොගැලපෙන ක්‍රියාකාරකම් කරන, ශාසනය පිරිහෙන ක්‍රියාවන් කරණ,
කිසිවෙකු ගැන උදහසක් ඔවුන්ට නැත. රුවුල් වවාගෙන , කොණ්ඩ වවාගෙන , ආරක්ෂක නිලධාරීන් සමග ගැටෙමින්, සිවුරු උස්සාගෙන තාප්ප උඩින් පනිමින් අශීලාචාර ලෙස හැසිරෙන හණුමා නිකායේ භික්ෂූන් ගැන විරෝධයක් නැත.

මොවුන් බෞද්ධ විරෝධීන්ගෙ හොඳම මිතුරන්‍ ය. ඔවුන් දෙගොල්ලම කරන්නේ බෞද්ධ විරෝධී ක්‍රියාවන්. එකම කාසියේ දෙපැත්ත.

භික්ෂූන් වහන්සේලා ද ප්‍රථග්ජනයෝය. ප්‍රථග්ජන භික්ෂූන් අතින් වැරදි සිදුවීම අරුමයක් නොවේ. බුදුන් වහන්ගේ කාලයෙත් වැරදි කරන ප්‍රථග්ජන භික්ෂූන් සිටියා,

කිසියම් විනය විරෝධී ක්‍රියාවක් සිදුවුවත් – සිදු කළත් එය තේරුම් ගෙන නිවරදි වීමට දහමේ ඉඩලබා දී ඇත, එහෙත් එසේ නිවැරැදි නොවී දිගින් දිගමටම විනය විරෝධී – ශාසන විරෝධී ක්‍රියාකරන භික්ෂූන් සිටීම කනගාටුවක්,

මාධ්‍යකරුවන් වැඩිපුරම මයික් අල්ලන්නේ මෙවැනි භික්ෂූන්ට , ඔවුන් තමයි මහා සංඝරත්නය ලෙස හඳුන්වන්නේ, පෙනී ඉන්නෙ. ප්‍රකාශ නිකුත් කරන්නෙ. වියදම් කිරීමට සංග්‍රහ කිරීමට ඕනෑ තරම් මුදල් ශක්තිය මෙම භික්ෂූන්ට තියෙනවා.

දේශපාලඥයන් මෙම භික්ෂූන් සමගයි කටයුතු කරන්නේ, දේශපාලඥයන් ඔවුන්ගෙන් වැඩ ගන්නවා, ඔවුන් දේශපාලඥයන්ගෙන් වැඩ ගන්නවා , තමන්ට අවනත නොවන, තමන් ගනන් නොගන්නා පාලකයින්ට – දේශපාලඥයන්ට එරෙහි වෙනවා, කඳවුරු බඳිනවා.

ගෝඨාභය ඇතිකළ බෞද්ධ උපදේශක සභාවට මෙවැනි භික්ෂූන් ගත්තෙ නැහැ. ඒවැනි භික්ෂූන්ට ගෝඨාභය ඇලජික් වුනා. ගෝඨාභය එළවන්නත් ඔවුන් දායක වුනේ ඒ නිසයි.

FB එකේ ඉන්න බෞද්ධ විරෝධීන් කොටස් කිහිපයකට වර්ග කරන්න පුළුවන් ,
1. දහම් දැනුම තමන්ට තිබෙනවා යයි හිතන අය .හැබැයි එක පන්සිල් පදයක්වත් නො රකිනා එවුන්, කතාවෙන් හොඳම බෞද්ධයෝ .

2. දෙවන කණ්ඩායම – බටහිර ආර්ථික හා දේශපාලන උවමනාවන් වෙනුවෙන් පෙනී සිටින , බටහිර ඩොලර් සහ පිං සවාරි වෙනුවෙන් බැලමෙහෙවර කරන එවුන් , NGO නඩ, ඩොලර් කුක්කන්, අනාගමිකයින්, සමනලුන් , ලිංගික නිදහස ගැන කියෝන මානසික රෝගීන්.

3. තුන්වන කණ්ඩායම IS වැනි අන්තවාදී ආගමික කණ්ඩායම් . අන්තවාදී කතෝලිකයින්.

තරුණ ප්‍රජාව ආකර්ශනය කරගත් , බුදු දහමේ ව්‍යාප්තියට නව ජීවයක් ලබා දෙන බෞද්ධ සංවිධාන හා භික්ෂූන් වහන්සේලා ඉලක්ක කරගෙන මෙම FB වලින් පහර දෙනව, අවඥාවට, ගැරහීමට, අපහාස උපහාසයට ලක්කරනවා,

තරුණ ප්‍රජාව ඔවුන්ගේ ඕනෑ එපාකම්වලට යොදා ගැනීමට මෙම බෞද්ධ සංවිධාන හා භික්ෂූන් වහන්සේලා බාධාවක් .

ආගමික දැනුමක් ඇති, දේශපාලන සාක්ෂරතාවයක් ඇති තරුණ ප්‍රජාවක් නොව , ආගමික , ආර්ථික – දේශපාලන දැනුමක් නැති රැල්ලට දුවන නන්නත්තාර තරුණ ප්‍රජාව තව තවත් වැඩිකර ගැනීමටයි ඔවුන්ට අවශ්‍ය, අරගලයේ බලවේගය වූයේත් නන්නත්තාර තරුණ පිරිසයි.

සමහර FB කාරයින් පෙනී ඉන්නෙ බෞද්ධ වේශයෙන් , නිසි මග, නිවැරැදි මග, සද්ධර්ම මග වැනි බුදහමට අයත් නම් වලින් පෙනී ඉන්නේ. සමහරු භික්ෂූ වේශයෙන් පෙනී ඉන්නෙ.

මෙම බෞද්ධ විරෝධී FB ප්‍රකාශ වලට එරෙහිව අදහස් දැක්වූ විට ඔවුන් පිළිතුරු දෙන්නේ නැනැ, මොන පදනමකින් ද විවේචනය කරන්නේ ද? කුමන කාරනයක් අනුව ද විවේචනය කරන්නේ ද? ප්‍රශ්න කළ විට ඔවුන් පිළිතුරු දෙන්නෙ නැහැ. ඔවුන්ට විරුද්ධව දක්වන අදහස් මකා දමා නැවත නැවතත් පළකරනවා.

ලංකාව ලෝක සිතියමේ මර්මස්ථානයක පිහිටා තිබීම නිසාත් පෙරදිග කේන්ද්‍රිය ස්ථානයක පිහිටීම නිසාත්, වානිජ ලෝකයේ ආධිපත්‍යය රැක ගැනීමට ,තහවුරු කර ගැනීමට උත්සාහය කරන අධිරාජ්‍යවාදී වෘකයින්ට අපේ රට ඩැහැ ගැනීමට අවශ්‍යයි.

අධිරාජ්‍යවාදී වෘකයින් එම උවමනාව ඉටුකර ගැනීමට අපේ රට තුළ ආර්ථික – දේශපාලනික
උපායන් ක්‍රියාත්මක කිරීමට අමතරව මේ රටේ මුල් බැසගත් බුදු දහමත්, බෞද්ධ සංස්කෘතියත් අකාමකා දැමීමටයි මොවුන්ගේ උත්සාහය . ආර්ථික හා දේශපාලන ආක්‍රමණයන් සහ කොල්ලකෑම් සාර්ථක කරගැනීමට මෙරට බෞද්ධ උරුමයන් ද අකාමකා දැමීමටයි වෙර දරන්නේ.

ලෝක වෘකයින්ගෙ අභිලාෂයන් ඉටුකර ගැනීමට , ආර්ථික – දේශපාලන ආක්‍රමණයන් පමණක් ප්‍රමාණවත් නොවන බව ඔවුන් දන්නා නිසා මේ රටේ මුල් බැසගත් බුදු දහමත් බෞද්ධ සංස්කෘතික අංගත් අකාමකා දැමීමේ උවමනාව ඉටුකර ගැනීමට මෙම බෞද්ධ විරෝධී FB අමනයින් යොදාගෙන තිබෙනවා.



22 Viewers