භාරතය

අකන්ඩ් බාරත් ඉන්දියාවෙ නව පාර්ලිමේන්තුවක් මෑතකදි මෝදි විසින් විවෘත කල අතර එහි අකන්ඩ් භාරත් නමින් සිතුවමක් කතානායක් මේසය ලග පක්ශ විපක්ශ සැමටම පෙනෙන පරිදි තැම්පත් කර ඇත.

එහි විශේශත්වයන්ම් ඉන්දියානු ප්‍රාන්තයක් බැව් හුවාදැක්වෙන පරිදි ලංකාවත් එහි නිරූපනය වීමය. ලංකාව පමනක් නොව පකිස්තානය, බංගලාදේශය, ඇෆ්ගනිස්තානය, තව බොහො රටවල් නිරූපනය උනත් ලංකාව හැරුනුකොට අනෙක් සෑම රටක්ම තම අප්‍රසාදය මෙයට පලකෙරුනි.

මෙයට අප්‍රසාදය පලකිරීනත් සමග මෝදි විසින් මෙය පුරාණ චිත්‍රයක් බැවු පවසා ආදෙකු මෙන් ලිස්සා ගියේය.  මෙම චිත්‍රය ඇත්තෙ පාර්ලිමේන්තුවෙ පමනක් නොවන බව වැඩිදුරටත් විස්තර සෙව්වොත් ඔබට සොයා ගත හැක. අකන්ඩ් භාරත් සමගම ආචාර්‍ය චානක්‍යගෙ රැපයක්ද ඇත. ආචාර්‍ය චානක්‍ය ගැන අමුතුවෙන් විස්තර කිරීමට අවශ්‍ය නොවන අතර ඔහු විසින් රචිත නොබිදුනු දේශයක් ගැන ශෝලෝක 380ක ගන්ත්‍රයක් ගැන සදහන්‍ය.

නැවත මෙම රෑපය ලෝකයෙ කතාවට ලක්ව ඇත ඒ ඉංදියාවෙ නම භාරතය ලෙස වෙනස් කිරීමට මෝදිවිසින් ගන්නා උත්සහයෙනි. මෙම උත්සහයට හො අකන්ඩ් බාරත් චිත්‍රයට ඉන්දියානු විපක්ශය විසින් විරෝදයක් පලනොකර  ඇත.

මෙම සිදුවීම් ටික ගැලපුවාම පෙනියන්නෙ ඉන්දියාව කොච්චර දුරකට තම සැලසුම් දියත්කර ඇතිද යන්නය. ඔහුන් එසෙ කරද්දි මෙයට ලංකාවෙ කිසිදු  ප්‍රදාන දේශපාලන පක්ශයක් විසින් ඉංදියාවෙන් ප්‍රශ්න කිරීමක්,මෙයට අප්‍රසාදය පලකිරීමක් කර නැත. ඔහුනට අවස්‍ය  වන්නෙ ඊලග ජනාදිපති තම පක්ශයෙන් පත්කර ගැනීම හා මීලග ආන්ඩුව තම පක්ශය විසින් තැනීම පමනි. මෙගැන කිසිදු දේශපාලන පක්ශයක් විසින් අප්‍රසාදය පලනොකරන්නෙ ඊලග මැතිවරණ වලදී තම පක්ශට ඉන්දියානු සහය නොලැබැයි  කියා බිස නිසාවෙන් බව නිසකවම කිව හැක.

කොළඹ වරායෙ කොටසක් ඉන්දියාවෙ ත්‍රිංකො තෙල් ටැංකි ඉන්දියාවෙ රටතුල ඉංදනහල් බොහොමයක් ඉන්දියාවේය මන්නාරමෙ සුලන් විදුලි බලගාරය සහ සූරිය විදිලි බරාගාරද  අදානිටය  අදානිද ඉන්දියාවේය. බස්, කෝච්චි, ලොරි, ත්‍රීවිල්, යතුරුපැදි  ඉන්දියාවෙය.

පෙන්වන මෙගා නාට්‍ය ඉන්දියානු හෝ එම තාලයට සෑදු බාසාව වෙනස් ඉන්දියානු නාට්‍ය දැනටමත් ඉන්දියාවෙ සිට ලංකාව යා කරණ පාලමක් සහ තෙල් නලයක් එලීමට සලසුම් සකස්කර අවසන් ය  එම කරුනු ගලපා බැලීමේදි දැනටමත් ලංකාව ඉන්දීයාවෙ අර්ද  ප්‍රාන්තයක් බවට පත්ව අවසන්‍ ය.

මීලග ජනපති කුමන පක්ශයකින් කවිරුන් පත් උනිද ඔහු හෝ ඇය ලංකාවෙ ජනපති ට වඩ ඉන්දියාවෙ අර්ද ආන්ඩුකාරයා බවට පත්ව ඇත.



8 Viewers