• Home »
  • Sinhala News »
  • භාරතීය ජනතා පක්‍ෂය මෙරට පිහිටුවීමට ඉඩ නොදුනහොත් ලංකාව දෙකඩ කර උතුරේ අපි ඉන්දීය පාර්ලිමේන්තුවට යනවා – දෙමල ත්‍රස්තවදි ශිවාජිලිංගම්

භාරතීය ජනතා පක්‍ෂය මෙරට පිහිටුවීමට ඉඩ නොදුනහොත් ලංකාව දෙකඩ කර උතුරේ අපි ඉන්දීය පාර්ලිමේන්තුවට යනවා – දෙමල ත්‍රස්තවදි ශිවාජිලිංගම්

භාරතීය ජනතා පක්‍ෂය මෙරට පිහිටුවීමට ඉඩ නොදුනහොත් ශ‍්‍රී ලංකාව දෙමළ ප්‍රාන්තය සහ ලංකා ප්‍රාන්තය ලෙස දෙකඩ කරමින් ආණ්ඩුකාරවරු දෙදෙනෙකු යටතට පත් කර දෙමළ ප්‍රාන්තයේ නියෝජිතයන්ට නවදිල්ලි පාර්ලිමේන්තුවට යා හැකි යයි උතුරු පලාත් සභා හිටපු මන්ත‍්‍රී දෙමල ත්‍රස්තවදි එම්.කේ. ශිවාජිලිංගම් පවසයි.

කොමියුනිස්ට් පක්ෂ ශාඛාවන් ලොව පුරා පිහිටුවන්නේ නම් භාරතීය ජනතා පක්ෂය මෙරට පිහිටුවීමට නොහැකි මන්දැයි ඔහු ප‍්‍රශ්න කරයි.

එම පක්ෂයේ ලකුණ වන නෙළුම් මලට පූජා වස්තුවක් නිසා ඉඩදිය නොහැකි නම් ලකුණ වෙනස් කර ඉදිරිපත් කල හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

ඉන්දියාව ඇමරිකාව වැනි රටවලට මෙරට පාලකයන් එරෙහි නොවිය යුතු යයිද පවසන ඔහු එසේ වුවහොත් එම හමුදා උතුරු නැඟෙනහිරට පැමිණ ඉඩම් අත්පත් කරගනු ඇති බවත් කීය.

ඉන්දු-ලංකා ගිවිසුම අනුව මෙරට කිසිම භූමියක් ඉන්දියාවේ අනුමැතිය නැතිව කිසිවෙකුට ලබා දිය නොහැකි බවද පැවසූ ඔහු උතුරේ දූපත් චීනයට ලබා දුනහොත් ඊට එරෙහිව ජනතාව සමඟ නොනවතින විරෝධතාවක් ආරම්භ කරන බවත් ඔහු පැවසීය.



42 Viewers