• Home »
  • Sinhala Articles »
  • මංගල සමරවීරගේ අවමංගල කතාව – ශ‍්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන

මංගල සමරවීරගේ අවමංගල කතාව – ශ‍්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන

(Courtesy of The Sunday Island)

ෆේල් වී ඇත්තේ ගෝඨාභය නොව සිංහල බෞද්ධ මතවාදය බව මංගල සමරවීර කියා තිබේ. පසුගියදා මාතරදී පැවැති තිස්දෙනකුට වඩා සහභාගි නොවූ කුඩා අවමංගල සභාවක් වැනි රැස්වීමකදී ඔහු මේ බව කීවේය. මංගල සමරවීරගේ ශ‍්‍රාවකයන් ගණන එන්න එන්නම අඩු වෙමින් පවතී. සජිත්ගේ ජනාධිපතිවරණ රැස්වීම්වල ප‍්‍රමුඛ කථික තනතුරේ සිටිමින් ඔහු සජිත්ටත්” ටෙලිෆෝන් පක්‍ෂයටත් ප‍්‍රමුඛ ‘ඩැමේජ්. එකක් කළේය. මේ රටේ හැම දේශපාලන පක්‍ෂයක්ම පිස්සු න්‍යායාචාර්යවරුන්ගෙන් පිරී යමින් පවතී. ඔවුන්ගේ ප‍්‍රකාශ ඒ ඒ පක්‍ෂවල විනාශයට හේතු වී ඇත. පොහොට්ටු පක්‍ෂයට අයත්” මෙබඳු න්‍යායාචාර්ය කෙනෙකු ලෙස හැඟීයන පරිදි ෆේස් බුක් ඔස්සේ සටහන් තබන” මහින්ද පතිරණ නමැති පුද්ගලයකු ගැන දැන ගන්නට තිබේ. මේ ආණ්ඩුව (ජනාධිපති ගෝඨාභය) බෞද්ධ භික්‍ෂුන් වහන්සේලාට කාර් පූජා නොකරන නිසා සමහර භික්‍ෂුන් වහන්සේලා ආණ්ඩුවෙන් හැලෙනු ඇතැයි මේ ෆේස් බුක් න්‍යායාචාර්යා තම ෆේස් බුක් ගිණුමේ සටහන් කර ඇත. ඔහු මේ කියමන බැලන්ස් කරන්නේ ෆේස් බුක් ඔක්සේම ජනාධිපති ගෝඨාභයට හොඳ කීමෙනි. එසේම ගෝඨාභයට ඡන්දය දුන් හැටනව ලක්‍ෂයේ ”ළඟ චූන්” බහුතරය ද හැලෙන බව පතිරණ නමැත්තා සඳහන් කර තිබේ. ඔහු ළඟ චූන් කට්ටිය කියන්නේ තමන් පත් කළ ජනාධිපතිගෙන් ක්‍ෂණික සහන බලාපොරොත්තු වන” එදා වේල සොයාගෙන කන ජනතාව බව අපගේ වැටහීමය.

සාමාන්‍ය ජනතාව සහ සංඝයා වහන්සේට මෙසේ අපහාස කරන මහින්ද පතිරණ කවරෙක්ද යන්න අපි නොදනිමු. (ඔහු ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ආචාර්ය මහින්ද පතිරණ නොවන බව නම් අපට විශ්වාසය. ආචාර්ය පතිරණ එවැනි ගොන් කතා නොකියන රැඩිකල් බුද්ධිමතෙකි.) කෙසේ වුවද අප අද කතා කරන්නේ මංගල සමරවීරගේ ‘සිංහල බෞද්ධ මතවාදයේ පරාජය. ගැන ය. ‘පතිරණ. ගැන ඉදිරි කතු වැකියකින් සාකච්ඡා කරනු ලැබේ.

වසර 2017 වෙසක් උත්සවය කිට්ටු වෙමින් තිබියදී යහපාලන ආණ්ඩුවේ මුදල් ඇමැති ලෙස එවකට කටයුතු කළ මංගල සමරවීර ශ‍්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බවට ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කළේය. ඔහු මේ කතාව කියන මොහොතේදී මේ රට සිංහල බෞද්ධ ද එසේ නැද්ද යනාදී වශයෙන් කිසිදු ප‍්‍රශ්නයක් කොතැනකවත් හටගෙන තිබුණේ නැත. ඒ අනුව මංගල සමරවීර කර තිබුණේ තවත් අලූත් බාල්දියක් මිලට ගෙන එයට අසූචි වත්කර හිසේ හලා ගැනීමකි. එහි ගඳ යහපාලන ආණ්ඩුව විදගෙන ගියේය. අනතුරුව 2019 ජනාධිපතිවරණය කිට්ටු වෙමින් තිබියදී ඔහු නැවතත් බෞද්ධ භික්‍ෂුන් වහන්සේ සමඟ පැටලූණේය. මේ නිසා සමගි ජනබලවේගයේ ඡන්ද ව්‍යාපාරයට සිදුවුණු හානිය අපමණය. ජර්මනිය කතෝලික රටකි. එංගලන්තය කතෝලික රටකි. ජපානය බෞද්ධ රටකි. තායිලන්තයද බෞද්ධ රටකි. භූතානය ද බෞද්ධ රටකි. බුදුන් උපන් රට වුවද නේපාලය බෞද්ධ රටක් නොවේ. එය හින්දු රටකි. අරාබි රටවල් සියල්ලම ඉස්ලාමීය රටවල් ය. මංගල සමරවීරට මේ සරල තර්කය තේරෙන්නේ නැත. ගෝඨාභය ෆේල් යන්න ඔහුගේ මතය බව පෙනේ. ගෝඨාභය ෆේල් ද පාස් ද යන්න තීන්දු කිරීමට මෙය අවස්ථාව නොවේ. රට අවුරුද්දකට කිට්ටු කාලයක් වසා දමා තිබිණ. මේ අවුරුද්දටම මේ රටේ ළමයින් පාසල් ගොස් ඇත්තේ දවස් 28 ක් පමණි. මේ අවුරුද්දටම ආර්ථිකය 5.3 ක සෘණ අගයක් පෙන්නුවේය.

මේ නිසා තමන් ෆේල් ද නැත්නම් පාස් ද යන්න කාරණය දැන ගැනීම සඳහා ගෝඨාභයට කිසිදු විභාගයකට පෙනී සිටීමට අවකාශ ලැබුණේ නැත.
ආණ්ඩුව තුළ ලොකු ලොකු ජල්බරි සිදුවන බව ඇත්ත. මහින්ද රාජපක්‍ෂගේ නම ගෑවුණ ගෑවුණ අයට ආණ්ඩුව විසින්ම පහර දෙන බවත් ඇත්ත. එහෙත් මේ එකක්වත් ගෝඨාභය පාස් ද ෆේල් ද යන කාරණය තක්සේරු කිරීමට බලපාන කාරණා නොවේ.

ආර්ථිකය බිම වැටෙන්නේ කොරෝනා නිසාය. කොරෝනාව බෝ වන්නේ සිංහල බෞද්ධ මතවාදය නිසා නොව වෛරසයක් තුළ තිබෙන බෝවීමට ඇති හැකියාව නිසාය. මංගල දැන් සිටින්නේ රනිල් හා යූ.එන්.පිය සමඟය. මංගල සිංහල බෞද්ධ මතවාදයට ගරහන්නේ රනිල්ගේ ඉතිරි ඡන්ද ටිකටත් කෙළිනු පිණිසද?



31 Viewers