• Home »
  • Sinhala Articles »
  • මඩකලපුව මංගලාරාමේ හාමුදුරුවන්ට මරණ තර්ජන – ආරක්ෂාවත් අඩුකරලා.

මඩකලපුව මංගලාරාමේ හාමුදුරුවන්ට මරණ තර්ජන – ආරක්ෂාවත් අඩුකරලා.

(Courtesy of Diwaina)

මඩකලපුව මංගලාරාම විහාරාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියන්ට දිගින් දිගටම මරණ තර්ජන එල්ල වෙන බවත් මේ වනවිට ලබාදී තිබෙනව පොලිස් ආරක්ෂාව අඩු කර තිබෙන නිසා දැඩි ජීවිත අවදානමක් තිබෙන බවත් උන්වහන්සේ දිවයිනට විශේෂ ප‍්‍රකාශයක් කරමින් පවසා සිටියහ.

වැඩිදුරටත් අදහස් දක්වමින් සුමනරතන හිමියෝ මෙසේ කීහ.

‘‘මම මඩකලපුවේ බෝම්බ පිපිරෙද්දි වෙඩි පත්තු වෙද්දි තමයි මේ බෝම්බෙන් බිමට සමතලා වුන මඩකළපුව මංගලාරාමය අද බෞද්ධයන්ට එන්න පුළුවන් වෙන්න පුදුබිමක් බවට පත් කෙළේ.

එදා පටන් මේ දක්වාම යුද්ධයෙන් බැට කාපු

ගැටලූවෙන් දැඩිසේ පීඩනයට පත්වෙලා ඉන්න මඩකලපුවේ අහිංසක සිංහල ජනතාවගේ ගැටලූ‍වලට උත්තර හොයන්න ගිහිල්ල මේ ජනතාවගේ ගැටළු තඹයකට මායිම් නොකරන නිලධාරින්ගේ දෝෂදර්ශනයට ලක් වෙන්න සිද්ධ වුණේ.

ඒ වෙද්දි දුප්පත් මිනිස්සුන්ට ගෙවල් හාරසියයක් ආසන්න ප‍්‍රමාණයක් හදන්න. වැව් දෙකක් හදලා කුඹුරු අස්වද්දන්න, සින්න

වත්ත සිංහලයන්ගෙන් කොල්ල කා ගත් ඉඩම් අක්කර සියයක් විතර ආයෙත් ගන්න,; බඩගිනි පීඩාවට පත් ජනතාවගේ කුසගින්න නිවා ගන්න කටයුතු කරපු, මේ වෙද්දි මේ වෙද්දි අලූ‍තින් කුඹුරු අක්කර 200 ක් විතර අස්වද්දන්නට කටයුතු සකස් කරමින් සිටින්නේ දහසක් වූ බාධක මැද.

මේ මිනිසුන් ජීවත්වෙන වෙන්නේ ගොවිතැනින්.සිය දහස් ගානක් හරක් පට්ටිය ඇවිල්ලා වගාවන් මුළුමනින් විනාශ කරද්දී ගැටලූ‍වලින් පීඩාවට පත්වෙලා ඉන්න මේ සිංහල ජනතාව වෙනුවෙන් හඬක් නගන්න කතා කරන්න කවුරුත් මඩකලපුවේ නෑ. ඒ වෙනුවෙන් හඬ නගන්නේ මම. දවසින් දවස පුරා වස්තු ඩෝසර් කරලා විනාශ කරනවා.පුරාවිද්‍යාව අහක බලාගෙන ඉන්නවා. ඒවට මං කතා කරද්දි මං වැරදිකරුවකු විදිහට ලෝකෙට පෙන්නලා උසාවි අරන් ගිහින් රාජකාරිය හරියට කරන්න නෑති ඒ අය බේරෙනවා.

මේ වෙද්දි මිනිස්සු වෙනුවෙන් කතා කරල මට නඩු අසූවකට ආසන්න ප‍්‍රමාණයක් වැටිලා තියෙනවා.

දෙතුන් වතාවක් හොඳින් කියලා බැරිනම් මට සිද්ධ වෙනවා සැරෙන් කතා කරන්න අන්න එතකොට නිලධාරීන් මාත් එක්ක තරහ වෙනවා රාජකාරියට බාධා කළා කියනවා.පසුගියදා කරදියන්ආරු පුද බිම නැවත වතාවක් ඩෝසර් කරලා විනාශ කරද්දී කතා කරන්න මම

ගියාම මට විරුද්ධවයි රජයේ නිලධාරීන්, පුරාවිද්‍යාව චෝදනා කරන්නේ.

මේ වෙද්දි මට දෙමළ ඩයස්පෝරාවෙන් එන්න එන්නම මරණ තර්ජනය වැඩි වෙලා. මට එදා පටන් අද දක්වා ආපු මරණ තර්ජන ගැන මාගේ දුරකථන පරීක්ෂාකර බලා ගන්නට පුළුවන්.

මේ වෙද්දි කෙවිලියාමඩුව ඉඩම් ගැටලූ‍වක් සම්බන්ධව පොලිස් නිලධාරිවරයෙක් විසින් පසුගිය දිනවල මා ඝාතනය කරන්නට සූදානමින් සිටින බව මට දැනෙන දුරකතන සංවාද කිහිපයක් ලැබුණා. ඒවාට සවන් දීමේදී මට හැගෙනවා; ඔවුන් මාව ඝාතනය කරන්නට කුමන්ත‍්‍රණ කරන බවට. ඒ පිළිබඳ මං මංගලගම පොලිසියට පැමිණිලි කර තිබෙනවා අදාල හඬපටත් ඉදිරිපත් කර තිබෙනවා.

මීට පෙර මාගේ ආරක්ෂාවට පොලිස් නිලධාරින්  4 දෙනෙකු ලබා දීලා තිබ්බා. මංගලාරාමයේ විහාරයේ  ගේට්ටුව අසල දෙදෙනකු සිටියා.

මේ වෙද්දි මගේ ආරක්ෂාවට ලබාදුන් පොලිසියේ නිලධාරීන් හතර දෙනා ඉවත් කරලා තිබෙනවා. ගේට්ටුව අසලට පමණක් දෙදෙනෙක් දාලා තිබෙනවා.

මා නගරෙට යද්දී, අනෙකුත් විහාරස්ථානවල වැඩ කටයුතු බලන්න යද්දි, මා හට දැඩි ජීවිත අවදානමක් තිබෙනවා.මා සිංහල ජනතාවට වෙන අසාධාරණකම් ගැන කතා නොකර ඉන්නවා නම් පුරාවස්තු විනාශය

ගැන ඇස් දෙක පියාගෙන කතා නොකර ඉන්නවා නම් එන නිළධාරීන්ට පිරිත් නූලක් ගැට ගහලා පාඩුවේ ඉන්නවා නම් ඒ අය කියයි මඩකලපුව හමුදුරුවෝ හරි හොඳයි කියලා.

නමුත් මං නිලධාරී කිසි කෙනෙක් ගණන් ගන්නේ නැති මඩකලපු අසල සිංහල ජනයා වෙනුවෙන් පෙනී සිටි නිසා නිලධාරීන් ඒ අසරණ මිනිසුන්ගේ කතාව ගණන් ගන්නේ නැති නිසා හොඳින් තුන් හතර පාරක් කියලා බැරි තැන සැරට කතා කරන නිසා අද මඩකලපුවේ හාමුදුරුවෝ දුස්සීල භික්ෂූන් වහන්සේ නමක් බවට රටට පෙන්නන්න බොහෝ දෙනෙක් කටයුතු කරනවා.

මගේ ආරක්ෂාව අඩු කරලා තිබෙන නිසා දැඩි ජීවිත අවදානමක් එක්ක මම ජීවත් වෙන්නේ.මට උදව් කරන සිංහල බෞද්ධ ජනතාව ඉන්න තාක් කල් මම රට ජාතිය ආගම වෙනුවෙන් කරන මේ මෙහෙවර නොපිරිහෙළා ඉටුකරනවා. ඒත් දැන් කවුරුහරි මරලා දැම්මොත් එදාට දැනෙයි මඩකලපුවේ හාමුදුරුවෝ මඩකලපුව වෙනුවෙන් කළේ මොකක්ද කියලා.

ඊට පස්සෙ කියයි මඩකලපුව හාමුදුරුවෝ හිටිය නම් මේ ගැන කතා කරයි කියලා.

ඒ නිසා මම ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාගෙන් සහ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ නැගෙනහිර පුරාවස්තු ආරක්ෂා කරන්න, සිංහල ජනතාවගේ ගැටලූ‍ ටික විසඳන්න කියලා යනුවෙන් අම්පිටියේ සුමනරතන නාහිමියෝ දිවයිනට අදහස් දක්වමින් පවසා සිටින්නට වුහ.

සුසන්ත අමරබන්දු



85 Viewers