මලයනාඩුව සහ ඊලම

කලකට ඉහත යාපනයට ගිය වතුකරයේ ද්‍රවිඩ ජනයාට යාපනයේ ද්‍රවිඩයින් සැලකුවේ පහත් කුලයේ පර සක්කිලි දෙමළුන් හැටියටය. යාපනයේ ද්‍රවිඩ ජනයා වතුකරයේ ද්‍රවිඩ ජනයාට කහට ටික වක් කර දුන්නේ පොල් කට්ටකට ය. යාපනයේ ද්‍රවිඩ ජනයා වතුකරයේ ජනයාව තුට්ටුවකට මායිම් නොකළ අතර ඔවුන්ගේ දොරකඩ වත් සිට ගන්නට ඉඩ නොදුන්නේ මේ කුල ප්‍රශ්නය නිසා ය.

අදට ද ඒ කුල ප්‍රශ්නය එසේම පවතී.

යුද්ධය පවතින අවස්ථා වන විටත් අතරතුරත් වතුකර යත් අතර කොයි තරම් දුරස්ථභාවයක් තිබුණේ ද කිවහොත් වතුකරයේ ද්‍රවිඩ ජනතාව යාපනයේ ජනතාව තඹ දොයිතුවකට විස්වාස කලේ නැත.

ඒ එසේ තිබියදි තමිල්නාඩුවේ මහ ඇමතිනි ජයලලිතා මියයාමට කලකට පෙර ශ්‍රී ලංකාවෙ පුෂ්පරාග මැණික් ගල් වලට කෑදර දැක්වුවද කිසිම දිනක ඉන්දියාවේ සිට පැමිණ වතුකරේ ජීවත්වෙන ද්‍රවිඩ ජනයා දැකබලා ගන්නට වතුකරයට ඇය නම් නොගියාය.

ඇය වතුකරයේ ඉන්දියානු වතු කම්කරු ජනතාවට කුලහීනයන් ලෙස සලකන උතුරේ කොටියන් වෙනුවෙන් සම්පූර්ණයෙන්ම කිඹුල් කඳුළු සලමින් ඔවුන්ගේ අයිතිය වෙනුවෙන් සටන් කළා මිසක කෙදිනකවත් වතුකරය ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් කට නම් ඇරියේ නැත.

යහපාලන ආණ්ඩුවේ මෙරට සංචාරය කළ පළමුවැනි ම විදේශ නායකයා වූයේ නරේන්ද්‍ර මෝදි ය. ඔහුගේ දූත කණ්ඩායම සමඟ හෙලිකොප්ටර් යානා දෙකක් ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔහු කොළඹ සිට හැටන් දක්වා හෙලිකොප්ටරයෙන් පැමිණ අතරවාරයේදී සිරිපාදය ද වටා ගොස් තිබිණ. නරේන්ද්‍ර මෝදිගේ සිහිනයේ එක කොටසක “ශිව නඩි පාදම්” පිහිටා ඇත. ඒ නරේන්ද්‍ර මෝදි ව ඉන්දියාවේ අගමැති කිරීමට සිවසේනා සංවිධානය විසින් ඔහු වෙනුවෙන් කළ සේවය නිසාය.

ඔහු හැටන් පැමිණියේ වතුකරයේ ජනතාවට සහනයක් ලෙස ආරුමුගම් තොණ්ඩමන් ගේ ඉල්ලීම මත ඉන්දියානු ආධාර මත ඉදිකළ දික්ඔය රෝහල විවෘත කිරීමට ය.

එම රෝහල අංගසම්පූර්ණ රෝහලක් ලෙසට ගොඩ නගා තිබෙන අතර මධ්‍යම පළාත් සභාවටත් , සෞඛ්‍ය අමාත්‍යාංශය අතර කලක් තිස්සේ දෝලනය වූ ප්‍රශ්න ගණනාවක් තිබූ අතර තවම එම ප්‍රශ්න ද නිරාකරණය වී නැත.

මා උපන්නේ වතුකරයේ වන බැවිනි මා ලද අත්දැකීම් ඉතාමත් කෙටියෙන් මෙසේ සටහන් කරමි.

මැතිනිගේ හාල් පොල්ලෙන් බැට කෑ වතුකරයේ ද්‍රවිඩ ජනතාව 1977 එක්සත් ජාතික ආණ්ඩුව පිහිටුවීමත් සමග වතුකරය සම්පූර්ණයෙන්ම වෙනස් ස්වරූපයක් ගත් අතර එවකට ගාමිණී දිසානායක සහ සෞම්‍යමූර්ති තොණ්ඩමන් විසින් වතුකරයේ තත්ත්වය සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු කර අද සහ අනාගතයේදී සිදු වෙන්න යන මහා විපතක අඩිතාලම ලබා දුන්නෝ වෙති. 1992 වතු පෞද්ගලිකකරණය කිරීමෙන් පසු වතු කරයේ කම්කරු ජනයා තවදුරටත් වහලුන් ලෙසට පවත්වාගනිමින් ඔවුන්ව දුකින් දුකටම පත් කර ඔවුන්ව වහල්භාවයට ම කළු කර දමා වතු සමාගම් විසින් තමන් බැංකු ගිණුම් තර කර ගනිමින් ලෝකයේ විවිධ රටවල සුපිරි නිවාස මිලදී ගනිමින් සුපිරි ජීවිතයක් ගත කරමින් රටේ ආර්ථිකයට හෙන ගසා දැමුවේය.

එයටම වතු සංගම් කාරයෝද මෙම සෙල්ලමට උඩගෙඩි දුන් අතර අවසානයේ දී මෙහි දුකින් දුකටම පත් වුණේ අහිංසක වතුකරයේ ජනතාව ය.

ඔවුන්ට රුපියල් දාහ පඩිය ලබා ගැනීමට කම්කරු කොංග්‍රසය සහ අනිත් සංගම්, වතු සමාගම් වතු සංගම් ඉතාමත් කූට ලෙස එකතු වී බෝලෙ එකිනෙකාට පාස් කර ගනිමින් රටේ ආර්ථිකය සහ ජාතික ආරක්ෂාවට තුට්ටුවකට ඇද දැමුවේය.

වතුකරයේ දෙමළ දේශපාලකයින් ද සිංහල දේශපාලකයින් ද වතුකරයේ විරැකියාව වැඩි කර සංවර්ධනය සම්පූර්ණයෙන්ම අවහිර කර වතුකරය අගාධයකට යන තෙක් ම තල්ලු කර හැරියේ අනාගතයේ ඔවුන්ගේ හීනය සැබෑ කර ගැනීමටයි.

වතු සමාගම් අහිංසක වතුකම්කරුවන්ගේ සාරය උරා ගනිමින් සිටින අතර ඉතාමත් සරුසාර පොළව සමග ආර්ථික වශයෙන් සුරකමින් සිටින අතර වතුකරේ දෙමළ දේශපාලකයින් මලය නාඩු ඊලම උදෙසා ඇපකැප වෙමින් යන අතර සිංහල දේශපාලනඥයා ඔවුන්ගේ මඩිය තර කර ගැනීම සඳහා සැලසුම් සකස් කර ගනිමින් සිටින්නේය.

අවසානයේ දී කොරෝනා වසංගතය අස්සෙ සාගර කාරියවසම් ලා උදය ගම්මන්පිල රුපියල් 20ට කොළඹට වී එක එකාට කෙළ ගහ ගන්නා අතර යාපනය පොන්නම්බලම් වතුකරයේ ජනතාව තවදුරටත් ඔවුන්ගේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා බඩු මලු ටිකකුත් රැගෙන වතුකරයට පිවිසියේ සංචාරණ සීමා ද නොතකා ය.

ඔහු මෙසේ වතුකරය කම්කරු ජනතාවට කියා සිටියේය.

“ඔබ සටන් කරන්නේ රුපියල් දාහක් වෙනුවෙන්ය. අපි සටන් කරන්නෙ දෙමළ නිජබිමක් සඳහාය. ඔබට ඔබේ සටන කරගැනීමට ආධාරය අවශ්‍ය වූ විට අප ඔබ සමග එකතු වන්නෙමු. එසේම ඔබ අපේ අරමුණ ට උදව් කිරීමට අප සමඟ එකතු විය යුතුය”

වතුකර දෙමළ දේශපාලකයින්ට නොදැන කපුටෙකුට වත් වතුකරේ ඉගිලෙන්න බැරි කොට යාපනය ගජෙන්ද්‍රන් පොන්නම්බලම් සහ කණ්ඩායම මස්කෙළියට පැමිණියේ කෙසේද?

කිරුමුරුගන් කම්කරු කොංග්‍රසය මස්කෙළිය ප්‍රාදේශීය සභාවට ඉල්ලූ කුයින්ස්ලන්ඩ් වත්තේ තලෙයිවර් සෙම්මුගවල්ලි ගොවින් ද පසුගිය කාලයේ ශ්‍රී පාදස්ථානයේ නම මාරු කළ මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරියයි.

මොකා වත්තේ ප්‍රධාන ලිපිකරු.

වතුකරයේ පසුගිය කාල වකවානුවේ දී කිසිදු විදිහක යාපනයේ දේශපාලකයින්ගේ පැමිණීමක් ්‍රසිද්ධියේ නම් සිදු වූයේ නැත. ඉහත නම් සඳහන් ලංකා කම්කරු කොංග්‍රසය නම ඉදිරියට යොදා වර්තමාන ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති ජීවන තොන්ඩමන්ගේ ආරාධනය වතුකරයට සහන මළු රැගෙන ආවේ ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගජෙන්ද්‍රන්කුමාර් පොන්නම්බලම් පක්ෂ ලේකම් ශිවකමාර් කජෙන්ද්‍රන් සහ කණ්ඩායමය.

මේ වන විටත් ජීවන් තොන්ඩමන් ඉතාමත් නිහඬ පිලිවෙතක් නොදන්නා තාලෙට රඟ පාමින් සිටින අතර ඔවුන්ගේ පැමිණීම ප්‍රදේශයේ පොලිසියද නොදැන සිටි බව දැනගන්නට තිබේ.

මස්කෙළිය ප්‍රාදේශීය සභාව පිහිටා තිබෙන්නේ පොලිසියේ සිට ” සෙම් මුග වල්ලි” හඬ ගැසූ විට පාරෙන් අනිත් පැත්තේ ඇත්තේ මස්කෙළිය ප්‍රාදේශීය සභාවයි.

යාපනයේ දේශපාලකයින් ගේ පැමිණීම වතුකරයට අනාගතය ඇතිවීමට ඇති විශාල ප්‍රශ්න ගණනාවකට මුලක් වනු ඇත.

අහිංසක ජනතාව තවදුරටත් මුලාවේ දමා උතුරේ දේශපාලකයින්ගේ අරමුණ ඉටුකරගැනීමට සිහින දකින තොන්ඩමන් වැනි අය නිසා තවදුරටත් වතුකර ජනතාව පැදුරෙන් බිමට වැටෙනු ඇත.

උතුරේ දේශපාලකයින්ට වතුකරයට පැමිණීමට පාර කැපුවේ වතුකරයේ ද්‍රවිඩ සිංහල දේශපාලකයින් පමණක් නොව වතුකරයේ ඇති වතු සමාගම් ද එකතු වී ය.
නුදුරු අනාගතේදී මලය නාඩු ඊලම සක්‍රියව වතු සමාගම් වලට වතුකර ඉන් පැන යාමට සිදු වුවහොත් එයට හේතුව වන්නේ වතු සමාගම් පමණක් වනු ඇත.

ලිවීමට අපමණ දේ ඇතත්…
රජය සහ ආණ්ඩුව වතුකරයේ ජනතාව පිළිබඳව තවදුරටත් මගහරිමින් සිටී නම් ඉතාමත් නුදුරු අනාගතයේදී තවත් යුද්ධයක පෙරනිමිති අපට දකින්නට සිදුවනු ඇත.

වගකිය යුත්තන්ගේ දෑස ඇරේවා..

https://fb.watch/68UuRRmEQ7/

චාමලී මදනායක



105 Viewers